⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
As a Sri Lankan Fan i never giveup mchn.monawa unath issara idalama matches aka digata balan awa eke paradunath balanna hithenawa bung

හා හා එහෙනම් කන හැටි බලපන් :P:P:P

අදත් චන්දිමාල් ඉන්නවා..ෂෙහාන් ඉන්නවා..තිසරත් ඉන්නවා :love::love:
 

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
235599.3.jpg


Sri Lanka lost 0-2 to Pakistan in the teams' most recent T20 series, in Sri Lanka last year.
 

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
අපව අවතක්සේරු කරන්න එපා - ලසිත් මාලිංග

LLLLL.jpg


ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට සති තුනක පමණ කාලයක් තිබෙන බැවින් එම කාලය තුළ යථා තත්ත්වයට පැමිණීමට හැකිවනු ඇතැයි තමන් විස්වාසයේ පසුවන බවත්, කණ්ඩායමෙත් එකම බලාපොරොත්තුව තමන් ලෝක කුසලාන තරගාවලියට ක‍්‍රීඩාකිරීම බවත් ශ‍්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.

ආසියානු කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (04 දා) පැවැත්වෙන තරගය වෙනුවෙන් පුහුණුවීම් සඳහා ඊයේ මීර්පූර් නුවරට පැමිණි අවස්ථාවේ කළ විමසීමකදී මාලිංග මෙම අදහස් දක්වා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මාලිංග පවසා සිටියේ, ආසියානු කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව අසාර්ථක වුවත් එය ලෝක කුසලාන තරගාවලියට බාධාවක් කරන නොගන්නා බවත්, තරගාවලියක් පරාජය වුනා කියන එක දක්ෂතා අවතක්සේරු කරන්න හේතුවක් නොවන බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ මාලිංග මෙසේද කීවේය.

”ආබාධ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙන කාලය ගැන කියන්න අමාරුයි”
”මගේ අදහස තියෙන්නෙ හෙට (04 වැනිදා) තරගයත් ක‍්‍රීඩා කරලා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ඉඳන් ක‍්‍රීඩාකරන්න”

”ලෝක කුසලාන තරගාවලියට සති තුනක පමණ කාලයක් තියෙනවා, ඒ කාලය ප‍්‍රමාණවත් වෙයි සූදානම් වෙන්න. කණ්ඩායමේ සියලූ දෙනාගෙම බලාපොරොත්තුවත් මම ලෝක කුසලානය ක‍්‍රීඩාකරනවා දකින්න” යැයි මාලිංග පවසා සිටියේය.

ආසියානු කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද (04 දා) පාකිස්තානයට එරෙහාව පැවැත්වේ.

පාකිස්තානය මෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියෙන් ඉවත්ව ඇති බැවින් කණ්ඩායම දෙකටම අභිමානය රැකගැනීමට දෙයක් ඉතිරිව නැති අතර, කණ්ඩායම් දෙකටම බලාපොරොත්තුවක් නොමැති සටන් පමණක් ඉතිරිවී ඇති තරගයක් බවට පත්ව ඇත. කෙසේ නමුත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආසන්න මොහොතක තිබෙන සෑම තරගයක්ම වැදගත් බැවින් අත්හදා බැලීම් කිරීමට මෙය ශ‍්‍රී ලංකාවට වැදගත් තරගයකි.

ලෝක කුසලාන හා ආසියානු කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් එකම කණ්ඩායමක් නම්කළද මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී නිරෝෂන් දික්වැල්ලට, සචිත‍්‍ර සේනානායකට සහ ජෙෆ්රි වැන්ඩරේසේට ක‍්‍රීඩාකිරීමට අවස්ථාවක් හිමිනොවීය. මේ වනවිට ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා ඉස්මතු නොවූ බැවින් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක‍්‍රීඩකරන දික්වැල්ල පිළිබඳ පරීක්ෂාවක් සිදුකිරීමට මෙය අවස්ථාවක් කරගත හැකිය. ඊට අමතරව සචිත‍්‍ර හා ජෙෆ්රි කෙරෙහිද අවධානය යොමුකිරීම ශ‍්‍රී ලංකාවට එකසේ වැදගත්ය.

මෙහිදී අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා සිටියේ තමන්ගේ පාදයේ ආබාධ තත්ත්වය සුව වෙමින් තිබෙන බවත්, ඉදිරි දින කිහිපයේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි විස්වාස කරන බවත්ය.

කෙසේ නමුත් අද තරගයට ක‍්‍රීඩාකරන බව මාලිංග ස්ථර වශයෙන් පවසා නොසිටි අතර, ඊයේ දිනයේද පුහුණුවීම් සඳහා සහභාගි නොවුණි. කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන්ගේද ආබාධ තත්ත්වය අනුව සංචිතය තෝරාගන්නා බව හෙතෙම අනාවරණය කර සිටියේය.

