Summary Of Ceylon Government Railway

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,790
    2,920
    113
    Death Vally
    සෑහෙන දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා. ලොකු ත්‍රෙඩ් එකක් නෙමෙයි උනත් කට්ටියගේ දැණුම වෙනුවෙන් යමක් එකතු කරන්නට හිතුවා.


    ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉතිහාස කතාව කෙටියෙන්.

    1858 අගෝස්තු 03 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය හදන්නට පළමු පස් පිඬ කපනු ලබන්නේ.
    මෙසේ වැඩ ආරම්භ කරපු දුම්රිය මාර්ගයේ පළමුවෙන්ම දුම්රියක් ධාවනය කරන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා. ඒ කොළඹ සිට අඹේපුස්ස දක්වා.
    1865 ඔක්තෝඹර් 02 වෙනිදා ඉස්සෙල්ලාම මගී ප්‍රවාහන දුම්රියක් අඹේපුස්ස දක්වා ධාවනය කරනවා.
    1866 ජනවාරි 01 වෙනිදා දුම්රිය මඟින් බඩු ප්‍රවාහනය ආරම්භ කරනවා.
    1866 නොවැම්බර් 01 වෙනිදා මහනුවර දක්වා දුම්රිය මාර්ගය දික් කරනවා.
    1867 අප්‍රේල් 25 මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ වැඩ අවසන් කරනවා.
    ඒ වැඩ අවසන් කල මාර්ගයේ මුලින්ම දුම්රියක් ධාවනය වෙනවා හරියටම ඊට දවසකට පස්සේ. ඒ කියන්නේ 1867-04-26 වෙනිදා.
    1867 අප්‍රේල් 30 වෙනිදා කොළඹ කොටුවේ සිට මහනුවරට දුම්රියක් මුලින්ම ධාවනය කරනු ලබනවා.
    1867 අගෝස්තු 01 වෙනිදා තමයි මහනුවර දක්වා මගී ප්‍රවාහනය ඉස්සෙල්ලාම පටන් ගන්නේ.
    1873 ජනවාරි 15 ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය දිර්ග කරනවා.
    1884 ජූනි 04 වෙනිදා හැටන් දක්වා දිර්ග කරනවා.
    1888 මැයි 20 වෙනිදා නාණුඔය දක්වා දීර්ග කරනු ලබනවා.
    1924 පෙබරවාරි 05 වෙනිදා වෙනකොට දුම්රිය මාර්ග පද්ධතියේ සංදිස්ථානයක් තබමින් අපේ ලෝකේ තියෙන ලස්සනම දිම්රිය මාර්ග වලින් එකක් අපේ රටට දායාද කරමින් උඩරට මාර්ගයේ වැඩ කටයුතු බදුල්ලෙන් අවසන් කරනවා.

    උඩරට දුම්රිය මාර්ගයේ ඇති බිංගෙවල් සංඛ්‍යාව 46ක්.
    දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බ්ංගෙවල් ගනනක් පිහිටා ඇත්තේ ඔහියත් ඉදල්ගස්හින්නත් අතරයි. ඒ බිංගෙවල් 14ක්.


    1894 පෙබරවාරි 14 (වැලන්ටයින්:P) කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ නිම කරනවා.
    1903 නොවැම්බර් 01 අනුරාධපුර දක්වා දීර්ග කරනවා.
    1900 ජූනි 14 වෙනිදා කන්කසන්තුරේ සිට උතුරු මාර්ගය ආරම්භ කරනවා.
    1905 අගෝස්තු 01 අනුරාධපුරය සිට පලෙයි දක්වා දීර්ග කර උතුරු මාර්ගයට සම්බන්ධ කරනවා.
    1914 පෙබරවාරි 24 මන්නාරම දක්වා දීර්ග කරනවා.
    1928 මාර්තු 12 මඩකලපු/ ත්‍රිකුණාමලය දක්වාත් 1926 මැයි 12 පුත්තලම දක්වාත් දීර්ඝ කරනවා.

