මම දැන් සති දෙකකට උඩදි වගේ ගත්ත M21 එක. 40ක් වුණා. A Series එකට යන එක තේරුමක් නෑ මම හිතන්නෙ සෑහෙන්න මිල වැඩියි. මම මේ M Series එක එනකල් බලාගෙන හිටිය මොකද A Series එකේ 1080 Display Resolution එන හැම ෆෝන් එකක්ම 50කට කිට්ටු ගානක් වෙනව. කිසිම තේරුමක් නෑ.
M21 එක නම් පට්ටයි බං. 48MP Camera. Triple Cam. 4GB RAM, 64GB Memory, Front CAM 20MP, 6000mAh Battery, Fast Charging. හැමදේම තියෙනව. කැමර නම් ආයිත් කතාකරන්න දෙයක් නෑ පට්ටම. Always ON Display තියෙනව. Fast Charging පැය 2කට අඩු ගානකින් චාර්ජ් වෙනව. බැට්රි එක නම් ආයිත් කියන්න දෙයක් නෑ. පැය 10කට වඩා ඩිස්ප්ලේ ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන් දවස් 2කට කිට්ටු වෙන්න.
මට මේ ෆෝන් එකේ නම් Physically එක අවුලයි තේරුනේ. Plastic Frame එකක් එන නිසා පොඩ්ඩක් Cheap ගතියක් තියෙනව. Software වලින් නම් ටිකක් සැර අවුල් දෙකක් තියෙනව බං.
Inbuilt Proximity Sensor & Light Sensor තිබ්බත් Software එකේ ඩිටෙක්ට් කරන්නෙ නෑ ඒ සෙන්සර් දෙක. ඒ වෙනුවට Proximity සෙන්සර් එක ගන්න යනව ටච් එකෙන්. ලයිට් සෙන්සර් එකේ වැඩේ කරන්න හදනව Front Cam එකෙන්. ගොඩක් Forum වල තිබ්බ ෆෝන් එක අලුත් නිසා ඊළඟ අප්ඩේට් එකකින් හදයි කියල. M31එකෙත් මේ අවුල් ටිකම තියෙනව මම හිතන්නෙ බං.