ඊයේ (25) රාත්රී 7ත් 8ත් අතර දෙහිවල ප්රදේශයේදී දුම්රිය මාර්ගය හරගා යෑමට ගොස් තරුණියන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂණයට පත්වුණා. මෙම තරුණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දෙහිවල ප්රදේශයේ හෝටලයක තිබුණු සාදයකට සහභාගී වීම සඳහා යමින් සිටියදීයි.
මොවුන් සමඟින් තවත් පිරිසක් කාර් එකකින් අදාල ස්ථානය වෙත ගොස් ඇති අතර පසුව වාහනය නවතා එම ස්ථානයෙන් රේල්පාර මාරු වීමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ ඔවුන් ඉයර් ෆෝන්ද කනේ රඳවාගෙන සිටි බවයි සිද්ධිය වූ ස්ථානයේ සිටි අයෙක් පවසා තිබෙන්නේ.
Last edited:







