CCNA පා‍ඩම

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Fatta fatta

    හරි ඔන්න මටත් අපේ මොලේ පුස් කන්න නොදී යමක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා. CCNA (Cisco Certified Network Associate) ගැන උනන්දුවක් දක්වන හැමෝම වෙනුවෙන් සිංහලෙන් පාඩම් කිහිපයක් දාන්න හිතුනා. තව CISCO කරපු අයත් උදව් වෙන්න. තියෙන ප්‍රශ්න අහන්න. මම දන්න විදිහට සරල සිංහලෙන් මුල ඉදලා යමු.

    ccna-certification.jpg

    ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ CISCO කියන්නේ කියලා. CISCO කියන්නේ දැනට ලෝකයේ පරිගණක ජාල සදහා වන දෘඩාංග සහ මෘදුකාංග (Hardware and Software)නිපදවන ප්‍රධානම සමාගම. ඔය CISCO කියන නම හදලා තියෙන්නේ SAN FRANCISCO වල අන්තිම කෑල්ල අරන්.

    මේ පරිගණක ජාල සදහා Hardware/Software හදන්නේ CISCO විතරක් නෙවෙයි නේ තවත් ආයතන ගණනාවක් ඉන්නවා 3COM, D-LINK වගේ හොදයි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්ණයක් ඇති ඇයි ඒ අය ගේ මේ වගේ Exam එකක් නැත්තේ කියලා (සමහර අයගේ Exam තියෙනවා ඒත් එතරම් පිළිගැනීමක් නෑ).

    අන්න ඒක තමයි
    CISCO වෙළද පොලේ ලබා ඇති කීර්තිය ඔවුන්ගේ නිශ්පාදන සාමාන්‍යයෙන් අනිත් ආයතන වල නිපදවන ජාල උපකරණ වලට වඩා තත්වයෙන් සහ තාක්ෂණයෙන් උසස් ඒ වගේම ලෝකයේ බහුතරයක් ආයතන 60% ආසන්නව පාවිචිචි කරන්නේ CISCO උපකරණ. එම නිසා CISCO උපකරණ පිළිබද දැනුම ලබා ගත් කෙනෙකුට ලෝකයේ ඉල්ලුම වැඩියි ඒ වගේම එහෙම කෙනෙකුට ඉතා පහසුවෙන් වෙනත් ආතයන වලින් නිපදවපු ජාල උපකරණ සමගත් වැඩ කරන්න පුලුවන්.

    ඒ කියන්නේ
    CISCO Exam කරලා ඉහලට ගිය කෙනෙකුට සෑහෙන්න පිලිගැනීමක් සහ ඉහල වැටුපක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුලුවන් අද ලංකාවෙත් හුගක් ආයතන CISCO උපකරණ භාවිතා කරනවා ඒ නිසා ලංකාවෙත් හොද ඉල්ලුමක් තියෙනවා CISCO කරපු අයට.

    ඒ වගේම මතක තියා ගන්න ඕනේ
    CISCO Exam (online exam), සාමාන්‍යයෙන් Microsoft Exam තරම් ලේසි නෑ. ඒ වගේම Exam Fee එකත් ටිකක් වැඩියි. බය වෙන්න එපා අපි මුල ඉදලා යමු

    හොදයි
    මම ඔය කිව්වේ CISCO ගැන වටාපිටාව ටිකක් ඊලගට අපි කතා කරමු Exam Structure එකයි Fee එකයි Passing Marks ගැනයි

    Thganks machoooooooooo :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    හරි අපි කතා කර කර හිටියේ MAC Address ගැනනේ. මම පැහැදිලි කලා network එකක එක තැනක ඉදලා තවත් තැනකට data ගමන් කරද්දී සිදුවෙන ක්‍රියාදාමය පිළිබදව. මෙතනදි MAC Address එක සැලකිල්ලට ගන්න විදිහ ගැනත් මම කියලා දුන්න එතනදි මතක් කල යුතු වැදගත් දෙයක් තමයි එක Host කෙනෙක්ගේ ඉදලා තවත් තැනකට data එකක් ගමන් කරද්දි MAC Address එක සලකා බලන්නේ හැමතිස්සේම Router එකක විතරයි. මේක අපි පැහැදිලි කර ගමු මම කලින් මේ සිද්ධිය විස්තර කරන්න ගත්ත රෑප සටහන ආධාරයෙන්ම.

