මේක සම්පූර්ණ බොරු කතාවක්. Aspartame කියන්නේ FDA approved product එකක්. මේක ලංකාවට අලුත් උනාට, අනෙක් රටවල් වල සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා.
පොඩි දරුවන්ට recommend කරන්නේ නෑ කියලා කියන්නේ හේතු දෙකක් මත,
01. කෘතිම රසකාරක අන්තර්ගත වෙන ඕනම product එකකට regulatory requirement එකක් තියෙනවා ඔය කතාව ලේබල් එකේ print කරන්න
02. දරුවන්ට ඕවා recommend කරන්නේ නෑ, මොකද, දරුවන්ට සීනි/කැලරි සහිත එක බොන එකෙන් ප්‍රශ්ණයක් නැති නිසා. ඒ නිසා, කුඩා දරුවන්ට වඩා යෝග්‍ය වෙන්නේ සීනි සහිත බීම.
ඕවායේ අඩුපාඩු, ප්‍රශ්ණ හොයන්න ලෝකේ ඕන තරම් කට්ටිය, සංවිධාන තියෙනවා. එහෙම ප්‍රශ්ණයක් තියෙනවා නම් මෙලහට ඕක යුරෝපයේ එහෙම තහනම් වෙලා. ලංකාවේ අයට, මොනවා ආවත් කියන්න අඩු පාඩු නම් ඕන තරම් තියෙනවා.
මොනවා උනත්, කාබනේටඩ් බීම බොන එක අඩු කරන තරමට තමා වඩා හොඳ. ඒ වගේම, ලංකාවේ නිශ්පාදනය කරන sugar free Coka Cola එකකයි, යුරෝප් වල තියෙන එකකයි රසයේ ලොකු වෙනසක් තියෙනවා. දැන ගන්න පුළුවන්, කොකා කොලා බෝතලයයි, කෑන් එකයි බීලා වෙනස. හේතුව නම් නොදනී.