මුහම්මද් නබි තුමාණන් පිලිබඳ කෙටි හැඳින්ව
මේ දිනවල ලොව වඩාත්ම කතාබහට ලක්වන පුද්ගලයා බවට මුහම්මද් නබි තුමාණන් නැවත පත්ව ඇත. ඒ එතුමන්ට අපහාස වන අයුරින් සාහසික ලෙස තැනුනු චිත්‍රපටයක් හේතුවෙනි. මේ නිසා මම එතුමන් පිළිබඳව මගේ ස්වල්පවු හැකියාවෙන් කෙටි සාරාංශයක් එළිදැක්වීමට අදහස් කළෙමි.
මෙම අපහාසාත්මක චිත්‍රපටයේ නිර්මාපකයා කවුරුන් වුවද ඔහුට අවශ්‍යව තිබුනේ මුහම්මද් කාමුකයෙක් සහ ලේ වගුරන්නෙක් බවට සනාථ කර ඉන් මුහම්මද් නබි තුමාණන්ට අපහාස කිරීම බව පැහැදිලිය. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ ඊට හාත් පසින්ම වෙනස් දෙයකි. එනම් මුහම්මද් නබි තුමාණන් ගැන සොයන්නට උනන්දු වන්නන් එතුමාණන් ගැන කරුණු හදාරන විට ඒ කරුණු ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරමින් ඔවුන්ගේ ජීවිත වලට නව බලපෑමක් එක් කිරීමයි.
“සැබවින්ම, (මුහම්මද් නබිවරයාණෙනි) ඔබ ශ්‍රේෂ්ඨ වූ යහ චර්යාවන්ගෙන් යුක්තව සිටින්නේය” (අල් කුර්ආන් 68 : 04)
“නබිවරයාණෙනි, මෙයට පෙර කිසිම ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ දකුණතින් කිසිවක් ලියාත් නැත. එසේ වූයේනම් අසත්‍යවන්තයින්ට (ඔබ මගින් පහළ කරන ලද අල් කුර්ආනය පිළිබඳව) සැක කරන්නට ඉඩ තිබිණ” (අල් කුර්ආන් 29:48)
ඵල ඇති ගසට ගල් ගැසීම සමාජ සම්මතයේ ඇති ක්‍රියාවක් බවට පත්ව ඇත. මෙම සමාජ සම්මත පිළිවෙත ශ්‍රේෂ්ඨ මෙන්ම උසස් මිනිසුන් සම්බන්ධව ක්‍රියාත්මක කිරීම තමන්ගේ නිහීන කම මෙන්ම තමන් වහල් වී ඇති වෛර චින්තනය හෙළිදරව් කරගැනීමක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මේ හේතුව නිසා විශේෂයෙන්ම, මුස්ලිම් නොවන ලොව, පිළිගත් විද්වතුන් හා ශ්‍රේෂ්ඨ ජනයා මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය ඇතිවේවා) පිළිබඳව ප්‍රකාශ කර ඇති කරුණු පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු. පටු ක්ෂේත්‍රයක් තුල කොටුවී ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අසභ්‍ය ලෙස අපහාස කරන කුඩා මනසක් ඇති පිරිසගේ දෑස් මෙම තොරතුරු මෙන්ම ඉදිරියටත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරණ කරුණු වලින් විවෘත වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය සකස් කල කිතුනු කන්‍යා සොයුරියක්ව සිටි කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ (Muhammed – A Prophet for our Time) “මුහම්මද් – අපගේ යුගයට වූ නබි වරයෙක්” යන ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවට සපයා ඇති තොරතුරු වලින් බිඳක් ඔබගේ අවධානයට ඉදිරි පත් කරන්නට කැමැත්තෙමු.
“මුහම්මද් නබි තුමාගේ ජීවිතය පිළිබඳව ලියු පළමු මුස්ලිම් ඉතිහාසඥයින් වන්නේ මුහම්මද් ඉබ්න් ඉෂාක් (ක්‍රි. ව. 767) මුහම්මද් ඉබ්න් උමර් අල් වකීදී (ක්‍රි. ව. 820) මුහම්මද් ඉබ්න් සාද් (ක්‍රි. ව. 845) සහ අබු ජරීර් අල් තබාරී (ක්‍රි. ව. 923) යන අයය. මෙම ඉතිහාසඥයින් තමන්ගේ මතකයන් හා හැඟීම් මත පමණක් විශ්වාසය නොතබා සැබෑ ඵෙතිහාසික පුනර්නිර්මානයක නියැලුණහ. ආරම්භක වකවානුව ට අයත් ලේඛන හා වාචික සාක්ෂි එහි මුලාශ්‍රයන් දක්වා විමසා නිවැරදි ලෙස සොයා බලා කරුණු අන්තර් ගත කළහ. මුහම්මද් තුමා කෙරෙහි දෙවිඳුන්ගේ නබිවරයා වශයෙන් ඔවුන්ගේ සිත්තුල අති විශාල ගෞරවයක් තිබුනද, තමන්ගේ ලේඛන සහමුලින්ම විවේචනයෙන් තොරවුවක් නොවුවේය. ඔවුන්ගේ මෙම අවංක උත්සාහය නිසා ලොව අනිකුත් ප්‍රධාන ආගම් කර්තෘ වරුන් සම්බන්ධව ඇති තොරතුරු වලට වඩා නිවැරදි තොරතුරු මුහම්මද්තුමා සම්බන්ධයෙන් අපි දන්නෙමු. මෙම ආරම්භක මුලාශ්‍රයන් ඕනෑම අයෙකුට මුහම්මද්තුමා පිළිබඳව චරිතාපදානයක් ලිවීමේදී කොහෙත්ම නොසලා හැරිය නොහැක” (14 වන පිටුව)
කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය මෙයින් දන්වා සිටින්නේ නුතනයේ මුහම්මද් තුමා සම්බන්ධව ඇති තොරතුරු ආරම්භක කාලයේ සිටම නිවැරදිව ලේඛන ගත කොට සුරක්ෂිතව පවතින බවය. කිසිවෙකුගේ මනඃකල්පිතයන්ට මෙහි කොහෙත්ම ඉඩක් නොමැති බව ඇය සාක්ෂි දරන්නීය. මෙවන් තත්වයක් අනෙකුත් ආගමික නායකයින් සමබන්ධව නොමැති බවද ඇය අදහස් ඉදිරිපත් කරන්නීය.
එතුමා පිලිබඳ ඉතා වැදගත් සිදුවීම් කිහිපයක සංක්ෂිප්ත විස්තරයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ඉපදීමට මාස දෙකකට පෙර පියාවූ අබ්දුල්ලා මියගියේය.
සීයාවූ අබ්දුල් මුත්තලිබ් විසින් එතුමාට මුහම්මද් යන නම තබන ලදී.
වයස අවුරුදු හයේදී මව වූ ආමීනා තුමිය මියගියාය.
වයස අවුරුදු අටේදී රැකබලාගත් සීයාවූ අබ්දුල් මුත්තලිබ් මියගියේය.
එතුමාගේ බාප්පා කෙනෙකුවූ අබුතාලිබ් විසින් එතැන් සිට රැක බලාගන්නා ලදී.
අවුරුදු 25 දී වන්දඹුවක්වූ කදීජා තුමිය සමග විවාහ වුයේය.
විවාහ වන විට කදීජා තුමියගේ වයස අවුරුදු 40 කි.
කදීජා තුමිය වයස අවුරුදු 65 දී මියයනතුරු එනම් නබිතුමාගේ වයස අවුරුදු 50 වනතුරු අන් විවාහයක් කර නොගත්තේය.
අරාබි සමාජයේ පැවති සමාජ දුරාචාරයන්, මිනිසාගේ ජීවිතයේ හරය, ආදී කරුණු පිළිබඳව තම චින්තනය නිරන්තරයෙන් යොමුකරමින් සිටි මුහම්මද් තුමා හිරා ගුහාවේ තනිව වාඩිවී මෙනෙහි කරමින් ධ්‍යානගතව කල්ගෙවන්නට පුරුදුවී සිටියේය. කුඩා කාලයේ එඬේර ජීවිතයක් ගතකල එතුමා පසු කාලීනව ව්‍යාපාර කටයුතු වලද නියැලුනේය. සම්මත අධ්‍යාපනයක් නොලැබූ එතුමා කියවන්නට ලියන්නට නොහැක්කෙකු (අනක්ෂරයෙකු) විය. මේ පිළිබඳව ප්‍රංශ විද්‍යාඥ යින්ගේ සංගමයේ සාමාජිකයෙකුවූ මහාචාර්ය මොරිස් බුකෙයිල් අල් කුර්ආනය පිළිබඳව අදහස් දැක්වීමේදී මුහම්මද් තුමාගේ අනක්ෂර භාවය පිළිබඳව කරන සඳහනද පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වුද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වුද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් ඊජිප්තුවේදී හමුවූ මෝසස් නබි තුමාගේ කාල වකවානුවේ ජීවත්වූ ෆිරව්න් ගේ (Pharaoh) මිනිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබිණි. මෙම මිනිය පිළිබඳව අල් කුර්ආනයේ නිශ්චිත සඳහනක් තිබෙන බව මුස්ලිම් විද්‍යාඥයින් එතුමාට දන්වා සිටින ලදී. සියළු පර්යේෂණ අවසානයේදි විශ්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.
“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳව කුර්ආන් වැකි පවසන අතිශයින් විශ්මය ජනක සාධක දැකගන්නට නම් කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි”.
තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමුකොට The Bible Quran and Modern Science නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීන විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන් අයුරින් කරුණු පැහැදිළි කිරීමක යෙදින.
“අල්-කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව ශත වර්ෂ 14 කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේද?” (125 පිටුව)
පලමුව අප එතුමා ඉපදෙන්නේ නබිතුමා ඉපදුනු අරාබි සමාජය පිළිබඳව අදහසක් ඇති කරගැනීම් වඩාත් සුදුදු යැයි සිතන්නෙමු. සුරාව, ලිංගික අපචාරය, ගෝත්‍රික ගැටුම්, අසීමිත ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම, පියාගේ බිරිඳව ඔහු මියගියවිට හෝ දිකසාද කලවිට පුතා විවාහ කරගැනීම වැනි සමාජ දුරාචාරයන්ගෙන් පිරුණු සමාජයකයි.
අල්කුර්ආනය පහළ කරන්නට පෙර තිබු සමාජ තත්ත්වය හා අල්කුර්ආනය පහළ කලායින් පසු ඇති වු සමාජ වෙනස් විම් පිළිබදව මුස්ලිම් නොවන සුප්‍රකට ඉතිහාසඥයින් ඉදිරිපත්කරන අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon) විසින් වෙළුම් අටකින් ලියන ලද Decline and Fall of the Roman Empire (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිලිබදව පවසන කොටස පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස්ගත් තිරිසන් පිරිසක් පමණකි”.
ඉහතින් උපුටා දැක්වු කොටස පිලිබදව අමතර විග්‍රහයක් අවශ්‍ය යැයි නොසිතන්නෙමු. මෙය අල්කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජයේ සැබෑ ස්වභාවයයි.