බරපතල වැඩ සහිතව අවු.දෙකහමාරක් ෆොන්සේකා හ&#3538

ekrox

Member
Sep 11, 2009
577
22
0
බරපතල වැඩ සහිතව අවු.දෙකහමාරක් ෆොන්සේකා හ&#3538




හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධාධිකරණ

දෙකක් කි‍්‍රයාත්මක වුණා. පළමු යුද්ධාධිකරණයේදී විභාග වූයේ සකී‍්‍රය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනය කිරීම පිළිබඳවයි. එම චෝදනාවට වැරදිකරු වූ ෆොන්සේකා මහතාට සිය තනතුරුද අහිමි වුණා. දෙවැනි යුද්ධාධිකරණය පැවැත්වුණේ යුද හමුදා ටෙන්ඩර් පටිපාටියට බැහැරව හයිකෝප් සමාගමෙන් අවිආයුධ මිලදී ගැනීමේ චෝදනාවයි. එම චෝදනාවටද ෆොන්සේකා මහතා වැරදිකරු කෙරුණා. ඒ පසුගිය 17 වනදායි. එම තීන්දුව බලාත්මක වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කිරීමෙන් අනතුරුවයි. ඊට ජනාධිපතිවරයා ඊයේ රාතී‍්‍රයේ අත්සන් කළා. ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට සිරදඩුවම් නියම වන්නේ මාස 36ක කාලයකටයි.

එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අදාල වීඩියෝව




ජනාධිපතිතුමා මාස 6ක්ම අඩු කරලා

එහෙත් ජනාධිපතිවරයා ඔහුට ලබාදෙන දඩුවම මාස 30කට සීමා කර තිබෙනවා. ඔහු දැනට රඳවා ඇත්තේ ශී‍්‍ර ලංකා යුද හමුදා මූලස්ථානයේයි. රිමාන්ඞ් සිරකරුවෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා වැලිකඩ සිරගෙදරට යොමු කිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරයට ගෙන යන්න දැන් වැඩකටයුතු සූදානම් වනවා. නාවික හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ අද පස්වරුව වන විට ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන්න නියමිත බවයි. හැබැයි මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙතෙක් දැනුවත් කරලා නැහැ.

ඔහු තවත් එක් සිරකරුවෙක් විතරයි!

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වී.ආර්. ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ නියමිත කි‍්‍රයා පටිපාටියට අනුව බන්ධනාගාරයට යොමු කරන සිරකරුවෙක් භාර ගැනීමට තමන් සූදානම් බවයි.(නෙත් නිව්ස්)

මන්ත්‍රී ධුරය අහිමි වෙයිද?

සරත් ෆොන්සේකා මහතා වසර 2 1/2 කාලයකට සිරගත කරන නිසා මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවට සහබාගි වීමට නොහැකි වීමෙන් ඔහුගේ මන්ත්‍රී ධුරයද අහිමිවී යනවා. නමුත් මේ සම්බන්දව විපක්ෂය දරන්නේ වෙනත් මතයක්.එනම් යුද අධිකරණය මගින් දුන් තීන්දුවක් නිසා මන්ත්‍රී ධූරය අහිමි කල නොහැකි බවයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ පිලිබදව දැක්වූ අදහස්



සිර දඩුවම නැති වෙන්නත් පුලුවන්?


ෆොන්සේකා මහතාට ලබා දුන් යුද අධිකරණ තීන්දුව ට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි බැවින් හා ඇතැම්විට අභියාචනයේ තීන්දුව මගින් යුද අධිකරණයේ තීන්දුව නිෂ්ප්‍රභ විය හැකි බැවින් තත්ත්වය වෙනස් වන්නට ඉඩකඩක් පවත්නා බව වාසුදේව නානායක්කාර පෙන්වා දෙයි. එසේ වුවද යම් හෙයකින් යුද අධිකරණයේ තීන්දුවම අභියාචනාධිකරණයේ තීන්දුව බවට පත්වුවහොත් එසේත් නැතිනම් දැනට ලබා දී ඇති තීන්දුවට සමානව අභියාචනාධිකරණය විසින්ද ෆොන්සේකා මහතා වරදකරු බවට තීන්දු කරනු ලැබුවහොත් හෝ ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වන්නට නියමිත බවද නානයක්කාර මහතා සඳහන් කරයි.


මහනායක හිමිවරුන්ගේ ලිපියට වූයේ කුමක් ද?

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නමුත් ජනාධිපතිවරයා එයට ප්‍රතිචාර දක්වා නොමැත.

ජනාධිපති තුමාට ස්තුතියි- අනෝමා කියයි


අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ අනෝමා
ෆොන්සේකා මෙසේ අදහස් ප්‍රකාශ කලා.

"අවුරුදු 30ක් පුරාවට දරුණුම ත්‍රස්තවාදය තිබුනේ අපේ රටේ, බරපතල විදියට වෙහෙසිලා උත්සහ අරගෙන එක ජයගත්තා, ඒ වෙනුවට ජනාදිපතිතුමා ලොකූ තෑග්ගක් දුන්නා, බරපතල වැඩ අසහිතව මස 30ක සිර දඩුවමක් ඉතාමත් අගනේ, මම බොහම ස්තුති වන්ත වෙනවා ජනාධිපතිතුමාට, හේතුව ඔහු ඔහුගේ උඩින් වසාගත් උපාසක චරිතය පැත්තකට දාල තමාගේ නියම චරිතය විදහා දැක්වුවට මම ඔහුට මගේ ස්තුතිය පිරිනමනවා"

එයට අදාල වීඩියෝව



ෆොන්සේකා වැලිකඩට

ඊයේ රාත්‍රී 10.45 ට පමණ සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආව. අනෝමා ෆොන්සේකා ඇතුළු ආධාරකරුවන් ඉදිරිපස සරත් ෆොන්සේකා මහතා රැගෙන එනතුරු කල් ඇතුවම සිටි හෙයින් ඔහුව ඇතුලට ගෙන ගියේ බන්ධනාගාරයේ පිටිපස දොරිනි.ෆොන්ස්කා මහතා රදවා තැබීමට සූදානම් කළ වැලිකඩ බන්ධනාගා‍රයේ එෆ් වාට්ටුවේ සිරකුටියේ මෙතෙක් පැවැති විදුලි පංකා දෙක සහ ඇද ඊයේ දිනයේදී ඉවත්කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහුට නිදාගන්න වනුයේ පැදුරක් මතය.බරපතල වැඩ යටතේ ගල් කැඩීම වැනි වැඩද ඔහුට කිරිමට සිදු වනවා ඇති.මේජර් ජෙනරාල් වී. ආර්. දී සිල්වා මහතා කියා සිටියේ ෆොන්සේකා මහතා තවදුරත් සුවුශේෂී පුද්ගලයෙකු නොවන බවයි. ඔහුට මින් පසුව සාමාන්‍ය සිරකරුවෙකුට මෙන් සලකනු ඇති බවයි.


අභියාචනා කලොත් දඩුවම පිලිබද සලකා බැලිය හැකියි-ගෝඨාභය කියයි

ෆොන්සේකා මහතාට ලබා දුන් දඩුවම මෙතරම් බරපතල වුයේ ෆොන්සේකා නිදහස් කරන මෙන් ජනාධිපත් තුමාට බල කරමින් රැගෙන ගිය උද්ගෝෂණ නිසාවෙන් යයි ආරක්ෂක ලේකම් කියා සිටිනවා. තවත් උද්ගෝෂණ කිරීමෙන් පලක් නොමැති බවත් අභියචනයක් ඉදිරිපත් කලහොත් දඩුවම පිළිබද නැවත සලක බැලිය හැකි බවත් එතුමා දිවයන පුවත්පතට ප්‍රකාශ කර තිබේ.



සරත් ෆොන්සේකා මහතාගේ සිර දඩුවම පිලිබද ඔබේ අදහසත් මෙතනින් දක්වන්න

 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    " එෆ් වාට්ටුවේ සිරකුටියේ මෙතෙක් පැවැති විදුලි පංකා දෙක සහ ඇද ඊයේ දිනයේදී ඉවත්කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහුට නිදාගන්න වනුයේ පැදුරක් මතය"

    meeka siraada ban ? :nerd:
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    " එෆ් වාට්ටුවේ සිරකුටියේ මෙතෙක් පැවැති විදුලි පංකා දෙක සහ ඇද ඊයේ දිනයේදී ඉවත්කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහුට නිදාගන්න වනුයේ පැදුරක් මතය"

    meeka siraada ban ? :nerd:


    yes machan, read this

    http://elakiri.com/forum/showthread.php?t=825877
     

    chamilasw

    Junior member
  • Oct 29, 2006
    393
    5
    18
    40
    Piliyandala
    neethiyak nam hemotama poduwenna one
    Ehenam anduwe enne hora yakku tikaki essellama heree yanna one
    Anika chodana hariyata oppukaralath nee
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    neethiyak nam hemotama poduwenna one
    Ehenam anduwe enne hora yakku tikaki essellama heree yanna one
    Anika chodana hariyata oppukaralath nee

    kata mewa kiyandada bung. ara kudu karayo, minimaruonta ada lankawa samawa dena ratak wela.. rata jathiya beragathu manusayawa hire dala.. onna ada ape singhala rate wena weda. asiyawe ascharya.. :rofl::rofl::rofl: