ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනපති කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පෙරේදා (31) කරන්දෙණිය මහළුදණ්ඩ ප්‍රජා ශාලාවේ පැවැති රැස්වීම සදහා කරන්දෙණිය නගරය ආවරණය වනසේ දමා තිබූ ශබ්ද විකාශන සියල්ලම ගලවා දැමීමට කරන්දෙණිය පොලිසිය කටයුතු කළේය.මැතිවරණ නීතිය අනුව දේශපාලන රැස්වීම් භූමිය හැර පිටත ශබ්ද විකාශන භාවිත කිරීම තහනම් කර ඇති නිසා මේ පියවර ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි.
එදින පස්වරු 4ට පැවැත්වීමට තිබූ රැස්වීමට ඊට පෙර (30 වැනිදා) සිට නගරය පුරාම ගැට ගසා තිබූ ශබ්දවාහිනී යනත්‍ර මෙසේ පෙරේදා (31) පෙරවරුවේ ඉවත් කිරීමට පොලීසිය පියවර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාට අමතරව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, ගාලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගාමිණී අමරවංශ, එක්සත් ජාතික පක්ෂ කරන්දෙණිය ආසන සංවිධායක නීතිඥ නුවන් සොමි රත්න යන මහත්වරුන් සහභාහී වූ රැස්වීම සඳහා කරන්දෙණිය නගර මධ්‍යයේ ගැටගසා තිබූ ශබ්ද විකාශන මෙසේ ගලවා ඉවත් කෙරිණ.
මෙසේ ඉවත් කෙරුණු ශබ්ද විකාශන යන්ත්‍ර ගණන දහයකට ආසන්න බව කරන්දෙණිය පොලිසියේ ප්‍රකාශකයෙක් කීවේය.ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කරන්දෙණිය මහඒදණ්ඩ නගරයේ කරන්දෙණිය ප්‍රාදේශීය පොළ භූමියේ මීට දින දෙකකට පමණ උඩදී පැවැති රැස්වීමක් සඳහා නගර මධ්‍යයේ ඇද තිබූ කොඩි ද ඉවත් කිරීමට කරන්දෙණිය පොලීසිය පියවර ගත්තේය