update --මව හා අනියම් සැමියා එක්ව අවුරුදු 7ක දැරිය පෝර කවරයක දමා පණ පිටින් වළලයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    56,614
    53,988
    113
    වයස අවුරුදු හතක දැරියකට කළ පහර දීමකින් පසු ඇය මියගොස් ඇතැයි සැකකර ඇයගේ සිරුර පොහොර කවරයක ඔතා දෙල්වල ගඟපහළ ප්‍රදේශයේ අත්හැර දැමූ පතල් වළකට දෑමීමක් සම්බන්ධයෙන් පෙරේදා (සැප්. 7) පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි දෙල්වල පොලිසිය කියයි.

    එම අපරාධය සම්බන්ධව පොලිසිය රත්නපුර අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ නියෝග අනුව එම දැරියගේ මළ සිරුර ඉදිරි දිනයකදී ගොඩ ගැනීමට නියමිතව ඇති බව දෙල්වල පොලිසිය කියයි.

    මැල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවන වසරේ ඉගෙනුම ලැබූ හංසිකා හර්ෂණී කුමාරි නමැති දැරිය එසේ මියගොස් ඇත.

    එම ඝාතනයට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු දෙල්වල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරියන් අතර මියගිය දැරියගේ 29 හැවිරිදි මව ත් තිස් හැවිරිදි ගැබිනි කාන්තාවකුත් සිටින බව දෙල්වල පොලිසිය කියයි.

    තිස් හැවිරිදි හා තිස් දෙහැවිරිදි අඹු-සැමි යුවළක් ද එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. එම සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ත් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකාරියනුත් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අඹු-සැමි යුවළත් එක ගෙයි පවුල් කෑ උදවිය බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

    ප්‍රදේශයෙන් පළා ගොස් ඇති ප්‍රධාන සැකකරු බවට සැක කරන පුද්ගලයා ස්ත්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඩ් ගැසීම්, සොරකම්, නීති විරෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දෙකි. මේ වන විටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක එම නඩු විභාගවෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගැනීමට නියමිත එම ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද්ධ හමුදාවෙන් පළා ආ අයෙකි. එම සැකකරුගේ නීත්‍යනුකූල බිරියට පුත්‍යෙයකු සිටින බව ත් අනියම් බිරියන් දෙදෙනාගෙන් එක් අයෙකු ගැබිනියක බවත් අනිත් තැනැත්තිය ප්‍රධාන සැකකරු සමග දීග කෑමට පැමිණි එක් දරු මවක බව ත් පොලිසිය පවසයි.

    මියගිය දැරියගේ මව බව කියන සැකකාරිය මැල්සිරිපුර ප්‍රදේශයේ කාන්තාවකි. එම සැකකාරිය පසුගිය ජූලි මාසයේදී මැල්සිරිපුර පොලිසියට ගොස් තම දියණිය දෙල්වල ප්‍රදේශයේ සිටියදී අතුරුදන්ව ඇති බව ත් කැලණිය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු දැරිය රැගෙන යන්නට ඇති බව ත් පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    මැල්සිරිපුර පොලිසිය එම පැමිණිල්ල පිළිබඳව තම පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව කළ පොලිස් පරීක්‍ෂණවලදී එම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. සැකකාරිය මැල්සිරිපුර පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් දැරිය රැගෙන ගිය බව කියන පුද්ගලයා පොලිසියට කැඳවා ප්‍රශ්න කර ඇත. එහිදී එම දැරිය එම පුද්ගලයා විසින් පැහැරගෙන ගොස් නැති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

    ඒ අනුව, දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමල් කීර්ති මහතාට ඇති වූ සැකය මත එම කාන්තාවගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

    එහි ප්‍රධාන සැකකරුගේ බිරිය දිනක් නිවසට රැගෙන ආ පැණි වළලුවලින් එකක් දැරිය ආහාරයට ගත් අවස්ථාවේ සැකකරු දැරියට පහර දී ඇත. පසුව සැකකරුගේ හය හැවිරිදි පුත්‍රයා දිලිසෙන ගලක් වැනි දෙයක් සඟවා තැබීමට උත්සහ කර ඇත. එවිට එම දැරිය එම ගල ඉවතට ගෙන වීසි කළ බව පවසමින් පසුගිය හය මසකට පමණ පෙර දැරියට සැකකරු විසින් වද දෙමින් අමානුෂිකව පහරදුන් බවට සැකකාරියගෙන් දිගින් දිගට ම කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

    පහර දීමෙන් අනතුරුව දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවී ඇත. එම අවස්ථාවේ තම අනියම් සැමියා (ප්‍රධාන සැකකරු) තමාගේ කසිප්පු ඇල්ලීමට පොලිසිය පැමිණෙන නිසා වහා දැරිය රැගෙන කැලයට යන ලෙස උපදෙස් දුන් නිසා පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දැරිය රැගෙන කැලයට රිංගා සිටියදී තම ඔඩොක්කුවේදී දැරිය මියගිය බවට සැකකාරිය පොලිසියට කළ පාපෝච්චාරණයෙන් හෙළි වූ බව පොලිසිය පවසයි.

