KPZ ගැන කතාවක්

Tosh-Jay

Member
Sep 24, 2014
9
1
0
10557311_570702693035106_7485187176796082194_n.jpg


මේක ඇත්ත නම් ..... :( ඒත් මෙහෙම වෙන්නේ කීයෙන් කීයද :(
 

Tosh-Jay

Member
Sep 24, 2014
9
1
0
මේකැ කියවද්දි හිතටම වදිනවා හොද එකෙන්ම මචන් ..., මට මේ වෙනකන් හිටිය කෙල්ල බොරු කරන විත්තිය මට තේරුනා .. පස්සේ හොයන් යනකොට තව කොල්ලො 3k 4k එක්කත් යාළුවෙලා මම ඉන්නකොටම... පිළිගත්තෙම නැ , අන්තිමට ඒ කොල්ලෙක්ට කතා කරලා ඇහුව දාල කෙල්ලගෙන් මේ ඇත්තද බොරුද කියල අරු ඉස්සරහම.. එතකොට තමා පිළිගත්තේ ඊට පස්සේ අරු ඉස්සරහ මට හොදටම බැන්න හරියට මව අදුරන්නේ නැ වගේ .. හරිම ලොල් සහගතයි .. මොනවා කරන්නද බන් ඉතින් , ඒ කොල්ලත් මහා හරකෙක් ඌත් පිළිගන්නෙම නැ , ඌ හිතන්න මන් කියන්නේ බොරු කියල. මොනවා කරන්නද අවුරුද්දකටත් වඩා මම ආදරරේ කරා.. මුල ඉදන් එක එක විදියේ බොරු අහුවන්ත් මන් සමාව දුන්න හැදෙයි කියල හිතාගෙන.. එත් වැඩක් වුනේ නැ අන්තිමට. affair එක පටන් ගත්ත කාලේ ඉදන් තව කොල්ලො එක්කත් යාළුවෙලා ඉදල තියනවා , ඒවත් අතටම අහුවුනා... අන්තිමට හිතල හිතල වැඩි කමටමද දන්නේනැ මට operation එකකකුත් කරන්න වුන brain tumor එකකට.. මන් කිවුව මන් සමාව දෙන්නම් කරපු වැරදි වලට ඒවා ඔක්කොම අමතක කරන්නම් කියල.. මොකද මන් පුදුම විදියට ආදරේ කරා ..ඒත් වැඩක් වුනේ නැ .. එක ගැන හිතලවත් බොරු කරන එක නැවැත්තුවේ නැ .. එක කරන දවසේ රැත් මෙකි මල් කඩල වෙන කොල්ලෙක් එක්ක , ඒකේ වුන එක මන් දැක්ක,ඇහුව ( එයාගේ phone එක මට remotely control කරන්න පුළුවන් විදියට මම හදාගෙන තිබුනෙ.. voice clip record වෙලා cloud එකකට save වෙන්න දාල තිබුනෙ) දිගින් දිගටම chat කරා whatsapp වලින් කොල්ලොන්ට. මන් අන්තිමට තීරණයක් ගත්තා කොහොමහරි හිතෙන් අමතක කරලා මගේ පාඩුවේ ඉන්න.. එත් තවමත් වෙන එවුන්ට කර කරා අදටත් මට messages එවනවා. මොන ජාතියේ කෙල්ලෙක්ද මන්දා.. පුදුම විදවිල්ලක් මන් විදවන්නේ. ඒ අතින් KM වගේ කෙල්ලෙක් ලබන්න උබ මොන තරම් වාසනාවන්තද.

*අපි හැමෝගෙම හිත්වල කියාගන්න බැරි මොකක් හරි ලොකු කතාවක් තියෙනවා..එත් ගොඩක් අය ඒවා හිත්වල තද කරන්න ඉන්නවා එක්කෝ දුකට නැත්තන් වෙන කෙනෙක්ට කියාගන්න බැරි ලැජ්ජාවට.
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    18 කොටස.