    HSRP_thumb%5B4%5D.png

    මේකෙදි මම User PC එකේ ඉදලා data එකක් Router B වෙත යවන අවස්ථාව සලකා බැලුවේ. ඒ වගේම අපි උපකල්පනය කලා මේ data එක ගමන් කරන්නේ router A එක හරහා කියලා. හොදයි අපි හිතමු මේ diagram එකේ Router A එක වෙනුවට switch එකක් තිබුනා කියලා එහෙම වුනානම් User PC එකේ ඉදලා යන data එකක destination MAC Address එක වෙන්නේ කෙලින්ම Router B වල MAC Address එකයි. ඒ කියන්නේ හැම තිස්සේම MAC Address එක වෙනස් වෙන්නේ යම් data එකක් යන අතරමග router එකක් තිබුනොත් පමණයි. මේක හොදට හිතේ තියාගන්න.

    BUMP..... :D:D:D ela ela digatama karan yamu////
     
    randika2015

    Member
    Apr 16, 2012
    8
    0
    0
    mata ccna (cisco track) eka karanna hoda thanak kiyannako!!!!! mama danna widiyata net assist, winsiys, great lake 3 hodai lu. mata mula idala cisco track eka kara ganna hoda place ekak kiyanawada?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    mata ccna (cisco track) eka karanna hoda thanak kiyannako!!!!! mama danna widiyata net assist, winsiys, great lake 3 hodai lu. mata mula idala cisco track eka kara ganna hoda place ekak kiyanawada?

    මේ thread එකේ මුල් හරියේ post ටිකක් බලන්න.
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    vrtual LAN 01 ද්හි සිදුවන ක්‍රියාවලිය ගැන පෙහෙදිලි කරලා දෙන්න :shocked::shocked::shocked:
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    DHCP on karala thiyenakota apita ACL's pavichi karanna puluwanda? puluwanam tikak pahadili karanawada mokada IP address change wenawa ne.....:D
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    මචන් ඉකමනට අලුත් පාඩමුත් දාපන් අපි බලන් ඉන්නවා .

    ජය හෝ...........:rofl::rofl::rofl:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    vrtual LAN 01 ද්හි සිදුවන ක්‍රියාවලිය ගැන පෙහෙදිලි කරලා දෙන්න :shocked::shocked::shocked:

    VLAN 01 කියලා කියන්නේ switch එකක තියෙන default VLAN එක. ඕනෑම switch එකක් නිශ්පාදනය කරද්දි මේ default VLAN එක අනිවාර්්‍යයෙන්ම switch එක හදන manufacturer විසින්ම හදලා එවනවා ඒ එක්කම switch එකේ සියලුම ports මේ default VLAN එකට තමයි මුල් අවස්ථාවේදී අයිති වෙන්නේ. අපි switch එකක VLAN හදනවා කියලා කරන්නේ අර default VLAN එකේ තියෙන ports ටික වෙනස් කොටස් වලට බෙදනවා කියන එක.

    අපි switch එකක් අරගෙන කිසිම VLAN එකක් manually හදන්නේ නැතුව network එකට සම්බන්ධ කලාට පස්සේ ඒ switch එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්නේ ‍මේ default VLAN එක switch එකේ තියෙන නිසා. අපි VLAN හදනකොට management VLAN එක විදිහට එහෙම නැත්තම් Native VLAN එක විදිහට පාවිච්චි කරන්නෙත් මේ VLAN 01 තමයි. පස්සේ අපිට උවමනානම් ඒක වෙනස් කර ගත හැකියි.

    CISCO
    switch එකකනම් VLAN 01 (default VLAN) එකට අමතරව පහත VLAN හතරත් switch එකත් එක්කම එනවා. නමුත් සමහර වෙනත් product වල මේවා වෙනස් වෙන වෙලාවල් තියෙනවා

    1002 fddi-default
    1003 token-ring-default
    1004 fddinet-default
    1005 trnet-default
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    DHCP on karala thiyenakota apita ACL's pavichi karanna puluwanda? puluwanam tikak pahadili karanawada mokada IP address change wenawa ne.....:D

    මේක යම් නිශ්චිත අවස්ථාවක් අරගන්නේ නැතුව විස්තර කරන්න අමාරැයි. නමුත් මම මෙහෙම කියන්නම්. DHCP කියන්නේ IP Pool එකක්නේ. අපි DHCP Pool එකක් දාන්නේ network එකක users ලට. network එකක තියෙන servers වලට සාමාන්‍යයෙන් DHCP Pool එකක් දාන්නේ නෑ. එහෙම දානවනම් ඒකට අර users ලට හදපු Pool එකට අදාල නොවන IP Pool එකක් තමයි දාන්නේ. ඒ වගේම Router එකකට කවදාවත් pool එකකින් IP Issue කරන්නේ නෑ. ඉතින් දැන් මේ අවස්ථාවේදී අපිට පුලුවන් DHCP Pool එකටම ACL එකක් දාන්න. හැබැයි ඉතින් Individual users ලාව block කරන්න ACL දානවනම් users ලට ස්ථීර IP එකක් දාන එක හොදයි.

    මට තව දෙයක් කියන්න තියෙනවා අපි CCNA වලදි ඉගෙන ගන්නේ මූලික ACL වර්ග කිහිපයක් ගැන පමණයි. නමුත් ඊට වඩා වැඩි Options තියෙන ACL වර්ග තියෙනවා. ඒ ACL යොදාගෙන අපිට DHCP Pool වල ඉන්න users ලත් නොයෙක් ක්‍රම වලින් block කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට අපිට authentication (Username / password) පාවිච්චි කරලා අදාල service එකක් හෝ server එකකට access කරන විදිහට ACL එකක් හදාගන්න පුලුවන්.
     
    බොහොම ස්තුති යාලුව පැහැදිලි කිරීමට මට එක අමතක උන :D රෙප් දෙන්න බැහැලු
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් ඉකමනට අලුත් පාඩමුත් දාපන් අපි බලන් ඉන්නවා .

    ජය හෝ...........:rofl::rofl::rofl:

    මේ දවස් වල මගේ CCIE Lab එකට ලෑස්ති වෙනවා. ඒක හින්දයි post එකක් දාන්න පරක්කු. ඉක්මණින්ම දානවා.
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    VLAN 01 කියලා කියන්නේ switch එකක තියෙන default VLAN එක. ඕනෑම switch එකක් නිශ්පාදනය කරද්දි මේ default VLAN එක අනිවාර්්‍යයෙන්ම switch එක හදන manufacturer විසින්ම හදලා එවනවා ඒ එක්කම switch එකේ සියලුම ports මේ default VLAN එකට තමයි මුල් අවස්ථාවේදී අයිති වෙන්නේ. අපි switch එකක VLAN හදනවා කියලා කරන්නේ අර default VLAN එකේ තියෙන ports ටික වෙනස් කොටස් වලට බෙදනවා කියන එක.

    අපි switch එකක් අරගෙන කිසිම VLAN එකක් manually හදන්නේ නැතුව network එකට සම්බන්ධ කලාට පස්සේ ඒ switch එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්නේ ‍මේ default VLAN එක switch එකේ තියෙන නිසා. අපි VLAN හදනකොට management VLAN එක විදිහට එහෙම නැත්තම් Native VLAN එක විදිහට පාවිච්චි කරන්නෙත් මේ VLAN 01 තමයි. පස්සේ අපිට උවමනානම් ඒක වෙනස් කර ගත හැකියි.

    CISCO switch එකකනම් VLAN 01 (default VLAN) එකට අමතරව පහත VLAN හතරත් switch එකත් එක්කම එනවා. නමුත් සමහර වෙනත් product වල මේවා වෙනස් වෙන වෙලාවල් තියෙනවා

    1002 fddi-default
    1003 token-ring-default
    1004 fddinet-default
    1005 trnet-default

    බොහොම ස්තුති යලූ ...... හොදට පෙහෙදිලි උනා.
    යලුගේ exam labs ටිකත් අනිවාර්යෙන්ම 100% සාර්ථක වෙන්ඩ අපිට මේ කරන පිනම ඇති....!!!!
    වෙලාවක් හම්බුනා ගමන්ම අලුත් පාඩම් දන්න.
    ජය හෝ!!!!!!!!!!!!!!
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    mama a/L karala inne... mata kiyanawada CCNA karanna hoda thanak...me thread eka dapu kena koheda kale ehtana ganan wagema details tikak kiyanawada..loku udauwak.

    මමනම් self study තමයි කලේ මගේ රැකියාවත් එක්ක මට හුගත් ප්‍රායෝගික දැනීම ගන්න පුලුවන් වුන නිසා. මේ Thread එකේ මුල හරියේ CCNA classes ගැන විස්තර කතා කරලා තියෙනවා. පොඩ්ඩක් බලලා ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.