මුද්දරප්පලම් වයින් සාදන ආකාරය.
යාලුවනේ, මට වයින් රෙසපි ටිකක් හම්බ වුනා. ඉතින් මම හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල. මේව ඉංග්‍රීසියෙන් තිබුනෙ, මට තේරෙන විදිහට පරිවර්තනය කලා. ඔයාලත් හදල බලන්න.
මුද්දරප්පලම් වයින්
අවශ්‍ය ද්‍රව්‍ය:
සිහින්ව කපාගත් මුද්දරප්පලම් රාත්තල් 3යි. (1.36kg)
සීනි රාත්තල් 3යි. (1.36kg)
දෙහි ගෙඩි එකයි.
උතුරන වතුර ගැලුම් 1යි (ලීටර් 3.78)
වයින් ඊස්ට් පැකට් 1යි. (සුපර් මාකට් වල තියනව, නැත්තම් ebay එකෙන් ඕඩර් කරන්න පුලුවන්)
මුද්දරප්පලම් හොඳින් තලාගෙන, සිහින්ව කපාගත් දෙහි ලෙලි සහ සීනි රාත්තල් 2ක් එකතු කරන්න.
උතුරන වතුර ගැලුම එයට එකතු කර හොඳින් හැඳි ගාන්න.
හොඳින් මිශ්‍ර වූ පසු දෙහි ඉස්ම සහ ඊස්ට් එකතු කරන්න.
හොඳින් මිශ්‍ර කර, හොඳින් වසා දින 7ක් පමණ මඳක් උනුසුම් ස්ථානයක තබන්න.
ඉන්පසු මස්ලින් රෙදිකඩකින් පෙරා කටලොකු ජෝගුවකට දමා පොලිතින් එකකින් කට වසා පැසෙන්නට තබන්න.
පැසීම අවසන් වූ විට චූශක නලයකින් පෙරාගෙන බෝතල් වලට දමා තබන්න.
එම අවස්ථාවේදී වුවත් පානය කල හැකියි, නමුත් පරණ වන විට රසය වැඩි වේ.
-------------------------------------------------------
වයින් සෑදීම විනෝදාංශයකි. මත් පැන් බොන්න උගන්නන්න එපා කියල මගෙ රෙප් කපන්න එපා ඉස්සෙල්ල වගේ. හොඳ නම් රෙප්+ දෙන්න. බම්ප් එකක්වත් දාල යන්න අනිත් අයටත් බලාගන්න.
ඇපල් වයින් ත්‍රෙඩ් එකට මෙතනින්.
දොඩම් වයින් ත්‍රෙඩ් එකට මෙතනින්.
වයින් හදන හැටි ඉංග්‍රීසියෙන්.

Last edited: