//~GPS_තාක්ෂනය...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    GPS Navigation තාක්ෂනය
    tomtom_go_910_rev.jpg

    ඔන්න අදත් ඔයාලට වැදගත් කියල හිතෙන ත්‍රඩ් එකක් අරගෙන මම ආවා. අද ඔයාලට කියන්න යන්නේ GPS Navigation System එක ගැන. :)

    GPS හෙවත් Global Positioning System එක ගැන මුලින්ම අදහසක් ඇවිල්ල තියෙන්නේ 1960 වසරේ. නමුත් මෙය නියම ආකාරයට ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1994 වර්ෂයේ ඇමරිකානු ආරක්ෂක අංශය විසින් සැටලයිට් යානා 24ක් පෘතුවි කක්‍ෂය වටා රදවමින්. පෘතුවිය පිලිබදව සියලුම තොරතුරු රැස් කිරීම මෙහි අරමුනයි.

    මෙය මුලින්ම යොදා ගනු ලැබුවේ ගුවන් හා යුද කටයුතු සදහා මීට අමතරව ඔත්තු බැලීම සදහාද මෙම ක්‍රමය බාවිතා කරනු ලැබුවා. පසුව 2007 වසරේදී සාමාන්‍ය සිවිල් ජනතාවටත් බාවිතා කිරීමට අවසර ලබා දුන්නා.


    220px-GPS_Satellite_NASA_art-iif.jpg
    ConstellationGPS.gif

    මේහි දැක්වෙන්නේ සැටලයිට් චන්ද්‍රිකාවක්. සැටලයිට් ගමන් මාර්ගය.

    GPS Navigation System

    මෙමගින් සිදු කෙරුනුයේ පෘතුවිය වට ත්‍රිකෝණාකාරව පිහිටා ඇති සැටලයිට් චන්ද්‍රිකා තුනක් මගින් අපගේ GPS උපකරණ වෙතින් දත්ත ලබාගෙන එම දත්ත ගණනය කිරිමකට ලක් කර නැවත අප වෙත ලබා දීමයි.


    උදාහරණයක් වශයෙන්..


    අපි ගමන් කරන මාර්ගයේ GPS පහසුකම සහිත තවත් වාහන වලින් ලබා ගන්න දත්ත මගින් අප ගමන් කරන මාර්ගයේ ඉදිරියේ ඇති මාර්ග බාදක. Traffic වැනි දේ පිලිබදව අපව දැනුවත් කිරීමයි.


    කොහොමද? Navigation පද්දතියක් ක්‍රියාත්මක වෙන්නේ.

    සරලවම කිවොත් ඔයාලට මතක ඇති 10 වසරේ විද්‍යා සුත්‍රය.

    ප්‍රවේගය X කාලය = දුර

    මේ විදියට අප වෙත ලැබෙන signal නැවත පැමිණෙන කාලය අනුව ගණනය කිරීම් කර පිහිටි අක්ෂාංශ දේශාංශ අනුව අප සිටින ස්ථානය නිවැරදිව සොයාගනු ලබයි. එමෙන්ම අනෙකුත් GPS උපකරණ සම්බන්ද වීමෙන් මෙම පද්දතිය ක්‍රියා කරයි.


    GpsTracking.gif


    GPS Navigation වලින් අපිට තියෙන වැදගත්කම.


    • මහ මාර්ගයේ නාස්තිවන කාලය ඉතුකරගැනීම.
    • ලෝකයේ ඕනෑම තැනක සිට අපි සිටිනා ස්ථානය සොයාගත හැකි වීම.
    • ඕනෑම ස්තානයක් සදහා පහසුවෙන් ගමන් කිරීමට ලබා දෙන මාර්ග සිතියම.
    • මාර්ග බාදක. Traffic jam පිලිබදව පෙර දැනුම් දීම.
    • විකල්ප මාර්ග ස්වoක්‍රියව සොයා දීම.
    • නිතරම යාවත්කාලින වන සිතියම්.
    • Voice speaking පහසුකම.

    gps-fleet-1024x651.jpg


    ඔයාලට වැදගත් දෙයක් තමයි දැන් කියන්න යන්නේ.

    GPS Device එකක් ලංකාවේ මිලට ගන්නවානම් 38000 විතර මිලක් වෙනවා. දැන් අලුතින් එන වාහනවලනම් GPS Device හයි කරලයි එවන්නේ. ඉතින් අපිට කොයින්ද GPS? :(:(

    එහෙමනම් ඔයාලට තියෙන්නේ මේ ලින්ක් එකට ගිහිල්ල app එක Download කර ගන්න හැබැයි මේක වැඩ කරන්නේ Android සහ Symbian ෆෝන් වලට විතරයි, මේක දවස් 7ක් ඔයාලට free දෙනවා එතනින් එහාට ඔයාලට ඕනනම්. සල්ලි ගෙවල license key එක ගන්න ඕනා.
    :yes::yes:

    Thread එක ඔයාලට වැදගත් කියල හිතෙනවනම් Comment එකක් යන්න.. :)
    රෙප් 1000 කට වඩා මට ඔයාලගේ එක කමෙන්ට් එකක් වටිනවා..:)
    its my style