    2013.05.15 උදැසන මා අවදි වීමටත් ප්‍රථම KM සහ ඇයගේ මව අප නිවසට පැමිණ සිටියේය. මාව නැගිට්ටුවේද KM ය. එදින මා විදෙස් ගතවීමට නියමිතව තිබු දිනයයි.
    මා නැගිට මුහුණ කට සෝදන් එන තුරු KM මගේ බෑගය ලෑස්ති කළාය. මා ඇයගෙන දුර ඇතක යන බව දැන දැනත් ඇය බෑගය අස් කිරීම මහත් උවමනාවෙන් කළාය. ගෙන යා යුතු බොහෝ දේ මට මතක් කර දුන්නේද KM ය. මා කළින් දින පැවසු ආකාරයටම ඈ කලින් දින ඇඳ සිටි T-shirt එක ගෙනැවිත් තිබුණි. මා එය ඉල්ලුවේ ගෙන යාමටය. ඒ මම ඇයගේ සුවදට ආසා කළ නිසාය. එය ළඟ ඇති විට මට දැනෙන්නේ ඇය මා ළඟ සිටිනවා මෙන්ය. තවමත් ඒ ඇදුම මා ළඟ තිබේ. සියලු දෑ අසුරා ගැනීමෙන් අනතුරුව අපි යන්නට පිටත් වුනෙමු.

    අපි ගුවන් තොටුපලට ගියේ වෑන් රථයකනි. KM හිඳගෙන සිටියේ මා අසලමය. මා මින් පෙර කිසි දිනක ගුවන් යානයක ගොස් නැත. එනිසා මට සිතට බයක් දැනුනි. මා ඒ බව KMට පැවසුවෙමි. එවිට ඇය මගේ අතක් ගෙන ඇයගේ උකුළ මත තබා අතගාමින් මා සනසන්නට විය. ඇය නිතරම කීවේ "බයවෙන්න එපා කවී, මුකුත් වෙන්නේ නැහැ, ඔක්කොම හරියයි" කියාය. ඇය එසේ මගේ ළඟට වී මගේ හිත හදනවාට පෙර මෙන් මා තවමත් ආසා කරයි. නමුත් තව ටික වෙලාවකින් අප දෙදෙනා ඈත් වෙනවාය. ගුවන්තොටුපල ට ගිය පසු කට්ටියම ticket ගෙන ඇතුලට ආවේය. යන්න පුළුවන් අවසානය වෙත පැමිණි පසු මම සියලු දෙනාට සමු දුන්නෙමි. මම අපේ අම්මටත් KM ගේ අම්මටත් දෙන්නටම වැන්දෙමි. ඉන් පසු KM ගුවන් තොටුපල අතුලේදීම මා ඉදිරියේ දන ගසා මගේ දෙපා අල්ලා වැන්දාය. එවිට මට දැනුනේ කියාගත නොහැකි වේදනාවකි. මට ඉන්නේ කොතනද කියා අමතක විය. මම ඇයව තුරුල් කරගෙන ඇයගේ නළලට හාදුවක් දුන්නෙමි. ඇය ටික වෙලාවක් යන තුරු මා අත් නොහැර මගේ පපුවට තුරුල් වී සිටියාය. ඇය කියන්නේ කුමක්දැයි මම දනිමි. නමුත් මා යා යුතුය. මා අවසන් වතාවට KM තුරුළු කරගත්තේ එදාය. එදා වෙනදාට වඩා වැඩි සනීපයක් දැනුනේ අවසන් වතාව නිසා විය යුතුය. අනතුරුව ඇය කිවේ ගිය ගමන් call කරන්න කියාය. අම්මාද කිව්වේ මම අයියට කියන්නම් phone එක දෙන්න අපිට call කරන්න කියාය. ඉන් පසු සියලු දෙනාගෙන් වෙන් වී මම ඇතුලට ගියෙමි. ගුවන් තොටුපළේ visa check කරන කට්ටියට UK visa දැක්කම හරි පුදුමය. ඔවුන් මගෙන් ලෝකෙ නැති ප්‍රශ්ණ ඇසුවේය. මට හැරී ගෙදර එන්නට සිතුනි. අවසානයේ පයක් පමණ හිඳගෙන සිටීමෙන් අනතුරුව යානයට නැග මම අනාගතය වෙනුවෙන් පියබුවෙමි. හිතේ තිබුනේ බලාපොරොත්තු කන්දරාවකි. ඒ සියල්ල එකින් එක සැබෑ කරගන්නට කියා මා UK ආවෙමි.

