(Stortera) ශ්‍රී ලාංකිකයෙකු සතු බැටරි නිෂ්පාදනආයතනය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    13,522
    10,501
    113
    සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක් එක්කරමින්, සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

    https://www.stortera.com/case-studies/

    මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙයට හේතුවී ඇත.

    4ibxigU.png


    මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී ඇති බැවින්, ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් වන බැටරි නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරිම රටේ ආර්ථිකයට වඩාත් ලාභදායි වනබවත්, එමෙන්ම මෙම ව්‍යෘපෘතිය රට තුළ ස්ථාපිත කිරීමෙන් දේශීය වශයෙන් රටේ රැකියා ව්යුක්තියටද කදිම විසදුමක් වන බව බවත් පැවසූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික තාක්ෂණික ඥාණය‍, මෙසේ සිය මව් රටට දායාද කිරීමට යොමුවිම සුවිශේෂී වන බව පැවසීය.

    මෙම බැටරි නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරිමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබදව වැඩිදුරටත් කරුණු විමසූ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමත්‍යවරයා, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පවත්වා, මෙම බැටරි නිෂ්පාදනාගාරය රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතයුතු බව පැවසිය.


    රටේ විදුලි නිෂ්පාදනය මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය මත යැපෙන නමුත්, ලෝකයේ සෙසු රටවල් සමග සංසන්දනාත්මකව බලන කල, ශ්‍රී ලංකාව තවමත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය අතින් පහළ මට්ටමක පවතින බවත්, එම අභියෝගය බාර ගැනීමට සමහර කොටස් එකගනැති බවත් පැවසූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, තාක්ෂණික වශයෙන් ලෝකය ජයගැනිමට නම් මෙවැනි නව නිමැවුම් පිළිගතයුතු බවත්, ඒ තුලින් බිහිවන නව රැකියා අවස්ථා, තාක්ෂණික දැනුම මෙන්ම විදෙස් ආයෝජන වැනි විකල්ප අවස්ථාවන්ගෙන් රටටත් ජනතාවටත් විපුල ප්‍රයෝජන හිමිකර ගතහැකි බවත් අවධාරණය කළේය.

    සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (14) පෙරවරුවේ එක්සත් රාජධානියේ ස්ටොටෙරා (Stortera) ආයතනය සමග zoom තාක්ෂණය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අවධාරණය කරන ලදී.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,987
    12,708
    113
    මාලඹේ
    සූර්ය බලශක්ති ය නම් තවත් එක සල්ලි කන වැඩක් විතරයි. ඔය වගේ බොරු වැඩ කරලා නම් ලංකාවේ විදුලි බල ඉල්ලුම සම්පූර්ණ කරන්න බැහැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,765
    6,453
    113
    සූර්ය බලශක්ති ය නම් තවත් එක සල්ලි කන වැඩක් විතරයි. ඔය වගේ බොරු වැඩ කරලා නම් ලංකාවේ විදුලි බල ඉල්ලුම සම්පූර්ණ කරන්න බැහැ
    Kale kapala balagara gahamu. Ethakota hari neda?
     

    srinathSSS

    Active member
  • Mar 16, 2010
    232
    207
    43
    kandy
    සූර්ය බලශක්ති ය නම් තවත් එක සල්ලි කන වැඩක් විතරයි. ඔය වගේ බොරු වැඩ කරලා නම් ලංකාවේ විදුලි බල ඉල්ලුම සම්පූර්ණ කරන්න බැහැ
    6 Years Sola use karanwa. battery's , Invertor ekai witharak change kale.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    3,145
    4,639
    113
    Gotham
    batman.com
    සූර්ය බලශක්ති ය නම් තවත් එක සල්ලි කන වැඩක් විතරයි. ඔය වගේ බොරු වැඩ කරලා නම් ලංකාවේ විදුලි බල ඉල්ලුම සම්පූර්ණ කරන්න බැහැ
    gewal walata, villa walata nan awlk na. maseta 10K -20K apahu ena welawal tianwa May, June wala. 1-1.5Mil wage investment ekak.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    30,583
    20,249
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සූර්ය බලශක්ති ය නම් තවත් එක සල්ලි කන වැඩක් විතරයි. ඔය වගේ බොරු වැඩ කරලා නම් ලංකාවේ විදුලි බල ඉල්ලුම සම්පූර්ණ කරන්න බැහැ

    hydro /wind /solar lankawe hodatama puluwan

    solar long term run wenna ona ok forget about solar

    wht abt wind/hydro/seawaves ?
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,987
    12,708
    113
    මාලඹේ
    6 Years Sola use karanwa. battery's , Invertor ekai witharak change kale.
    Off Grid කරනවා නම් Limited වෙනවන්. bulb එහෙම පත්තු කරාට ෆ්‍රිජ් AC එහෙම නම් Off Grid යන්න බැහැ. පොඩි පොඩිවට නම් ගෙවල් වලට අවුලක් නැහැ. ඒත් අන්තිමට Off Gride එකට ගිය සල්ලි Cover කරගන්න පුළුවන් ද කියන ප්‍රශේනේ ඉතුරු වෙනවා .
    මම මෙතන කිව්වේ ගොඩක්ම Solar ගහලා National Gride එකට සම්බන්ධ කරන එකෙන් වෙන්නේ Gride එකේ Sta ble එක නැති වෙනවා .
    තුනෙන් දෙක තියෙන වෙලාවේ කොන්ද කෙලින් තියාගෙන න්‍යශ්ටික බලාගාරයක් හදන්න ඕනේ විදුලි බල විසදීමට නැත්නම් ආයෙත් ලයිට් කපන්න වෙනවා 100% sure .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,072
    5,621
    113
    Colombo
    hydro /wind /solar lankawe hodatama puluwan

    solar long term run wenna ona ok forget about solar

    wht abt wind/hydro/seawaves ?

    ලංකාවෙ තවත් Hydro මහා පරිමාණ ඒව හදන්න බැහැ කියනවනේ, තියන ෆුල් කැපෑසිටි එකම වගේ යූස් කරනවා කියලනේ කියන්නෙ, දැනට තියන අවශ්‍යතාව එක්ක අර පොඩිම හයිඩ්‍රෝ ප්ලාන්ට් තේරුමක් නෑ කියනවනේ

    Wind වලින් නම් මොනවා හරි කරගන්න පුලුවන් වෙයි, seawaves වලින් දැනට ලොකු power plant තියනවද කියල සහ කොයි තරම් ඩිවලොප් වුනු ටෙක්නොලොජි එකක්ද කියල අයිඩියා එකක් නැහැ, Australia වල හරි කොහේ හරි experimenal level එකේ එකක් තියනවා කියල අහල තියනවා

    කවුරු මොනවා කිවුවත් ලංකාවට ලාබම වෙන්නෙ ගල් අඟුරු එකක් තමයි, අපි එකක් හදලා වෙන පරිසර දූශනය ඔය දියුනු රටවලින් වෙන දූශනය එක්ක කම්පෙයා කරන්නවත් බැරි තරම් පොඩියි.