.: තරුවකට පෙම් කලෙමි :.

Status
Not open for further replies.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: තරුවකට පෙම් කලෙමි (Updated):.

    "චමත්කා සූරියබණ්ඩාර යනු තරුණ පරපුරේ නැගී එන ඉතා දක්ෂ රංගන ශිල්පිනියකි...මේ දිනවල තිරගත වන "ආදර මංසල" චිත්‍රපටයේ අති විශිෂ්ට රංගනය නිසා ඇයට තවත් චිත්‍රපට කිහිපයක් සඳහාම ඇරයුම් ලැබී අති බව අපිට දැනගන්නට ලැබුනා...ඉතින් මේ දක්ෂ හැඩකාර නවක නිළිය ගැන තවත් තොරතරු ඔබට වාර්තා කිරීමට රාජගිරියේ පිහිටි ඇයගේ නිවස වෙත අප ළඟාවූවා...."

    මචන් මෙකි නම් පට්ට කෑල්ල බන්...මට නම් පිස්සු හැදෙනවා මේකිගේ පික්ස් දැක්කම..උඹ දැක්කද අලුත් ෆොටෝ ෂූට් එක මේකිගේ..ඊකෙ ;) එකේ එකෙක් දාලා තිබ්බ ඊයේ..පට්ට මචන්...

    හ්ම්ම්...ලස්සනයි...මේ පත්තර වල ෆොටෝ හෙන චානේ බන් බලපං ඇස් හතරක් වෙලා..නිකන් හොල්මනක් වගේ...මුන්ට මේක කොලිටියට ප්‍රින්ට් කරන්න බැරි හැටි..මල පනිනවා මේවා දැක්කම..

    අයියෝ කව්ද බන් දැන් පත්තර බලන්නේ...ඔය අහම්බෙන් දැක්කොත් මිසක්...ඔය වගේ වැඩ වලට තමයි අපේ තාත්තා මට අසීමිත අන්තර්ජාලය අරන් දීල තියෙන්නේ..හි හි

    හික්ස්....අසීමිත ද අසම්මත ද?

    හරි බන් මොකක් උනාම මොකද වැඩේ කරගන්න පුලුවන්නම් එච්චරයි....

    එල එල ඔහොම යමන්...මේ මචෝ මේකිගේ පික්ස් ටික මටත් දාල දීපංකො පෙන් ඒකට..

    අහා උපාසකයත් ෆෝම් වෙලා වගේ...දීපං දීපං අපිම ඉන්න ඕනි ඉතින් උඹලට මේ වගේ ඒවා ප්‍රොමෝට් කරන්න..හිහ්

    මේ කතා බහ සිදුවන්නේ තවමත් උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකු වූ සංකල්ප සහ දිනුක අතරය...මොවුන් දෙදෙනා කුඩා කල සිටම ගජ මිතුරන් වන අතර මොවුන්ගේ නිවෙස්ද පිහිටා තිබුනේ සමීපයේය...සංකල්පගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු වන අතර මව පෞද්ගලික බැංකුවක උසස් නිලදාරිනයකි...දිනුකගේ මව්පියන්ද සේවය කරන්නේ සංකල්පගේ මව සේවය කරන බැන්කුවේමය..
    දිනුක සහ සංකල්ප යන දෙදෙනාම ඉගෙනීමට ඉතා දක්ෂ සිසුවන් වුනත් අනෙක් දක්ෂ සිසුවන් මෙන් තමා දක්ෂ බව පෙන්වීමට ඔවුන් අකමැත්තක් දක්වයි...එසේ වුවත් පාසල තුල ඔවුන් ඉතා ජනප්‍රිය වී ඇත්තේ මිතුරන් අතරේ හොඳ හිත දිනාගැනීමටත්,පාසලේ ඕනෑම වැඩකදී ඉදිරිපත් වී කටයුත් කිරීමටත් ඔවුන් පසුබට නොවන නිසායි...


    මචන් සංක අරකිගේ ෆිල්ම්ස් එහෙම නැද්ද උඹ ළඟ?

    පසුදින පාසලේ විවේක කාලය අතරතුරදී දිනුක මෙම ප්‍රශ්නය යොමු කරන්නේ ඉතා අකමැත්තෙන් තම කෑම පාර්සලය දෙස බලා සිටින සංකල්ප ගෙනි...

    අයියෝ බන් මේ වෙලාවේ ඒකි ගැන මතක් කරන්නත් එපා බන් බලපං මම කොච්චර අමාරුවෙන්ද මේ කෑම එක කන්න ට්‍රයි කරන්නේ..අපේ අම්මගේ අතින් හදපු කෑම එකක් කාපු කාලයක් මතක නෑ බන්...මේ වැඩට ඉන්න ගෑනි හදන ඒවා කන්න ගියාම කෑම එපා වෙනවා...

    සංකල්පගේ මව සහ පියා ඉතා කාර්යබහුල පුද්ගලයන් නිසා ඔවුන්ගේ නිවසේ ඉයුම් පිහුම් සහ අනෙකුත් වැඩ කටයුතු සඳහා වැඩකරුවන් යෙදවීමට සංකගේ පියා කටයුතු කර ඇත...

    හරි හරි..ඔන්න ඕක පැත්තකින් තියල මේකට සෙට් වෙයන්...එක නෙවෙයි බන් ඇත්තටම නැද්ද අරකිගේ ෆිල්ම්ස්?

    මේවා ඉතින් මගේම වැරදි තමයි...උඹට ඕක පෙන්නුවේ අපරාදේ....බලපං දැන් මේකිට මම විතරක් නෙවෙයි නේ ඉන්නේ...

    අනේ පල ගෙම්බෝ...ඕක උඹ දකින්න කලින් කී දෙනෙක් නම් සෙට් කරගෙන ඇත්ද..අනිත් එක උඹ වගේ ගස් ගෙම්බෙක්ට ඔය වගේ පට්ට කෑලි වැටුනොත්,අපි වගේ එවුන්ට යන කල දසාව මොකක්ද...

    අපොයි ඔව් උඹ නිකන් එන්රික් වගේ සෙක්සි කොල්ලනේ පට්ට කෑලි වැටෙන්න අනේ පල හිවලෝ...

    හරි හරි අපි දෙන්නම් සෙක්සි...දැන් හරිනේ...කෝ උඹ තාම අහපු ඒකට උත්තර දුන්නේ නෑනේ...

    අම්මේ මුට තියෙන උනන්දුව...හි හි...ඔව් ඉතින් මට අර අසම්මත අන්තර්ජාලය තියෙන හින්ද හොඳයි...නැත්නම් උඹල හොයයි සිංහල ෆිල්ම් මේන් කියල....බොහොම අමාරුවෙන් හොයාගත්ත එක ෆිල්ම් එකක් තියෙනවා හැබැයි උඹට නම් දෙන්නේ නෑ...

    අනේ කිරි පුතේ එහෙම නම් කරන්න එපෝ....මේ අසරණ කොල්ලට අනුකම්පා කරපංකෝ ...

    අපෝ ලජ්ජා නැද්ද බන් සාය කෑල්ලකට ඔච්චර බාල්දු වෙන්න...හිකිස්‌....... හරි හරි උඹට අනුකම්පා පිණිස දෙන්නම් එහෙනම් පෙන් එකත් අරන් වරෙන් හවසට...

    එල එල...එහෙනම් හවස සෙට් වෙමු..

    සුපුරුදු පරිදි විවේක කාලය අවසන් වී තවත් පැය කාලක් පමණ කතාබහේ යෙදුනු ඔවුන් හවස් කාලයේ මුණ ගැසීමට තීරණය කොට තම තමන්ගේ පන්ති දෙසට ගමන් ඇරඹීය....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)

    Comments: http://www.elakiri.com/forum/showthread.php?t=1378494

    Download PDF File: http://www.mediafire.com/?x5h9absvf7xr62e
     
    Last edited by a moderator:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ~ updated......(දෙවෙනි කොටස මෙන්න) ~


    අහ්හ් නැන්දේ සංක ඉන්නවද?

    පාසැල් විවේක කාලයේ කතා කරගත් පරිදි හවස් කාලයේ සංකගේ නිවසට පැමිණි දිනුක සංකගේ මව නිවසේ සිටිනු දැක එසේ විචාලේය..

    ආ මේ දිනුක පුතානේ....ඔන්න ඔය කාමරේට වැදිලා ඉන්නවා...ඉස්කෝලේ යනවා කියල යනවා,ඊට පස්සේ ඇවිත් කාමරේ‍ට වැදෙනවා...ආයිත් ඉතින් අපිව මතක් වෙන්නේ කන්න බොන්න ඕනි උනාමනේ පුතේ...

    සංකගේ මවගේ මෙවැනි කතා දිනුකට හොඳට පුරුදුය...මෙවැනි කතාවක් තමන්ගේ මව කියවනා විටදී සංක කරන්නේ හිනාවක් දමා එතනින් ලිස්සා යාමයි...

    අහ්හ් සෙක්සි වරෙන් වරෙන්...ඔන්න උඹේ කෑල්ලගේ තව පික්ස් ටිකක් හම්බ උනා...

    කාමරයට ඇතුළුවන දිනුක දුටු සංක සිනාසෙමින් කීවේය....

    උඹ නම් එල කොල්ලෙක් මචන්...අපි දෙන්නගේ වෙඩින් එකේ දෙවෙනි මනමාලයා පොස්ට් ඒක අනිවා උඹට තමයි සහෝ...

    මගුලක් කතා කරනවා...දෙනවනම් පලවෙනි පොස්ට් එකම දීපං...අපි සෙකන්ඩ් වෙන පොරවල් නෙවෙයි හරි...

    හරි හරි මේ කෝ ඉතින් පෙන්නපන්කෝ ඔය ගත්ත කිව්වා ඒවා ටික...

    මට හිතාගන්න පුළුවන් උඹ අද ඉස්කෝලේ ඉන්න ඇත්තේ කොහොම අමාරුවකින්ද කියල...ආ ඔන්න බලාගනින්...

    තමාගේ පරිගණකයේ තිබු චමත්කාගේ සියලුම චායාරූප සංක විසින් දිනුකට පෙන්වන ලදී ...

    අහිංසක ලස්සනක් බන් තියෙන්නේ...උඹ කියපු ඒක හරි බන් පිස්සු හැදෙනවා..

    පරිගණක තිරයේ දිස්වූ චායාරූප දෙස ඉතා උනන්දුවෙන් බලා සිටි දිනුක එය පැවසුවේ ඉතා අමුතු ස්වරයකිනි...

    බලාගෙන උඹ මොනිටර් ඒක ඇතුලට වැටෙයි ඔහොම බැලුවොත්...යකෝ ඕවට අයිති කාරයෝ ඕනි තරම් ඇති මෙලහකටත්...ඔන්න උඹ ඇක්ටරයෙක්ගේ හරි ඇමතියෙක්ගේ හරි පුතෙක් වත් වෙලා හිටිය නම් ඇත්තටම මට දෙවෙනි මනාලයා වෙන්න තිබ්බා...

    ඇයි බන් මේ වගේ ලස්සන නිලියෝ සල්ලි මත්තෙම නැහිලා ළගින් වත් තියන්න බැරි උනහපුලුවෝ එක්ක මගුල් කන්න යන්නේ...

    දිනුක පැවසූයේ ඉතා දුක්මුසු ස්වරයකිනි...

    එහෙම තමයි බන් ෆෙමස් වෙන්න වෙන්න ඔය වගේ නළු නිලියෝ සම්පූරනෙන්ම වෙනස් වෙනවා...තව ටික දවසකින් මෙකි උනත් බිකිනියක් ඇඳලා හැම එකම බාගෙට පෙන්නගෙන ෆොටෝ ෂූට් එකක් කරන්න බැරි නෑ...

    හ්ම්ම්...ඒ උනාට බන් මට හිතෙනවා මෙකි එහෙම කරන එකක් නෑ කියල...මෙකි ගමෙන් ආපු කෙල්ලක් කියල දාල තිබ්බේ...හොඳ වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක් වෙන්න ඇති බන්...

    හි හී...ඔව් ඔව් මචන් හැම එකම එන්න කලින් නම් වැදගත් තමයි...ඇවිල්ල ටික දවසක් ගියාම තමයි රෙදි ගැලවෙන්නේ....ඔය සුපිරි තරු ඒවගෙත් පෙන්නේ නැද්ද..මුලින් කෙල්ලෝ ඉන්න පිළිවෙලයි...සෙමි ෆයිනල්,ෆයිනල් එනකොට ඉන්න විදියයි....

    හ්ම්ම් එකත් ඇත්ත තමයි...මචන් ෆිල්ම් ඒක කොපි උනාද?

    අහ්හ් ඔව් ෆිල්ම් ඒක හරි එහෙනම් උඹ දැන් දෙය්යනේ කියල ගිහින් ඕක බලල එකිත් එක්ක මනෝ පාරක් ගහපං මට වද දෙන්නේ නැතුව...

    එල එල..මේ උඹ නිකන් ඉන්න එපා මේකිගේ අලුත් ෆිල්ම් එකත් පොඩ්ඩක් හොයල බලපං..උඹ ඕවට දස්සයනේ ඉතින්...

    ඔව් උඹේ රස වින්දනයට මම මේකේ ඇස් දෙක කඩාගෙන ෆිල්ම් සර්ච් කරන්න ඕනි...මට වෙන වැඩ නෑනේ...නිකන් හරි සෙට් උනොත් අපේ දිහාවත් බලන එකක් නෑ...

    හි හි අනිවා...උඹෙන් කෙල්ලව බේරගන්නත් එපැයි..හරි මචන් එහෙනම් ගොඩක් පින්...අපි එහෙනම් කැපෙනවා...හෙට සෙට් වෙමු.

    තම මිතුරාට සමුදුන් දිනුක නික්ම ගියේ සංකගෙන් ලබාගත් චිත්‍රපටය හැකි ඉක්මනින් නැරඹීමේ අදහසිනි



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: C$K

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ~ updated......(තුන්වෙනි කොටස මෙන්න) ~

    තම මිතුරාගෙන් ලබාගත් චිත්‍රපටයේ චමත්කාගේ විශිෂ්ට රංගනය දුටු දිනුකගේ සිත තුල ඇය පිලිබඳ උමතුවක් වැනි හැගීමක් ජනිත විය...තමන් බොහෝ මෙවැනි චිත්‍රපට බලා ඇතත් එම චිත්‍රපට වල නිලියන් කෙරෙහි මේ තරම් බැඳීමක් ඇති වී නැති බව ඔහුට හොඳින් මතකයේ ඇත..."මෙයා ගිය ආත්මේ මගේ කෙල්ලවත් වෙලා හිටියද දන්නේ නෑ" ඔහුට සිතුනු ඒ දෙයින් ඔහුගේ මුවගටම සිනා පහල විය...

    පුතා මොකද අද තනියම හිනා වෙන්නේ...?

    ඇඳෙහි වැතිරී මනෝ ලෝකයක සිටි දිනුක දුටු මව ඇසු විට දිනුක ගැස්සී ගියේය...

    මොකද ගෑනු ළමයෙක් වත් සෙට් උනාද?

    මව විසින් ඊළඟ ප්‍රශ්නයද ඒ මොහොතේම දිනුක වෙත යොමු කලේ සිනා මුසු මුහුණෙනි...

    ම්ම්..න් නැ අම්ම මේ ෆිල්ම් එකක් බැලුව ඒකෙ තිබ්බ කෑල්ලකට හිනා ගියේ...

    කලබල වූ ගතිය මැඩගත් දිනුක හිනාවක් දමමින් පැවසුවේය....

    හා හා එහෙනම් කමක් නෑ...මම මේ ආවේ පොඩි වැඩක් කියන්න...හෙට උදේ තාත්තා යනවා කිව්වා පොඩි වැඩකට බත්තරමුල්ලට...මටත් හෙට ටවුන් ඒකට යන්න ඕනි...එක නිසා තාත්තව බත්තරමුල්ලෙන් දාල කාර් එක අරන් එන්න පුළුවන් නේද..හෙට උදේ ක්ලාස් මුකුත් නෑනේ?

    අහ්හ් හෙට සෙනසුරාදා නේද...ඔව් එහෙනම් උදේ ක්ලාස් නෑ..හරි මම යන්නම්...

    හරි එහෙනම් අද ටිකක් කලින් නිදාගන්න හෙට ටිකක් උදෙන් නැගිටින්න වෙයි...තාත්ත කිව්වා ටිකක් උදෙන් යන්න ඕනි කියල...

    දිනුකගේ මව එසේ පැවසුවේ සෙනසුරාදා දවසේ තම පුතාගේ කාල සටහන හොඳින් දන්නා නිසාය..

    ඔය දෑසින් පවසන්න....
    ඔබ මාගෙමයි කියලා....
    ඔබ හා සැමදා ඉන්න...
    මට අවසර දෙන්න.....


    මේ ගීතය තමන්ගේ ජංගම දුරකතනයේ රිං ටෝනය ලෙස සටහන් කලේ මේ දිනවල තම සිතේ ලැගුම් ගෙන සිටින චමත්කා නමැති රුව සිහියට නගාගෙන බව ඔහුට මතක් වුයේ දුරකතනය නාද වනවිටය...

    අහ්හ් ලොක්කා...

    තමාගේ දුරකතනයේ සංකගේ නමින් දුරකථන ඇමතුම එනු දුටු දිනුක පිළිතුරු දුන්නේය..

    අහ්හ් සෙක්සි...චමත්කා හොදින් ඉන්නවද?

    එයා නම් හොදින් ඇති බන්...මම තමයි මෙහෙ පිස්සුවෙන් ඉන්නේ...

    අඩේ උඹට පිස්සු හැදුනද....ඉදපන් මම දැන්ම දැනුම් දෙන්නම් අංගොඩට...

    මට ඉස්සෙල්ල උඹ ගිහින් වරෙන්...උඹ තමයි හොඳට හිටපු පොඩි එකාගේ ඔලුවට ඔය පිස්සුව දැම්මේ...

    අපි නොදන්න මොනරතැන්න කිව්වලු...අනේ බොල උඹේ කොහෙද පොඩි කියපං බලන්න....

    ඇයි ලොකු කරලා දෙන්නද අහන්නේ...හික්ස්..හරි හරි මොකද කෝල් කරේ කියපං...

    මචං හෙට පොඩි ෆන් එකක් ගන්න පුළුවන් ටිරාගේ ;) ගෙදරට සෙට් උනොත්...මිනිහ විතරලු හෙට උදේ ගෙදර ඉතින් අර ඇරියස් වෙච්ච් පාටියකුත් තියෙනවනේ උගේ...ඔක්කොම කවර් කරගන්න පුළුවන්...මොකද කියන්නේ ලොක්ක?

    ෂඃ මාර සීන් කෝන් ඒකනේ බන්...හෙට උදේ මට කාර් එක ගෙනියන්න වෙලා තියෙනවා තාත්තව බත්තරමුල්ලට දාල එන්න..උඹ ටිකක් කලින් ඕක කිව්වනම් හරි...මම මේ දැන් ටිකකට කලින් වැඩේට හා කිව්වේ...

    නිරපරාදේ....එහෙනම් ඉතින් පැනගන්න අමාරු වෙයි නේ...අවුලක් නෑ..මමත් උදේ ඇහැරුනොත් තමයි යන්න හිතන් ඉන්නේ...බලමු

    එහෙනම් ඉතින් උඹ හෙට යන්නේ නෑ ඕකට...මම දන්නේ නැද්ද උඹේ හැටි...උඹ හෙට හවස පන්තියට පැයක් කලින් නේ නැගිටින්නේ සාමන්යෙන්..හිහ්

    ඒකනේ බන්...උඹත් එන්නේ නැත්නම් මටත් කම්මැලි...බලමු පාටිය කල් දාගන්න...හැබැයි කල් දාල ඔකගෙන් ආයි පාටි ගන්නවා බොරු...

    අවුලක් නෑ බන් වෙන දවසක කොහොම හරි ඕකව අල්ලගමු.....

    එල එල එහෙනම් අපි අත ඇරියා...ටටා බායි

    ඕකේ මචා බායි...

    තම මිතුරාට සමු දුන් දිනුක නැවතත් තමාගේ මනෝ ලෝකය වෙත අවතීර්ණ විය....

    පසුදා පාන්දරින්ම පිබිදුනු දිනුක තම මව සොයා ගියේ තමන් ඊයේ බාරගත් කාර්යයේ කිසියම් වෙනසක්වත් සිදුවී ඇත්දැයි බැලීමේ අරමුණද ඇතිවය...

    අම්මේ...කෝ තාත්තා යනවා කිව්වද?

    ඔව් පුතා ඔන්න තාත්තත් ලැස්ති වෙනවා...පුතත් ලෑස්තිවෙන්න...ආ තේක...

    කිසිදු වෙනසක් සිදුවී නැති බව දැනගත්විට පොඩි පසුතවිල්ලක්ද ඔහුගේ සිතට දැනුනේ,සෙනසුරාදා දිනයේ තම නින්ද අහිමි වන නිසාත්,ඊටත් වඩා ඊයේ සංක විසින් දැනුම් දුන් තම මිතුරාගේ සාදය මගහැරෙන් නිසාත්ය...

    කෝ පුතා ලැස්ති වෙලා ආවද..?

    දිනුකගේ පියා තම බිරිය ඇමතීය....

    ඔව් අන්න වාහනෙත් එළියට ගත්තා...උදේ පාන්දරම නැගිටලා හිටිය අද...

    පව් වැඩේ පුතා අද ටිකක් දවල් වෙනකන් නිදියන දවස නේද...

    ඒකට කමක් නෑ...ඉඳල හිටලානේ ඔහොම ගමනක් වැටෙන්නේ...

    හරි එහෙනම් මම ගිහින් එන්නම්...

    පරිස්සමෙන් ගිහින් එන්න...බුදුසරණයි!

    කෙතරම් කාර්ය බහුල දිවියක් ගත කලද මොවුන් දෙදෙනා ඉතා සමගියෙන් වැඩ කටයුතු කරන දෙපලකි...තම දරුවාට ඉතා හොඳ ආදර්ශමත් මව්පියන් වීමට ඔවුන් දෙදෙනා සමත් වී ඇත්තේ ඒ නිසාවෙනි...

    පුතා ඔන්න ඔතනින් වමට හරවන්න...

    බත්තරමුල්ල නගරයට ආසන්නදී දිනුකගේ පියා විසින් අතුරු පාරක් වෙත අත දිගු කළේය...

    හරි ඔන්න ඔතනින් නවත්තන්න...එහනම් පුතා වාහනේ පරිස්සමින් අරන් යන්න...ටවුන් ඒකෙ යනකොට එහෙම කල්පනාවෙන්...

    හරි තාත්තේ...තාත්තා එන්නේ කොහොමද ? වැඩේ ඉවර වෙන්නේ කීයටද?

    මම බස් ඒකෙ එන්නම් පුතා...මේක ඉවර වෙලා මට පොඩ්ඩක් බැංකුවටත් යන්න තියෙනවා ...

    තමාගේ පියාටත් වඩා කල්පනාවෙන් තම මෝටර් රථය පදවන නිසා මෙවැනි ගමනක් යන සෑම අවස්ථාවකම රථය පැදවීමට ලැබෙන්නේ දිනුකටය...

    තම පියාව බැස්සවීමෙන් පසු වහනය හරවාගත් ඔහු අතුරු මාවත දිගේ පැමිණ ප්‍රදාන මාර්ගයට සේන්දු වී තම නිවෙස් වෙත ගමන් ඇරඹීය...බත්තරමුල්ල පසු කොට රාජගිරිය ආසන්නයට පැමිණි ඔහු දුටු දසුනින් ඔහු කලබලයට පත්විය...චමත්කා නම් වූ ඔහුගේ හද බැඳී නිළිය ඔහුගේ රථය පසු කොට දිවයනු දිස්වීම මීට හේතුවයි...ඇය ව්‍යායාම් කිරීම සඳහා මෙම ස්ථානයට පැමිණෙන බව ඔහුට සිතාගත හැකිවිය....තවත් කෙටි දුරක් තම රථයට යාමට දී රථය නවතා ගත් ඔහු...පැති කන්නාඩියෙන් තම මනසේ පැලපදියන් වී සිටින ඒ අපූරු රුව කිසිදු බාදාවකින් තොරව දැකගත්තේය...තවත් මොහොතක් ඇය දෙස බලාසිටි ඔහු රථය නැවත ඉදිරියට පදවනු ලැබුවේ ඇය නැවත හැරී එනු දුටු නිසාය....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)



    මුල් පිටුවේ එඩිට් කිරීමට හැක්කේ දෙසැරයක් පමණක් බැවින් මෙසේ දැමීමට සිදුවිය....:(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 4 :.


    ~ updated......(හතරවෙනි කොටස මෙන්න) ~



    රාජගිරියේදී දිනුකගේ සිතේ සටහන් වූ චමත්කගේ රූප පෙළ කෙමෙන් මැකී ගොස් පියවි සිහියට පැමිණෙද්දී ඔහු තමාගේ නිවසට හැරෙන අතුරු පාර පසු කොට තවත් ටික දුරක් රථය පදවා තිබිණි...

    "ෂෙහ්...කවදාවත් උනේ නැති වැඩක් නේ මේක..." දිනුක තමන්ටම කියාගත්තේ රථය නැවත හරවගන්නා අතරතුරෙදීය

    තම නිවසට පැමිණි විගසම කාමරයට වැදගත් ඔහු රාජගිරියේ සිදුවීම් පෙළ නැවතත් නැරබීමට මනෝ ලෝකයට පිවිසගත්තේය...

    මචන් සංක මාර වැඩක් උනානේ බන් අද....

    සවස් යාමයේ පැවැත්වෙන අමතර පන්තියේදී දිනුක ඔහුට රාජගිරියේදී සිදුවූ සිදුවීම සංකට පැවසීමට මුල පිරීය...

    මොකද...උඹ අර ෆිල්ම් එක එබීගෙන බල බල ඉඳිද්දී අරකි මොනිටර් එකෙන් එලියට ඇවිත් කනේ පාරක්වත් ගැහුවද...? හිහ්

    ජෝක් නෙවෙයි බන් අද මම ඒකිව හැබැහින්ම දැකගත්තා...අඩෝ මේකප් නැතුවත් පට්ට බන්...

    නෑ...පිස්සු හැදෙයි කිව්වලු...දැන් උඹ පුලුවන්නම් කියපං මම ෆෝන් එක ගෙනිච්චේ නෑ කියල ඒ වෙලේ...

    මොන ෆෝන් ද බන් ෆොටෝ ගන්න තරම් සිහියක් තිබ්බේ නෑ මට...කාර් එක නැවැත්තුව, දුවන හැටි බලන් හිටිය සයිඩ් මිරර් එකෙන්...

    ඔන්න බලපං ඉතින් බොලා තනියෙන් බුදුවෙන්නනේ බලන්නේ...උඹට නිකමටවත් ඕකිව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නේ කව්ද කියලවත් මතක් උනේ නෑ නේද ඒ වෙලේ...බොලාට ඕව පෙන්නලා ෆෝම් කරනවට අපිට තලන්න ඕනි...

    උඹ මේ විකාර කියවනවා...මට එන ගමන් ගෙදරට හරවන පාරත් මතක නැති උනා ඒ සීන් කෝන් එකෙන් පස්සේ...

    පුහ්හ්...චමත්කා උඹේ ඔලුවට ගහලා මචන්...අනිත් දවසේ උඹ ඔය පැත්තෙන් යනකොට මාවත් දාන් පලයන් අපි සහයෝගෙන් කොයිල් වෙමු...

    මචන් සිරාවටම අපි හෙටත් පොඩි රව්මක් යමුද උදේට..? මට ආයිත් දකින්න ආසයි බන් ඒ සීන් එක...උඹටත් බලාගන්න පුළුවන්නේ...මොකෝ කියන්නේ?

    උඹ වගේම කොයිලෙක් උඹේ ෆ්‍රෙඩා වෙලා ඉන්න නිසා අදහස අනුමත කරා කියමුකෝ,ඒත් උඹ හිතනවද ඒකි හැමදාම උඹට පෙන්න ඔතන එක්ස්යිස් කරයි කියල...නිකන් පැට්‍රොල් පුච්චන් එන්න වෙයිද දන්නේ නෑ...

    අවුලක් නෑ හෙට කොයි එකටත් ගිහින් බලමුකෝ...කාර් එක නම් ගන්න ලැබෙන එකක් නෑ ...බස් රථයේ පිහිට තමයි කොල්ලෝ...මොන කට්ට කෑවත් උඹ එනවා නේද..?

    කටු කන එක අපිට අලුත් දෙයක්ද බන්...ඔන්න ඔහේ යමන් බලන්න...

    උඹ වගේ ෆ්‍රෙඩාල ඉන්න එක ලොකු හයියක් මචන්....එහෙනම් හෙට උදේම නැගිටපන් මතක ඇතුව...කොයි එකටත් මම රිංග් එකක් දෙන්නම් උඹට...උඹව ෂුවර් නෑ

    ඔන්න ඔය උදේ ඇහරියන් කියන වචනේ තමයි මම අහන්න අකමැතිම වචනේ බන්....මොනා කරන්නද ඉතින් උඹට හෙට තනියම යන්න දෙන්නත් බෑනේ...උඹ හෙට ඕකිව දැකල ඇදගෙන වත් වැටුනොත් මම ඉන්න එපැයි උඹේ හෙල්ප් ඒකට...

    අපොයි ඔව් වෙන්නම ඇති...නිකන් හරි එහෙම උනොත් බලාගන්න පුළුවන් කොල්ල මොකද කොරන්නේ කියල....පිස්සු බව්වෙක් ;) වගේ අරකිගේ පස්සෙන් දුවන්න යයි මාවත් දාල...

    මට එච්චර අහේනියක් නෑ යකෝ...හරි හරි බලමුකෝ හෙට අපේ දිනුක උපාසකය මොනාද කරන්නේ කියල කෙල්ල දැක්කම...

    හරි හරි දැන් යමන් හෝල්ට් ඒකට...සෝමේ ;) ගේ බස් එක අල්ලගන්න බැරි උනොත් නිකන් කටු කන්න වෙන්නේ...

    "සෝමරත්න ට්‍රැවල්ස්" යනු දිනුක සහ සංක දිනපතා ගමන් කරන බස් රථයයි....බොහෝ කාලයක් තිස්සේ මෙම බස් රථයේ ගමන්කිරීම නිසා මෙහි රියදුරු මහතා වන සෝමේ අයියා සහ කොන්දොස්තර මහතා ලෙස හඳුන්වන විමලේ ;) අයියා මොවුන්ගේ ගජ මිතුරන් බවට පත්වී ඇත...එම නිසාම ඔවුන්ගෙන් ගාස්තුවක් අයකරන්නේද නැත...නොමිලේ යන්නට ලැබීමටත් වඩා ඔවුන් මෙම බස් රියට ගොඩවන්නේ ඔවුන්ට කොහෙන් හෝ මුල්ලකින් බස් රථයේ ඉඩක් ලැබෙන නිසාය...නැතිනම් මෙවැනි කාර්යබහුල වෙලාවක මෙම බස් රථයේ ගමන් කිරීමට ඉඩක් සොයාගැනීම ඉතා අපහසු කටයුත්තකි...

    වයි දිස් කොලවෙරි කොලවෙරි කොලවෙරි ඩී....:cool:

    මේ දිනවල බොහෝ ජනප්‍රිය වී ඇති දනුෂ් නමැති දමිල චිත්‍රපට නළුවකු ගායනා කරන මෙම ගීතය තමාගේ රිංග් ටෝනය ලෙස දැමීමට සංක පෙලබුනේ එහි ඇති හාස්‍ය රසය ඔහුගේ සිත්ගත් නිසාවෙනි...

    අඩෝ ගෝතයා...මොකද බන් මෙච්චර උදෙන් රිංග් කරේ....

    සංක පිළිතුරු දුන්නේ ඇඳේ නිදා සිටි අයුරින්මය...

    ඇයි බොල උඹට අමතකද අපේ අද මිශන් එක...?

    මිශන් ඉම්පොසිබල් ම තමයි...මොකක්ද බන් ටිකක් නිදියගෙන දවල් වෙලා යමන්කෝ...

    පිස්සුද යකෝ...දවල් ගිහින් ඒකිත් එක්ක ලන්ච් ගන්නද...පිස්සු දොඩවන් නැතුව ලේස්ති වෙලා එලියට බැහැපන්...දැන්ම ගියොත් කොහොම හරි ඒකිව අල්ලගන්න පුළුවන්...

    අල්ලගන්න...අල්ලගන්න නෙවෙයි දුවන්න වෙන්නේ ඒකිගේ කොල්ල එහෙම හිටියොත්...

    උඹට ඒ පැහිච්ච කම් වලින් වැඩක් නෑනේ උඹ ලේස්ති වෙලා එළියට වරෙන් ඔය මූසල නිදිමත පැත්තකින් තියල...

    හොඳා හොඳා උඹ කියන දෙයක් තමයි ඉතින්...

    අද උදෑසන විශේෂ පන්තියක් දමා ඇතැයි තම මවට පැවසු දිනුක සංකද සමග උදෑසනින්ම 177 බස් රියට ගොඩවූයේ පෙර දින රාජගිරියේදී දුටු ඒ සිත්ගත් රුව අද දිනයේද ඒ අයුරින්ම දැකගැනීමේ තද බල ආශාවක් හිතේ තබාගෙනය...

    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 5 :.

    ~ updated......(පස්වෙනි කොටස මෙන්න) ~


    අයියෝ නින්ද....

    ඕනෑවටත් වඩා ශබ්ද නගා ඈනුමක් අරිමින් සංක එසේ කීවේ බස් රථයේ ඔවුන් ගමන් කල අසුනට පිටුපසින් සිටි යුවතියන් දෙදෙනාටද ඇසෙන පරිද්දෙනි...

    යකෝ මේ ගෙදර නෙවෙයි...ටිකක් ඩීසන්ට් විදියට ඉන්න බලපං...පිටිපස්සේ කෑලි දෙකකුත් මීටර් කරනවා අපිව...

    මගේ සෙන්ටිමීටරේට ඒ මීටරේ වැදිච්ච නිසා තමයි යකෝ ටිකක් හයියෙන් කතා කරේ...අනිත් එක බන් හොටේ හොට් නිලියක් පස්සේ යන්න හදන්නේ උඹනේ මම නෙවෙයි නේ ඒක නිසා උඹ උඹේ ඩීසන්ට් ඒක තියාගනින්...අපිට මේ හොටු කෙල්ලෝ හොඳයි..

    අඩේ බන් මම මේ නටන්නේ පිස්සුවක් නේද සිරාවට...

    ඇති යන්තම් ගොනාට වගේ මීටර් උනා...මොනා කරන්නද බන්...වයසේ වැරැද්දනේ ඒක නිසා අවුලක් නෑ...මොකෝ ඕවා සිරාවට කරන ඒවාද නෑනේ...හුදෙක් ෆන් ඒක උදෙසා පමනිනේ...

    හ්ම්ම්ම්...අනේ මන්ද බන්...මට මේකිව හැමවෙලේම මැවිලා පේනවා....මෙච්චර හිතට වැදිලා නෑ බන් කිසිම කෙල්ලෙක්ව...

    ඉතින් ගොනෝ උඹ හැමවෙලේම මේකිගේ පික් ඒක දිහාම ඇසිපිය නොහෙලා බලන් ඉන්න ගියාම එහෙම වෙන ඒක සාදාරණ නැද්ද...මම හිතන්නේ ෆිල්ම් ඒකත් දැන් අඩුම ගානේ හතර පස් සැරයක්වත් බලල ඇති...එකට නම් අවුලක් නෑ මොකද මාත් දෙසැරයක් බැලුව..හි හී

    හිහ්..උඹ මට බණ කිව්වට උඹත් ටිකක් විතර පිස්සු වැටිලා ඉන්නේ නේද...

    ඔහොම තමයි බන්...සමහර නිලියෝ දැක්කම ඔහොම සීන් යනවා...කාලයක් ශලිනිට ඔහොම පිස්සුවෙන් හිටිය මම...ඊට පස්සේ නෙහාරව හිට් උනා...ඔහොම ඔහොම කාලෙන් කාලෙට ඒක ඒක ඒවා හිට් වෙන්න ගන්නවා...

    මාත් නෙහාරට හෙන ආසයි බන්...දරුකමට හදාගන්න හිතෙනවා හරි හුරතල්...

    හික්ස්...මරු කතාව...මෙහෙම කරපං උඹ ඔය කෙල්ල බැඳලා නෙහාරව ගනින් දරුකමට හදාගන්න එතකොට ඔක්කොම හරිනේ...

    අනේ පල...මේකිව බැඳගන්න පුළුවන් උනොත්...ඉතුරු වැඩ ටික කරගන්න හැටි උඹ කියන්න ඕනි නෑ මට...

    අහ්හ් ඇත්තද...මම හිතුව ඒ ටිකත් මටම පෙන්නන වෙයි කියල...

    කයිය ගැහුවා ඇති ඉස්සරහට යමන් පොට් එකට ඇවිත් තියෙන්නේ....

    යන්නං නංගි...

    මනමාල හිනාවක් දැමු සංක පිටුපස සිටි ගැහැණු ළමුන් දෙදෙනාට එසේ පවසා බස් රථයේ ඉදිරියට ගියේ දිනුක පෙන්වූ ස්ථානයේ බැසගැනීමටය...

    ඔන්න උඹේ පොට් එකට නම් ආව...කෝ තාම උඹේ හිච් එක නම් පෙන්න නෑ...

    ඉවසපන් කොල්ලෝ ඉවසපන්...හොඳ දේවල් එහෙම එක සැරේට ලැබෙන් නෑනේ...

    අප්පා ඔව් හොඳ ඒවා ලැබෙන්න ගත්තම නවත්තගන්න බැරිවෙයිද දන්නෙත් නෑ...

    එහෙම නෙවෙයි මෙහෙම හිතපන් ඔන්‍න‍ එකී අද එනකොට ඒකිගේ නංගිවත් එක්කන් එනවා ව්‍යායාම් කරන්න...එතකොට අක්ක මගේ නංගි උඹේ...ධනාත්මකව හිතපංකෝ..

    මචන් ඒක මෙහෙම වෙන්නත් බැරිද...එකී එනකොට ඒකිගේ අයියත් එනවා එකිත් එක්ක...ඔන්න එතකොට නම් කොල්ලෝ නංගිවයි අයියවයි දෙන්නවම උඹේ...මම නම් හොයන්න නැති වෙයි...

    අනේ ගොනෝ ඒකිට අයියල නෑ...ඉන්නේ ඒකම ඒක නංගියෙක්...ඒකත් ළඟදීම එනවලු පුංචි තිරයට...

    අඩෝ උඹ කොහොමද මමවත් දන්නේ නැති ඒව දන්නේ..?

    එකනේ බොලාට නෙට් තිබිලත් ඕව දන්නේ නෑනේ....අපි කෑම ඔතන පත්තර කෑලි වලත් ඕව තියෙනවා...

    ඔව් අපිට ඔච්චරම පිස්සුවකුත් නෑනේ දමාගෙන ඔකුන්ගේ විස්තර හොයන්න තරම්...

    ඒ මචන් ඉස්සරහ බලපං....

    මෙතෙක් වෙලා කරමින් තිබුණු කතා බහ එක්වරම නැවැත්වූ දිනුක ඈතින් මතු වූ චම්ත්කාගේ රුව සංකට පෙන්වුයේය...

    පිස්සු හැදෙයි කිව්වලු...පට්ට ෆිගර් ඒක මචන්...දැන් මොකද අපි කරන්නේ...මේකිත් එක්කම දුවමුද...?

    පිස්සුද යකෝ...නිකන් චා වෙන්න ඕනි නෑ...අපි නෝමල් ඉඳල එකී ආවම පොඩ්ඩක් චැට් එකට අල්ලගන්න බලමු...

    නෝමල් ඉන්නේ කොහොමද බන් මෙහෙම බම්ප් වේවි දුවන් එනකොට...

    යකෝ වැඩිය ඒ පැත්තම බලන්න එපා කන්න වගේ...අපෝ උඹ නම්...

    කෙමෙන් කෙමෙන් ඔවුන් වෙත ළඟාවූ චමත්කා ඇයගේ සුපුරුදු සිත් ඇදගන්නා සුළු සිනාව ඔවුන්ට පුද කොට ඔවුන් පසු කරමින් ඉදිරියට ඇදුනි...

    ම් මචන් අපි ඒකිට කතා කරන්න නේද හිටියේ....

    මෙතෙක් වෙලා ඇයගේ සිනාවට සමවැදී සිටි සංක හඬ අවදි කලේ හදිසියේ යමක් මතක් වූ හෙයිනි...

    කොහේ කතා කරන්නද බන් අරවගේ පිස්සු හැදෙන හිනාවක් දැම්මම..මෙමරි ඔක්කොම ක්ලියර් වෙනවනේ බන්...

    ඒක නම් ලොවෙත් ඇත්ත බන්...දැන් ඉතින් මිශන් ඒක ඉවරද එතකොට..?

    යකෝ උඹ මගෙන්ම හැම ඒකම අහන්නේ...මොකක් හරි අයිඩියා එකක් දීපංකො...මම කොයිල් වෙලා ඉන්නේ...

    එහෙනම් මචං අපි පොඩි ඇක්ට් එකක් කරමුද...?

    අනේ මේ ගොන් අයිඩියා දීල මාව තවත් කොයිල් කරන්නේ නැතුව ඉදපං...

    ගොන්ද නැද්ද කියල තීරණය කරන්න ඉස්සෙල්ල අහල ඉදපංකෝ...

    හා කියපන්කො බලන්න එහෙනං....

    සංක තමන්ට එවෙලේ පහල වූ ගණදෙවි නුවන යොදාගෙන සකස් කරගත් අදහස දිනුකට මෙසේ පැවසීය...

    එකී අපහු මේ පැත්තට එනකොට අපි මෙහෙම කියමු...අපි මියුසික් වීඩියෝ එකක් කරන්න ඉන්නේ ...මේ දවස් වල ඔයා ගොඩක් ජනප්‍රිය නිසා ඔයාව ඒකට ගන්න කැමැත්තෙන් ඉන්නවා...ඔයාව මෙතනදී හම්බ වෙන්න පුළුවන් කියල දැනගත්ත නිසා අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න ආවේ කියල පොඩි මරිසියක් දෙමු...මොකද කියන්නේ...ඕනිනම් මම වැඩේ පටන් ගන්නම්...උඹ ඇදගෙන පලයන්...

    අදහස නරකමත් නෑ වගේ...ඔවු ආපු එකේ මොනා හරි කතා කරා කියලවත් සතුටු වෙන්න පුළුවන්නේ...එහෙනං උඹ වැඩේ ස්ටාට් කරපංකෝ...හැබැයි පුතෝ ඇක්ටින්ග් එලටම තියෙන්න ඕනි හරිද සෙල්ලම් නෑ නිලියෙක් එක්ක අපි මේ පිස්සු කෙලින්නේ...

    හරි හරි බන් මෙහෙම හිටියට අපිත් හොඳ නළුවෝ තමයි...බලමුකෝ මෙයා මොකද කියන්නේ කියල...

    දෙදෙනා ඒකමතිකව සම්මත කරගත් අදහසට අනුව ක්‍රියාකිරීමේ අරමුණින් ඔවුන් තව දුරටත් එහි රැඳුනේ ඇය නැවත ඔවුන් අසලට පැමිණෙන තුරුය....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 6 :.

    ~ updated......(හයවෙනි කොටස මෙන්න) ~

    මට පේන දේ උඹටත් පේනවා නේද සහෝ..? දැන් මොකද කරන්නේ අපි දුෂ්ටයාටත් මියුසික් වීඩියෝ එකේ මොකක් හරි කොටසක් දෙනවද..?

    චමත්කා ව්‍යායාම කරමින් සිටි තැනින් නැවැත්වූ ඉතා සුපිරි ගනයේ මෝටර් රථයකින් බැසගත් කඩවසම් පුද්ගලයා දුටු සංක බලාපොරොත්තු සුන්වූ ලෙසින් දිනුක දෙස බැලීය...

    මදැයි තරුවක් අල්ලන්න ගියා...මේ දුෂ්ටයවයි මාවයි දාපන් ගහගන්න සීන් එකකට...මට මූට දෙන්න පුළුවන් මැරිලා වැටෙනකන්...

    කොයි එකටත් මම උඹට ගන් එකකුත් දීල තියන්නම්...මොකද පෙනීගෙන යන විදියට දුෂ්ටයා නම් ලොකු පොරක් කොල්ලෝ...

    ඔව් දීපන් අර ආර්නෝල්ඩ් කාරයා ප්රේඩේටර් එකේ කැලයක් ෆ්ලැට් කරන සීන් එකේ තියෙනවා වගේ ගන් එකක්...

    ඒක නෙවෙයි...දැන් මොකක්ද අපි මේකට ගන්න ක්‍රියාමාර්ගය..? මට නම් හිතෙන්නේ මචෝ මෙතනින් මාරු වෙන ඒක ඇඟට ගුණයි කියල...උඹේ ඔය ගොන් මොලේට එහෙම හිතෙන් නැද්ද..?

    ඔව් මචන් ඒක තමයි දැන් කරන්න තියෙන්නේ...යමන් යන්න...හැබැයි මේක මෙතනින් ඉවර නෑ..අපි ආයෙත් එමු...හැමදාම ඔය දුෂ්ටයා සෙට් වෙන එකක් නෑනේ බන්....අහම්බෙන් දැකල නැවැත්තුව වගේ නේ උනේ...බලමුකෝ

    තවමත් බලාපොරොත්තු අත්හැර නැති බවක් දිනුකගේ මුහුණින් දිස්විය...

    ඔව් ඔව් එමු දිගටම එමු...පොදු පරීක්ෂනයටවත් මෙකි ගැන ප්‍රශ්නයක් ආවොත් නේද...එකට හරි ලකුණක් ෂුවර් නේ ඉතින් අවුලක් නෑ...

    උඹ කියන කතාව හරි බන් ඒ උනාට මට නම් දැන් ඒවා ගැන හිතෙන්නෙත් නෑ...උඹ කිව්වා වගේ මෙකි මගේ ඔලුවට ගහලද කොහෙද බන්...මගේ මේ පිස්සු වැඩ නිසා උඹ නිකන් කෙලවගන්න ඕනි නෑ මම අනිත් දවසේ තනියෙම එනවා...උඹ වැඩක් කරගනින්..

    උඹට හතරවරන්ද යකෝ..? නිකන් ෆන් එකට මේ වගේ පිස්සු කෙළියට කමක් නෑ...සිරා ගන්න නම් යන්න එපා පුතෝ...ඕව සදා සොත්ති වෙන කේස් මචන්...

    ඔව් බන් මම දන්නවා ඒක...ඒත් අනේ මන්ද....බලපං අද දාපු හිනාව...මට නම් ඒ හිනාව හරි පුරුදුයි වගේ දැනුන බන්...ගිය ආත්මේ ලව් කේස් එකක්වත්ද දන්නේ නෑ...

    මගුලක් කතා කරනවා...ඔය ගිය ආත්මවල කේස් කිකිය ෆිල්ම්ස් වල වගේ රඟන්න බෑ බන් හැබෑ ජීවිතේ...ගිය ආත්මේ ඔය හිනාව දැකලා අර ඇඩ් වල වගේ උඹ කණුවක වැදිලා වැටෙන්න ඇති...ඊට‍ පස්සේ දෙන්න සෙට් වෙන්න ඇති...ඒ කියල උඹ මේ ආත්මේත් ඒ වගේ කණුවක් වැදිලා වැටුන කියල ඒකිව සෙට් වෙයිද...? අන්තිමේදී උඹ වැටෙයි එකී පස්සෙනුත් හිනා වෙලා යයි....ඔය මනෝ ලෝකෙන් මිදිලා මේ ලෝකෙට වරෙන්...

    උඹ කියපු කතාවත් හරි ඒත් මචන් මම හිතන විදියට ගිය ආත්මෙක එහෙම ලොකු බැදීමක් තිබ්බ නම් අන්න ඒ අය මේ ආත්මෙදි එකතු උනාම තමයි එලටම සෙට් වෙන්නේ...ඔය පෙන්නේ නැද්ද සමහරු බැඳලා ටිකක් කල් ගියාම අර මිස්ටර් ඇන්ඩ් මිසිස්‌ ස්මිත් ෆිල්ම් එකේ වගේ මරාගන්න හැටි...එහෙම නැතුව මරෙනකන්ම එලකිරිවගේ ඉන්න ජෝඩුත් ඉන්නවනේ..අන්න ඒ ගොල්ලෝ තමයි ගිය ආත්මෙත් ලොකු බැඳීමක් තිබිච්ච අය...

    උඹ දැන් හෙන ටෝක්ස් නේ බන් දෙන්නේ...හරි දැන් උඹ ඔය නිලි කෑල්ලත් එක්ක මොකද කරන්නේ යන්නේ කියපං බලන්න...ඒකිව අරන් පැනල යන්නද...උඹ ගිහින් පැනල යන් බබා කිව්වම,"අපේ ගිය ආත්මේ ෆිට් එකේ නාමයෙන් පැනල යන් දෙයියෝ" කියාගෙන එකී එයි කියලද උඹ ඔය කියන්නේ..?

    ගිය ආත්මේ ෆිට් ඒක එහෙම මතක තියෙනවනම් මොනා කරන්න බැරිද බන්...එහෙම මෝඩ ආතල් නෙමෙයි...මගේ හිතේ තියෙනවා හෙන පිස්සු අයිඩියා එකක්...ඒක දැන් ගොඩක් දවස් තිස්සේ ඉඳං මම ප්ලෑන් කරන්නේ...හැබැයි වැඩේ කෙල උනොත් නම් මොනාගෙන් මොනා වෙයිද දන්නේ නෑ මචෝ...හැබැයි අයිඩියා ඒක වැඩ කරොත් නම් ආයි දෙකක් නෑ උඹට දෙවෙනි මනමාලයා පොස්ට් ඒක ෂුවර්...

    උඹ ඔය උඩින් පල්ලෙන් කියපු විදියටම මට දැනුන නිකන් ලෝක විනාසෙට කලින් දවසේ දැනෙනවා වගේ මාර ෆන් එකක්....මචන් මම නම් කියන්නේ ඔය පිස්සුවට ඩොට් ඒක තියල පුරුදු විදියට ෆන් එකේ ඉමු කියල....ඇයි යකෝ අච්චර කෑලි ඉන්නවා ක්ලාස් වල...උඹට බැරි උනාද ඔය ගිය ආත්මේ ෆිට් එක එයින් එකක් කරගන්න...අර බෙන්ස් බී එම් ඩබ්ලිව් එකක් සෙට් කරගත්තනම් අඩුම ගානේ කාර් එක හරි තියෙනවනේ බන්...

    උඹ දන්නවනේ බන් කෑලි කොච්චර නම් මායම් දැම්මද කියල මේ කොල්ලට...මට එහෙම ෆන් එකට කෑලි කිරීමේ ආසාවක් නැති බවත් උඹ දන්නවනේ...අනිත් එක ඔය කාර් කෑලි අරගෙන ජීවිත කාලෙම විඳවන්න තමයි වෙන්නේ..පෙන් නැද්ද අර සමහර මිනිස්සු බාර් ගානේ ,මඩම් ගානේ ලගින හැටි...එක නිසා බන් උඹ ඔය කියන කතාවට නම් මම එකග නෑ...

    පූහ්හ්...උඹට දැන් ජෝක් එකක් කරන්නත් බෑනේ...ඒවත් සීරියස් ගන්නවනේ...බලපං කෙල්ලෝ නිසා කොල්ලෝ වෙනස් වෙන හැටි...අනේ අපොයි!!

    අපෝ නෑ බන් මම එහෙම මහා ලොකුවට වෙනස් වෙන්නේ නෑ අනිත් එවුන් වගේ...මම කිව්වේ උඹ කියපු එක වැරදියි කියල විතරයි...එක අමතක කරපං, මම උඹට අර පිස්සු අයිඩියා එක ගැන වැඩි විස්තර කියන්නම්කො හෙට ක්ලාස් එකේදී...උඹ කැමති වෙන්නත් බැරි නෑ එකට...

    හරි හරි...එහෙනං උඹේ ඒ පිස්සු අයිඩියා ඒකත් අහල බලමුකෝ....දැන් එහෙනං යමන්...අරකි නම් ආතල් එකේ ගියා බෙන්ස් ඒකෙන් අපි දැන් ගාටපංකෝ බස් කටුවලින්...

    චමත්කා පිටවගොස් පැය බාගයක් පමණ ගතවන තෙක් කතාබහේ යෙදී සිටි මොවුන් දෙදෙනා බස් රථයට ගොඩවූයේ නිවෙස් බලා පිටත් වීමේ අරමුණෙනි...




    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)

     
    • Like
    Reactions: crazybuddy

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    updated......(හත්වෙනි කොටස මෙන්න) ~

    අඩේ අර බලපල්ල...අපේ නළු බට්ට "දිනුක සූරියබණ්ඩාර" මේ පැත්තට පාගනවා...

    අහ්හ් චමත්කගේ කෑල්ල...ජීවිතේ මල් ද ආ?

    දිනුක සහ සංක පසු දින සවස් යාමයේ පන්තියට පැමිණෙද්දී ඔවුන්ගේ මිතුරන් දෙදෙනකු වූ ටිරා සහ කවී මහා හඬින් මොරදෙන්නට විය...

    අඩෝ උඹ මාව පාවා දුන්නද...?

    තම මිතුරන් චමත්කා අලලා කල ප්‍රකාශයෙන් වික්ෂිප්ත වූ දිනුක සංක දෙස බැලුවේ තරමක අමනාපයෙනි...

    පිස්සුද යකෝ...උඹව සරණ පාවා දෙන්න හෙල්ප් එක දෙනවා මිසක් වෙන පාවා දීම් කරනවද අපි..?

    එහෙනං කොහොමද අරුං එහෙම කෑගහන්නේ..?

    යමන් අහලම දැනගමු...හැබැයි අරු මුලින් කියපු කතාව නම් පට්ට බන්...දිනුක සූරියබණ්ඩාර...හි හී

    බොලා දෙන්න මොනාද සාකච්චා කරන්නේ...චමත්කාව බෙදාගන්න විදියද ආ...?

    දිනුක සහ සංක ඔවුන් දෙසට ලංවත්ම නැවතත් ටිරා කටහඬ අවදි කළේය...

    උඹ කොහොමද ඔය සීන් දන්නේ කියපිය..?

    සංක පුදුමයෙන් මෙන් ඇසීය...

    බොලා දෙන්නට ක්ලාස් කට් කරලා ෆිල්ම් ෂූට් කරන්න හොඳයි නම් අපි එහෙම එකක් බැලුවට මොකෝ වෙන්නේ නැද්ද කවියා...

    එකනේ...උඹල දෙන්නගේ ඇක්ටිං මරු ආ...අපි දැක්ක අරකි හිනාව දාගෙන යනකොට උඹල දෙන්න ඒලියන් කෙනෙක් දැක්ක වගේ ගල්ගැහිලා හිටපු හැටි...

    මල හත්තිලව්වයි..මුන් දෙන්න ඊයේ අතන ඉඳල වගේ....දිනුක තමාටම කියාගත්තේය

    බොලා දෙන්නත් ඒකි පස්සේ යනවද මම හිතුවේ මූට විතරයි ඒ අවුල තියෙන්නේ කියල...

    සංකගේ මුවින් එසේ කියවෙත්ම දිනුකගේ මුහුණ තවත් ඇඹුල් වීය...

    ඔව් ඔව් අපි දැක්ක දෙන්නගෙම අවුල...අපි නම් ඔය නිලි කෑලි පස්සේ ගියේ නෑ...අපි ගියේ වෙන කෑල්ලක් බලන්න...එතකොට තමයි බොලා දෙන්නගේ ෂූටිං දැක්කේ...

    හරි හරි ඕක වැඩිය පතුරවන්න ඕනි නෑ...ගන්න ෆන් එකක් මෙතනම අරන් නවත්තපල්ලා...හොඳද?

    මෙතෙක් වෙලා නිහඩව සිටි දිනුක එසේ පැවසුවේ තම මිතුරන් දෙදෙනාගේ වැඩ කටයුතු ගැන හොඳින් දන්නා හෙයිනි...

    ඔව් ඔව් දිනුකයා සීරියස් කියන්නේ... සංක එය අනුමත කළේය.

    පූහ්හ්...මුන් දැන් නිලියෝ දාගන්න ට්‍රයි එක ඒ කියන්නේ...අපි හිතුවේ බොලා මේ ෆන් එකට ගියා කියල...

    විද්දේ නම් ෆන් එකට තමයි හැබැයි දැන් වැදිලා තියෙන්නේ සිරාවට...සංක එසේ පැවසුවේ දිනුකගේ පිටට තට්ටුවක්ද දමමිනි...

    හා හා ඔහොම යමන්කෝ එහෙනං....බොලාට නිලියෝ වැටෙනවනං ඉතින් අපිටත් හෙන ගැම්මක් නෙව...

    මේ ඒක නෙවෙයි උඹල එදා ආවේ නෑනේ ෆන් එකක් ගන්න...ආයි ඒ වගේ චාන්ස් වදින් නෑ බන් අපරාදේ...

    මොනා කරන්නද බන් මූට කාර් ඒක ගෙනියන්න වෙලා තිබ්බ...මු නැති නිසා මටත් එන්න කම්මැලි හිතුන...

    ඔව් ඔව් දෙන්න දැන් සහයෝගෙන් නෙ වැඩේ දෙන්නේ නේද...එල එල

    කවි එසේ පැවසුවේ සිනාසීගෙනය...

    හරි හරි පස්සේ දවසක සෙට් වෙන්න බැරියැ දැන් යමල්ල ක්ලාස් එකට...නැත්නම් අරුගේ හැම ප්‍රශ්නෙටම අපිට උත්තර දෙන්න වෙයි...

    තමාගේ පන්තියට ප්‍රමාද වී පැමිණෙන සිසුන්ව මතකයේ තබාගන්නා මෙම ආර්ථික විද්‍යා ගුරුවරයා සෑම විටම ප්‍රශ්න අසන්නේ ඔවුන්ව නම් කරමිනි...එම නිසාම මෙම පන්තියට පැමිණෙන බහුතරයක් ළමුන් නියමිත වෙලාවට පැමිණීමට පුරුද වී ඇත...

    අයියෝ බලපන් බන් අද වැඩේ දෙල් උනානේ....

    විවේක වේලාව අතරතුරදී දිනුක පැවසුයේ තරමක දුකකිනි....

    අවුලක් නෑ බන් උන් ඕක වැඩිය අදින එකක් නෑ...උඹ කිව්වනේ එපා කියල...ඕක ආයිත් හොරෙන් කරන්න ගියා නම් කේස්...දැන් උන් දන්නවනේ...

    ඒ උනාට බන් නිකන් පදිරි උනානේ උන් ඉස්සරහ..ෂික්...මේ යක්කු දෙන්නටත් එතෙන්ටම එන්න ඕන උනානේ ඒ වෙලාවෙම...

    සිරාවට බන්...මුන් දෙන්න කොහෙද දන්නේ නෑ හිටියේ ඒ වෙලාවේ...අපිටත් ගානක් නෑනේ අරු කිව්වා වගේ අපි දෙන්නත් ගල් වෙලානේ හිටියේ...

    මම ගල් වෙච්ච ඒක සාදාරනයි කියමුකෝ...උදව්වට ගෙනිච්ච ඒකත් එහෙමම උනාම කොහොමද ඉතින් ඔහොම් දෙයක් දකින්නේ...

    යකෝ මාත් කොල්ලෙක් තමයි....උඹට වෙන දේවල්ම අපිටත් වෙනවා...

    හැබෑද...ලොකු දෙයක් එහෙනං..හික්ස්

    මේ දැන් කියපං බලන්නේ උඹේ අර අද කියනව කියපු පිස්සු හැදෙන ප්ලෑන ගැන....

    ආහ්...මම උඹට ඒක කියනවා කිව්ව නෙ...මෙන්න මේකයි මචන් සීන් කෝන් ඒක..අපි එකතු වෙලා චම්ත්කව උස්සනවා...

    ඇයි බර බලන්නද...?

    සංක දිනුකගේ කතාවට බාධා කරමින් ඇසීය...

    ඉදපංකෝ ඉතින් අතුරුපස දාන්නේ නැතුව....අපි මේකිව උස්සල කොහේ හරි ප්ලේස් එකකට ගෙනියනවා...මම දැනට මේ වගේ ප්ලේස් එකක් සෙට් කරගෙන ඉන්නේ විමලේගේ ගෙයක් තියෙනවලු බදුල්ල පැත්තේ...තේ වත්තක් එක්ක පාලු ප්ලේස් එකක්ලු ඒක...මම මෙහෙම සීන් එකක් උට කිව්වේ නෑ...දවසක් නිකන් කතා කර කර ඉන්නකොට පොර කිව්වේ..දැනට එතන තමයි මීටර් කරන් ඉන්නේ...

    අඩෝ උඹ මේකිව උස්සල ගේම දෙන්නද යන්නේ...උඹේ ඔය ඔලු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක් කියල එකක් තියෙනවනම් තව ටිකක් හිතල බලපං ඔය කරන්න යන කුජීත වැඩේ බරපතලකම...

    සංක බාධා කරමින් එසේ කියාගෙන ගියේ අමනාපයෙනි...

    මේ උඹ ඔහොම අතුරුපස දානවනම් නිකන් ඉදපං මම කියන්නේ නෑ අනිත් ටික...උඹ ඔය කියනවා වගේ වැඩක් නෙවෙයි මම කරන්න යන්නේ...උඹ හිතුවද මම එච්චර අසහන කාරයෙක් කියල...

    දිනුකගේ ස්වරයද වේගවත් විය...

    අනේ මන්ද...කියපන්කො බලන්න එහෙනං ඉතුරු ටිකත්...

    මම මේකිව අරන් ගිහින් මගේ හිතේ තියෙන දේවල් කියන්න යන්නේ හෙමිට...මේක මුලින් පැහැරගැනීමක් තමයි ඒ උනාට කරුණු කාරණා තේරුම් ගියාම එයා එහෙම හිතන එකක් නෑ...අනිත් ඒක මෙහෙම කරාම ඔය ඒක ඒක දුෂ්ටයන්ගෙන් බාධා වෙන්නෙත් නෑනේ එදා වගේ...වැඩේ අවුල් යනවා වගේ දැනුනොත් අපි කියනවා අපි මේ මියුසික් වීඩියෝ එකක් රියැලිටි විදියට කරන්න ගියේ කියල...උඹ එදා දීපු අයිඩියා ඒකත් මේකේ තියෙනවා...ඔන්න ඔහොමයි ප්ලෑන දැනට ගහල තියෙන්නේ...

    මේක නම් ලොවෙත් ගස් යන වැඩක් බන්...උඹ හිතුවද අර සිරසේ හිනා ඉනා එකෙන් කියනවා වගේ "අපි මියුසික් වීඩියෝ එකකින්" කිව්වම අරකි ශේප් වෙයි කියල...අනිත් ඒක උඹ ඔය කිඩ්නැප් කිරිල්ල කරන්නේ කොහොමද..? මේ වගේ නිළියක්ව පැහැරගෙන බදුල්ලට යනකන් කිසි අවුලක් නැතුව ගෙනියන්න පුළුවන් වෙයි කියල උඹ කොහොමද හිතුවේ....මේ මම කියන්නද උඹ මාත් එක්ක වරෙන් හෙට ඩොකෙක් ව හම්බෙන්න යන්න...උඹට සයිකෝ වේගන එනවද කොහෙද...

    ඒවටත් ප්ලෑන් තියෙනවා මල්ලි....අපි වාහනයකින් ගිහින් ඒකි ව්‍යායාම් කරන තැනදී කියනවා උඹ එදා කියන්න ගියා වගේ...අපි මියුසික් වීඩියෝ එකක් කරන්න යන්නේ ඔයාව අරගෙන...අපේ වාහනේ ඇතුලේ තියෙන ලැප් එකේ ස්ක්රිප්ට් ඒක තියෙනවා පොඩ්ඩක් ඇවිත් බලන්න කියල කියනවා...උඹ එතන ඉන්න බෑ...ඒක කියන්නේ මම...ඊට පස්සේ ඒකි නැග්ගට පස්සේ උඹත් පස්සෙන් නැග ගන්න ඕනි ඉක්මනට....අනිත් ඒක වාහනේ විදියට කාර් එකක් තමයි හරි යන්නේ...වෑන් එකක් ගෙනිච්චොත් සැක හිතෙන්න පුළුවන්...ඒකි නැග්ගමන්ම දොරවල් ලොක් කරනවා...ඊට පස්සේ උඹ ක්ලෝරෆෝම් ලේන්සුව ඒකිගේ මුනට අල්ලනවා....මම වාහනේ අරන් යනවා....බදුල්ල දුර වැඩි නම් ළඟ තැනක් අපි හොයාගමු...තව මේකේ අඩු පාඩු තියෙන්න පුළුවන් ඒවා ඔක්කොම චෙක් කරල තමයි වැඩේට බහින්න ඕනි...සයිකෝ නම් මේ වගේ ප්ලෑන් ගහන්න පුලුවන්ද බන්...

    උඹ හිතන විදියට වැඩේ උනොත් හොඳයි නැත්තන් නම් බුදුසරණයි...උඹට ඕක කරන්නම ඕනිද බන්....උඹට හිතෙන් නැද්ද ඕකෙන් උඹේ අම්මල තාත්තලටත් කේස් වෙනවා කියල...

    ඔව් එහෙම සීන් එකක් තියෙනවා තමයි...ඒ උනාට වැඩේ කෙල උනොත් මම තනියෙන් වැරැද්ද බාරගන්නවා කාටවත් නරක නාමේ යන්න දෙන්නේ නෑ...එතකොට සම්පූර්ණ වැරදිකරු මමනේ...වැඩේ වැරදුනත් හොඳ පබ්ලිසිටියක් නම් ලැබෙයි මේ කරපු පිස්සු වැඩේ ගැන කිව්වම...

    උඹේ ප්ලෑන ගැන අහල මම වයර් වෙලා ගියා බන්....දැන් නම් පන්තියට යන්න හිතෙන්නෙත් නෑ...

    විවේක කාලය අවසන් වී ඇති බව දුටු සංක කීවේ මහත් කලබලයට පත් වී සිටින්නෙකු මෙනි

    උඹ ඕක ගැන වැඩිය හිතන්න ඕනි නෑ...උඹට සෙට් වෙන්න බැරි නම් අවුලක් නෑ සහෝ...මම කොහොම හරි මේක කරනවා කියල තමයි මම නම් හිතාගෙන ඉන්නේ..

    දිනුක තම අදහස් වෙනස් කිරීමට සූදානම් නැති බව සංකට වැටහුණි....








    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 8 :.

    ~ updated......(අටවෙනි කොටස මෙන්න) ~


    මොකද බන් බයවෙලා වගේ...?

    ආර්ථික ව්ද්‍යාව පන්තිය අවසන් වී බස් නැවතුම් පොළ දෙසට යන ගමනේදී දිනුක තම හඬ අවදි කලේ සංක කිසිවක් කතා නොකට බර කල්පනාවක සිටිනු දුටු නිසාය...

    බය තමයි...උඹ මේ පිස්සු ප්ලෑනක් ගැන කියල මම මේ කල්පනා කරන්නේ මොකක්ද එකට කරන්නේ කියල...

    වෙන මුකුත් කරන්න දෙයක් නෑ ලොක්ක කැමති නම් සෙට් වෙයන් නැත්නම් කිසි අවුලක් නෑ ..උඹ ඕක ගැන ඔච්චර හිතන්න ඕනි නෑ...

    උඹ නම් කියයි...මම තමයි හිර වෙලා ඉන්නේ...බොක්කේ ෆිට් එකක වැඩක් නිසා බෑ කියන්නත් බෑ...හිරේ විලංගුවේ වැටෙන වැඩක් නිසා හා කියන්නත් බෑ...මදැයි නිලියක් ප්‍රොමෝට් කරලා මට වුනු හරිය...

    මම උඹට කිව්වනේ හිරේ විලංගුවේ ලගින්න උනොත් ඒවා ඔක්කොම මම බාරගන්නවා කියල...උඹට අවුලක් වෙන්න දෙන්නේ නෑ...ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා...

    අනේ මන්ද උඹත් ඉතින් කිව්වොත් කිව්වම තමයි...ආයි වෙනස් කිරිල්ලක් නෑ නෙ...නැත්නම් මම නම් අයිත් කියන්නේ මේ පිස්සු වැඩේ අත ඇරලා දෙයියනේ කියල පුරුදු ෆන් එකේ ඉමු කියල...

    මේකත් මචන් අමුතුම ෆන් එකක්...ආදරය,ත්‍රාසය,කුතුහලය,අවදානම ඔය හැම එකක්ම තියෙනවා...මේ වගේ ෆන් එකක් ඉතින් හැමෝම ගන්නේ නෑනේ...ඒක නිසා අපි වෙනස් දෙයක් කරලා බලමු...උඹ කියනවා වගේ වයසේ වැරද්ද තමයි...

    දිනුකගේ එම කතාවට පෙරලා පිළිතුරු දීමක් සංකගෙන් සිදු නොවූ අතර සෝමේ අයියාගේ බස් රථය පැමිණීමත් සමග දෙදෙනාම ඉතා අසීරුවෙන් බස් රථයට ගොඩ විය...

    විමලේ අයියා...අර බදුල්ලේ ගෙදර කාට හරි දීලද තියෙන්නේ..?

    සෙනග අතර තෙරෙපෙමින් ඉදිරියට පැමිණි විමලේගෙන් දිනුක ඇසුවේ තමා සැලසුම් කල කාර්යයේ ප්‍රදාන ස්ථානයක් ලෙසට එම නිවස පත්වී ඇති හෙයිනි...

    නෑ මලයා...ඒක කැලෑව වේවි තියෙනවා...මට ඒ පැත්තේ යන්න වෙන්නෙත් නෑනේ...කෝ ඔය ඉස්සරහින් නගපු දෙන්න ටිකට් ගන්න...

    දිනුක සමග කතා බහේ යෙදෙමින් සිටියදී ඉදිරියෙන් බසයට ගොඩ වූ පුද්ගලයන් දෙදෙනකු දුටු විමලේ එම කතා බහ නවත්වා බස් රථය පිරී ඉතිරෙමින් සිටි සෙනග අතරින් ඉදිරියට ඇදුනේ ඉතා අපහසුවෙනි...

    අර ගෙදර දවස් තුන හතරකට ගන්න බැරි වෙයිද විමලේ සහෝ..?

    නැවතත් දිනුක සිටි තැනට විමලේ පැමිණි විට දිනුක එසේ ඇසුවේ බලාපොරොත්තු සහගත ලෙසිනි..

    අහ්හ්...මල්ලිලා ට්‍රිප් එකක් යන්න වගේ...අවුලක් නෑ..හැබැයි පොඩ්ඩක් අස් පස් කරලා ගන්න වෙයි...දැන් මාස ගානකින් ගියේ නෑ ඒ පැත්තේ...

    එකට කමක් නැ අයියා...අපි අස් කරලා ගන්නම්...

    දිනුක එසේ පැවසුයේ ඔහුගේ සැලැස්මේ ඒක පියවරක් සාර්ථක වන බව පෙනී ගිය නිසා ඇතිවූ ජයග්‍රාහි හැගීමකිනි...

    හරි එහෙනං යන්න කලින් මට කියපල්ලකෝ...

    එළකිරි...තැන්කියු හොඳේ

    දිනුක සහ විමලේ අතර සිදු වූ මෙම කතා බහ සංකටද ඇසුනි...එහෙත් ඔහු කිසිවක් කතා කිරීමට ගියේ නැත...මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට දිනුකට සහයෝගය ලබාදෙන්නේද නැද්ද කියා ස්ථිර තීරණයකට එළඹීමට තවමත් සංකට නොහැකි වී තිබුණි...

    හෙලෝ දිනුකයා...කෝ උඹ තාම වචනයක් දුන්නේ නෑනේ හරියට...ඔන්න අපේ සැලැස්මේ වැඩ කීපයක්ම හරි...කාර් එකක් හොයාගත්තා ටිරාට කියල...අපේ කාර් ඒක ගන්න බෑනේ මේ වගේ පිස්සු වැඩකට...බදුල්ලේ වැඩෙත් හරි...මොකද කියන්නේ උඹ වැඩේට සප් එක දෙනවද..?

    එදිනම රාත්‍රියේ සංකගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් දිනුක තමාගේ සැලැස්මේ ප්‍රගතිය ගැන කියාගෙන ගියේය...

    හ්ම්ම්...මොනා කරන්නද ඉතින් සප් එක නොදී බෑනේ...හැබැයි උඹ කියපු සමහර ඒවා ප්ලෑන් එකෙන් අයින් කරන්න ඕනි...

    උඹල වගේ ෆ්රේඩාල ඉන්න එක ලොකු හයියක් මචන්...තැන්ක්ස් වේවා...අනිවා මචන් එහෙම අයින් කරන්න ඕනි කියල හිතෙන දේවල් අයින් කරලා එල ප්ලෑනක් හදමු...

    සංකගෙන් ලද පිළිතුර දිනුකගේ සතුට දෙගුණ තෙගුණ කිරීමට හේතු විය....




    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 9 :.

    ~ updated......(නවවෙනි කොටස මෙන්න) ~

    අඩෝ සංකයා නැගිටපිය...අද අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න...

    පසුදා උදෑසනම දිනුක විසින් සංකගේ ජංගම දුරකතනයට ඇමතීය...

    යකෝ පොඩ්ඩක් නිදාගන්න දීපියකෝ...බලපං තාම වේලාව 6යි...අද ක්ලාස් ඒකත් නෑ කිව්වනේ බන්...උඹ නම් මහා ඇනයක් වේගන එන්නේ...

    ඇඳේ නිදාසිටි අයුරින්ම සිටිමින් සංක පැවසුයේ තරමක කෝපයක්ද හිතේ ඇතිවය...

    ඔහොම පුලුවන්ද බන් නිලියෝ උස්සන්න...පොඩ්ඩක් ප්‍රබෝදමත් වෙයන්කෝ ඔයිට වැඩිය....මේ එල කොල්ල වගේ නැගිටලා දත කට හෙම මැදල කියල මේ පැත්තට වරෙන්කො පොඩ්ඩක්...අර ප්ලෑනෙ වෙනස්කම් එහෙම කරලා හදල ගන්න ඕනි අදම...

    අනේ බොල මට නම් ඔය නිලියෝ උස්සන පිස්සුවක් නෑ...උඹ වගේ කොයිලෙක්ට නිලියෙක්ව පෙන්නලා මම කරගත්ත ගොන්කම නිසා තමයි මටත් මේ වදේ වෙලා තියෙන්නේ...ඉඳපිය තව චුට්ටක් නිදන් ඉඳල 8ට විතර එන්නම් ඔය පැත්තේ...ඊයේ 2 කයි බන් නිදියගන්නකොට...දැන් ඇහැ ඇරන් ඉන්න බෑ නිදිමතයි...පොඩ්ඩක් හිතපං අපි ගැනත්...

    ඉතින් මම උඹට කිව්වද රැ 2 වෙනකන් අන්තර් ජාලයේ සැරිසරන්න කියල...උඹට ඉතින් එලකිරියට ගියාම වෙලාවක් කලාවක් දැනෙන්නේ නෑනේ...හරි හරි එහෙනං ටිකක් නිදන් ඉඳල වරෙන්...එහෙනං අපි තිව්ව...

    එළකිරි නමැති වෙබ් අඩවියේ බොහෝ වෙලාවක් ගතකිරීම සංක ඒ කාලයේ සිටම පවත්වාගෙන ආ පුරුද්දකි...එම නිසාම ඔහු නිදාගැනීමට පුරුදුව සිටින්නේ මැදියම් රැයත් පසුවී පැයක් දෙකක් ගතවූ පසුවය...

    දොර ඇරපිය මම ඇවිත් ඉන්නේ....

    උදෑසන හතහමාර වෙද්දී සංක දිනුකගේ නිවසට පැමිණ දිනුක වෙත දුරකථන ඇමතුමක් ලබාදුන්නේය...

    අප්පේ ඇති යාන්තම් පැයබාගයක් හරි කලින් එන්න හිතුන....උඹ නැතුව ප්ලෑන් අවුල් ගිහින් තියෙන්නේ වරෙන් වරෙන් ඉක්මනට...

    දිනුක විසින් සංකව පිළිගනු ලැබුවේ ඉමහත් සතුටිනි....

    උඹේ ඔය බටර් ටික එකතු කරානම් පාන් බාගයක් විතර කන්න තිබ්බ...

    සංක එසේ පැවසුවේ සිනසීගෙනය...

    එක නෙවෙයි සංකයා උඹ ඊයේ කිව්වා නේද සමහර ඒවා අයින් කරන්න ඕනි කියල ප්ලෑනෙන්...?

    ඔව් මචන්...අර ක්ලෝරෝෆෝම් සීන් එක එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද...ඕව දැන් ලේසියෙන් දෙන්නෙත් නෑ අනිත් එක ඕව කට්ටිය යූස් කරන්නේ වෙන වෙන වැඩ කරගන්නනෙ...එක නිසා වෙන විදියක් බැලුවොත් නරකද...

    හ්ම්ම්...මටත් ඔය ගැන හිතුන...මම එහෙම කිව්වේ මචන් ඒකිව සයිලන්ට් කරලා තියාගන්න ඕනි නිසා තැනට යනකන්...නැත්නම් මෙකි නිකන් ඉන්න එකක් නෑනේ අපි පැහැරගෙන යනකන්...

    ඔව් එක එහෙම තමයි...ඒ උනාට වාහනේ දොරවල් ලොක් කරල ඇද්දුවට පස්සේ ඒකිට කරන්න දෙයක් නෑනේ...මම හිතන් නෑ ඒකි වාහනේ යන ගමන් දොර ඇරන් එලියට පනින්න තරම් දස්සයි කියල...

    ඒ උනාට බන් නිකන් ඉන්න එකක් නෑනේ...එහෙනං උඹට පිටිපස්සේ ඉඳං ඒකිගේ අත් දෙකෙන්වත් අල්ලං ඉන්න වෙන්නේ...ඒක නම් බෑ කියයි කොල්ල

    අන්න නියම වැඩේ...අත් දෙකෙන් බැරි නම් බදාගෙනම වුනත් ඉන්න පුළුවන් කිසි අවුලක් නෑ...

    මට පෙන්නේ ඊට වැඩිය හොඳයි වගේ ඒකිට ක්ලෝරෆෝම් අල්ලන එක...

    ඔව් ඔව් අපි ඉතින් අත අල්ලං හිටියත් උඹට ජෙල...මෙකි ගැන ප්‍රොමෝට් කරෙත් මම සප් එක දෙන්නෙත් මම...එහෙනං ඉතින් කරන්න තියෙන්න ඩ්‍රයිව් කරන ගමන් උඹම අල්ලං යන එක තමයි...

    අඩෝ පිස්සුද බන් එහෙම ජෙලක් නෑ අපි ළඟ...මම ඒක ජෝක් එකට කිව්වේ...එහෙනං එහෙම කරමු...ඒකි දඟලන්න ගත්තොත් උඹ ඒකිගේ අත් දෙකෙන් අල්ලගනින් පිටිපස්සේ ඉඳං...එතකොට හරි නෙ...

    නිකන් හරි පයිනුත් ගැහුවොත් මොකද වෙන්නේ...

    සන්ක්ගේ කට කොනේ හිනාවක්‌ විය...

    අහ්හ් එක මම බලාගන්නම්....උඹ අත් දෙක බලගනින්කෝ....

    දිනුක පැවසුවේද සිනසීගෙනය....

    හරි එතකොට දැන් අපි වැඩේට ලෑස්තිද...?

    ඔව් දැන් තියෙන්නේ වැඩේ කරන්න තමයි...වැඩේ අනිද්දට තමයි පටන් ගන්න හිතන් ඉන්නේ...වැඩේට ඕනි කරන වියදම් ටික කවර් කරගන්න පුළුවන් වෙයි මගේ අකවුන්ට් එකේ තියෙන සල්ලි වලින්...හදිස්සියේ හරි මදි උනොත් ගන්න උඹත් කීයක්‌ හරි අතේ තියන් ඉදපං...මම පස්සේ දෙන්නම් උඹට...අවුලක් නෑනේ?

    පස්සේ දෙන එක කෝක වෙතත් වැඩේ ගැස්සිලා හිරේ ගියාම උඹට ඇප දෙන්න උනොත් ඒකත් යන්නේ මගේ සාක්කුවෙන් තමයි...මොකද මේ වගේ පිස්සුවක් කෙළියට පස්සේ තාත්තා උඹව බේරගනියි කියල හිතනවද...?

    ඔන්න ඉතින් උඹ වැඩේ කරන්නත් කලින්ම මාව ලොකප් කරලනේ...එහෙම උනොත් එක මම මැනේජ් කරගන්නම්....උඹ මේ වැඩේට සප් එක දීල ඉදපංකෝ ඒවා ගැන හිතන්න ඕනි නෑ...

    ඔව් ඔව් මැනේජ් කරයි මේන් කියල හොඳ පොලු පාරවල් පිට හරහා යනකොට...ඊට වැඩිය ෆන් එකක් තියෙයි අරකිගේ අර කොල්ලට උඹ අහු උනාම...බෙන්ස් එකේ ගැට ගහල උඹව ඇදන් යයිද දන්නේ නෑ...

    උඹ මාව බය කරනවනේ බන්...පොඩ්ඩක් දිරිමත් කරපංකෝ මාව....මාත් මේක චන්ඩියා වගේ කරන්න ගියාට ඇතුලේ ලොකු බයක් හංගගෙන ඉන්නේ බන්....

    එක තමයි බන් මම කියන්නේ මේ වැඩේ අත් ඇරලා දාමු කියල කෝ උඹ අහන්නේ නෑනේ...

    බෑ බන් දැන් මේක කරලම තමයි පස්ස බලන්නේ....මොනා උනත් කමක් නෑ

    ඔව් උඹ ඕක කරලා ඉවර උනාට පස්සේ උඹට බලන්න පස්සක් ඉතුරු උනොත් ලොකු දෙයක්...

    සංක කෙතරම් උත්සහ කලත් දිනුකගේ අදහස වෙනස් කිරීමට ඔහුට නොහැකි විය...අවසානයේ ඔවුන්ගේ නව සැලැස්මට අනුව මෙම පැහැරගැනීම සිදු කිරීමට ඔවුන් දෙදෙනා තීරණයකට එළඹීය...


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: max_xx

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 10 :.

    ~ updated......(දහවෙනි කොටස මෙන්න) ~


    අඩෝ සංකයා උඹ අදත් දවල් වෙනකන් ස්ලීපින්ග් බියුටි වෙන්නද හදන්නේ...නැගිටපිය අද තමයි නියම දවස...

    දිනුක සහ සංක විසින් සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කරගත් දිනය උදාවිය...එදිනද දිනුකට සුපුරුදු පරිදි තම මිතුරාව උදෑසනින් ඇහැරවීමේ ප්‍රයන්තයේ යෙදීමට සිදුවිය...


    ඔව් නියම දවස තමයි...සමහරවිට අදින් පස්සේ ඇඳේ නිදියන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ...අද උදේ කන බොන දේවලුත් ඇතිවෙන්න කන්න බොන්න ඕනි...මොකද අදින් පස්සේ බත් කාඩ් එකටත් කෙළවෙන්න පුළුවන්නේ....

    අපෝ බන් උදේ පාන්දරම අසුබ කතා කියන්නෙපා....හරි හරි එහෙනම් බඩ පැලෙන්න කාල බීල වර...ටිරා සෙට් කරපු වාහනේ ගෙනත් දෙනවා කිව්වේ හය හමාරට...එක නිසා තව පැය බාගෙකින් දෙයියනේ කියල එලියට බැහැපං...

    මේ ජැකට් එකක් එහෙම ගන්න වෙයිද සීතල ඇතිනේ බදුල්ලේ...

    ඔව් ඔව් තාම පොඩි එකානේ ඔක්කොම අරන් වරෙන්...වතුර බෝතලයක්,කෑම පෙට්ටියක්...ඕනි මගුලක් අරගෙන හය හමාර වෙද්දී එලියට බැහැපං එච්චරයි...

    උඹට තේරෙයි සීතලේ ගල් වෙන්න ගත්තම...ආහ් අමතක උනා....උඹට සීතල හැදෙන එකක් නෑනේ හොට් හොට් ජැකට් එකක් අරන් යනවනේ උඹ...අනේ අසරණ මං...මේ අද අරකිගේ නංගිත් අවොත් එකිවත් දාගෙනම යමු...එතකොට මාත් ගොඩ...

    මේ එකක් උස්සගන්න බැරුව ඉන්නවා...තව එකක් උස්සන්න කතා කරනවා...විකාර නැතුව ලේස්ති වෙයන්...එහෙනම් 6 වෙද්දී ගෙදරට වරෙන්....අපේ අම්ම ඇහුවොත් බදුල්ලේ ට්‍රිප් එක ගැන කතාවක් හදල කියපං....උඹ ඉතින් මියුසික් වීඩියෝ කරපු ඩයල් එකක් නේ...

    ඔව් ඉතින් උඹේ මේ පිස්සුව නිසා අහක ඉන්න අපි පව් පුරෝගන්න ඕනි....

    මිතුරන් දෙදෙනා කලින් කතිකා කරගත් පරිදි දෙමව්පියන්ට දැන්වූයේ ඔවුන් විනෝද චාරිකාවක් සඳහා බදුල්ලට යන බවයි...දිනුකගේ දෙමව්පියන් මුලින් අකමැත්ත පල කලේ ඔවුන් එකතුවී පව්ලේ විනෝද චාරිකාවක් යාමටද සිතා සිටි නිසයි...නමුත් දිනුකගේ සහ සංකගේ පෙරැත්ත මත එයට අවසර ලබාදීමට ඔවුනට සිදුවිය...


    එහෙනම් පුතා පරිස්සමෙන් ගිහින් එන්න ඕනි...ඔය වැවවල්,ඇලවල් වල එහෙම නාන්න යන්නේ ප්‍රවේසමෙන්...ඕනි කරන දේවල් එහෙම ඔක්කොම ගත්ත නේද..?

    නිවෙසින් පිටව යාමට පෙර දිනුකගේ මව දැක්වූ සෙනෙහස හමුවේ තමා ක්‍රියාත්මක කිරීමට යන බයානක සැලැස්ම නවතා දැමීමට සිතුනද චමත්කා පිලිබඳ සිතේ ඇති වූ උමතුව විසින් එම අදහස ගිලගත්තේය...


    කෝ බන් ඔය එනවා කියපු සුදු කාර් එක තාම නෑනේ..?

    නිවෙස් වලට සමුදුන් ඔවුන් කොල්ලුපිටිය ලිබර්ටි සාප්පු සංකීර්ණය අසල රැදී සිටියේ ඔවුන්ගේ මිතුරා වූ ටිරා විසින් කතා කරදුන් මෝටර් රථය පැමිණෙන තුරුය..


    උඹ කොහොමද දන්නේ එක සුදු එකක් කියල..? ටිරා කිව්වද?

    අයියෝ බන් ඕක ටිරා කියන්න ඕනිද..කිඩ්නැප් එකක්නම් සුදු එකක් කියල දැන් කිරි බොන පුංචි ඈයොත් දන්නවනේ...

    අඩෝ මට ඒක අමතක උනානේ බන්...චම්ත්කටත් සැක හිතෙයිද දන්නේ නෑ...ෂෙහ්හ්

    ඒ කියන්නේ ඇත්තටම සුදු එකක්ද අරු සෙට් කරලා තියෙන්නේ....පොර නිකන් දැනන් සෙට් කරා වගේ නේ...අවුලක් නෑ බන් එකී එච්චර හිතන එකක් නෑ....එහෙම කේස් වේගන ආවොත් බලෙන් හරි දාගමු වාහනේට...කොහොමත් ඉතින් අපි කිඩ්නැප් එකක්නේ කරන්න යන්නේ...

    ඔය තියෙන්නේ....කොල්ලත් දැන් ට්‍රැක් එකට වැටිලා වගේ....එල එල

    අහ්හ්...මේ ඉන්නේ ඩබල...ඔන්න මම කියපු වන්ඩිය ගෙනාව...

    දිනුක සහ සංක සිටි තැන නැවතූ සුදු පැහැති කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් බැසගත් ටිරා පැවසීය...

    අඩේ උඹ එනවා දැක්කෙත් නෑ...අපි ඒත් බැලුව පරක්කු මොකද කියල...ලොකු උදව්වක් මචන් තැන්ක්ස් අ ලොට්‌............. හොඳේ...

    අයියෝ ඒක මොකක්ද සහෝ...පව්ලේ කට්ටිය යනවා කිව්වනේ නැත්තන් ඉතින් අපිත් අනිවා සෙට් වෙනවා...අවුලක් නෑ එහෙනම් පරිස්සමෙන් ගිහින් වරෙල්ල...

    මෝටර් රථයේ යතුර දිනුක අතට ලබා දුන් ටිරා ඔවුන් දෙදෙනාට සුබ පතමින් සමු ගත්තේය....දිනුක විසින් ඔහුට කියා තිබුනේ ඔවුන්ගේ මෝටර් රථය දෝෂ සහගත බැවින් පව්ලේ අය සමග බදුල්ලේ චාරිකාවක් යාම සඳහා රථයක් සොයා දෙන ලෙසටයි...

    අඩෝ මොකක්ද අරු අර පව්ලේ කට්ටිය යන කතාවක් කිව්වේ...උඹ හෙන පචයක් කෙලිය නේද...

    නැතුව ඇත්ත කියන්නද උඹ කියන්නේ....මම මේ බයෙන් ඉන්නේ උඹවත් දැක්ක නිසා උට සැකවත් හිතුනද කියල...වෙලාවට මම කලින් කියල තිබ්බ උඹත් යන්න ඉන්නේ කියල අපිත් එක්ක...නැත්තනම් අරු ෂුවර් එකට හිතනවා ච්මත්කගේ මොකක් හරි තමයි කියල...මොකද එදා අපි අතටම අහු උනානේ උන්ගේ....

    හැබැයි කොල්ලෝ ආයි ඉතින් යාලු ෆිටුත් ඉවරයි තමයි පොරට වැඩේ ආරංචි උනොත්...

    හරි බන් ඒ දැනගත්තමනේ....මේක කෙල උනොත්නේ එහෙම වෙන්නේ...බලමුකෝ...මට නම් හෙන ෆිට් එකක් තියෙනවා මේක කරගන්න පුළුවන් වෙයි කියල...

    ඔව් ඉතින් දැන් තියෙන්නේ කොරලම බලන්න තමයි....

    දිනුක එසේ පැවසුයේ අවිනිශ්චිත හැන්ගීමකිනි.......



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 11 :.

    ~ updated......(එකොලොස්වෙනි කොටස මෙන්න) ~

    මචන් සංක මට දැනෙන දේමද උඹටත් දැනෙන්නේ....?

    මිතුරන් දෙදෙනාගේ සැලැස්මට අනුව චමත්කාව පැහැරගැනීම සඳහා ඇය ව්‍යායාම් කිරීමට පැමිණෙන ස්ථානයේ මෝටර් රථය නවතාගත් දිනුක සංකගෙන් එසේ ඇසුවේ තරමක තැතිගැන්මක් සහිතවය...

    උඹට ඔය දැන් දැනෙන දේ මට දැනුනේ උඹ මේක ගැන කියපු දවසේමයි...ඒකයි මම උඹට කට කැඩෙනකන් කිව්වේ මේ මගුල් නවත්තල පාඩුවේ ඉමු කියල...කෝ ඇහුවේ නෑනේ...

    අනේ මන්ද බන් දැන් නම් හෙන බයක් දැනෙනවා මට...මෙච්චර දවස් මේ වගේ බයක් දැනුනෙම නෑ...වැඩේ කරන්න ඔන්න මෙන්න තියෙද්දී නේ එකත් එන්න ගන්නේ...

    තවමත් වෙලාව තියෙනවා මචන් අදහස වෙනස් කරනවනම්...

    සංකගේ එම ප්‍රකාශයේ අරමුණ වුයේ අවසන් මොහොතේ හෝ තම මිතුරාව මෙම භයානක ක්‍රියාවෙන් මුදවාගැනීමයි...

    ඒ අර බලපං අරකි පන කඩන් දුවගෙන එනවා....

    මහත් කලබලයෙන් මෙන් ඈත සිට දිව එන චමත්කාව පෙන්වමින් දිනුක පැවසීය...

    ඒ මොකද බන් ඒ..බලපං අලියෙක් වත් එනවද කියල පස්සෙන්...?

    ඊ ළඟ මොහොතේ සිදුවුයේ මොවුන් දෙදෙනා කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි..ඉතා කලබලයෙන් දිවගෙන ආ චමත්කා ඔවුන් දෙදෙනා සිටි මෝටර් රථයේ ඉදිරිපස දොර හැරගෙන රථයට ගොඩ වුනි...

    අනේ ඉක්මනට යන් මෙතනින්...ප්ලීස්

    චමත්කා පැවසුවේ හඬමිනි

    වික්ෂිප්ත වී සිටි දිනුක සංකගේ මුහුණ දෙස බැලුවේ "මොකක්ද බන් මේ උනේ" අසන්නාක් මෙනි...සිදු වූ දෙය අදහාගත නොහැකිව සංකද සිටියේ පුදුමයට පත්වීය..
    සිදුවූ දේ පිලිබඳ සිත සිතා සිට පලක් නොමැති බව වටහාගත් දිනුක රථය පනගැන්වුයේ චමත්කා කල ඉල්ලීම ඉටුකිරීමටය..ඒත් සමගම රථයේ පිටුපස වීදුරුවෙන් ඇතුල් වූ වෙඩි උණ්ඩයක් දිනුකගේ රියදුරු අසුනේ වැදී නතරවූයේ සියලුදෙනාම භීතියට පත් කරමිනි..


    දිනුකය ඇදල පලයන් පිටිපස්සෙන් සෙට් එකක් එනවා කන්නයි වෙන්නේ....

    තුවක්කුවක් රැගත් පුද්ගලයෙක් සහිතව පිටුපසින් පැමිණෙන ජීප් රියක් දුටු සංක කෑගැසීය...

    පුදුමයක්,බියක් මෙන්ම සියුම් සතුටක් සහිතව සිටි දිනුක සංකගේ කෑගැසීමත් සමග වේගය වැඩි කරමින් ඉදරියට ඇදුනේය...

    අනේ මං හින්ද ඔයාලත් අමාරුවේ වැටෙනවා...මට සමාවෙන්න...

    කලබල මද්‍යයේ චමත්කා නැවතත් හඬ අවදි කලේ හඬමිනි....

    දැන් ඒක ගැන හිතන්න ඕනි නෑ...අපි කොහොම හරි මේකෙන් ගැලවෙන්න බලමු...

    දිනුක එසේ පැවසුයේ චමත්කා එසේ දුක්වීම පිලිබඳ ඔහු තුල හටගත් අනුකම්පා සහගත හැගීම නිසාවෙනි...ඒත් සමගම තවත් වෙඩි උණ්ඩයක් රථයේ පිටුපසට එල්ලවිය...මාර්ගය දෙපස ගමන්ගත් මගීන්ද මෙම සිදුවීම් බලා සිටියේ තැතිගැන්මකිනි....

    මේ කතා කරගන්න පුළුවන් පස්සේ..ඉස්සෙල්ල මේකෙන් පැනගෙන ඉදපං...

    චමත්කා දෙස බලමින් මෝටර් රථය දාවනය කරන දිනුකට සංක එසේ පැවසුවේ අවවාදාත්මක ස්වරූපයෙනි....

    ඉතා වේගයෙන් ඉදරියට ඇදුනු රථ දෙක බත්තරමුල්ල නගරයද පසු කරමින් ඉදිරියට ඇදුනි...ඉතා ජනාකීර්ණ පෙදෙසක් වූ බත්තරමුල්ල මංසන්දියේදී දිනුක තම රථය තවත් රථයක් සමග ගැටීමට නොදී බේරාගත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි...බත්තරමුල්ල නගරය පසුකොට මාලබේට ළඟාවුන ඔවුනට වාහන තදබදයකට මුහුණදීමට සිදුවිය...මොවුන් ලුහුබඳිමින් පැමිණි ජීප් රථයටද එයම සිදුවීම නිසා ඔවුන්ගේ වේගයද අඩුකිරීමට සිදුවීම මොවුන්ගේ වාසියට හේතු විය...වාහන තදබදයෙන් ගැලවී ඉදිරියට යද්දී පිටුපසින් මොවුන්ව ලුහුබඳිමින් පැමිණි ජීප් රථය දක්නට නොලැබුණි...

    ඒ සැරේ මුන් ටික කොහාට උනාද...?

    දිනුක පැති කන්නාඩියෙන් බලමින් එසේ පැවසුයේ පිටුපසින් පැමිණි ජීප් රිය එක්වරම අතුරුදහන් වූ නිසාවෙනි...

    පොලිසියටවත් අහු උනාද දන්නේ නෑ...එහෙම නැත්නම් ෂෝට් කට් එකකින්වත් දැම්මද...

    සංක කල්පනා කරන්නට විය...

    මොනා උනත් කමක් නෑ අපි කඩුවෙල පැත්තෙන් දාල යමු....කමක් නෑනේ?

    දිනුක චමත්කා දෙසට හැරී එසේ අසද්දී ඇය බර කල්පනාවක යෙදී සිටිනු දැකගත හැකිවිය...



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 12 :.

    ~ updated......(දොලොස්වෙනි කොටස මෙන්න) ~

    අහ්හ්...ඔයා මොකක්ද ඇහුවෙ...මම මේ වෙන කල්පනාවක හිටියේ...සොරි

    චමත්කා එසේ පැවසුයේ දිනුක යම් කිසි දෙයක් ඇසු බව හදිසියේ මතක් වූ නිසාය...

    ඒක තමයි...අපිත් දැක්ක ඔයා බර කල්පනාවක ඉන්නවා...කමක් නෑ...මේකයි අපි දෙන්න මේ බදුල්ල පැත්තේ අපේ යාලුවෙක්ගෙ ගෙදර යන ගමන් තමයි මේ හිතපු නැති දෙයක් උනේ...ඉතින් ඔයාව දැන් මග දාල යන්න බෑනේ අරුන් කොයි වෙලේ හරි ආයිත් මතුවෙන්න පුළුවන්...ඒක නිසා මම ඇහුවේ අපි යන පැත්තටම යමුද කියල...?

    දිනුක එසේ පවසද්දී සංක දිනුක දෙස බලා ඇසක් ගැසීය...

    අනේ මට නම් තේරෙන්නේ නෑ මොනා කරන්නද කියල...මට මුකුත් හිතාගන්න බැරුව ඉන්නේ....ලංකාවේ කොහේ හිටියත් උන් මාව හොයාගනී...ඒ ආවේ ප්‍රේමසිරි ඇමති තුමාගේ පුතයි එයාගේ මැරයෝ කට්ටියකුයි....මම එක්සයිස් කරන්න එනකොටම දැක්ක උන්ටික වාහනෙන් එනවා...මට කලින් තර්ජනය කරලා තිබ්බේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මාව අරන් යනවා කියල...අනේ දැන් නම් මට හිතෙනවා ගමට වෙලා ඩාන්ස් ක්ලාස් එක කරගෙන හිටිය නම් කියල...නිලියෙක් වෙච්ච නිසානේ මේ ඔක්කොම කරදර...

    ඇය එසේ කියද්දී කඳුළු බිඳු කිහිපයක් ඇයගේ දෙනෙතින් ගලායන හැටි දිනුකට හොදින් දර්ශනය විය...

    බයවෙන්න එපා අපි දෙන්න කොහොම හරි ඔයාව බේරගන්න බලන්නම්...එහෙනම් අපිත් එක්කම යමු...වෙන ඕනි දෙකට මුහුණ දෙන්න අපිත් ලෑස්තියි...

    දිනුක වීරයකු මෙන් කරන මෙම ප්‍රකාශ ඇසෙද්දී චමත්කාගේ සිතට සියුම් සහනයක් දැනුනාසේම සංකගේ කට කොනට සිනා පහල විය...

    කෙල්ලව කිඩ්නැප් කරගන්න බැරුව වෙව්ලපු එකා දැන් ඇමතියෙක් ගේ පුතෙක් එක්ක හැප්පෙන්න කතාව.... සංක එසේ පැවසුවේ ශබ්ද නගා නොවේ...

    මචන් සංකයා කඩුවෙලින් හංවැල්ල පැත්තෙන් ගිහින් නේද යන්න පුළුවන් කිව්වේ...

    පසුපස අසුනේ මෙතෙක් වෙලා නිහඩව සිටි තම මිතුරාගේ හඬ අවදි කිරීමට දිනුකට සිතිණි...

    "ඇති යාන්තම් අපිවත් මතක් උනා" යි සිතමින් සංක මෙසේ පැවසීය..

    ඔව් එහෙන් දාල අවිස්සාවේල්ල හරහා යන්න තියෙන්නේ...

    එසේ වීරයෙකු ලෙස ගමන්මාර්ගය විස්තර කලද ඔහු එය පෙර දින අසා දැනගත්තේ සෝමේ අයියාගෙනි...

    ඔයාලට ගොඩක් පින් මං නිසා ඔයාලගේ ජීවිතෙත් අනතුරේ දාගෙන මට මෙහෙම උදවු කරනවට...

    චම්ත්කාගේ එම වදන් මොවුන් දෙදෙනාගේම හිත්වලට ධෛර්යයක් ගෙන දීමට සමත් විය....නිලියක් වුවද ඇයගේ කතා බහේ හෝ හැසිරීමෙහි කිසිදු උඩඟු බවක් ගැබ්ව නොතිබුණි...එම නිසාම ඇය පිලිබඳ ඔවුන්ගේ සිතේ වූ ආකර්ෂණය මොහොතින් මොතොත වැඩි වූවා මිස අඩු වීමක් නම් නොවුණි...

    චමත්කා ඉදිරියේ වීරයෙකු සේ ප්‍රකාශ ඉදිරිපත් කලද තමා සහ තම මිතුරා මැදිවී සිටින අන්තරායදායක තත්වය පිළිබඳ තැතිගන්මක් දිනුකගේ හද තුල හටගෙන තිබුණි...ප්‍රේමසිරි ඇමතිතුමා යනු රටේ නමගිය ඇමතිතුමෙක් වන නිසාත් ඔහුගේ සමහර ක්‍රියාකලාපයන් සහ ඔහුගේ පුතණුවන්ගේ හිතුවක්කාර ක්‍රියාවන් පිලිබඳ පුවත් ඕනෑ තරම් මාධ්‍ය මගින් නිතර පලවන නිසාත් තමා අත ගසා ඇති මෙම කර්තව්‍ය මීට පෙර මොවුන් සැලසුම් කර පැහැරගැනීමටද වඩා බරපතල බව ඔහුට හොදින් වැටහී තිබුණි...

    දීර්ඝ වෙලාවක් ගමනේ යෙදුනු නිසාත් සිතේ ඇති වූ තැතිගැන්ම නිසා ඇතිවූ තෙහෙට්ටුව නිසාත් චමත්කාට නින්ද ගොස් තිබුණි...මේ මොහොත තම මිතුරා සමග යමක් කතාබහ කරගැනීමට ඉතා හොඳ වෙලාවක්යැයි සිතු දිනුක, ඔවුන් ගමන්ගත් මෝටර් රථය ඇහැලියගොඩ නගරය පසුකොට මද දුරක් ගොස් සෙනග එතරම් නොගැවසෙන ස්ථානයක නැවැත්වීය...

    මචන් සංක පොඩ්ඩක් බැහැපන්....චැටක් දාන්න ඕනි...

    මෝටර් රියෙන් බැසගත් මොවුන් දෙදෙනා රථය නවතා තිබු ස්ථානයෙන් පිටුපසට මද දුරක් ගමන්කළේ තම කතාබහ චමත්කාට නොඇසෙන පරිදි පැවැත්වීමටය...

    මොකක්ද බන් මේ උනේ...අපි කරන්න ආවේ කිඩ්නැප් එකක්...දැන් කරන්නේ වෙලා තියෙන්නේ වෙන එකක්...

    කොහේ කිඩ්නැප් කරන්නද බන් කිඩ්නැප් කරන්න ගියපු කෙල්ලම ඇවිත් වාහනේට නැගල යමන් කිව්වම....අපරාදේ අපි හදපු ප්ලෑන්...මගේ නින්දම කොච්චර නම් කැඩුනද ඕක හදන්න...

    එකනේ බන් කියන්නේ මට නම් ඒ වෙලේ හතරවරන් වෙලා හිටියේ...අරකි ඇවිත් ඉස්සරහට නැග්ගම...

    උඹට විතරක් නෙවෙයි මටත් කොයිල් උනා ඒ කේස් එකට....හැබැයි දැන් නම් මටත් හිතෙනවා මචන් මෙකිගෙයි උඹෙයි ගිය ආත්මෙක හුටපටයක් තියෙන්න ඇති කියල...අපි කීයටවත් ඔහොම දෙයක් හිතුවේ නෑනේ...මම නම් හිතුවේ හොඳ කෑමක් කන්න වෙයි කියල කිඩ්නැප් කරන්න ගිහින්....

    ඒක නම් ඇත්ත මචන්...එකනේ මම උඹට මුල ඉදලම කිව්වේ...මතකද මම කිව්වා මේක හරි යයි කියල ෆිට් එකක් තිබ්බ කියල...?

    දිනුක තමන් මීට පෙර කල ප්‍රකාශයක් නැවත මතක් කළේය...

    ඒකත් මතකයි...ඒ වගේම මෙකි දුවගෙන එන්න කලින් උඹ බය වෙලා හිටපු හැටිත් මට මතකයි....

    ඔව් මචන් එකත් හරි...සමහරවිට මෙහෙම දෙයක් උනේ නැත්නම් මම ඒ වෙලේ වැඩේ අතැරලා දාන්නත් තිබ්බ...

    හරි හරි දැන් වෙන්න ඕනි ඒවා උනානේ...දැන් ඉස්සරහට කරන්න ඕනි දේ ගැන හිතමු...

    ඒක තමයි මාත් මේ උඹත් එක්ක කියන්න හිටියේ...මචන් මේක අපි කලින් හිතපු එකටත් වැඩිය ඩේන්ජරස් කේස් එකක්...උඹ දන්නවනේ ප්‍රේමසිරියයි උගේ පුතාගෙයි වැඩ ගැන...උන් එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද අපි වගේ නිකම්බාස් ල දෙන්නෙක්ට...හැබැයි ඒ කියල මම චමත්කාව අතාරින්නත් බෑ....බලෙන් ගන්න ගියපු දෙයක් දෙයියෝ ලඟටම ගෙනත් දුන්න එකේ ඒක නැතිකරගන්න තරම් මෝඩ නෑ මම...පුළුවන් තරම් හැප්පෙන්න තමයි හිතන් ඉන්නේ...හැබැයි ඒ කියල උඹේ ජීවිතෙත් අමාරුවේ දාන්න බෑ මට...ඒක නිසා උඹ මේ රිස්ක් එක ගන්න ඕනි නෑ...මේක මට හැදිච්ච පිස්සුවක් නේ බන්...

    ආ...උඹ දැන් හදන්නේ කෙල්ලත් එක්ක හෙමිට ශේප් වෙන්නද..? ඒවා කොහෙද මේ සංකය එක්ක....දැන් ඉතින් මැරුම් කෑවත් උඹල එක්ක තමයි....

    පිස්සුද මචන් එහෙම දෙයක් නෙවෙයි මම කිව්වේ....මගේ මේ පිස්සු වැඩක් නිසා උඹටත් නිකන් කෙලවගන්න වෙන නිසයි එහෙම කිව්වේ...අපි මුලින් කරන්න ගිය වැඩේ ගැස්සුනා නම් වැඩිම උනොත් වෙන්නේ හිරේ යන එකනේ....මේක එහෙම නෙවෙයිනේ බන් කොයි වෙලේ උණ්ඩයක් බහියිද දන්නේ නෑ....අන්න එකයි මම උඹට එහෙම කිව්වේ සහෝ....

    ඔව් මචන් මට තේරෙනවා උඹ කියන එක...ඒ කියල දැන් මට ආයිත් හැරෙන්න බෑ....මොකද ඔය පිස්සුව උඹට වට්ටන්න මාත් දායක උනානේ...දැන් ඉතින් එන දෙකට සහයෝගෙන් මූණ දෙමු...එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ...

    උඹ වගේ එකෙක් මගේ ෆ්රේඩේක් වෙච්ච එක මට ලොකු හයියක්‌ බන්...තෑන්ක්ස් අ ලොට්‌ උඹ කරන හෙල්ප් වලට....

    දිනුක එසේ පැවසුවේ සංකගේ පිටට තට්ටුවක්ද දමමිනි.....




    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 13 :.

    ~ updated......(දහතුන්වෙනි කොටස මෙන්න) ~

    හරි හරි බටර් ගෑව ඇති දැන් ඊළඟට උඹේ ප්ලෑන මොකක්ද කියපං...දැන් මේකිව අර පොට් එකටම ගෙනියනවද...? එහෙම නැත්නම් මේ පැත්තේ කොහේ හරි පොලිසියකට සිද්දිය ගැන කියල හිටියොත් නරකද..? චමත්කත් කිව්වා නේද ලංකාවේ කොහේ හිටියත් එයාව හොයාගනී කියල...ඉතින් අපි කොහොමද මෙයාව හංගල තියාගන්නේ...ඒකිගේ කතාව හරි බන් නිලියක් නොවුනනම් කොහෙට හරි වෙලා හැංගිලා හරි ඉන්න තිබ්බ....මේ වගේ රටම දන්න නිළියක්ව එහෙම හංගන්න ඉන්න පුළුවනෑ...?

    ඔව් මචන් උඹ හරි මටත් හිතෙනවා පොලිසියට කියල තියන එක හොඳයි කියල...අපි මෙයාව විමලේගේ පොට් එකට ගෙනිච්ච කියල අපිට මෙයාව ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද...අරුන් එන්නේ වෙපන්ස් එක්ක...අපිට මොනාද තියෙන්නේ....

    ඒක තමයි මමත් කිව්වේ...උන් දිගට හරහට වෙඩි තියන්නගත්තම අපි මොකෝ අතින් වෙඩි තියන්නද...? ඔන්න මැට්‍රික්ස් එකේ වගේ උණ්ඩ නවත්තන්න පුළුවන් පවර් එකක්වත් තිබ්බනම් බයවෙන්න දෙයක් නෑ...

    උණ්ඩ නවත්තන පවර් කෝක වෙතත් දැන් අපිට තියෙන්නේ දනා මෑන් පවර් තමයි...

    හික්ස්...උඹට ඇඩ්සුත් මතක් වෙනව නේ ඒ අස්සේ....මේ වගේ වෙලාවක ගේම ගහන්න ඕනි මොළෙන් මචන්...නැත්නම් ඉතින් මිණී තුනයි පෙට්ටි දෙකයි තමයි...

    දැන් ඉතින් අපි කොහොමත් පෙට්ටිය ඕඩර් කරගෙනනේ ඉන්නේ බන්...කොයි වෙලාවේ හරි ෂොට් ඒක හම්බ වෙයි...

    කතාබහේදී එලෙස කියාගත්තද ඔවුන් දෙදෙනා මේ සිටින්නේ විශාල බියක් සිත තුල සගවාගෙනය...

    එහෙනම් අපි මේ ගැන චම්ත්කටත් කියල...ඊළඟට හම්බෙන පොලිස් ස්ටේෂන් එකේදී ඇන්ට්‍රියක් දාමු....එහෙම හොඳයි නේද..?

    සංක කීවේ අවසන් නිගමනයකට එළඹීම සදහාය.....

    ඔව් එහෙම කරමු...හැබැයි අපිවත් නවත්තගනියිද දන්නේ නෑ පොලිසියේ...ඇයි බන් අපිත් එසේ මෙසේ මිනිස්සු නෙවෙයිනේ....කිඩ්නැපර්ස් ල නෙව..

    දිනුක සිනහවක් මුවඟට නගාගනිමින් පැවසීය....

    හිහ්...ඔව් අපි කරන්න ආපු වැඩේ උනානම් මෙලහකටත් දෙන්න එකතු වෙලා මහා උළු ගෙදර උළු ගණන් කරනවා....

    සංකද සිනහවක් එකතු කළේය...

    කතිකාව අවසන් කොට මොවුන් නැවත රථය දෙසට පැමිනේද්දීත් චමත්කා සිටියේ තද නින්දේය..

    ඇහැරවන්න හිතෙන්නෙත් නෑ...පව් බන් පූස් පැටියෙක් වගේ නිදන් ඉන්න හැටි බලපං..දිනුක එසේ පැවසුවේ සංකට පමණක් ඇසෙන සේය...

    හ්ම්ම්...ඇත්ත තමයි...එහෙනම් ටිකක් ගිහින් ඇහැරවමු...කෙල්ලට නිදිමතටත් වැඩිය බයට තමයි ඔය නින්ද ගිහින් ඇත්තේ...

    සංකද එය අනුමත කළේය....

    චමත්කා නිදාසිටි ආකාරයට ඇයගේ නින්දට බාධා කිරීමට මිතුරන් දෙදෙනාට සිත් නොදුන් නිසා..තවත් ටික වෙලාවක් ඇයට ඒ අයුරින්ම නිදාගැනීමට ඉඩ සලසා නැවතත් රථය ධාවනය කිරීමට දිනුක පියවර ගත්තේය...

    අහ්හ්....අනේ මට හොඳටම නින්ද ගියා...අපි මේ කොහෙද ඉන්නේ...?

    තවත් පැය බාගයක පමණ කාලයක් ගතවූ පසු නින්දෙන් අවදිගත් චමත්කා එසේ ඇසුවේ දිනුක දෙසට හැරෙමිනි...

    ඒකනේ...ඔයාට බයටම නින්ද ගියා නේද....දැන් නම් රත්නපුරේට ලං කරල ඉන්නේ....අපි මේ හිත හිතා හිටියේ...මේ සිද්දිය ගැන කියල පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මොත් හොඳයි නේද කියල....ඔයා මොකද කියන්නේ...?

    වැඩක් වෙන එකක් නෑ....ඇමතිතුමා අපි ගැන හොයන්න කියල දැනටමත් පොලිසියට කියල ඇත්තේ ...එහෙම උනොත් නිකන්ම අපිව අල්ලගනියි...පොලිසියේ බාගෙට බාගයක් ලොක්කෝ අදුනනව ඒ ගොල්ලෝ...

    හ්ම්ම්...ඒකත් ඇත්ත තමයි....අපිට ඒක ගැන හිතුනේ නෑනේ...හොඳ වෙලාවට ඔයාගෙනුත් මේ ගැන ඇහුවේ....තව පොඩ්ඩෙන් අපි ඇදගෙන නාගන්නවා නේද බන්...

    චමත්කා පැවසු අයුරින්ම ප්‍රේමසිරි ඇමතිතුමා විසින් මේ වනවිටත් සියලුම පොලිස් ස්ථාන වලට නියෝග කර තිබුණේ මොවුන් ගැන තොරතුරක් ලද වහාම තමාට දැනුම් දෙන ලෙසටය....

    මම දන්නවා...කොහොමත් මට මේකෙන් ගැලවෙන්න ලැබෙන එකක් නෑ...ඔයාල දෙන්න තවත් මේකට පැටලුනොත් උන් ඔයාලටත් මොනා හරි කරයි...ඒක නිසා මාව පොලිසියට බාර දෙන්න,කමක් නෑ...මම නිසා ඔයාල දෙන්නව තවත් අමාරුවේ දාන්න මට බෑ...

    ඔයා ඒ ගැන හිතන්න ඕනි නෑ...අපි කිව්වනේ අපි දැන් ඕනි දෙකට ලාස්තිවෙලා ඉන්නේ කියල...ඒක හින්ද අපිට පුළුවන් දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම්....අපිට කොහොම හරි බදුල්ලට යාගන්න පුළුවන් උනොත් එහෙ ගිහින් ටිකක් පාඩුවේ මොනා හරි කල්පනා කරන්න තිබ්බ මේකෙන් ගැලවෙන්න...

    දිනුක් එසේ ප්‍රකාශ කලේ කෙසේ හෝ චමත්කාව බේරාගතයුතු යැයි බලාපොරොත්තුවක් සිතේ තබාගෙනය...

    ඔව් ඒක තමයි දැන් කරන්න තියෙන හොඳම වැඩේ...එතකොට අපිට මොකක් හරි ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්නෙ...

    සංකද දිනුකගේ අදහස අනුමත කරමින් ප්‍රකාශයක් කළේය....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 14 :.

    ~ updated......(දාහතරවෙනි කොටස මෙන්න) ~

    මේ කට්ටියට බඩගින්නක් වගේ දෙයක් එහෙම දැනෙන්නේ නැද්ද..?

    ඔවුන්ගේ සිත් වල ඇතිව තිබු තැතිගැන්ම නිසා මෙතෙක් වෙලා යටපත්ව තිබු බඩගින්න සංකගේ එම ප්‍රශ්නයත් සමග තදින් ඉස්මතු වෙන්නට විය...

    ඇත්තනෙන්නම්....අපි මුකුත් කෑවේ නෑ නේද තාම...මේ සීන් එක නිසා බඩගින්නත් අමතක උනානේ....අපි එහෙනම් රත්නපුරේ ටවුන් එකෙන් මොනාහරි කමු නේද..?

    එහෙම කරමු දැන් නම් බඩ කිපිල ඉන්නේ මචන්...හැබැයි අපේ රංගන ශිල්පිනියට ඔය පොඩි කඩවල කෑම හරියයිද දන්නේ නෑ....

    ඒ සඳහා චමත්කාගේ පිළිතුර කුමක් වේදැයි දැනගැනීමට සංක මෙන්ම දිනුකද යුහුසුළු විය...

    අනේ එහෙම දෙයක් නම් නෑ...ෂූටින් ගියාම ඉතින් එක එක තැන් වලින් නේ කෑම ලැබෙන්නේ...දුර පලාතක එහෙම ගියොත් ඒ පැතිවල මිනිස්සු කන විදියට තමයි අපිටත් කන්න බොන්න වෙන්නේ...හැබැයි මම ගොඩක්ම කැමති ගමේ කෑම වලට...මොකද මම හැදුනේ වැඩුනේ ගමක නිසා මම දන්නවා ඒ කෑම වල රස...මේ ලඟදි මීමුරේ පැත්තේ ෂූට් එකක් තිබ්බ...ගොඩක්ම දුෂ්කර පැත්තක ඒක...ඒ උනාට ඒ මිනිස්සුන්ගේ කෑම වල පුදුම රහක් තියෙන්නේ...ඒ වගේම තමයි ගතිගුණත් ඔය කොළොඹ මිනිස්සු වගේ නෙවෙයි...

    ඒක නම් ඇත්ත...ගම් වල හදන කෑම වල පුදුම රහක් තියෙන්නේ....මෙහෙ වගේ රස කරන්න කියල වස විස දාන්නේ නෑනේ ගමේම වවපු දේවල් වලින් නේ හදන්නේ අනිත් ඒක...මටත් තාම මතකයි අපේ අත්තම්ම හදන පොලොස් මැල්ලුමේ රස...ඒක මතක් වෙනකොටත් බඩගිනි වැඩි වෙනවා...

    දිනුකද තමන්ගේ ගමේ අත්දැකීම් විස්තර කළේය...සංක මොවුන් දෙදෙනාගේ කතාවල් අසා සිටියේ ඉතා උනන්දුවෙනි...

    ඔයා කාල නැද්ද ගමේ කෑම..?

    චමත්කා සංක වෙත ප්‍රශ්නයක් යොමු කලේ ඔහුගෙන් කිසිවක් නොකියවුණු නිසාවෙනි...

    මට ඉතින් ඒ චාන්ස් ඒක නෑ අපේ තාත්තා කොළොඹ ඇවිත් තියෙන්නේ ගමේ කට්ටියත් එක්ක තරහවෙලා...ඉතින් මට මතක කාලෙක යැවුනේ නෑ ඒ පැත්තේ....හැබැයි ගමේ කෑම කාල නැත්තෙමත් නෑ...දිනුකය ගිහින් එනකොට අරන් එනවනේ ඔය කියපු පොලොස් මැල්ලුම එහෙම...ඒක නම් සුපිරිම තමයි කිව්වා වගේම...

    ඔන්න කතාවෙන් කතාව ටවුන් එකටත් ආව...සංකය හොඳ පොට් එකක් පෙන්නපං බලන්න නවත්තන්න....

    රත්නපුර නගරයට ඇතුල්වෙද්දී දිනුක එසේ කීවේ වටපිට බලමිනි...

    අන්න තියෙනවා පොට් එකක්..."ගැමි ගෙදර" පේනවා නේද බෝඩ් ඒක...

    ආ...එහෙනම් එතෙන්ට යමු නේද... කතා කර කර ආවෙත් ගමේ කෑම ගැනනේ

    රත්නපුර නගර සීමාවේ පිහිටි ගැමිගෙදර නම්වූ කුඩා හෝටලයකින් දහවල් ආහාරය ලබාගත් ඔවුන් නැවතත් ගමන ආරම්භ කලේ තවත් පැය බාගයක් පමණ වෙලා විවේකිව එහි රැදී සිටීමෙන් අනතුරුවය...

    කෑම ටික නම් පට්ටයි නේද...?

    සංක සුපුරුදු බාසවෙන් ඇසීය....

    පට්ටයි...? චමත්කාට එය හුරු වචනයක් නොවන බව දිනුකට වැටහුණි...

    අයියෝ ඒක දන්නේ නැද්ද පට්ටයි කියන්නේ හොඳටම හිතට අල්ලලා ගියාම කියන එකනේ...හොඳයි, එල ඊළඟට පට්ටයි කියන වචනේ එන්නේ...සමහරු මැක්සා කියලත් කියනව...

    අහා එහෙමද....මම ඒක දැනන් හිටියේ නෑනේ

    චමත්කා ඇගේ සුපුරුද සිනාව පෑවේ බොහෝ වෙලාවකට පසුවය...

    ඔයා අර හොටෙල් එකේදී පොඩි සෙට් එකක් වට කරන් මොනාද කිව්වේ...? මම දැක්ක පොඩි බට්ටෝ සෙට් එකක් වට කරන් ඉන්නවා...

    සංක ඔවුන් දහවල් ආහාරය ගත් හෝටලයේ සිදුවීමක් මතක් කරමින් ඇසුවේ චමත්කාගෙනි..

    අනේ ඔව් ෂෝක් පොඩි එවුන් ටික...මම කතාවක් කරානේ පොඩි අයගේ....එකේ ඒවා තමයි ඇහුවේ ලඟට ඇවිත්....පොඩි අය එක්ක ඉන්නකොට කාලේ යනවා දැනෙන්නෙත් නෑ...මම හිතුව ඔයාලට තරහ යන්නත් ඇති කියල...

    පොඩි එවුන්ට ගොඩක් ආසයි වගේ...දිනුක එසේ කියන්නට ගොස් නැවත අදහස් වෙනස් කරගත්තේය...

    අහ්හ් එහෙම අවුලක් උනේ නෑ අපිත් පොඩ්ඩක් වෙලා රෙස්ට් කර කර හිටියේ...කාපු කෑම ටික පොඩ්ඩක් දිරවන්නත් එපැයි..එකයි..

    රත්නපුර නගරයෙන් එසේ සමුගත් ඔවුන් ඉන්පසු බලන්ගොඩ, බෙරගල හපුතලේ යන ස්වභාව සෞන්දර්යෙන් පිරි නගර පසු කරමින් බණ්ඩාරවෙල නගරයට පැමිණෙද්දී සවස් කාලය එළම්බී තිබුණි...

    දැන් නම් බයවෙන්න දෙයක් නෑ තව පැයකින් දෙකකින් බදුල්ලට යාගන්න පුළුවන් වෙයි...අපි එහෙ ගිහින් හිතල බලමු මොකක්ද ඊළඟට කරන්නේ කියල...

    ඔයාලගේ යාලුවලගේ ගෙදර තව කව්ද ඉන්නේ...?

    එවර ඇය ඇසු ප්‍රශ්නයට එකවර පිළිතුරු දීමට දිනුක අපොහොසත් විය...එම නිසා සංක ඒ පැනයට පිළිතුරු දීමට ඉදිරිපත්වුනි...

    අද නම් එහෙ කව්රුවත් නැතුව ඇති පොර පොඩි ගමනක් යනවා කිව්වා කට්ටියත් එක්ක...අපි එනවා කියපු නිසා යතුර තියල යනවා කිව්වා...අපි ඉතින් නිතර එහෙ යනවා ඒක නිසා පොර නැති උනත් අපිට ගිහින් ඉන්න පුළුවන් එහෙ අවුලක් නැතුව...

    සංක ගෙතූ කතාවේ පිහිටෙන් ඔවුන්ගේ පෙර සැලස්ම තවදුරත් චම්ත්කාගෙන් සඟවා තබාගැනීමට ඔවුන්ට හැකිවිය...


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 15 :.

    ~ updated......(පහළොස්වෙනි කොටස මෙන්න) ~


    අහ්හ් එහෙනම් කමක් නෑ...මම බැලුවේ, ඔයාල දෙන්න විතරනේ එහෙ යන්න හිටියේ.. ඉතින් මමත් එහෙ ගියාම කට්ටිය මොනා හිතයිද දන්නේ නෑනේ...අනිත් ඒක ඉඩ තියෙනවද දන්නෙත් නෑනේ...

    තමාව මහා විපතකින් බේරාගත් මොවුන් දෙදෙනාව අවිශ්වාස කිරීමට ඇයට නොසිතුණි...මොවුන් දෙදෙනා හැර වෙනත් කිසිවකු මෙතන සිටියානම් මෙවැනි ගමනක් යාමට ඇය කිසිසේත් තීරණය නොකරනු ඇත...

    ඔයා මේ මොනාද කියන්නේ...ඉඩ තිබ්බේ නැත්නම් අලුතින් කාමරයක් හදල හරි දෙයි...ඇයි එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ අපි මේ එක්කන් යන්නේ...ලංකාවම හොඳට දන්න සුපිරි තාරකාවක් නේ...

    සංක එය කීවේ සිනාසෙමිනි...

    හැබැයි ඒකම තමයි මට අන්තිමේදී හෙනේට හිටියේ...මම එදා මගේ මුල්ම ටෙලිනාට්‍යට බෑ කිව්වනම් කියල මට දැන් හිතෙනවා...

    ඔයා ඉස්සෙල්ල කිව්වා නේද ඩාන්ස් ක්ලාස් එකක් කරා කියල...කොහොමද ටෙලිනාට්‍යය වලට ආවේ..?

    දිනුක බාධා කරමින් ඇසීය...

    ඔව් මම අපේ ගමේ ඉස්කෝලේ තිබ්බ උත්සවයකට ඩාන්ස් එකක් කරා...ඒ උත්සවයේ ප්‍රදාන අමුත්තාට විදියට ඇවිත් හිටියේ අපේ ගමේ ඉස්කෝලෙන් ඉගෙනගෙන පස්සේ කොළොඹ ගිහින් දැන් ගොඩක් ජනප්‍රිය නිලියක් වෙලා ඉන්න කෙනෙක්, නම නෙලුම්කා...අහල ඇතිනේ...ඉතින් එයා මගේ ඩාන්ස් දැකල ඇහුව එයා කරන්න යන මුල්ම ටෙලිනාට්‍යයේ චරිතයක් කරන්න කැමතිද කියල...ඒ කාලේ ඉතින් මාත් ගොඩක් ආසාවෙන් හිටියේ නාට්‍යක රඟපාන්න...ඉතින් මම කැමති උනා...ඒක තමයි මගේ පලවෙනි නාට්‍යය...

    ඊට පස්සේ ටෙලි නාට්‍ය කීයක්‌ විතර කරාද..?

    දිනුක තවත් උනන්දුවෙන් ඇසීය...

    දැනට ටෙලිනාට්‍ය පහළොවක් විතර කරලා තියෙනවා...හැබැයි ඒවගෙන් දෙක තුනක් තාම ටීවී එකේ ගියේ නෑ...චිත්‍රපටිත් දෙකක් කරා...ඒකෙන් ගොඩක්ම ෆේමස් උනේ "ආදර මංසල" කියන ෆිල්ම් එක...ඔයාල බැලුවද ඒක...?

    අයෙත් අහල...මම කීපසැරයක්ම බැලුව...ඒකෙ ඔයාගේ ඇක්ටිං නම් පට්ටයි...සංකයා තමයි මටත් දුන්නේ ෆිල්ම් එක...

    "දහසැරයක් විතර බැලුවා"යි කියන්නට ගොස් එය නැවත "කීපසැරයක්ම" කියා වෙනස් කලේ කලින් ප්‍රකාශයෙන් ඕනෑවටත් වඩා ඇය පිළිඹඳ වු කැමැත්ත ඉස්මතු වන බව ඔහුට හැඟුණ නිසාවෙනි...එමෙන්ම කෘතගුණ සැලකීමක් වශයෙන් සංකවද මේ මොහොතේ මතක් කිරීමට ඔහු අමතක නොකළේය...

    සංක ඒක ගත්තේ ඉන්ටනෙට් එකෙන් නේද...?

    දිනුක විසින් තමාවත් එ මොහොතේ නම් කිරීම පිළිඹඳ සතුටින් පසුවුවත් මේ මොහොතේ චමත්කා ඇසු ප්‍රශ්නය නිසා සංක එසේ නොකීවා නම් හොඳයි කියා දිනුකට සිතුනි...

    සොරි වෙන්න ඕනි...ගත්තේ නම් නෙට් එකෙන් තමයි....

    එ පිළිබඳ බොරුවක් පවසා පලක් නැතැයි සිතු සංක ඇත්තම කීවේය...

    හ්ම්ම් ඒක තමයි දැන් ගොඩක් ෆිල්ම්ස් එහෙම දානවා නෙට් එකට...එතකොට ඉතින් ෆිල්ම් ඒක හදන්න මහන්සි වෙන අයට තමයි අසාධාරණයක් වෙන්නේ...කට්ටිය දන්නේ නෑනේ ෆිල්ම් එකක් හදන්න ඒ මිනිස්සු කොච්චර මනන්සි වෙනවද කියල...අපි ඉතින් එතන හිටපු නිසා දන්නවා...ඔයාලගේ වැරද්දක් කියනව නෙවෙයි හොඳද...මෙහෙම් හොරෙන් නෙට් එකට ෆිල්ම් දාන අය තමයි වැරදි...

    ඒක නම් ඇත්ත තමයි...ඒත් ඉතින් දැන් කාලේ හැමතැනම වෙන්නේ ඕකනේ...මෙහෙ විතරක් නෙවෙයි හොලිවුඩ් බොලිවුඩ් පවා එහෙමනේ...ෆිල්ම් ඒක රිලීස් කරපු ගමන් කොපීස් එනවා නෙට් එකට...

    එකනේ රට යන අතටනේ අපිත් යන්නේ...

    දිනුකද හවුල් විය...

    හ්ම්ම් ඔව් අපේ කට්ටිය බැලුව මේක වෙනස් කරන්න...ඒත් එච්චරම සාර්ථක උනේ නෑ...මොකද නෙට් එකට මේවා දාන අයව හොයන්න බෑනේ එහෙම ලේසියෙන්...

    ඒක නෙවෙයි ඔයාගේ නංගිත් ටෙලිඩ්‍රාමා වලට එනවා කියල තිබ්බ නේද..? අපි දැක්ක පත්තරෙක තියෙනවා...

    සංක කතාව වෙනත් අතකට හරවද්දී දිනුකට සිනා පහල වුයේ මොවුන් දෙදෙනා මීට පෙර කතාබහකදී එකිනෙකාට කරගත් විහිලු මතක් වු නිසාය...

    ඇත්තටම ඒ මගේ නංගි නෙවෙයි...මම ටෙලිඩ්‍රාමා වලින් ෆේමස් වේගන එනකොට ඒක පෝසත් පව්ලක මැඩම් කෙනෙක් උදව් කරා මට නැවතිලා ඉන්න ඒ ගොල්ලන්ගේ ගේ එහෙම දීල...ඉතින් පස්සේ එයාගේ දුවටත් ෆීල්ඩ් එකට එන්න ඕනි කියල මෙහෙම පොඩි රඟපෑමක් කරන්න පුලුවන්ද ඇහුව...ඉතින් මෙච්චර උදව් කරපු අයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මටත් කැමති වෙන්න උනා...මට ඉතින් මගේ පවුල කියල හිටියේ ගමේ හිටිය මගේ අත්තම්මයි සීයයි විතරයි...දැන් ඒ දෙන්නත් නෑ...ඉතින් ඒක නිසා මට මේ ගෙදර අය තමයි ඊටපස්සේ මගේ පව්ලේ කට්ටිය උනේ...

    මදැයි අපි ගහකට නගින්න ගියා...සංක තමාටම කියාගත්තේය...

    ඔහොම තමන්ගේ රසික රසිකාවියන්ව අන්දන ඒක හොඳයිද...නේද සංකයා

    දිනුක ඇසුවේ සංක දෙසද බලමිනි....

    එකනේ කියන්නේ...අපි කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයාගේ නංගිගේ ඇක්ටිනුත් බලන්න....

    මම කලින් කිව්වා වගේ එයාල මට සලකපු විදියත් එක්ක මට එකට අකමැති වෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...ඔයාල එයාව දැක්කනම් ඔහොම කියන එකක් නෑ....එයා මටත් වැඩිය ලස්සනයි...මට වැඩිය මේ ගැන ඉගෙන ගෙනත් තියෙනවා...කොච්චර දැනන් හිටියත් දක්ෂ උනත් මේ ෆීල්ඩ් එකට එන්න අමාරුයි නේ දැනට මේකේ ඉන්න කෙනෙක්ගේ හෙල්ප් එකක් නැතුව...අන්න එකයි එහෙම කරේ...

    ඒ සැරේ නම් සංකට හැපී වගේ....

    දිනුක කීවේ සංක දෙස බලා ඇසක් ගසිමිනි...

    මෙවැනි රසවත් කතා බස් මැද්දේ ඔවුන් බදුල්ල නගරයට ලඟාවී තිබුනේ අඳුර වැටීගෙන එද්දීය ..

    බදුල්ලට නම් ආව...දැන් ප්ලේස් එක හොයාගන්න එක තමයි තියෙන්නේ..

    දිනුක එසේ කීවේ විමලේ අයියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් දෙන අතරේය...

    ඇයි ඔයාල කිව්වා නේද නිතර මෙහෙ එනවා කියල...ඒත් පාර මතක නැද්ද...

    චම්ත්කාගෙන් තවත් බැරෑරුම් ප්‍රශ්නයක් එල්ලවිය...

    නිතර කිව්වට ඉතින් අවුරුද්දකට දෙකකට සැරයක් වගේ එවෙන්නේ...එතකොට ඉතින් ටිකක් වෙනස් වෙලානේ මේවා...අනිත් එක රෑත් වෙච්ච නිසා ඔය පාරවල් ටිකක් හොයාගන්න අමාරුයි...

    දිනුක විමලේ අයියාගෙන් පාර අසාගන්නා වෙලේ එම ප්‍රශ්නයටද පිළිතුරු සැපයුවේ සංක විසිනි ...



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: lkdood

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 16 :.

    ~ updated......(දහසයවෙනි කොටස මෙන්න) ~

    විමලේ අයියා පැවසූ ආකාරයට බදුල්ල නගරයේ සිට පස්සර දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් ගොස් කුඩා අතුරු පාරකට හැරී තවත් ටික දුරක් ගිය තැන ඔහුගේ වසා දමා තිබූ නිවෙස පිහිටා ඇත...එසේ සවිස්තරව පාර අසාගත්තද ඔවුන් මුලින් ගොස් තිබුනේ වෙනත් අතුරු පාරක් ඔස්සේය..නැවතත් විමලේ අයියාට දුරකථන ඇමතුමක් දීමෙන් පසුව නිවැරදි මග සොයා ගැනීමට ඔවුන්ට හැකිවිය..

    ඔහු පැවසූ ආකාරයටම කාලයක් තිස්සේ වසා දමා තිබූ නිසා නිවෙස කැලයක් මෙන් දිස්විය...එමෙන්ම ඒ අවට පරිසරයද ඉතා පාළු ස්වභාවයක් ගත්තේ මෙම නිවසට අමතරව එහි පිහිටා තිබුනේ තවත් කුඩා නිවෙස් දෙක තුනක් පමණක් නිසාවෙනි....මෙම ස්ථානයට ඇතුළුවත්ම චමත්කාගේ සිතේ පෙර නොදැනුණු ආකාරයේ බියක් හටගන්නට වුයේ මොවුන් පැවසූ ආකාරයට මිනිසුන් වාසය කල බවක් කිසි සේත්ම මෙහි පෙනීමට නොතිබුණු නිසාය...

    අපිට ආයිත් පාර වරදිලාවත්ද...? මේක පාලුවට ගියපු ගෙයක් නේ.....

    චමත්කා සිතේ ප්‍රථම වරට මොවුන් පිළිබඳව අවිශ්වාසයක් හටගෙන ඇත....

    නෑ මේක තමයි තැන....ඔයාට තවත් බොරු කියල වැඩක් නෑ අපි ඇත්ත කතාවම කියන්නම් ඉස්සෙල්ල පොඩ්ඩක් මේක අස්පස් කරල ඉමු....

    මෙතෙක් ආ ගමන් මග පුරාවටම ඔවුන් මුලින් ක්‍රියාත්මක කිරීමට ගිය සැලැස්ම චමත්කාගෙන් සඟවා ගැනීමට හැකිවුවත් තවදුරටත් එය එසේ කල නොහැකි බව වැටහුණු දිනුක ඔවුන්ගේ සම්පූර්ණ කතාවම චමත්කාට පැවසීමට තීරණය කළේය...

    ඒ කියන්නේ ඔයාලත් ඒ වගේ මිනිස්සුද....අනේ මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ ඔයාල මට මෙහෙම කරයි කියල......

    චමත්කා එසේ කියමින් හඬන්නට විය....

    අඬන්න එපා.....අපි එහෙම කරදරයක් කරන්න නෙවෙයි ඔයාව මෙහෙට ගේන්න හිතුවේ....මචන් සංක කියපන්කො සීන් එක....

    දිනුක සංකට එසේ පැවසුවේ ඔහු ක්‍රියාත්මක කිරීමට ගිය පිස්සු අදහස පිලිබඳ තමන්ගේ මුවින්ම ඇයට පැවසීමට අපහසු බවක් දැනුණු නිසාවෙනි....

    අහ්හ් අන්තිමේදී ඒකත් මටම තමයි කියන්න වෙන්නේ....කමක් නෑ...මෙන්න මේකයි උනේ අපේ මේ පිස්සු පූසට මම ඔයාගේ ෆොටෝස් වගයක් පෙන්නුවා නෙට් එකෙන් ගත්ත...

    සංක කතාව පැවසීමට එසේ ආරම්බ කරද්දීම දිනුක එතනින් ඈත් වී නිවෙස තිබූ දෙසට පියමැන්නේය...

    ඉතින් මේ යකා ඒ ෆොටෝස් දැකල පිස්සු වැටුනා.....මම මුලින් හිතුවේ නෝමල් පිස්සුවක් කියල මොකද ඕනි කෙනෙක්ට එහෙම ඇක්ට්‍රැ‍ක්ෂන් එකක් එනවනේ ඇහැට කනට පේන නිළියක්ව දැක්කම....නෑ මේක ඊට වැඩිය දරුණු එකක්....මූ කියන්න ගත්තනේ ඔයා මුගේ ගිය ආත්මේ ලව් එකක් කියල....මම ඒත් කිව්වා හොඳ ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගනින් කියල.....

    මෙතෙක් වෙලා හඬමින් සිටි චමත්කාගේ මුවේද සිනාවක් ඇඳෙන්නට විය....

    ඒත් කියපු කිසි දේකින් වැඩක් උනේ නෑ...මුගේ මේ පිස්සුව නිසා මම කොච්චර කට්ටක් කෑවද...ඔයාට මතක නැතුව ඇති අපි දෙන්න දවසක් ඔය එක්සයිස් කරනවා බලන්නත් ආව මුගේ මේ පිස්සුව නිසා...එදා ඔයාට කතා කරන්න කියල හිටියේ කොහෙද ඔයා පිස්සු හැදෙන හිනාවක්‌ දැම්මනේ...දෙන්නම ගල් පිළිම උනා...

    අහ්හ් මට ටිකක් මතකයි ඒ සිද්දිය....මුණු නම් හරියටම මතක තිබ්බේ නෑ දෙන්නෙක් පිළිම දෙකක් වගේ බලන් හිටිය කියල මම අර නංගිටත් කිව්වා....

    චමත්කාගේ හැඩීම නතර වී සුපුරුදු සිනහව මුහුණේ දිස්වුනද හැඩීම නිසා මුහුණට වැටි තිබූ කඳුළු බිදු දෙකක් තවමත් පෙනෙන්නට ඇත...

    එකනේ කියන්නේ අපිත් නිකන් ටින්කිරි ගාගන්නවා මුගේ වැඩ නිසා...ඉතින් එදා තව කේස් එකක් උනානේ...බෙන්ස් එකකින් දුෂ්ටයෙක් ආවනේ ඔයා හිටපු තැනට හැබෑට කව්ද ඒ...?

    අහ්හ් ඒ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්...මම එයාගේ අලුත් ෆිල්ම් ඒකෙ ඇක්ට් කරන්න හිටියේ...එදා එයා මම ඉන්න තැනට ගියාම කියල මෙහෙම් එක්සයිස් කරන්න ගිහින් කියල ඒ සැරේ එතෙන්ටම ආව....

    එහෙමද....තව පොඩ්ඩෙන් අපේ එකා වෙඩි තියනවා ඒ මනුස්සයට...හොඳ වෙලාවට තුවක්කුවක් තිබ්බේ නැත්තේ ළඟ පාතක...

    සංක කතාව කියාගෙන යන්නේ ඉතා රසවත් ලෙසිනි....

    ඊළඟට තමයි පිස්සුම සීන් එක තියෙන්නේ....මේ යකා ඊට පස්සේ කියන්න ගත්තනේ ඔයාව උස්සන්න ඕනි කියල....මම ඒත් ඇහුව බර බලන්නද කියලත්..හිහ්හ්....බැලිත්නම් මූ මේ සිරාවට කියල තියෙන්නේ....මම ඉතින් කට කැඩෙනකන් කිව්වා ඔය වැඩේ නම් දෙන්නම ගස් යන වැඩක් කියල...අහුවේම නෑ ඉතින් අන්තිමේදී ඉතින් බොක්කේ ෆිට් එකකගේ වැඩක් නිසා මටත් එන්න උනා ඉතින්....

    ඒ කියන්නේ දිනුක මාව කිඩ්නැප් කරලද ආදරේ කියන්න හිතන් හිටියේ..?

    චමත්කා ඇසුවේ දිනුක නිවෙස ඇතුලත පිරිසිඳු කරන ආකාරය දෙස බලාගෙනය...

    එකනේ මුට පිස්සු කියල මම මුලින්ම කිව්වේ....හැබැයි ඉතින් ඒකෙ වරද්දකුත් නෑ නේ....මොකද නිකන් පාරේදී හම්බ වෙලා ආදරෙයි කිව්වට වැඩක් නෑනේ ඔයා වගේ කෙනෙක්ට....කොහොම හරි මේ වැඩේ කරන්න අපි අහන අහන හැම එකාටම බොරු කිව්වේ....ගෙවල් වලට බොරු කිව්වා,යාලුවන්ට බොරු කරා මේ වෙනකන් ඔයාටත් බොරු කිව්වා.....මම හිතන්නේ ටෙරාබයිට් ගානක විතර බොරු කියල තියෙනවා මේ වෙනකොට...

    ඔයාල නම් පුදුම පිස්සු වැඩක් තමයි කරල තියෙන්නේ....නිකන් වත් බයක් හිතුනේ නැද්ද මේ වගේ දෙයක් කරන්න ඉස්සෙල්ල....?

    ප්ලෑන් ඒක ගහනකන් කිසිම බයක් පෙන්නුවේ නෑ දිනුකය....හැබැයි ඔක්කොම කරලා එදා ඔයා එනකන් බලාගෙන ඉඳිද්දී ඒ ටික වෙලාවට පොර හෝ ගාල බය වෙලා හිටියේ...පොරම කිව්වා ඒ වෙලේ වැඩේ අත ඇරලා දාන්න හිටියේ කියල....ඒත් ඉතින් හිතපු නැති දෙයක් නේ උනේ...ඔයාම ඇවිල්ල කාර් එකට නැගල යන් කිව්වනේ....අපිට ෆුල් හොල්මන් ඒ වෙලේ නම්....හැබැයි ඒ වෙලේ මටත් හිතුන දිනුකය කියපු කතාවත් වෙන්න පුළුවන් කියල...

    මොන කතාවද...?

    අර ගිය ආත්මේ ලව් කේස් ඒක...

    චමත්කා සිනාසුනා පමණි.....

    ඒක නෙමෙයි තාමත් අපි ගැන බයෙන්ද ඉන්නේ ඔයා...?

    සංක එසේ ඇසුවේ ඔවුන් පිළිඹඳ චමත්කා දරන අදහස දැනගැනීමටය...

    හ්ම්ම්...දැන් නම් කලින් තිබ්බ බය නෑ...ඉස්සෙල්ල මම මේ ගේ දකිද්දී ගොඩක් බය උනා ඔයාල මට කරදරයක් කරන්න තමයි යන්නේ කියල හිතිච්ච නිසා....

    ඔව් ඒක සාදාරණයි අපි ඉතින් බොරුනේ කිව්වේ එන ගමන්.....හරි දැන් එහෙනම් අපි ඇතුලට යමු නේද...මෙහෙම ඉන්න ගියොත් සීතලට ගල් වෙලා යයි...

    රාත්‍රී අඳුර වැටීමත් සමඟ දැඩි සීතලක් ගත දැවටෙද්දී සංක එසේ පැවසුවේය.....

    ඔවුන්ගේ සත්‍ය කතාව ඇසීමත් සමගම පෙර තිබූ බිය පහව ගොස්ව තිබූ නිසා නිවෙස තුලට යාමට චමත්කා එකඟ වීමත් සමග නිවෙසට ඇතුළු වු ඔවුන් නිවස පිරිසිඳු කිරීමේ කාර්යය අවසන් කිරීම සඳහා දිනුකට සහයෝගය ලබාදුන්හ.....

    ඔයාට මේ රූම් එක හොඳයි නේද...?

    රාත්‍රිය ගත කිරීමට හැකිවන පරිදි නිවෙස අස්පස් කල පසු සංක එසේ ඇසුවේ නිවසේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබූ කාමරය පෙන්වමිනි...මෙම කාමරය ඇයට සුදුසුයැයි සංකට සිතුනේ ඇතුලින් පිහිට තිබීම නිසාත් එමෙන්ම එම කාමරයට අලලා කුඩා නාන කාමරයක්ද සකස් කොට තිබුණු නිසාත්ය...ඔවුන්ගේ සැලැස්මේද මෙම කාමරය වෙන්කොට තිබුනේ ඈ වෙනුවෙන්මය...විමලේ අයියාගෙන් නිවස පිලිබඳ විස්තර අසද්දී මෙම කාමරය පිලිබඳවද ඔහු පවසා තිබුණි....

    ඔව් මේක හොඳයි....

    චමත්කාද එයට කැමැත්ත පලකලාය.....

    ඔහ්හ් අපිට ඒක දෙයක් අමතක උනානේ....ඔයාට අඳින්න ඇඳුමක් එහෙම නෑ නේද ...?

    ඒක නම් එහෙම තමයි...කමක් නෑ දැනට මම මේකෙන්ම ඉන්නම්...

    නෑ මෙහෙම කරමු....මම ගිහින් ඔයාට ඇඳුම් මොනාහරියි අපිට කන්න මොනාහරියි ගේන්නම්....මම ඕව තෝරන්න නම් දන්නේ නෑ හැබැයි අහුවෙන එකක් ගේනවා හොඳේ...ඕනි සයිසස් එහෙම කියන්න...

    ඇයට අවශ්‍ය දේවල් ගැන අසා දැනගත් සංක තම මිතුරා සොයා ගියේ තමා බදුල්ල නගරයට ගොස් එන බව පැවසීමටය....මේ වනවිට තමාගේ පිස්සු අදහස පිළිඹඳ චමත්කා සියලු දේ දැනගත් නිසා ඇයට මුහුණ දීමට නොහැකිව සිටින දිනුක නිවෙස ඉදිරිපස සිට තම මවට දුරකථන ඇමතුමක් දී තමා පැමිණි විනෝද චාරිකාව පිලිබඳ තොරතුරු ගොතමින් සිටියේය...

    අම්ම මොනාද කියන්නේ...?

    දුරකථන ඇමතුම අවසන් වනතුරු රැදී සිටි සංක අසා සිටියේය...

    වෙච්ච දේවල දන්නවනම් මොනා කියයිද දන්නේ නෑ...දැන් නම් කිව්වේ පරිස්සමෙන් ඉන්න කියල තමයි...උඹලගේ අම්මත් කෝල් අරන් වැඩ කරලා නෑ...අපි මග ඉන්නකොට වෙන්න ඇති.....මම ඉතින් කිව්වා අපි කරදරයක් නැතුව ආව කියල....උඹත් කෝල් එකක් අරන් කියපං නැත්නම් ඒ මිනිස්සු බය වෙයි...

    හ්ම්ම්...හරි මම යන ගමන් ගන්නම්... මම මේ ටවුන් ඒකට ගිහින් එන්න බැලුවේ අරකිට අඳින්න ඇඳුමක්වත් නෑනේ බන්.....ඒ ගමන්ම කෑම මොනා හරිත් අරගෙනම එන්නම්....උඹ මෙතෙන්ට වෙලා පිස්සු කෙලින් නැතුව චැටක් දාගෙන හිටපං එකිත් එක්ක.....මම කතාව කිව්වා ශේප් ඒකෙ කිසි අවුලක් නෑ...මට පෙන්නේ ඒකිගේ කැමැත්තකුත් තියෙනවා වගේ.....ෂුවර් නෑ ඉතින් ඇක්ට්රස් ලනේ බන්....

    අනේ මන්ද බන්....දැන් මට එකිත් එක්ක කතා කරන්න නිකන් මොකක්ද වගේ....උඹ කතාව පටන් ගත්ත විදියට ආයි කියල ඇති රෙදි ගැලවෙන්නම....මම දන්නේ නැද්ද උඹේ කතා ගැන...හැබැයි ලොකු උදව්වක් කරේ මචන් මට ඒ වෙලේ කියාගන්න බැරුව ස්ටක් උනා...එකී අඩන්න ගත්ත නිසා තමයි මාව අප්සට් ගියේ....

    හරි හරි බන් දැන් ඒක ශේප් උඹ ගිහින් කතා කරලා බලපංකො...කොයි එකටත් වටපිටාව ගැනත් පොඩ්ඩක් ටච් ඒකෙ හිටපං මොකක් හරි කේස් එකක් උනොත් ටක් ගාල කෝල් එකක් දීපං හොඳේ....එහෙනම් මම ගියා...

    සංක මෝටර් රථය පණගන්වා හරවාගනිද්දී උදෑසන සිදුවූ වෙඩි තැබීමේ ප්‍රතිපල ලෙස පිටුපස වීදුරුව සිදුරු වී තිබූ සැටි හොඳින් දර්ශනය විය...



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: doonga and p990i

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 17 :.

    ~ updated......(දහහත්වෙනි කොටස මෙන්න) ~


    සංක පිටත්ව ගිය පසු දිනුක නිවෙස තුලට පා තැබුවේ චමත්කා සමග කතා බහ කරන්නේද නැද්ද කියා තීරණය කරගත නොහැකිවය....එසේ චකිතයකින් යුතුව චමත්කාගේ කාමරය දෙසට සහ සාලය දෙසට එහා මෙහා ඇවිදමින් සිටි දිනුකට ඊළඟ මොහොතේදී මුහුණ පාන්නට සිදු වුයේද බලාපොරොත්තු නොවූ සිදුවීම්කටය...

    නාන කාමරයේ සිට කෑ ගසාගෙන පැමිණි චමත්කා එකවරම කාමරයේ දොරද හැරගෙන විත් දිනුකව වැළඳ ගත්තේ හති අරිමිනි...ඇය යමක් දිනුකට පැවසීමට තැත් කලද කටහඩ පිට නොවීය...ඇය ඒ තරමටම බියට පත්වී සිටියාය...

    එකවරම ඇයගෙන් ලැබූ ස්පර්ශය නිසා වික්ෂිප්ත වී සිටි දිනුකද ගල් පිළිමයක් මෙන් ඇය දෙස බලා ගත්වනම බලා සිටින්නට විය..ඇගේ ස්පර්ශයත් සුවදත් ඔහුව වෙනම ලෝකයට රැගෙන ගියාක් මෙන් ඒ මොහොතේ ඔහුට දැනුණි...චමත්කාද එම ඉරියව්ව වෙනස් කිරීමට තැත් නොකලේ ඇය පත්ව තිබු බියද පරයා නැගී සිටි ආදරණීය හැගීමක් විසින් තව තවත් එසේ සිටීමට අනුබල දුන් නිසාවෙනි...තවත් මොහොතක් එසේ බලා සිටි ඔවුන් ඊළඟ මොහොතේ තම ආදරයේ ප්‍රථම සිපගැනීම් සනිටුහන් කරන්නට විය...

    මං කරන්න ගිය පිස්සු වැඩේට මට සමාවෙන්න රත්තරන්....එහෙම කිඩ්නැප් කරලා හරි ඔයාට ආදරේ කියන්න හිතුනේ ඔයා ගැන මගේ හිතේ ඇතිවෙච්ච ආදරේ මාව පිස්සෙක් කරලා තිබ්බ නිසා..

    දිනුක එසේ හැඟුම්බරව පැවසුවේ ඇයව තවත් වරක් සිප ගනිමිනි.....

    අනේ එහෙම සමාව ඉල්ලන්න තරම් වැරද්දක් ඔය කරලා නෑ දිනුක...ඔයා කිව්වා වගේ මේක අපි දෙන්න ගිය ආත්මේ ඉඳං පතාගෙන එන බැඳීමක් වෙන්න ඇති...මම සංකට ඉස්සෙල්ල කිව්වා ඔයාල එදා මම එක්සයිස් කරනව බලන්න ආපු වෙලේ ඔයාලගේ මුණු නම් මතක තිබ්බේ නෑ කියල...ඒත් ඒක එහෙමම නෙවෙයි...මට ඔයාගේ මුණ මතකේ තිබ්බ....ඒක නිසාමයි අර මැරයෝ මගෙ පස්සෙන් පන්නද්දී ඇවිත් ඔයාගලගේ කාර් එකට නැග්ගෙත්....මට ඒක එ වෙලේ කියන්න හිතුනේ නෑ...

    චමත්කා එසේ කියාගෙන ගියේ හැඬුම් අතරිනි...

    ඔව් රත්තරන් මට මුල ඉඳලම දැනුනා මේක අපි දෙන්නගේ ගිය ආත්මේ බැඳීමක් කියල...මම සංකටත් කිව්වා ඒක....මම හරිම වාසනාවන්තයි ඔයාව මෙහෙම හරි මට ලැබුනනෙ...අපි මේකෙන් කොහොම හරි බේරෙන්න බලමු...ඊට පස්සේ ඔයා තමයි මගේ ජීවිතේ...මාත් එහෙම නේද?

    ඔව් දිනුක....අපිට එහෙම එකතුවෙන්න ලැබුනොත් මම මේ ඔක්කොම අත ඇරලා දාල ඔයත් එක්ක එනවා....ඊට පස්සේ මගේ මුළු ජීවිතේම වෙන්නේ ඔයා...මට විශ්වාසයි ඔයා මාව මටත් වැඩිය හොදින් බලාගනියි කියල....

    මෙසේ ආදරණීය කතා බහක යෙදී සිටියදි, චමත්කා යම් කිසි දෙයකට බියවී තමා වෙත පැමිණි බව දිනුකට එක් වරම මතකයට ආවේය...

    ඒක නෙවෙයි ඔයා ඉස්සෙල්ල රූම් එකෙන් එලියට ආවේ ගොඩක් බය වෙලා නේද...ඇයි ඒ?

    අම්මෝ ඔව්...බාත් රූම් එකේ ලොකු සර්පයෙක් ඉන්නවා දිනුක....මම ඒකට බයවෙලා දුවගෙන ආවේ...ඒ වෙලාවේ මට කතා කරගන්නත් බැරි උනා....හැබැයි ඔයාගේ උණුසුම දැනුනම ඒ බයත් අමතක උනා....

    ආහ්හ් දැන් කෙල්ලගෙන් ෆිල්ම් වල කෑලිත් එලියට එනවා වගේ නේද..? යන් ගිහින් බලමු මගේ කෙල්ලව මගේ ලඟටම ගෙනත් දීපු ඒ එල බුවා මොකාද කියල...බය වෙන්න එපා මං ඉන්නවනේ එන්න...

    මම ඉතින් නිලියක් නේ බබා...ඒවත් ඉඳල හිටලා කියවෙනවා...අම්මෝ එල තමයි...මම තව පොඩ්ඩෙන් කලන්තේ දාල වැටෙනවා උගේ ඇඟ උඩටම....

    ඒ වචන කියද්දී පවා ඇයගෙ මුහුණින් බිය ප්‍රකාශ විය...

    ඔයා නිකන් බය උනාට සර්පයත් ඔයාව දැකල ගල් ගැහිලා ඇත්තේ...මමම දැන් කී සැරයක් එහෙම උනාද....මේ වෙලාවට මට මතක් වෙන්නේ අර රොෂාන් ගෙ වීඩියෝ සෝන්ග් ඒක නතාෂා ඉන්න...

    දිනුක කියූ කතාවට ඇයගේ සුපුරුදු සිනහව ඉස්මතු විය....

    අනේ මට නම් එච්චර ලස්සන ඇස් දෙකක් නෑ...අර මම හිටපු ගෙදර නංගිගේ ඇස් දෙක නම් ඒ වගේ...

    චමත්කා ගෙන් තවත් නිරහංකාර ප්‍රකාශයක්

    අම්මෝ,මේ ඔයා සංකයා ඉන්න තැන නම් ඕක කියන්න එපා....ඊළඟට ඇත්තටම කිඩ්නැප් එකක් කරන්න වෙයි...

    දිනුක තම මිතුරාව මතක් කලේ සිනා මුසු මුහුණෙනි....

    අනේ නංග ගැන කියනකොට මතක් උනේ...එයාලටත් මුකුත් කරදරයක් කරාද දන්නේ නෑ අරුන්...පව් අනේ මම නිසා එයාලට එහෙම උනොත්....

    කෝල් එකක් අරන් බැලුවනම් මොකද...?

    අනේ මගේ ෆෝන් ඒක වැටිලනේ මම දුවන් එනකොට....එකේ තමයි නම්බර් එකත් තිබ්බේ...හැමවෙලේම ෆෝන් බූක් එකෙන් ඩයල් කරන නිසා නම්බර් ඒක මතක නෑ ඩියර්...

    හ්ම්ම්....ඔයා බය වෙන්න එපා එයාලට කරදරයක් නැතුව ඇති...උන් එන්නේ ඔයාගේ පස්සෙන්නේ....

    ඔව් අනේ මං හින්ද එයාලට නම් කරදරයක් වෙන්න එපා කියල මං ප්‍රාර්ථනා කරනවා....අපි මෙහෙම හිටියට මොන මොන නිව්ස් ගිහින්ද දන්නේ නෑ දිනුක...මීඩියා වලින් නිකන් ඉන්න එකක් නෑ...මට එපා වෙනවා වෙලාවකට එයාලට උත්තර දීලම....

    අපරාදේ කෙල්ලේ...අපිට මීඩියා සපෝට් ඒක ගන්න තිබ්බ ෂෝක් ඒකට....කෝ ඔයා ෆෝන් ඒක දාල ඇවිත් නේ...

    ඒක තමයි මාත් කල්පනා කරේ...අපේ අවාසනාව තමයි දිනු...

    චමත්කා එසේ කිවේ දුකිනි...

    මෙතෙක් වෙලා කාමරය අසල කතා බහ කරමින් සිටි ඔවුන් නාන කාමරය දෙසට ගමන් ඇරඹුවේ චමත්කා බියවූ සර්පයා සොයාය...නාන කාමරයට ඇතුළු වූ දිනුකට දැකගත හැකිවුයේ ගොදුරක් ගිල තිබීම නිසා පිඹුරෙක් තරම් විශාලව සිටි ගැරඬියෙකි....තරමටත් වඩා විශාල කුමක් හෝ සතෙක් ගිල දමා ඇති නිසා ගමන් කිරීමට නොහැකිව ඒක තැන ගුලි වී සිටින්නට සිදු වී ඇති බවක් දක්නට ලැබුණි ...දිනුක සමග නාන කාමරය අසලට පැමිණියද එයට ඇතුළු නොවූ චමත්කා බියට පත්වී මේ දෙස බලා සිටියාය...

    මම කිව්වේ සර්පයාත් ගල් වෙලා ඇති කියල....

    අසල තිබු කොස්සෙන් ගැරඩියාට තට්ටුවක් දමමින් දිනුක පැවසුයේ සිනා සීගෙනය...

    අනේ එපා දිනුක, ඇඟට පනියි...

    චමත්කා එසේ කෑගැසුවද ගැරඬියා සෙලවුනේ වත් නැත...

    කොහේ පනින්නද බබා මු බඩ ජාරි කමට කාල හැරෙන්න බැරුව ඉන්නේ....

    දිනුක එසේ කිවේ තවත් තට්ටුවක් දමමිනි.....

    අම්මෝ මම මුලින් හිතුවේ පිඹුරෙක් කියල....දැන් දැක්කේ ගැරඬියෙක් කියල....මම නම් ගැරඬියට උනත් හරි බයයි....අපි දැන් මුට මොකක්ද කරන්නේ දිනුක?

    හ්ම්ම්...ඕනි නම් සුප් එකකට උනත් ගන්න පුළුවන්....

    ඊයා...කියන කතා

    දිනුක එසේ කීවේද චම්ත්කාගේ මෙම ප්‍රතිචාරය දැකගැනීම සඳහාය....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: gayanela

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 18 :.

    ~ updated......(දහඅටවෙනි කොටස මෙන්න) ~


    විහිලු නෙවෙයි අනේ මුට මොකක්ද කරන්නේ....මට මූණ හෝදගන්නවත් විදියක් නෑනේ මේකා නිසා...

    අයියෝ ඕකට බය වෙන්න එපා කෙල්ලේ...ඌ පාඩුවේ ඉඳියි ඔයා ගිහින් වැඩේ කරගන්න...මුව මෙතනින් අයින් කරන්න හෙන ගේමක් දෙන්න වෙනවා...ඔන්න භූමිතෙල් ටිකක්වත් තිබ්බනම් වැඩේ කරන්න තිබ්බ ලේසියෙන්ම....දැන් ඉතින් ඒවා හොයන්න බෑනේ ඕකා ඔහොම ටිකක් වෙලා ඉඳල කාපු ඒවා දිරෝගත්තම ආපු තැනින්ම එලියට යයි.....

    අනේ එහෙනම් ඔයත් ඔහොමම ඉන්න ඕන හොඳද...මෙයා නිකන් හරි හෙල උනොත් මම ආයිත් ඇවිත් ඔයාගේ ඇඟේ එල්ලෙනවා....

    චමත්කා එය පැවසුවේ ඇගේ සිත් වසඟ කරන සිනාවද සමග අමුතුම තාලයකටය...

    හප්පේ මෙයා ගැරඬියටත් වැඩිය අන්තයි නේ ඇඟට පනින එකමනේ වැඩේ....

    චමත්කාට ඇසෙන්නට එසේ පැවසුවද දිනුක යටි සිතින් සිතාගත්තේ "අනේ ගැරඬි දෙයියෝ ආයිත් හෙලවෙයන්" කියායි....

    දිනුක සිතු ආකාරයටම නැවතත් චමත්කා කෑ ගසාගෙන එලියට පැමිණියාය...

    අනේ දිනුක අරු ටික ටික ඉස්සරහට ඇදෙනවා.....

    මේ වැඩේ හරි යන් නෑ... මෙහෙම කරමු ඔයා මුණ හෝදගන්න මාත් ඇවිත් ලගින් ඉන්නම්....එතකොට බය නෑනේ.....

    චමත්කා මුහුණ සෝදන ආකාරය බැලීමට ආශාවක්ද දිනුකගේ සිතේ ඇති නොවුනා නොවේ...

    කපටිය....මට පෙන්නේ දෙන්න එකතු වෙලා ප්ලෑන් කරලද කොහේදෝ....

    ඔව් මම ගැරඬියට කිව්වා කෙල්ලව පොඩ්ඩක් බය කරලා දීපං කියල...සීරියස් ලව් කෙස් එකක් නිසා පොරත් කැමති උනා...

    මේ අයුරින් ඔවුන්ගේම ලෝකයක තනි වී සිටින්නට ඔවුනට හැකිවුයේ තවත් හෝරා කීපයක් පමණි...එක්වරම වේගයෙන් පැමිණි මෝටර් රථයක් මොවුන් සිටි නිවස දෙසට ඇතුල් කෙරිණි...එම රථය පැමිණි ආකාරය අනුවම අනතුරක සේයාවක් දැනෙන්නට වූ නිසාවෙන් චමත්කාට කාමරය තුල සැඟවීමට උපදෙස් දුන් දිනුක අතට අසුවූ පොලු කැබැල්ලක් ද රැගෙන නිවසේ ඉදිරිපසට පැමිණියේ චමත්කාව බේරාගැනීමට තම දිවි පරදුවට තැබීමට පවා පසුබට නොවූ ඉතා ශක්තිමත් සිතක් සහිතවය...

    ආ උඹද මෙතන ලොකු පොර...?

    සංක පිටත්ව ගිය මෝටර් රථයෙන් සහ තවත් වෑන් රියකින් පැමිණ තිබු මැර කල්ලියේ නායකයායැයි සිතිය හැකි ඉතා රෞද්‍ර පෙනුමක් ඇති හැඩි දැඩි පුද්ගලයා එසේ අසද්දී දිනුකගේ ඇස යොමු වුයේ මුවින් ලේ පෙරමින් රථය තුල වැටී සිටි සංක දෙසටය....

    තම මිතුරා පිළිඹඳ ඇති වූ දුකත් මොවුන් පිළිඹඳ ඇති වූ තද බල කෝපයත් චමත්කාව කෙසේ හෝ බේරාගැනීමට සිතේ තිබු අදිෂ්ටානයත් නිසා ඇති වූ ආවේගයෙන් ඉදිරියට පැමිණි ඔහු තමා අත තිබු පොල්ලෙන් පැමිණි එක් මැරයෙකුට දමා ගැසුවේ ඔවුන් හමුවේ ලෙහෙසියෙන් පරාජය බාරගැනීමට සූදානම් නොවූ නිසාය...දිනුකගේ එම ප්‍රහාරයෙන් කුපිත වූ පැමිණ සිටි අනෙක් පිරිස විසින් ඔහුට දිගට හරහට පහර පිට පහර එල්ලකරණ ලදී....මැරයන් සිව්දෙනෙකුගෙන් තද බල ලෙස පහර කෑම නිසා අඩපණ වූ දිනුක ලේ පෙරමින් බිම ඇද වැටෙද්දී ඔහුවද මෝටර් රථය තුලට ඇද දැමු මෙම පිරිස නිවෙස තුලට කඩා වැදුනේ ඔවුනට ලැබුණු උපදෙස් පරිදි චමත්කාව රැගෙන ඒම සඳහායි....

    නිවෙස තුලට ඇතුළු වූ මෙම මැර පිරිසට චමත්කා සැඟව සිටි ස්ථානය සොයාගැනීමට වැඩි වෙලාවක් ගතවුයේ නැත....කාමරයේ තිබු අල්මාරියක් පිටුපස සිටි ඇයව බලහත්කාරයෙන් එලියට රැගෙන එද්දී දිනුක සහ සංක දැඩි ලෙස පහර කා වැටී සිටිනු දැක මහත් දුකක් සිතට දැනුනද ඇයට කල හැකි කිසිම දෙයක් ඒ මොහොතේ නොවීය....ඒ අනුව ඇයව බලහත්කාරයෙන් වෑන් රියට නංවා ගත් මෙම මැර පිරිස ඔවුන්ට ලැබී තිබු උපදෙස් අනුව ඇයව ගෙන ගියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටා තිබු ඇමතිතුමාගේ නිවසටය...

    සංක බදුල්ල නගරයේ රෑ කෑම කඩයකින් ඔවුන්ගේ රාත්‍රී ආහාරද රැගෙන නැවත තම මෝටර් රථය වෙත පැමිණෙද්දී ඔහුට පහර දුන් මෙම මැර පිරිස ක්‍රියාත්මක වී තිබුනේ ප්‍රේමතිලක ඇමතිතුමාගේ විධානයට අනුවයි....උදෑසන චමත්කා පසුපස ලුහුබදිනවිට මාලඹේ නගරයේදී ඔවුන්ව මගහැරී යාමට පෙර ඔවුන්ගේ මෝටර් රථයේ අංකය සටහන් කරගැනීමට ඇමතිතුමාගේ පුතනුවන් ඇතුළු පිරිස සමත්ව තිබු නිසා ඒ අනුව මොවුන් ගමන් කල හැකියි සැක කරන සියලුම ප්‍රදේශ වල පොලිස් ස්ථාන දැනුවත් කර තිබු නිසාත් සංක දෙවෙනි වර බදුල්ල නගරයට ඇතුළු වෙද්දී ඔවුන්ගේ මෝටර් රථය හදුනා ගැනීමට පොලිසියට හැකිවිය...පොලිසිය විසින් ලබාදුන් තොරතුරැ අනුව ක්‍රියාත්මක වූ ඇමතිතුමා විසින් මෙම මැර පිරිස පිටත් කර හැරියේ කෙසේ හෝ චමත්කාව රැගෙන එන ලෙස අණ කරමිනි...

    මේ අතරතුර චමත්කාගේ තොරතුරු නිතර විමසන මාධ්‍යය දැනුවත් කර තිබුනේ චමත්කා මේ දිනවල විදේශ ගතව සිටින බවක්ය...චමත්කා රැන්දී සිටි නිවසේ හිමිකාරිණිය එසේ පවසා තිබුනේ එසේ ප්‍රකාශ නොකළහොත් ඇයගේ දියණියව පැහැරගැනීමට සිදුවන බවට ඇමතිතුමාගේ පුතණුවන් විසින් එල්ල කර තිබු තර්ජන නිසා පත්වූ අසරණ කම නිසාවෙනි....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 19 :.

    ~ updated......(දහනවවෙනි කොටස මෙන්න) ~


    දිනුක සහ සංක මෙතෙක් සෑම අවස්තාවකදීම මුහුණ පෑවේ ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීම් වලට වුවත් මෙම අවස්ථාවේ ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ අකරතැබ්බය මෙසේ විය හැකියයි ඔවුන්ද අපේක්ෂා කළහ....එසේ දැන දැනත් දිනුක සහ සංක චමත්කාව හැර නොගියේ කෙසේ හෝ ඇයව මින් ගලවාගැනීමේ අදිටනිණි....එහෙත් ඔවුන් සැලසුම් සකස් කිරීමට පෙර ඇමතිතුමා සහ මැර පිරිවර ඉස්සර වූ නිසා ඔවුන්ට කිසිවක් සිතීමට වත් කාලයක් ලැබුනේ නැත...

    මැරයන් අතින් දැඩි ලෙස පහර කෑමට ලක්ව මෝටර් රථය තුල වැටී සිටි සංක සහ දිනුකව මුලින්ම දැක තිබුනේ එම නිවසට මද දුරක් ඈතින් පිහිටි නිවසක තනිව වාසය කරමින් සිටින තරමක මැදි වියේ තැනැත්තෙකු විසිනි....මෙම නිවසේ සිදුවු ගාලගෝට්ටිය පිළිඹඳ කනවැකුණු නිසාම ඔහු මේ දෙසට පැමිණියේ මෑතකදී කිසිවෙකු වාසය නොකළ මෙම නිවස තුල සිදුවන්නේ කුමක්දැයි විපරම් කිරීමටය...ඔහු පැමිණෙන විට සියලු දේ සිදුවී හමාරව තිබුණි....ලේ පෙරමින් වැටී සිටි තරුණයන් දෙදෙනා දුටු ඔහු, ඔවුන්ව වහාම බදුල්ල මහ රෝහල වෙත ගෙනගියේ ඔවුන්ගේම මෝටර් රථයෙනි .... එම පුද්ගලයා එවේලේ එතැනට පැමිණ තිබුනේ දිනුකගේ සහ සංකගේ පෙර වාසනාවකටය එසේ නැතිනම් ඔවුන්ගේ දැඩි ලෙස සිදුව තිබු තුවාල වලින් අධික ලෙස ලේ වහනය වීම නිසාම එතැනම මියයාමට තරම් අවදානම් තත්වයක් ඇති වීමට ඉඩ තිබුණි...

    කෙසේ හෝ නියමිත කාල වෙලාව තුල ඔවුන් රෝහල්ගත කිරීම සිදුවූ නිසා ඔවුන් දෙදෙනාගේ තත්වය එතරම් බරපතල තත්වයකට හැරුනේ නැත....මොවුන් දෙදෙනා රෝහලට ඇතුලත් කල පුද්ගලයා මොවුන් පිළිඹඳ කිසිඳු විස්තරයක් නොදැන සිටි හෙයින් දිනුකගේ සහ සංකගේ ජංගම දුරකථන පිරික්සා බැලු රෝහල් කාර්යමණ්ඩලය එහි වූ දුරකථන අංක ඔස්සේ ඔවුන්ගේ දෙමව්පියන්ට මෙම පුවත වහා සැලකර සිටියහ...මෙම පුවත සැලවූ විගසම මහත් කලබලයට පත් වූ දිනුකගේ සහ සංකගේ දෙමව්පියන් එවෙලේම බදුල්ල බලා ගමන් ඇරඹුවේ හිතේ වූ මහත් කලබලයෙනි....

    දිනුකගේ සහ සංකගේ දෙමව්පියන් රෝහල වෙත පැමිණීමට තවත් හෝරා කිහිපයක ගතවන නිසා කොළොඹ සිටින ඔවුන්ගේ හිතවත් වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් බදුල්ල මහා රෝහල සමග සම්බන්ද වී මොවුන් දෙදෙනාට අවශ්‍ය සියලුම කටයුතු සලසාදීමට මොවුන්ගේ දෙමව්පියන් කටයුතු කළහ...

    පසුදා උදෑසන තුන පමණ වනවිට රෝහලට පැමිණීමට මොවුන්ගේ දෙමව්පියන්ට හැකිවිණි....එ වන විට දිනුකගේ සහ සංකගේ තත්වය සම්පූර්නෙන්ම සුව අතට හැරී තිබුණි....විනෝද චාරිකාවක් සඳහා පැමිණි තම දරුවන් දෙදෙනාට සිදු වුයේ කුමක්දැයි කියා දැනගැනීමට උත්සුක වූ තම දෙමව්පියන්ගේ දිගට හරහට එල්ලවුණු ප්‍රශ්න වලින් මිදීමට ඔවුන්ට හැකිවුයේ රෝහලේ හෙදියක් පැමිණ ඔවුන්ට විවේක ගැනීමට ඉඩ දෙන ලෙස තදින් ප්‍රකාශ කල නිසාවෙනි....එ මොහොතේ එසේ තම දෙමව්පියන්ගෙන් බේරීමට හැකිවුවද මෙම ප්‍රශ්න සඳහා කොයි මොහොතක හෝ පිළිතුරු ලබාදීමට සිදුවන බව ඔවුන් දැන සිටියහ...

    රෝහල් භුමියේ රැඳීමට අවසර නොමැති නිසා පසුදා උදෑසන පැමිණ මොවුන් දෙදෙනා රෝහලෙන් නිදහස් කරගැනීමේ කටයුතු සිදු කිරීමේ අරමුණින් ඔවුන්ගේ දෙමව්පියන් පිටත්ව ගියේ බදුල්ලේ සිටින සංකගේ පියාගේ මිතුරකුගේ නිවසක් වෙතයි...ඔවුන් උදෑසන පැමිණෙන තෙක් මොවුන් දෙදෙනාගේ සියලු කටයුතු සම්පාදනය කරදීම සඳහා රෝහලේ සේවය කල හිතවත් පිරිස් දැනුවත් කිරීමට මොවුන් දෙදෙනාගේ දෙමාපියන් කටයුතු කළහ...

    පුතා දිනුක ප්ලීස් උනේ මොකක්ද කියල අපිට කියන්න....ඔයාල කාත් එක්කද ගහගන්න ගියේ?

    උදෑසන නැවත ඔවුන් බැලීමට පැමිණි දිනුකගේ මව එසේ අසා සිටියේ සිද්දියේ අග මුල කෙසේ හෝ දිනුකගෙන් දැනගැනීමට සිතාගෙනය...

    තමා සහ සංක එකතු වී සැලසුම් කල පැහැරගැනීමේ සිද්දිය හැර අනෙකුත් සිදුවූ සියලුම් සිදුවීම් තම මවට පැවසීමට දිනුක කටයුතු කලේ තවදුරටත් තම දෙමව්පියන් මේ පිළිඹඳ සිතා දුක්වනු බලාසිටීමට නොහැකිවූ නිසාවෙනි....

    මේක යකාට ගිය රටක් නේ...මෙහෙම වෙන්න දෙන්න පුළුවන්ද...අමරේ අපි දැන්ම මේ ගැන ගිහින් කියමු පොලිසියට...

    තම සැමියා වෙත හැරුණු දිනුකගේ මව එසේ ප්‍රකාශ කර සිටියේ තම දරුවාට දැඩි ලෙස පහරදීම පිලිබඳ සිතේ හටගත් කෝපය නිසාවෙනි....

    පිස්සුද තුෂි,අපිට ඔය මිනිස්සු එක්ක හැප්පෙන්න බෑ කොහොමවත්....දැක්කනේ මෙයාල කරලා තියෙන පණ්ඩිත වැඩේ ප්‍රතිපල....එහෙම බලෙන් ඇවිල්ල වාහනේට නැග්ගනම් ඊටපස්සේ පොලිසියට බාරදෙන්න තිබ්බනේ.....

    සැබෑම සිදුවීම පිලිබඳ දැන නොසිටියද දිනුකගේ පියා එවෙලේ කල ප්‍රකාශය සංකගේ දෙමව්පියන්ද අනුමත කලේ ඇමතිවරුන් සමග හැප්පීමට යාම තව තවත් කරදරයේ වැටීමක් බව හොඳින් අවබෝධ වූ නිසාවෙනි....



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    • Like
    Reactions: kape

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 20:.

    ~ updated......(විසිවෙනි කොටස මෙන්න) ~


    එහෙනම් බොහොම ස්තූතියි ලොකු උන්නැහේ කරපු උදව්වට....නැත්තන් අපේ කොල්ලො දෙන්නගේ තත්වේ මීට වැඩිය බරපතල වෙන්න තිබ්බ....අපේ හිත සතුටින් දෙන දෙයක් විදියට මේක බාරගත්තොත් අපිටත් ගොඩක් සතුටුයි නේද ජයේ...

    තරුණයන් දෙදෙනාව ඉතා ඉක්මනින් රෝහල් ගතකිරීමට කටයුතු කල එම තැනැත්තා හමුවූ දිනුකගේ දෙමව්පියන් ඔහු අත යම් මුදලක් තැබීමට උත්සාහ ගත්තේ ඔහු විසින් සිදු කල උපකාරයට කෘතගුණ සැලකීමක් ලෙසය....

    මේවා මේ සල්ලි බලාගෙන කරන වැඩ නෙවෙයි මහත්තයෝ...මනුස්සයෙක්ට කරදයක් උනාම පිහිට වෙන එක තමයි තවත් මනුස්සයෙක්ගේ යුතුකම....

    මුදල් ලබාගැනීම ප්‍රතික්‍ෂේප කල ඔහු එසේ පවසද්දී ඔහු තුලින් ආරුඩ වුයේ නියම සිංහල ගැමියකුගේ ස්වරුපයකි...

    සමාවෙන්න ලොකු උන්නැහේ අපි උන්නැහේ කරපු උදව්ව සල්ලි වලින් මනින්න හැදුව නෙවෙයි....ඒ පැත්තෙනම් සාමාන්‍යයෙන් මෙහෙම උදව්වක් කරාම හිතේ සතුටට මෙහෙම පොඩි මුදලක් දෙනවා...ඒකයි....

    ඔව් මහත්තය ඒ පැති වල ඉන්නේ සල්ලි මත්තෙම නැහෙන මිනිස්සු නෙව....ඉස්සර මේ වගේ දේවල් මේ රටේ සිද්ද උනේ නෑ....මිනිස්සු කන්න බොන්න ඕනි ටික වගා කරගෙන දෙයියනේ කියල ජීවත් උනා...ඒකට දැන්,හදපු වදපු දෙම්වපියන්ටත් වඩා සල්ලි නෙව ලොකු වෙලා තියෙන්නේ....දැන් මේ පැත්තටත් ඔය ලෙඩේ බෝ වෙලා හමාරයි...අපි කියල මොනා කරන්නද මහත්තයෝ ලෝකේ යන විදියට හැඩගැහෙනව ඇරෙන්න.....

    ඔහු බොහෝ දේවල් කියවාගෙන ගියත් එයින් පැවසුනේ ඇත්තකි....එම නිසා ඔහුත් සමග තවත් මොහොතක් කතාබහේ යෙදුනු සංකගේ සහ දිනුකගේ දෙමව්පියන් ඔහුට නැවත වරක් ස්තුති කොට සංක සහ දිනුක පැමිණි මෝටර් රථයද සමග නැවත පිටත් වුයේ ඔවුන්ගේ නිවෙස් වෙත යාම සඳහායි..

    සංක සහ දිනුක පැමිණි මෝටර් රථය පදවාගෙන ඒම දිනුකගේ පියා බාරගත් නිසා ඔහුගේ මවත් සංකගේ මවත් එයටම ගොඩවූයේ ඔවුන් දෙදෙනාට සුව පහසු ලෙස සංකගේ පියාගේ මෝටර් රථයේ ගමන් කිරීමට ඉඩ දෙමිනි....

    පුතා දිනුක, ඔය දෙන්න මොනා හරි අපෙන් හංගන්න හදනවද....?

    සංක සහ දිනුක රෝහලෙන් නිදහස්කොට නැවත ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන යන ගමනේදී සංක ගේ පියාගෙන් එල්ලවූ එම ප්‍රශ්නයෙන් දිනුක මෙන්ම සංක කලබලයට පත්විය....

    ඇයි අංකල් එහෙම ඇහුවේ....?

    තිගැස්ම සඟවා ගත් දිනුක පෙරලා තවත් ප්‍රශ්නයක් එක් කලේ සන්කගේ පියා එම ප්‍රශ්නය ඇසීමට පාදක වූ හේතු කාරණා දැනගැනීමේ අටියෙනි..

    ඔය දෙන්න අපිට කිව්වේ යාලුවෝ කීප දෙනෙක් යනවා කියල නේද....? එහෙම ගියානම් ඒ අයට මොකද උනේ...?

    නිවෙස්වලට කියා තිබුනේ ගොතන ලද කතාවක් බව ඔවුන්ටද මතක් වුයේ ඒ මොහොතේය....සුපුරුදු පරිදි මේ මොහොතේත් සංක තම හඬ අවදි කලේ දිනුකගේ මුවින් සියලු දේ පිටවේයැයි බියෙනි....

    අපි අනිත් යාළුවො ටික අරගන්න යද්දී තමයි අර නිළිය අපේ වාහනේට නැග්ගේ.....එක නිසා අපිට එයාලව ගන්න උනෙත් නෑ...

    හ්ම්ම්....ඔයාල කියන දේවල් වලින් තමයි අපිට මෙතන හරියටම මොකක්ද උනේ කියල දැනගෙන ඉස්සරහට වැඩකටයුතු කරන්න පුළුවන් මොකද අපි එතන හිටියේ නෑනේ...ඒක නිසා වෙච්ච හැමදෙයක්ම අපිට කියනවනං හොඳයි.... ඔය දෙන්න මේ ඉන්වොල්ව් වෙලා තියෙන්නේ එසේ මෙසේ කේස් එකකට නෙවෙයි....

    සංක පැවසු මුසාව සම්පූර්ණයෙන්ම විශ්වාස කල බවක් ඔහුගේ පියාගේ ප්‍රකාශයේ පෙනෙන්නට නොතිබුණි....ඒම නිසාම මොවුන් තම දෙමව්පියන්ගෙන් තවමත් වසන කරමින් සිටින ඒම පැහැරගැනීමේ සැලැස්ම ගැනද පසුව හෝ පැවසිය යුතු බව ඔවුන්ගේ සිතට දැනුනි....


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    Status
    Not open for further replies.