The MiG Deal: Why My Father Had To Die

malakadss

Well-known member
  • Mar 8, 2009
    16,407
    19,930
    113
    තාම ලන්කාවේ
    චන්ද්‍රිකා යනකොට රුපියලේ අගය වැඩිකරලා ගියේ නෑනෙ. අවු.6 - 7 ක් නම් මොනාද ? අපූරුවට අව්. 4 න් 130 ඩොලර් එක, 180 ටම ගෙනාවෙ. මුදලේ අගය අනුව බැලුවත් ඕක වෙන්න පුළුවන්.. අනික ඒ කාලෙ ලංකවට යුක්‍රේන් කාරයො දුන්නට වෙන එවුන් ආයුධ දුන්නෙ නෑ උන් කියන් පදේට නටන්නෙ නැති නිසා. දුන්නත් මල්ටිබැරල් වලට කලා වගේ තමයි. ඉතින් උදය්නතගෙ සම්බන්ධකම් පාවිච්චි කරලා එහෙන් ගත්ත සීන් එකක් තියෙන්නෙ. ඕකට කොමිස් එකක් වැදුනත් කමක් නෑ... කෝ දැන් ඔය යුද්ධෙන් එහෙම ඉතුරු උන සල්ලි? පහුගිය කාලෙ ණය පිට ණය විතරක් අර්ගෙන යමක් කරන්න පුළුවන් රාජ්‍ය දේපළත් විකුණගෙන, රටම විනාශ කරන්න උත්සහ කලේ නිකන්ම නිකන් කියල හිතන්නෙ පිස්සෝ....
    රුපියල් වලින් නෙමේ බන් ඩබල් වෙලා තියෙන්නේ ඩොලර් වලින්. ඒ හින්දා රුපියල වෑටිච්ච එක මෙතනට අදාල නෑ. යුද්ධ කාලේ බඩු ගන්න ප්‍රශ්ණ තියෙන්නෙ පුලුවන්. චීනෙන් පකිස්තානෙන් බඩු ආවා. ඊලගට යුක්‍රේන් තමා. වෙන කොහෙන්වත් අපිට ගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. අපිට බඩු දුන්නේ නෑ. එතකොට ලන්කාවේ ආණ්ඩුව හෑටියට නෑතිව අතරමෑදියෙක් හරහා ගන්න ඉඩ තිබ්බා. උන්ට කොමිස් දෙන්න වෙනවා. ඒ වුනාට උදයන්ගගේ කට්ටියගේ ගිණුම් වලට සල්ලි ආවා කියන්නේ මීය කඩලා තියෙන්නේ අත ලෙවකන්න නෙමේ කියන එක. ඒ කොහොම වුනත් ලසන්ත මරන්න තරම් වෑරෑද්දක් කරපු මිනිහෙක් නෙමේ... පත්තර කාරයෙක් හෑටියට මිනිහා කලේ රස්සාව
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    798
    414
    63
    colombo
    රුපියල් වලින් නෙමේ බන් ඩබල් වෙලා තියෙන්නේ ඩොලර් වලින්. ඒ හින්දා රුපියල වෑටිච්ච එක මෙතනට අදාල නෑ. යුද්ධ කාලේ බඩු ගන්න ප්‍රශ්ණ තියෙන්නෙ පුලුවන්. චීනෙන් පකිස්තානෙන් බඩු ආවා. ඊලගට යුක්‍රේන් තමා. වෙන කොහෙන්වත් අපිට ගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. අපිට බඩු දුන්නේ නෑ. එතකොට ලන්කාවේ ආණ්ඩුව හෑටියට නෑතිව අතරමෑදියෙක් හරහා ගන්න ඉඩ තිබ්බා. උන්ට කොමිස් දෙන්න වෙනවා. ඒ වුනාට උදයන්ගගේ කට්ටියගේ ගිණුම් වලට සල්ලි ආවා කියන්නේ මීය කඩලා තියෙන්නේ අත ලෙවකන්න නෙමේ කියන එක. ඒ කොහොම වුනත් ලසන්ත මරන්න තරම් වෑරෑද්දක් කරපු මිනිහෙක් නෙමේ... පත්තර කාරයෙක් හෑටියට මිනිහා කලේ රස්සාව
    ඔව් හැබැයි ඩොලර් කතාව අදාල නෑ.. ඒත් ඉතින් මම්න්කියපු දෙවල් වලත් ලොකු වරදක් නෑ.. ලසන්ත අන්තිමට ලියපු මිනිහා ලසන්තව මැරුවා කියනවනම්, එතනම තියෙනවා ලසන්තව මරලා ඕනෙම කෙනෙක්ට ඒ වරද අර අන්තිම ලිපිය ලියපු පුද්ගලයගෙ පිට දාන්න පුළුවන් කියන එකත්. අනික ඔය විදිහට තව කොච්චර දේවල් කියල තියෙනවද ? ඇත්තට මගඩියක් උනා හෝ නැතා ඔය කියන එව්වගෙන් බේරිලා ඉන්න උන් ඉන්නෙ ශෝක් එකට, ඉතින් මොකටද මරන්නෙ ? මරන එක අවාසිත් ඔය කියන විදිහට අන්තිමටම චෝදනා කරපු කෙනාටමනෙ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,407
    19,930
    113
    තාම ලන්කාවේ
    ඔව් හැබැයි ඩොලර් කතාව අදාල නෑ.. ඒත් ඉතින් මම්න්කියපු දෙවල් වලත් ලොකු වරදක් නෑ.. ලසන්ත අන්තිමට ලියපු මිනිහා ලසන්තව මැරුවා කියනවනම්, එතනම තියෙනවා ලසන්තව මරලා ඕනෙම කෙනෙක්ට ඒ වරද අර අන්තිම ලිපිය ලියපු පුද්ගලයගෙ පිට දාන්න පුළුවන් කියන එකත්. අනික ඔය විදිහට තව කොච්චර දේවල් කියල තියෙනවද ? ඇත්තට මගඩියක් උනා හෝ නැතා ඔය කියන එව්වගෙන් බේරිලා ඉන්න උන් ඉන්නෙ ශෝක් එකට, ඉතින් මොකටද මරන්නෙ ? මරන එක අවාසිත් ඔය කියන විදිහට අන්තිමටම චෝදනා කරපු කෙනාටමනෙ...
    ඔතන සෑකේ වෑඩි වෙන්නේ මීනී මරුවා තාම අහු වුනේ නෑති හින්දා..ඔය මීනි මෑරුමේ පරීක්ෂණ සෑහෙන්න දුර ගියා.. දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව හමුදා කණ්ඩායමක් අත් අඩන්ගුවට ගත්තා.. විස්තර ගොඩක් තියෙනවා මට දෑන් මතක නෑ. සෑකය එල්ල වුනේ හිටපු හමුදාපති සහ ආරක්ෂක ලේකම් කියන දෙන්නට. හිටපු හමුදාපතිතුමා එක්ක 2010 චන්දෙට කලි න් ලසන්තගේ අයියාගේ පත්තරේ ෆෑඩ්‍රිකා ජෑන්ස් සම්මුඛ සාකච්චාවක් තිබ්බා.. කුප්‍රකට සුදු කොඩි කතාව.. ඒ අතරෙත් ඔය ලසන්තගේ මිනී මෑරුම ගෑන කතා වුනා කියලා ආරන්චි ගියා. ඒ කොහොම වුනත් ඔය වගේ දරුණු මිනී මෑරුමක සුල මුල හොයා ගන්න තාම බෑරි වුනා කියන්නේ ප්‍රශ්ණයක් තමා

    වසර 10ක් පුරා 'නොවිසඳුන' ගැටලුව
    • 2009 ජනවාරි 8 - රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.
    • 2010 පෙබරවාරි 26 - ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.
    • 2010 පෙබරවාරි 26 - එදිනම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණි.
    • 2010 මාර්තු - හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැරිණ.
    • 2011 ඔක්තෝබර් 13 - අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.
    • 2013 සැප්තැම්බර් 6 - නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා උසාවිය විසින් නිදහස් කරනු ලැබිණ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළේය.
    • 2014 ජනවාරි 8 - "ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේය. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
    • 2015 ජනවාරි 10 - බලයට පත්වන නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ටශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය.
    • 2015 ජනවාරි 21 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
    • 2015 අගෝස්තු 6 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය.
    • 2016 පෙබරවාරි 17 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය.
    • 2016 ජුලි 16 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.
    • 2016 ජුලි 27 - අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා තමන්ට ලසන්ත ඝාතනයෙන් පසු දිනක තර්ජනය කළ පුද්ගලයා බව ලසන්ත වික්‍රමතුන්ගගේ රියදුරා උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත්තේය. මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇති බව පොලිසිය උසාවියට දැන්වීය.
    • 2016 සැප්තැම්බර් 27 - නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගැණින.
    • 2016 ඔක්තෝබර් 16 - "ලසන්ත ඝාතනය කළේ මම, එම නිසා මගේ යාළුවා වන උදලාගම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න, මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න," සිය දිවි නසාගත් විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකුගේ සාක්කුවේ තිබූ ලිපියක සඳහන් විය. නමුත්, මෙය පරීක්ෂණ නොමග යැවීමට කළ උපක්‍රමයක් බව පොලීසිය සැක කළේය.
    • 2016 දෙසැම්බර් 21 - ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇති වූ සුහද කතාබහක් ඇතුළත් හඬ පටයක් අන්තර්ජාලයට එක් කර තිබිණි.
    • 2017 ජනවාරි 21 - ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
    • 2017 මාර්තු 20 - ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ප්‍රකාශ කළේය.
    • 2017 මාර්තු 20 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතුව පවත්වාගෙන ගිය ඝාතන කල්ලි සිටි බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට වාර්තා කළේය.
    • 2017 මාර්තු 27 - විදේශ මාධ්‍යවේදීන් අමතමින් ගෝඨාභය රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් චෝදනා කළේ සරත් ෆොන්සේකාට බව පැවසීය.
    • 2018 ජනවාරි 18 - ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පරීක්ෂණයට අදාළව මේ වනවිට 950 පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
    • 2018 පෙබරවාරි 2 - ගල්කිස්‌ස පොලිසියේ එවකට අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත අත්අඩංගුවට පත් විය.
    • 2018 පෙබරවාරි 14 - සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාරද අත්අඩංගුවට පත්වුණේය.
    • 2018 පෙබරවාරි 21 - ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මෙම ඝාතන පරික්ෂ පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දුන්නේය.
    • 2018 මාර්තු 30 - ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට සම්බන්ධව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත අතුරුදහන්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
    • 2018 ජුලි 2 - හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාරට හා ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ඇප මත නිදහස් විය.
    • 2018 නොවැම්බර් 18 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව දින කීපයක් තුළ අදාළ ඝාතන පරීක්ෂණය මෙහෙය වූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්ථාන මාරුවකට ලක්විය.
    • 2018 නොවැම්බර් 20 - ආන්දෝලනයකට තුඩු දුන් නිශාන්ත සිල්වාගේ හදිසි මාරුව අවලංගු කෙරිණි.
    https://www.bbc.com/sinhala/sri-lanka-46784591