YouTube වල niche එකක income වැඩි කරගන්න විදියක් අහල තිබුනා මල්ලි කෙනෙක්

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,501
    93
    ~future~
    t.me
    YouTube වල niche එකක income වැඩි කරගන්න විදියක් අහල තිබුනා මල්ලි කෙනෙක්. පොඩි trick දෙකක් ටක් ගාලා කියල දෙන්නේ YouTube දැනට international audience target කරල වැඩ කරන අයට මේ niches වල.. CPM, RPM, CPC safely වැඩි කරගන්න විදිය. තව කරුනු ගොඩාක් බලපානවා RPM, CPC වලට. මේකේ කතා කරන්නේ කාරණා දෙකක් ගැන විතරයි.

    දැනට ඔයා යන niche එකට අදාලව මේ දේ කරන්න උත්සහ කරන්න.

    1. ඔයා දැකලා තියෙනවනේ adsense ads තියෙනව sites වල. ඔයා කරන්න ඕන ඔයා target කරන countries වලට VPN දාගෙන ඒ රටවල් වල adsense enabled websites වලට ගිහින් (cookies නැති fresh google account එකක් use කරන්න) ඒ ad network වලට අදාල offers, services, products ටික note down කරගන්න. Especially US, UK, Canada, Ausi, NZ වගේ රටවලට පෙන්නන ads හරිම වෙනස් අපිට සාපේක්ශව.

    මේ note කරගනිපු list එකට අදාලව ඔයා කරන්න ඕනෙ versus type videos. ඒ කියන්නේ එකක් අනිකට සංසන්දනාත්මකව කරන videos. මේක කරද්දී අපි එක පැත්තකටවත් පක්ශග්‍රාහී නොවී, insult නොවෙන විදියට pros and cons යන්න ඕනේ.

    ex:
    Godaddy vs. Siteground
    Godaddy vs. Squraspace

    මගේ එක චැනල් එකක් run වෙනව ලෝකෙම තියෙන hosting, domains service provider ලා ගැන. ලංකාවේ services ඇර. RPM සුපිරි.

    දැන් කියන්නම් ඇයි RPM වැඩි වෙන්නේ කියන එක vs. type videos කරද්දී. අපේ videos viral යනකොට ad conversions වැඩි වෙනව. ඒ වගේම මේ companies වලින් ad platforms වලින් නිරන්තරයෙන්ම YT platform එකේ research කරනව මොන videos ද එයාලට අදාලව මිනිස්සුන්ට හොදටම reach කරන්නේ කියන එක. එතනදි එයාලා අපේ video එක මිනිස්සු reach කරනව දකිනව. ඒ වගේම එයාල දකිනව video එක ඇතුලේ තියෙන්නේ සංසන්දනාත්මකව යන explain එකක් කියන එක. එතනදි එයාලා තරගකාරී විදියට අපේ video එක මත එයාලගේ ads වලට bid කරන්න පටන් ගන්නව. ඒකෙන් වෙන්නේ ඒ දෙගොල්ලෝ අතරේ bidding war එකක් ඇති වෙලා එයාලාට ඕන කරන ad එක අපේ video එකේ නිතරම publish කරවන්න try කරන එක. මේකෙන් වෙන්නේ RPM එක නගිනව පිස්සු හැදෙන අගයකට. මේකට හොඳ subscribers count එකකුත් ඉන්නව නම් අසාමාන්‍ය income එකකට එන්න පුලුවන් sponsorship වලින්.

    මේ shot from මේ දේ කිවුවේ, ප්‍රශ්න ආවොත් අහන්න personally or over the reply.

    මේකෙම use case study එකක් මෙතන තියෙනව. බලල ඉගෙන ගන්න. personally මන් cash cow network එකක් run කරන කෙනෙක්.

    මේ video දෙකෙන් එකක මේ case study එක ඇති..මේ දෙකේ නැත්නම් ඒ චැනල් එකේම බලන්න.





    2. දෙවෙනි method එක money, investment, finance related niches run කරනව නම් කොහොමත් ඔයාගේ RPM වැඩියි. click එකකට ලැබෙන ගානත් වැඩියි. personally මන් follow කරන තව niche එකක්.

    හැබැයි මේක තවත් වැඩි කරගන්න පුලුවන් meta title එකට money, මිනිස්සුන්ගේ finance related keyword use කරන්න. money amount එක mention කරන්න title එකේ හැමවෙලාවකම. millions, billions වගේ words, rich මිනිස්සුන්ගේ නිතර බාවිතා වෙන වචන..

    ex: Elon Musk bought $700 million worth of Bitcoin last week

    ඒ වගේම thumbnail එකෙත් mention කරන්න ඒක. මොකද YouTube Ai එකෙන් video එකක් perform වෙනකොට thumbnail read කරල ඒකට YouTube එකේ අවශ්‍ය තැන develop කරල දෙනව ඒ ඒ niche area වලට අදාලව.

    ඒ ගැන තව බලන්න ඕන නම් මෙතනින් යන්න..

    https://cloud.google.com/vision/

    1681484942584.png


    මේ දේවල් ඇත්තටම ලොකුවට කියල දෙන්න වෙලාවක් ලැබුනොත් YouTube පට්ට ගහන්න කියල දෙන්න පුලුවන්. බලමු ඉස්සරහට වෙලාව ලැබුනම කියල දෙන්නම්.


    extra:
    text to speech එකක් අහල තිබුනා තව brother කෙනෙක් last april 6.

    මන් use කරන්න production team එකට දීලා තියෙන්නේ https://revoicer.com එක.


    මේ guide එකේ තියෙනව YT video එකක් viral වෙන්න හේතු වෙන කරුනු. වැදගත් points කීපයක් තියෙනව. download කරගෙන බලන්න.

    LINK



    පොදුවේ මේ කියපු දේ බලපාන්නේ niches කිපයකට විතරයි. නමුත් අනිත් ඒවටත් මේ methods tweak කරල ගන්න පුලුවන්. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න. හිතන්න මොලයක් දීලා තියෙන්නේ මිනිස්සුන්ට.

    හැමෝටම ජය වේවා!
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    895
    220
    63
    මචන් youtube වීඩියෝ එකක් SCO කරන විදිය කියලා දීපන්කො