නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937

    මම එළකිරියට ගරු කරනවා. මොකද මෙතනත් එක්තරා විදිහක පුස්තකාලයක් වගේ, තමන් දන්න දේ හැමෝම එක්ක බෙදාගන්න කියාපු තැනක්. මම එහෙම කියන්නෙ මම මේ දාන්න යන පෝස්ට් එක ගැන කලින් හිරොශිමා නාගසාකි පෝස්ට් එකට kuma.lk දාපු කමෙන්ට් එකක් නිසා තමයි දැනගත්තේ. සමහර විට මගේ කලින් හුගක් පෝස්ට් විවිධ අපරාධ, ඛේදවාචක ගැන නිසා කට්ටිය මම එක්තරා විදිහක විකාර කාරයෙක් විදිහට දකිනවා වෙන්නත් පුලුවන්, නමුත් මම අතීතයේ සිදු වූ දේවලින් අනාගතයේ සිදුවෙන්න යන දේවල් ගැන පූර්ව නිගමන වලට එළබෙන්න පුලුවන් කියලා විස්වාස කරන නිසා මේ වගේ පෝස්ට් දාන්නේ. මම මේකෙ දාන හුගක් දේවල් මමත් නෙට් එකෙන් බල බල පරිවර්ථනය කර කර තම්යි දාන්නේ. මේකත් ලෝක ඉතිහාසයේ ඉතාමත් අදුරු සිදුවීමක්. නමුත් මම හිතන්නේ මේක ගැන සිංහලෙන් ලිපි එක්කෝ පලවීම නෑ, නැත්නම් ඒවා හුගක් අඩුයි. ඒ නිසා මේක ගැනත් දාන්න හිතුනා.
    ________________________________________________________________

    1931 දී ජපනුන් විසින් චීනයේ Manchuria ප්‍රාන්තය ඔවුන් යටතට ගැනීමත් එක්කම එය ජපනුන් චීනයේ පාලනයට ඇගිලිගැසූ පලවෙනි අවස්තාව බවට පත් වුනා,. නමුත් මේ සිද්ධියෙන් වසර 6 කට පස්සේ සිදුවූ දෙයක් ගැන තමයි මේ ලිපියෙන් අවධානය යොමු කරන්න හිතන්නේ. ඒකට මූලාරම්භය ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. පූර්ව සිද්ධියෙන් වසර 06කට පස්සේ ඒ කියන්නේ 1937 මුල කාලය වනකොට ජපනුන් හා චීන ජාතිකයන් අතර ගැටුම් උග්‍රවෙමින් පැවතුනා.

    මේ කාලයේදී මාකපෝලෝ පාලම (Marco Polo Bridge) යන ස්ථානයේදී එනම් පීකිං වලදී ජපන් හා චීන හමුදා ගැටීමත් සිදුවූ බව සදහන් වෙනවා. මෙම සිදුවීම දඩමීමා කරගෙන ජපනුන් විසින් මුළු බලය යොදා සටන් කිරීම අරඹන ලදී. මෙම සටන අගෝස්තුව වන විට තව දුරටත් දකුණු දෙසට ව්‍යාප්ත වීම ඇරඹිය. ඇගෝස්තුවේම ජපනුන් විසින් ෂැංහයි නගරයට පහරදීමත් සමග චීන හමුදාව යැංග්ට්ස් නිම්නය (Yangtze valley) දක්වා පසුබැස එය නැන්කින් දක්වාම සිදුකිරීමට විය. ඉන් අනතුරුව මේ මහා සංහාරය එම වසරේ එනම් 1937 දෙසැම්බරයේ 13 වනවිට නැන්කින් නගරය වටකොට ඇරඹිනි.

    ඉන් අනතුරුව නැන්කින් නගරය පාලනයකින් තොරව මිනීමරන්නන් පිරිසකට පත් වූවා සේ බව පැවසේ. ජපන් හමුදාවේ බයිනෙත්තුවලට දහස් ගනන් අසරණ චීන සිවිල් වැසියන්, ගැහැණුන් හා දරුවන් හසුවිය. ඇතැමුන් ඇස් හා අත් බැද හිසගසා දැමූ බවද කියවේ. දහස් ගණන් චීන කතුන් ජපන් හමුදාවේ කාමාතුර සෙබලන් අතින් දූශණය වූ බව කියවේ. මේ තත්වය මේ අයුරින් සති 6ක් පමණ තිබිණි. සිදුවීම සති 06 කින් පසුව අවසන් වනවිට ආරම්භයේ නගරයේ විසූ 600,000ක් දෙනාගෙන් ඉතිරිව ඇත්තේ 300,000 ක් පමණ පිරිසකි. එනම් හරි අඩකි.

    ජෝන් රේබ් නැමති ජර්මන් ජාතික ව්‍යාපාරිකයා 1908 සිට චීනයේ නැන්කින් හි විසූ පුද්ගලයෙකි. ඔහු මෙම සිදුවීම අතරතුර වෙනත් විදේශිකයන් සදහාවූ ආරක්ශිත කලාපයේ සිට දිවි බේරාගත් අයෙකි. නමුත් ඔහුගේ දිනපොත මෙම සිදුවීම පිලිබද අධ්‍යානය කරන්නෙක්ට ඉතාමත් වැදගත් වන්නේ ඔහු විසින් සියළු සිදුවීම් ඒ දින වකවානු වලදී සටහන් තබා ඇති බැවිනි. ඔහු සිය දින පොතේ දෙසැ, 13 දිනයේ යෙදූ සටහනින් සංක්ශිප්තව මෙසේ වෙන්කර ගතිමි.
    "අපගේ කමිටුවේ තුන් දෙනෙක් විදේශිකයන් සදහා විවෘතව ඇති හමුදා රෝහලට ගියෙමු. සෑම යාර 100 - 200ක් අතර තුර මළසිරුරක් අවම වශයෙන් අපට දැක ගත හැකි විය. ඒ සියල්ලක්ම තුවක්කුවකින් සිදු කරන ලද වෙඩි තැබීමක් නිසා සිදු වී ඇති බව දැක ගත හැකි විය. ඒ සියල්ලක්ම පාහේ පිටුපසින් වැදුනු වෙඩි උණ්ඩයකින් සිදුවී ඇති බව දැකිය හැක. බොහෝවිට සිවිල් වැසියන් පලායාමේදී තිබූ වෙඩිල්ලකින් එය සිදුවන්නට ඇත. "

    nanking_massacre_Rape_of_nanking_killing_people_trainning.jpg


    20080218-heads%20raope%20of%20najing%20history%20wiz.jpg
    heads.jpg


    china2-9650.jpg


    nanking_massacre_1172613619.jpg


    යුද්ධයේ බිහිසුණු බව

    ලෝක ඉතිහාසය ඉතා බිහිසුණු ගැටුම්, යුද්ධවලින් නොඅඩු විශය පථයකි. සෑම යුද්ධයක්ම මනුශ්‍යත්වයට නිගා දෙන සිදුවීමකි. එය කිසිලෙසකින් කිසිවෙකුටත් සාධාරණය කල නොහැක්කකි.
    ______________________________________

    නිකන්ම යන්නේ නැතුව බම්ප් එකක්වත් දාලා ගියානං


     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    mama ubage thread walata reply kale nathuwata hamadaama ubee thread baluwa.atthatama uba karanne hoda wadak.loka ithihasayae wadagath siduweem ma widihata api athara beda ganna eka gana mama ubata tnx karanawa. a wageema a wadee digatama karagena yanna kiyalath illanawa.

    ubage thread wala title eka daana widihath godak hodai.mokada English n Sinhala dekenma daapan. ehema dammahama ubee thread eka hoyanna lesi and google wala udata enawa. :D. a widihatama karagena palayan ubata suba pathum


    PS : uba kiwwa kathawa godak attha EK eke ada baluwoth lankawe minissunta thorathuru hoyaganna tiyana hodama pot eka.meeke tiyanawa loke wageema lankawe ithihaasaya gana godak thorathuru sinhalenma.:):):):)
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඔය සිදුවීම ගැන තවත් මතයක් තියෙනවා මචන්.මම දැක්ක youtube එකේ video එකක් ඕක චීන්නු ජපන්නුන්ව නොන්ඩි කරන්න කරපු එකක් කියලත් .එත් ජපන්නු චීනේ ආක්‍රමණය කරලා ගොඩක් අපරාද කරන්න ඇති .එත් චීන්නු කියන්නෙත් හොඳ ජාතියක් නෙමෙයි අහිංසක මුණු තිබ්බට. සමහර වෙලාවට ජපන්නු හොඳයි .
     
    • Like
    Reactions: ChoronaSottiya

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    ජපනුන් චීන මිනුසුන්ව මහ ජරා විඩියට ඝාතනය කරල තියනව එම නිසා අදත් චින මිනුසුන් ජපානයට සාප කරනවා,.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල මචන් කියෙව්වා මම හිතන්නේ මේ සිදු වීම පදනම් කරගෙන තමයි The Flowers Of War කියන ‍ෆිල්ම් එක 2011 එලි දැක්වුනේ..බලන්න ඒ ‍ෆිල්ම් එක බැලුවම ජපන්නුන් ගෙ තරමත් යම් තරමකට හිතා ගන්න පුළුවන්..

    The Flowers Of War

    flowers_of_war_2011.jpg


    IMDB rank (7.5 / 10)
    බලපු නැති අයට බා ගන්න (720p HD)


    http://yify-torrents.com/movie/The_Flowers_of_War_2011