    1900 මාර්තු 22 කැළණිවැලි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
    1902 සැප්තැම්බර් 15 අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කරනවා.
    1919 මැයි 02 වෙනකොට ඕපනායක දක්වා වැඩ කටයුතු අවසාන කරනවා.
    1900 නොවැම්බර් මාසයේ තමයි ලංකාවේ තිබුනාය කියන ලස්සනම දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්ඹ කරන්නේ. ඒ කොළඹ - අවිස්සාවේල්ල/ඕපනායක මාර්ගය වගේ තවත් පුංචි කෝච්චි පාරක්. ඒ මාර්ගය නානුඔය සිට රාගල දක්වායි.
    1904 අගෝස්තු 15 රාගල දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.
    අද වෙනකොට නානුඔය රාගල මාර්ගයේ කිසිම සලකුණක් දකින්නට ලැබෙන්නේ නෑ. මේ මාර්ගය පිළිබඳව තියෙන එකම සටහන නම් නානූඔය දුම්රිය ස්ථානයේ පොළවේ කොටා ඇති රාගල දුම්රිය මාර්ගයේ දිශාව දක්වන සලකුණයි.
    (පසුගිය එලකිරි සංචාරකයා පට්ටිපොල සංචාරයේදී මමත් මගේ සගයා JK ත් මෙම සලකුණේ ජායා රූපයක් ගැනීමට බොහෝ මහන්සි උනා. ඒ වෙනකොට වෙලාව පාන්දර 3ට කිට්ටුයි. අපිට එම සලකුණ සොයා ගැනීමට හැකි උනේ නෑ. නමුත් අපේ මීලඟ සංචාරය නුවරඑළියටයි. අනිවාර්යෙන්ම එම මඟ සලකුනේ ඡායාරූපයක් ඔබ සැම වෙනුවෙන් රැගෙන එන බවට මම සහතික වෙනවා.)

    1925 පෙබරවාරි 16 පොල්ගහවෙල දක්වා ද්විත්ව මාර්ගය දීර්ඝ කරනවා.


    1877 මාර්තු 01 මොරටුව දක්වාත් සැප්තැම්බර් 01 පානදුර දක්වාත් මුහුදුබඩ මාර්ගයේ වැඩ නිම කරනවා.
    1879 සැප් 22 කළුතර වෙනකන් වැඩ අවසන් කරනවා.
    1890 මාර්තු 31 අළුත්ගම දක්වා දීර්ඝ කරනවා.
    1893 නොවැම්බර් 15 අම්බලන්ගොඩ වෙනකනුත් 1894 මැයි 07 වෙනකොට ගාල්ල දක්වාත් වැඩකටයුතු අවසන් කරනවා.
    1895 දෙසැම්බර් 17 මාතර දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.
    1991 දෙසැම්බර් 27 වෙනිදා මාතර කතරගම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.

    මේ සියල්ලකගේම සාරංශය ගත්තොත් 1858 අගෝස්තු 03 වෙනිදා වැඩ ආරම්භ කරන මේ දැවැන්ත මාර්ග පද්ධතියම නිම වෙන්නට ගත වෙන්නේ වසර 70ක් වගේ කාලයක්. 1928 මාර්තු 12න් මාර්ග පද්ධතියේ වැඩ කටයුතු සම්පූර්ණ වෙනවා.

    විශේෂ ස්තුතිය chamikawp ට.