    පසුව දැරියගේ සිරුර පොහොර කවරයකට දමා මීටර් තුන්සියයක් පමණ දුරක තිබූ අතහැර දැමූ මැණික් පතලක් අසලට ප්‍රධාන සැකකරු විසින් ඔසවාගෙන රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව සිරුර දැමූ කවරයට ගල් දමා පතල් වළට දමා වසා දැමූ බවත් එම අවස්ථාවට සැකකරුගේ නීත්‍යනුකූල බිරිය ත් තමනුත් සම්බන්ධ වූ බවත් සැකකාරිය (මියගිය දැරියගේ මව) පැවැසූ බව පොලිසිය කියයි.

    එම අවස්ථාවේ ප්‍රධාන සැකකරුගේ අනියම් ගැබිනි බිරිය ත් නිවසේ සිට අපරාධය සිදුවන ස්ථානයට කිසිවෙකු ඇතුළු වනවාදැයි කියා ඔත්තු බලා ඇති බව සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටි බව ත් දැරිය සිහිසුන්ව සිටියදී එසේ වළ දමා ඇත්දැයි සැකයට තුඩුදෙන කරුණක් බව ත් පොලිසිය පවසයි.

    දැරිය මරා දමා වළ දැමුවා යැයි කියන ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇත.

    රත්නපුර පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සේනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමල් කීර්ති මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ උප පොලිස් පරීක්‍ෂක රුවන් පතිරණ, පොලිස් කොස්තාපල් වීරසිංහ (38754), කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (12284) ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වති.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,367
    2
    46,838
    113
    ප්‍රදේශයෙන් පළා ගොස් ඇති ප්‍රධාන සැකකරු බවට සැක කරන පුද්ගලයා ස්ත්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඩ් ගැසීම්, සොරකම්, නීති විරෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දෙකි. මේ වන විටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක එම නඩු විභාගවෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

    ලංකාවෙ නීති පද්ධතිය ගැන නම් කතා කරල වැඩක් නෑ මෙච්චර ඒව කරපු උං ළමයි මර මර නිදහසේ ඉන්නව කිව්වම
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,888
    113
    Kohomda bn ganu thunak ekgedara thiyaganne randu nokara

    ලංකාවෙ නීති පද්ධතිය ගැන නම් කතා කරල වැඩක් නෑ මෙච්චර ඒව කරපු උං ළමයි මර මර නිදහසේ ඉන්නව කිව්වම
    Man Danna ekek innawa u eka pawule hatharak marala aurudu dekak remand eke idala eliyata awa. U Political contacts mukuth nathi higana type ekek.
    ------ Post added on Sep 9, 2022 at 9:12 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,583
    143,436
    113
    Los Alamos
    ලංකාවෙ නීති පද්ධතිය ගැන නම් කතා කරල වැඩක් නෑ මෙච්චර ඒව කරපු උං ළමයි මර මර නිදහසේ ඉන්නව කිව්වම
    ලෝකෙ ඉන්න දූෂිතම පවුලක් උපරිම සැප සම්පත් විද විද නිදැල්ලෙ ඉන්න රටකනෙ ඔබතුමා නීති පද්ධතිය ගැන කතා කරන්නෙ. 🤭
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,858
    55,904
    113
    Thopilata tama kellek wath hoyaganna beri room yanna.mae balapnko
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,203
    83,282
    113
    ඒ පවුල් සංස්ථාවෙ විකාශනය කියවන්න ගිහින් මොළේ පොට ගියා. දැන් මේ ටැප් කටුවක් අරන් පොට කපන ගමන්
    කාගෙ කවුද කියල පැහැදිලි නෑ අන්තිමට වෙන අනියම් බිරියක්ද ඔත්තු බලල තියෙන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,858
    55,904
    113
    Oya giya athme pawak.pana pitin walalenna taram hoda pawak karala athi