නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937
මම එළකිරියට ගරු කරනවා. මොකද මෙතනත් එක්තරා විදිහක පුස්තකාලයක් වගේ, තමන් දන්න දේ හැමෝම එක්ක බෙදාගන්න කියාපු තැනක්. මම එහෙම කියන්නෙ මම මේ දාන්න යන පෝස්ට් එක ගැන කලින් හිරොශිමා නාගසාකි පෝස්ට් එකට kuma.lk දාපු කමෙන්ට් එකක් නිසා තමයි දැනගත්තේ. සමහර විට මගේ කලින් හුගක් පෝස්ට් විවිධ අපරාධ, ඛේදවාචක ගැන නිසා කට්ටිය මම එක්තරා විදිහක විකාර කාරයෙක් විදිහට දකිනවා වෙන්නත් පුලුවන්, නමුත් මම අතීතයේ සිදු වූ දේවලින් අනාගතයේ සිදුවෙන්න යන දේවල් ගැන පූර්ව නිගමන වලට එළබෙන්න පුලුවන් කියලා විස්වාස කරන නිසා මේ වගේ පෝස්ට් දාන්නේ. මම මේකෙ දාන හුගක් දේවල් මමත් නෙට් එකෙන් බල බල පරිවර්ථනය කර කර තම්යි දාන්නේ. මේකත් ලෝක ඉතිහාසයේ ඉතාමත් අදුරු සිදුවීමක්. නමුත් මම හිතන්නේ මේක ගැන සිංහලෙන් ලිපි එක්කෝ පලවීම නෑ, නැත්නම් ඒවා හුගක් අඩුයි. ඒ නිසා මේක ගැනත් දාන්න හිතුනා.
________________________________________________________________
1931 දී ජපනුන් විසින් චීනයේ Manchuria ප්‍රාන්තය ඔවුන් යටතට ගැනීමත් එක්කම එය ජපනුන් චීනයේ පාලනයට ඇගිලිගැසූ පලවෙනි අවස්තාව බවට පත් වුනා,. නමුත් මේ සිද්ධියෙන් වසර 6 කට පස්සේ සිදුවූ දෙයක් ගැන තමයි මේ ලිපියෙන් අවධානය යොමු කරන්න හිතන්නේ. ඒකට මූලාරම්භය ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. පූර්ව සිද්ධියෙන් වසර 06කට පස්සේ ඒ කියන්නේ 1937 මුල කාලය වනකොට ජපනුන් හා චීන ජාතිකයන් අතර ගැටුම් උග්රවෙමින් පැවතුනා.
මේ කාලයේදී මාකපෝලෝ පාලම (Marco Polo Bridge) යන ස්ථානයේදී එනම් පීකිං වලදී ජපන් හා චීන හමුදා ගැටීමත් සිදුවූ බව සදහන් වෙනවා. මෙම සිදුවීම දඩමීමා කරගෙන ජපනුන් විසින් මුළු බලය යොදා සටන් කිරීම අරඹන ලදී. මෙම සටන අගෝස්තුව වන විට තව දුරටත් දකුණු දෙසට ව්‍යාප්ත වීම ඇරඹිය. ඇගෝස්තුවේම ජපනුන් විසින් ෂැංහයි නගරයට පහරදීමත් සමග චීන හමුදාව යැංග්ට්ස් නිම්නය (Yangtze valley) දක්වා පසුබැස එය නැන්කින් දක්වාම සිදුකිරීමට විය. ඉන් අනතුරුව මේ මහා සංහාරය එම වසරේ එනම් 1937 දෙසැම්බරයේ 13 වනවිට නැන්කින් නගරය වටකොට ඇරඹිනි.
ඉන් අනතුරුව නැන්කින් නගරය පාලනයකින් තොරව මිනීමරන්නන් පිරිසකට පත් වූවා සේ බව පැවසේ. ජපන් හමුදාවේ බයිනෙත්තුවලට දහස් ගනන් අසරණ චීන සිවිල් වැසියන්, ගැහැණුන් හා දරුවන් හසුවිය. ඇතැමුන් ඇස් හා අත් බැද හිසගසා දැමූ බවද කියවේ. දහස් ගණන් චීන කතුන් ජපන් හමුදාවේ කාමාතුර සෙබලන් අතින් දූශණය වූ බව කියවේ. මේ තත්වය මේ අයුරින් සති 6ක් පමණ තිබිණි. සිදුවීම සති 06 කින් පසුව අවසන් වනවිට ආරම්භයේ නගරයේ විසූ 600,000ක් දෙනාගෙන් ඉතිරිව ඇත්තේ 300,000 ක් පමණ පිරිසකි. එනම් හරි අඩකි.
ජෝන් රේබ් නැමති ජර්මන් ජාතික ව්‍යාපාරිකයා 1908 සිට චීනයේ නැන්කින් හි විසූ පුද්ගලයෙකි. ඔහු මෙම සිදුවීම අතරතුර වෙනත් විදේශිකයන් සදහාවූ ආරක්ශිත කලාපයේ සිට දිවි බේරාගත් අයෙකි. නමුත් ඔහුගේ දිනපොත මෙම සිදුවීම පිලිබද අධ්‍යානය කරන්නෙක්ට ඉතාමත් වැදගත් වන්නේ ඔහු විසින් සියළු සිදුවීම් ඒ දින වකවානු වලදී සටහන් තබා ඇති බැවිනි. ඔහු සිය දින පොතේ දෙසැ, 13 දිනයේ යෙදූ සටහනින් සංක්ශිප්තව මෙසේ වෙන්කර ගතිමි.
"අපගේ කමිටුවේ තුන් දෙනෙක් විදේශිකයන් සදහා විවෘතව ඇති හමුදා රෝහලට ගියෙමු. සෑම යාර 100 - 200ක් අතර තුර මළසිරුරක් අවම වශයෙන් අපට දැක ගත හැකි විය. ඒ සියල්ලක්ම තුවක්කුවකින් සිදු කරන ලද වෙඩි තැබීමක් නිසා සිදු වී ඇති බව දැක ගත හැකි විය. ඒ සියල්ලක්ම පාහේ පිටුපසින් වැදුනු වෙඩි උණ්ඩයකින් සිදුවී ඇති බව දැකිය හැක. බොහෝවිට සිවිල් වැසියන් පලායාමේදී තිබූ වෙඩිල්ලකින් එය සිදුවන්නට ඇත. "
යුද්ධයේ බිහිසුණු බව
ලෝක ඉතිහාසය ඉතා බිහිසුණු ගැටුම්, යුද්ධවලින් නොඅඩු විශය පථයකි. සෑම යුද්ධයක්ම මනුශ්‍යත්වයට නිගා දෙන සිදුවීමකි. එය කිසිලෙසකින් කිසිවෙකුටත් සාධාරණය කල නොහැක්කකි.
______________________________________
නිකන්ම යන්නේ නැතුව බම්ප් එකක්වත් දාලා ගියානං

. a widihatama karagena palayan ubata suba pathum

TFS