     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,465
    126
    63
    HeLL
    කියන්න වචන නෑ..
    අති විශිශ්ටයි, කලාත්මකයි..ම්ම්ම්ම් දැනට එච්චරයි...:lol:
    එල අයියා.. ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,009
    113
    කට්ටියගෙ දැනුමට අලුත් යමක් එකතු කළාට බොහොමත් ම ස්තූතියි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,790
    2,920
    113
    Death Vally
    කියන්න වචන නෑ..
    අති විශිශ්ටයි, කලාත්මකයි..ම්ම්ම්ම් දැනට එච්චරයි...:lol:
    එල අයියා.. ;)

    :eek:

    ෆර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    බීලාද?
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,465
    126
    63
    HeLL
    :eek:

    ෆර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
    බීලාද?
    ඔව්ව් හිතේ දුකට ගැහුවා ශොට් එකක්
    Skype-emoticons-75-drunk.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,790
    2,920
    113
    Death Vally
    ඔව්ව් හිතේ දුකට ගැහුවා ශොට් එකක්
    Skype-emoticons-75-drunk.gif

    මොකද්ද බ්‍රෑන්ඩ් එක?
    දුකේ තරම කිවොත් ගන්න ඕන බ්‍රෑන්ඩ් එක කියන්නම් මම.

    අද මම පාවිච්චි කොරේ මෙන්න මේක.


    GORDONS%20SPL%20DRY%20GIN%20750ML.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,624
    1,350
    113
    37
    පැය 3.5 කලියෙන්
    නියම පෝස්ට් එකක් මචන්.
    කෝ.. පෙරේරා ගෙන් තවත් කෝච්චි ට්‍රෙඩ් එකක් :P:P:P
    මචන් මමත් ලංකාවෙ දුම්රිය මාර්ග පද්ධතියෙ ගොඩක් තැන් වල කෝච්චියෙන් ගිහින් තියෙනවා.දැනට භාවිතා වෙන මාර්ග වලින් මම ගිහින් නැත්තේ මහව හන්දියෙන් දකුණු පැත්තට සහ අනුරාධපුරේ ඉඳන් වව්නියාවට විතරයි ;)
    ඒත් බලපන් සුද්දො අපිට් දීල ගිය දේවල් විතරයි අදටත් අපිට තියෙන්නේ.
    උන් දීල ගිය ඕපනායක පාර අද අවිස්සවේල්ලෙන් ඉවරයි.
    නානුඔයෙන් රාගලට පාරක් තිබ්බ කියල මම දන්නෙ මේ දැන් :rofl::rofl: [නානුඔය ස්ටේශන් එකේ පැය ගණන් ඉදල තියෙනවා ඒත් ඕක මම දැනන් හිටියෙ නෑ බන් නැත්නම් බලන්න තිබ්බා]

    පොල්ගහවෙලින් එහාට රඹුක්කන වෙනකම් මාර්ගය ද්විත්ව එකක් කරේ මේ ලඟකදි.
    කතරගම කෝච්චියෙන් යන්න මම පොඩි කාලෙ ඉඳන්ම බලන් ඉන්නවා :rofl::rofl::rofl:

    සුද්දන්ගෙන් පස්සෙ අපේ කෝච්චි නම් :no::no::no::(:(:(
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,465
    126
    63
    HeLL
    මොකද්ද බ්‍රෑන්ඩ් එක?
    දුකේ තරම කිවොත් ගන්න ඕන බ්‍රෑන්ඩ් එක කියන්නම් මම.

    අද මම පාවිච්චි කොරේ මෙන්න මේක.


    GORDONS%20SPL%20DRY%20GIN%20750ML.jpg

    මන් බිව්වෙ මේවා:rofl:
    Vecchia_Romagna_Riserva_407.jpg
    Skype-emoticons-75-drunk.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,790
    2,920
    113
    Death Vally
    නියම පෝස්ට් එකක් මචන්.
    කෝ.. පෙරේරා ගෙන් තවත් කෝච්චි ට්‍රෙඩ් එකක් :P:P:P
    මචන් මමත් ලංකාවෙ දුම්රිය මාර්ග පද්ධතියෙ ගොඩක් තැන් වල කෝච්චියෙන් ගිහින් තියෙනවා.දැනට භාවිතා වෙන මාර්ග වලින් මම ගිහින් නැත්තේ මහව හන්දියෙන් දකුණු පැත්තට සහ අනුරාධපුරේ ඉඳන් වව්නියාවට විතරයි ;)
    ඒත් බලපන් සුද්දො අපිට් දීල ගිය දේවල් විතරයි අදටත් අපිට තියෙන්නේ.
    උන් දීල ගිය ඕපනායක පාර අද අවිස්සවේල්ලෙන් ඉවරයි.
    නානුඔයෙන් රාගලට පාරක් තිබ්බ කියල මම දන්නෙ මේ දැන් :rofl::rofl: [නානුඔය ස්ටේශන් එකේ පැය ගණන් ඉදල තියෙනවා ඒත් ඕක මම දැනන් හිටියෙ නෑ බන් නැත්නම් බලන්න තිබ්බා]

    පොල්ගහවෙලින් එහාට රඹුක්කන වෙනකම් මාර්ගය ද්විත්ව එකක් කරේ මේ ලඟකදි.
    කතරගම කෝච්චියෙන් යන්න මම පොඩි කාලෙ ඉඳන්ම බලන් ඉන්නවා :rofl::rofl::rofl:

    සුද්දන්ගෙන් පස්සෙ අපේ කෝච්චි නම් :no::no::no::(:(:(

    මම මේ පාර නුවරඑළියේ යන්නෙම රාගල රේල්පාර ගැන හොයන්නමයි. ට්‍රිප් එකේ main target එක ඕක. මිනිස්සු කියනවා කිසිම සලකුණක් දැනට ඉතුරු වෙලා නෑ කියලා ඔය පාරේ. ඒත් අඩුම ගානේ ස්ටේසමක පාදමක් හරි ඇතිනේ. තියෙන්නේ ස්ටේෂන් එකේ තියෙන දිසා සළකුණ විතරයිලු. මම එකේ පින්තූරයක් දැකලා තියෙනවා. කෙනෙක් ගත්ත එකක්. මම ගිය පාර ගිය වෙලේ ජේ.කේ. එක්ක හෙවුවා. ඒත්‍රෑ නිසා හොයා ගන්නට බෑ. අනිත් එක කෝච්චිය අදී කියන් බයෙන් එහේ මෙහේ දිව්වේ. මේ පාර නම් හොයාගෙනමයි එන්නේ.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,064
    234
    0

    1973 ජනවාරි 15 ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය දිර්ග කරනවා.
    1884 ජූනි 04 වෙනිදා හැටන් දක්වා දිර්ග කරනවා.


    metha 1873 wenna athineda? :)
    good one! :D
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,624
    1,350
    113
    37
    පැය 3.5 කලියෙන්
    මම මේ පාර නුවරඑළියේ යන්නෙම රාගල රේල්පාර ගැන හොයන්නමයි. ට්‍රිප් එකේ main target එක ඕක. මිනිස්සු කියනවා කිසිම සලකුණක් දැනට ඉතුරු වෙලා නෑ කියලා ඔය පාරේ. ඒත් අඩුම ගානේ ස්ටේසමක පාදමක් හරි ඇතිනේ. තියෙන්නේ ස්ටේෂන් එකේ තියෙන දිසා සළකුණ විතරයිලු. මම එකේ පින්තූරයක් දැකලා තියෙනවා. කෙනෙක් ගත්ත එකක්. මම ගිය පාර ගිය වෙලේ ජේ.කේ. එක්ක හෙවුවා. ඒත්‍රෑ නිසා හොයා ගන්නට බෑ. අනිත් එක කෝච්චිය අදී කියන් බයෙන් එහේ මෙහේ දිව්වේ. මේ පාර නම් හොයාගෙනමයි එන්නේ.

    දැන් නම් මචන් ඒ පැත්තෙ කෑලෑ ව වෙන්න ඇති.
    රාගල තියෙන්නෙ නානුඔයෙන් නුවර එලිය පැත්තට නේද