අපූරු_Phone_Chargers

uditha224

Well-known member
  • ඔබ මෙතෙක් නොදුටු අන්දමේ අපූරු Phone Chargers 30ක් :cool:


    ස්මාට් ෆෝන් භාවිතා කරන ගොඩක් දෙනෙක්ට තියන ගැටලුව තමයි බැටරි ඉක්මනින් ක්ෂය වීම. ඒ අපහසුතාවෙන් මිදීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම අන්තර්ජාලයේ තිබෙනවා. නමුත් ස්මාට් ෆෝන් එක නැවත ආරෝපණය කර ගැනීමට තිබෙන්නේ ඔබේ චාජරය පමණයි නේද ? නෑ...ඒ සඳහාත් අපූරු ලෙස නිර්මාණය වුණු චාර්ජර් වර්ග ගණනාවක්ම වෙළඳපොලේ තිබෙනවා. දැන් ඔබට ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට විදුලි බලය අනවශ්‍යයි.
    :confused::confused:

    solar-sunflower-intro.jpg



    Hand Turbine Smartphone Charger

    ඔබේ ස්මාට් ෆෝන් එක අතින් කරකවන ටර්බයින් එකක් මගින් ආරෝපඅය කරගන්න අවශ්‍ය නම් මේ ඒ සඳහා භාවිත කල හැකි උපකරණයක්. මෙහි රේඩියෝවක්ද අන්තර්ගතයි.

    hand-turbine-smartphone-charger_zpsd5290fbc.jpg



    CampStove

    තාපය විදුලිය බවට හැරවීම මෙයින් සිදු වෙනවා. ගිනි දල්වා මොබයිල් ෆෝන් එක චාජ් කරගන්න.

    campstove_zps97e2a868.jpg



    Epiphany onE Puck

    උණු කෝපි කෝප්පයක රස බලන ගමන් ජංගම දුරකථනය ආරෝපණය කරගන්න.

    epiphany-one-puck_zps9466d116.jpg



    Electree

    ඔබගේ නිවස හෝ කාර්යාලයේ අලංකරණයට තැබිය හැකි මේ කුඩා ගස ආලෝකය විදුලියට හරවා දුරකථනය චාජ් කර දෙන්නට සමත්.


    electree_zpse178fd3d.jpg



    PowerTrekk

    මෙයින් ජංගම දුරකථනයේ බැටරි චාජ් කර ගැනීමට අවශ්‍ය ජලය පමණයි.

    PowerTrekk_zpsb0f3a65b.jpg




    PowerPot


    මේ උපකරණයත් තාපය මගින් විදුලිය ජනනය කරන චාර්ජරයක්.

    powerpot_zps8ee785ae.jpg




    Solar Sunflower


    මේ හුරුබුහුටි සූර්ය පැනලය ජනේලයක් අසල තබා පහසුවෙන්ම ස්මාට් ෆෝන් ආරෝපණය කරගන්න පුළුවන්.

    solar-sunflower_zps4ed0030b.jpg




    BikeCharge


    ඔබගේ බයිසිකලයට සම්බන්ධ කළ හැකි මේ චාජරය මගින් බයිසිකල් පදින අතරතුර දුරකථනය ආරෝපණය කරගැනීමට පුළුවන්.


    bikecharge_zpsaf579988.jpg




    Mini Kin Wind Powered Charger


    සුළං බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.


    mini-kin-wind-charger_zps8284b735.jpg




    HYmini


    සුළං බලයෙන්, සූර්‍ය බලයෙන් හා විදුලි බලය ගබඩා කර තබාගෙන ආදී සියලු ක්‍රම වලින් ජංගම දුරකථනය නැවත ආරෝපණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

    hymini_zps7b46e608.jpg




    Solarmonkey Adventurer


    කඳු නගින්නන් ආදී ක්‍රියාදාම වල යෙදෙන අයට ගැලපෙන සූර්‍ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයක්.

    solarmonkey-adventurer_zps47cc5647.jpg




    Ray Solar Charger


    ඕණම එළිය ඇති ජනේලයක් හා සම්බන්ධ කර ජංගම දුරකථනය මේ හරහා ආරෝපණය කළ හැකියි.


    Ray-solar-charger_zpsf40931f0.jpg




    WakaWaka Power


    සාක්කුවේ ගෙන යා හැකි මේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චාජරයෙහි පැය 40ක reading light එකක්ද තිබෙනවා.


    wakawaka-power_zpsd8942032.jpg




    Soccket


    මේ පා පන්දුවෙන් ඔබ ක්‍රීඩා කරන විට එහි සිදුවන චලනය විදුලිය ලෙස ගබඩා වෙන්වා. පසුව ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකියි.


    soccket_zps74a70031.jpg




    Window Solar Charger


    Ray Solar Charger මෙන්ම භාවිතා කල හැකි ඝණකමෙ අඩු චාජරයක්.

    window-solar-charger_zps8bde429d.jpg




    Energizer Dual Inductive Charger


    Qi-enabled devices වලට භාවිතා කළ හැකි රැහැන් රහිත චාජරයක්.


    energizer-dual-inductive-charger_zpsff0bbefc.jpg




    Energi+ Backpack


    ඔබගේ ඕණෑම ආකාරයක ජංගම උපකරණයක් ආරෝපණය කර දෙන්නට මේ බෑගයේ ඇති තාක්ෂණය සමත්.

    Energi-backpack_zps0218b9b1.jpg




    Everpurse


    ජංගම දුරකථනය පර්ස් එකේ දාගෙන ගිහින් පුරුදු අයට වටිනා චාජරයක්.


    Everpurse_zps4f9431e1.jpg



    PowerKiss


    වයර් තියන චාර්ජර් භාවිතා කරල ඇති වෙලා නම් මේ වගේ එකක් භාවිත කරන්න.


    powerkiss_zps91bdbe16.jpg




    Phorce


    එකවිට උපකරණ තුනක් චාජ් කිරීමේ පහසුකම මේ බෑගයට තිබෙනවා.


    Phorce_zps92e435b6.jpg




    POP


    මේ චාජරය මගිනුත් උපකරණ කිහිපයක් එක විට ආරෝපණය කළ හැකියි.


    pop_zpsa04c12f7.jpg




    TYLT VU Wireless Charger


    ජංගම දුරකථනය චාජ් වන විට එහි තිරය පහසුවෙන් නැරඹිය හැකි පරිදි නිමවා තිබෙන මෙය රැහැන් රහිත චාර්ජරයක්.


    TYLT-vu_zps243eacdb.jpg




    Nokia Wireless Charging Pillow by Fatboy


    ඔබේ නොකියා ලුමිනා දුරකථනයට අදිමට ගැලපෙන චාජරයක්.


    fatboy-pillow_zps957cf6b9.jpg



    BrightBox


    අවන්හල් හිමියන්ට තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම සදහා ලබා දිය හැකි කදිම සේවාවක්.

    BrightBox_zpse31ff95d.jpg



    Thermoelectric Converter


    ෆූජි ආයතනය විසින් නිශ්පාදිත මේ චාජරය මගින් ඔබගේ ශරීර උණුසුම විදුලිය බවට හරවනවා.

    thermoelectric-converter_zpsd1cd553e.jpg



    Orange Power Wellies


    ඔබගේ යටි පතුලේ උණුසුම විදුලිය බවට හරවා ස්මාට් ෆෝන් එක චාජ් කර ගැනීමට මෙය භාවිතා කරන්න.

    orange-power-wellies_zpsdab62c1a.jpg



    InStep NanoPower


    ඇවිදීමේදී හෝ දිවීමේදී උපදින ශක්තිය දුරකථනය ආරෝපණය කිරීමට යොදාගත හැකි සපත්තුවක්.

    InStep-NanoPower_zps59608f9a.jpg



    Orange Power Pump


    පාදය මගින් ක්‍රියාත්මක කරවිය හැකි මෙය තවත් කදිම චාජරයක්.

    powerpump_zps2920cae1.jpg



    Cube Magic


    ක්‍රීඩාවක් කරමින් දුරකථනය ආරෝපණය කරගන්න.

    cube-magic_zps1e928a0e.jpg



    Gotwind Dance Charger


    ඔබ නටන අතරතුර හෝ ව්‍යායාමයේ යෙදෙන අතරතුර ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට මේ හරහා පුළුවන්.

    dance-charge_zps48fa1350.jpg



    හොඳනම් ඉතින්... ;);):rolleyes::rolleyes:
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ේ උනුසුම මගින් චාර්ජ් කරන ඒවගෙ විදුලිය නිපදවාගන්න විදිහ ොයාගන්න පුළුවන්නම් වටීවි.
    නියමයි යාළුවා...