    පැය 12ක ගමනකින් පසු යානය ලන්ඩන් හිතෘ ගුවන්තොටුපලට ලඟා විය. උඩින් බලන කළ එංගලන්තය ලංකාව තරම් ලස්සන නැත. බැලු බැලු තැන ගොඩනැගිලි පමණි. අවසානයේ යානය ගොඩ බැස්සවිය. යානයෙන් පිටතට යාමට පෙර අපට පැය බාගයක් පමණ සිටින්නට විය. ඒ අතරතුර පොලිසියෙන් පැමිණ යානයේ සිටි දෙමළ ජාතිකයන් දෙන්නෙක් රැගෙන ගියේය. එංගලන්තයට ඇවිත් මුලින්ම දැක්කේ පොලිසියයි :baffled:. ඉන් අනතුරුව අපි යානයෙන් පිටවී ඇතුලට ගියෙමු. එතන සිටි visa officer ලංකාවේ officer තරම් ප්‍රශ්න ඇසුවේ නැත. ලංකාවේ කෙනාට වඩා හොඳින් ඔහු කතා කළේය. වැඩි අමාරුවකින් තොරව ඔහු මට ඇතුලට යාමට අවසර දුන්නේය.
    එබැවින් මම මගේ බෑග් මලු ටික හොයාගෙන එලියට ගියෙමි. එලියට එන විටම දුටුවේ කෑ ගසමින් සිටින දෙමළ මිනිසුන් ගොඩකි. මා මේ ආවේ ඉන්දියවටදැයි සැක හිතෙන තරම්ය. ඔවුන්ගේ හැසිරීම ගෙදර සිටිනවා මෙන්ය. සමහරුන් කෙසෙල් කකා තේ බිබී සිටියේය. ඒ මිනිසුන්ගෙන් වෙන්ව සිටි කෙනෙක් ඇත උස්සා "මල්ලි" කිවේය. ඒ වෙන කවුරුත් නොව මාගේ වැඩිමහල් සහෝදරයාය. ඉන් පසු මම ඔහුත් සමඟ ගියෙමි. එසේ ගොස් මගේ මළු ටික ඔහුගේ කාරයට දමා ඇතුලෙන් හින්දගත්තෙමි. ඉන් පසු ඔහු අම්මට call එකක් අරන් මට කතා කරන්න දුන්නේය. මම අම්මා සමඟ කතා කෙරුවෙමි. අම්මා ඇසුවේ පරිස්සමින් ආවාද, ගමන කෙසේද කියාය. නමුත් මා බලා සිටියේ KM ට කතා කිරීමටය. අම්ම සමඟ කථා කිරීමෙන් අනතුරුව අයියා phone එක ඉල්ලගෙන සාක්කුවේ දමා ගත්තේය. මට මතක් වුයේ KM මා කථා කරන තුරු බලා සිටිනවා නේද කියාය. phone එක ගෙන සාක්කුවේ දමා ගැනීමෙන් ඔහු දැන්වූයේ වෙන කාටවත් කතා නොකළ යුතු බවයි. නමුත් මා එන විට අම්මා පැවසුවේ අයියට කියල කතා කරන්න දෙන්නම් කියාය. නමුත් සිදු වුයේ එය නොවෙයි.

    අප නිවෙස බලා එන අතරමග අයියා මට එංගලන්තයේ සිටිය යුතු අයුරු ගැන දේශනයක් දුන්නේය. ඔහු කිවේ "ලංකාවේ අපිට කවුරුත් නැහැ. අපේ මහ එකත් වෙන ගැනියෙක් එක්ක. එක නෑයෙක්වත් අපේ උදව්වට එන්නෙ නැහැ. අපි ඔක්කොම දැන් මෙහෙ ඉන්න හදාගන්න ඕනේ. ඒ නිසා ලංකාවේ තියෙන දේවල් ඔක්කොම අතරල මෙහෙ විදිහට සෙට් වෙන්න. බදින්නෙත් නැතුව එන්න කිව්වේ ඒකයි. ඔය එක එක මගුල් කරේ දාගෙන අපිට දියුණු වෙන්න බැහැ. මෙහෙ සුද්දියෙක් සෙට් කරගෙන මෙහෙ PR ගත්තනම් අපි ඔක්කොම ගොඩ" කියාය. කලින් සිදුවූ දේ මට දැන් පැහැදිලිය. ඉදිරියට විය හැකි දේත් මට දැන් පැහැදිළිය. නමුත් KM ගේ සහ මගේ අනාගතය වෙනුවෙන් සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට මම දැන් සුදානම්ය.


    මතු සම්බන්දයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අයියා කියන්නෙ උඹෙම අයියද or cousin අයියා කෙනෙක්ද ? අයියා පොඩි කාලෙ ඔයත් එක්ක නෙවේද හිටියෙ ?