”ඉදිරියේදී තිබෙන පුහුණු තරග වලදී කණ්ඩායමේ සිටින සියලූම ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වටිනවා”

”ලෝක කුසලානයේ පළමු තරගයට හොද කණ්ඩායමක් හොයගන්න පුළුවන් වෙයි. පසුගිය තරගාවලි කිහිපයේම අපට හොදින් දක්ෂතා දක්වන්න බැරි වුණා.

අපට ඕන පිතිකරුවන්ටත් පන්දු යවන්නන්ටත් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගන්න හොද මානසිකත්වයක් හදා දෙන්නයි”

”කණ්ඩායමේ ලොකු වෙනස්කම් කළා කියලා ඒ දේවල් හදාගන්න අමාරුයි” යයිද ලසිත් මාලිංග පැවසීය.

ලසිත් මාලිංග මෙසේද පැවසීය.

”ආසියානු කුසලාන තරගාවලියට මේ කණ්ඩායම තෝරාගත්තේ ලෝක කුසලාන තරගාවලියත් ඉලක්ක කරගෙන. අපි දැනගෙන හිටියා ඉන්දියාවේ හා බංග්ලාදේශයේ තණතීරු ගැන. ඉන්දීය තණතිලි වල දඟපන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න පුළුවන්. එය අපට ගොඩක් වාසිදායක වේවි”

”ලෝක කුසලාන සංචිතයේ නවක ක‍්‍රීඩකන් ගැන ගැටළුවක් නැහැ”
”දසුන් ශානක කියන්නේ ලංකාවේ ක‍්‍රිකට් ඉතිහාසයේ විස්සයි20 තරගයක ශතක දෙකක් ලබාගත් එකම ක‍්‍රීඩකයා. ඒ වගේම ජෙෆ්රි වැන්ඩර්සේ, මාලිංග බණ්ඩාරගෙන් පසුව හමුවූ දකුණත් පාදඟ පන්දු යවන්නා”

”කඩුලූ රකින්නෙක් වශයෙන් දිනේෂ් චන්දිමාල්ගෙන් පසුව ඉන්නේ නිරෝෂන් දික්වැල්ල. ඔහුත් සුපිරි පන්දුවාර විස්සයි20 තරගාවලියේ ඉදිරියෙන් සිටි පිතිකරුවා. ඒ අනුව මෙම ක‍්‍රීඩකයන්ට මේ මොහොතේ ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබාදෙන්න බැරිනම් මම හිතන්නේ නැහැ ඔවුන් ලංකාවේ පළමු පෙළ ක‍්‍රීඩාකරලා තේරුමක් තියෙනවා කියලා”

”නම්කර තිබෙන කණ්ඩායම මේ මොහොත් ශ‍්‍රී ලංකාවට තොරා්ගත හැකි හොදම කණ්ඩායමයි”

තරගාවලියක තරග දෙකක තුනක් පරාජය වුනා කියන එක අපේ දක්ෂතා අවතක්්සේරු කරන්න හේතුවක් නෙමෙයි”

”අපි වසර හතක් තුළ ලෝක කුසලාන අවසන් මහ තරග පහකට සහභාගිවෙලා තරගාවලියක් ජයග‍්‍රහණය කළ කණ්ඩායමක්. එමනිසා මම හිතනවා තරගයක දෙකක දක්ෂතා අතරට එන්න බැරිවුණා කියලා බලාපොරොත්තු නැතිකරගන්න හොද නැහැ” යැයි මාලිංග අවසන් වශයෙන් පැවසීය.


http://sinhala.wisdensrilanka.lk/article/9018
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
wc eka dinanna sahenna idak thianawa :)

සොහොන;19806122 said:
aniwarenn meda para num mokak hari wenasak onemi
11.gif

ehamanam kusalwa thamai genna ona ekama eka :)


"අපි වසර හතක් තුළ ලෝක කුසලාන අවසන් මහ තරග පහකට සහභාගිවෙලා තරගාවලියක් ජයග‍්‍රහණය කළ කණ්ඩායමක්. එමනිසා මම හිතනවා තරගයක දෙකක දක්ෂතා අතරට එන්න බැරිවුණා කියලා බලාපොරොත්තු නැතිකරගන්න හොද නැහැ"
 

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
"අපි වසර හතක් තුළ ලෝක කුසලාන අවසන් මහ තරග පහකට සහභාගිවෙලා තරගාවලියක් ජයග‍්‍රහණය කළ කණ්ඩායමක්. එමනිසා මම හිතනවා තරගයක දෙකක දක්ෂතා අතරට එන්න බැරිවුණා කියලා බලාපොරොත්තු නැතිකරගන්න හොද නැහැ"

:yes::yes::yes::yes:
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    "අපි වසර හතක් තුළ ලෝක කුසලාන අවසන් මහ තරග පහකට සහභාගිවෙලා තරගාවලියක් ජයග‍්‍රහණය කළ කණ්ඩායමක්. එමනිසා මම හිතනවා තරගයක දෙකක දක්ෂතා අතරට එන්න බැරිවුණා කියලා බලාපොරොත්තු නැතිකරගන්න හොද නැහැ"

    :):yes: