සර්ප~විෂ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් අනතුරුව ජීවිතය පිළිබඳව ඇත්තේ අවදානමකි. සර්ප විෂට නිසි අයුරින් ප්‍රතිකාර නොකළොත් රෝගියා මිය යන්නට පවා බොහෝ සෙයින් ඉඩකඩ ඇත.
    විශේෂයෙන් ම ස්වභාව සෞන්දර්යයෙන් අනුවන ගම්බද පෙදෙස්වල වෙසෙන ජනතාව බහුතරයක් සර්ප විෂෙන් පීඩාවට පත්වෙයි.
    එබැවින් ඒ පිළිබඳව දැනුවත්වීම වඩාත් යෝග්‍යයි.

    සර්පයෙක් දෂ්ඨ කළ විට වහාම රෝහලක් වෙත රෝගියාව රැගෙන ඒම අතිශයින් වැදගත්ය.
    එවිට රෝගියාගේ ජීවිතය බේරාගැනීමට හැකිවනු ඇත.

    සර්ප දෂ්ටනයේ දී ලබා දිය යුතු ප්‍රථමාධාර සහ රෝහලේ දී ලැබෙන ප්‍රතිකාර පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනෝමා බණ්ඩාරනායක සමඟ කළ සාකච්ඡාවකි.

    බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අධික විෂ බවට හඳුනාගෙන ඇති සර්ප විශේෂ මොනවාද?

    අප ජීවත්වන පරිසරයේ ජීවත්වන විෂ ඝෝර (අධික විෂ සහිත) සර්ප විශේෂ කිහිපයක් සිටිනවා.
    ඒ අතර නයා, පොළඟා, කරවලා, කුණකටුවා ප්‍රධාන තැනක් ගන්නවා.
    එමෙන් ම පොළගා අතරින් තිත් පොළඟා සහ වැලි පොළගාගේ විෂ උග්‍රයි.

    මීට අමතරව බහුලව දක්නට ලැබෙන සර්ප විශේෂ සිටියත් උන් විෂ ඝෝර ගණයට අයත් වන්නේ නෑ.
    ඒ කොහොම වෙතත් කුමන වර්ගයේ සර්පයකු දෂ්ට කළත් අනිවාර්යෙන් ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කළ යුතුයි.


    පොදුවේ ගත් විට මෙම සර්පයින් නිතර ගැවසෙන ස්ථාන සහ අවස්ථා මොනවාද?

    ඒ ඒ පරිසර ලක්ෂණවලට අනුගතව ජීවත්වන සර්ප විශේෂ සිටියත් බොහොමයක් පුද්ගලයන් සර්පයන්ගේ සපා කෑමට ලක්වන්නේ ගෘහාශ්‍රිතව සහ ගොවි බිම්වලදීයි.
    නිදසුනක් හැටියට ගතහොත් කරවලා නැමති විෂ අධික සර්පයන් බොහෝ විට මිනිසුන්ට දෂ්ට කරන්නේ රාත්‍රි කාලයේ දී නිදි පැදුරේදියි.
    උන් මැටි ගෑ නිවෙස්වල, පොල්අතු, පිදුරු සෙවිලි ආශ්‍රිත නිවෙස්වල බහුලයි. දොර ජනෙල්වල හිඩැස් ආදි අනාරක්ෂිත තැන්වලින් උන් නිවෙස් තුළට, නිවැසියන් නිදන ඇද, කොට්ට මෙට්ට තුළට පහසුවෙන් ඇතුළු විය හැකියි.
    තිත් පොළඟා රාත්‍රි කාලයේ බොහෝ විට හේන්, කුඹුරුවල ගැවසෙනවා.
    තණකොළ සහිත බිම්වලට උන් කැමැතියි. විශේෂයෙන් උතුරු මැද පළාතේ තිත් පොළඟා දෂ්ට කිරීම වැඩියි.

    පෙබරවාරි, මාර්තු, වැනි අස්වනු නෙළන සමයේ උන්ගෙන් අනතුරු විය හැකිය. කුණ කටුවා රොඩු ගොඩවල් ආශ්‍රිතව සිටිනවා.
    ඒ වගේ ම වැලි පොළඟා වැලි පස සහිත මන්නාරම, යාපනය වැනි කලාපවල ජීවත්වෙනවා.

    ඇතැම් විට සර්පයකු දෂ්ට කළ ද පැහැදිලි දළ ලකුණු දක්නට නෑ. නමුත් පොදුවේ ගත් විට මතුවන පූර්ව රෝග ලක්ෂණ මොනවාද?

    සර්ප විෂ ශරීරගත වූ විට මුලින් ම ඇස් ඇරීමට අපහසුවීම, රූප බොඳවී පෙනීම, සිහිකල්පනාව මඳ බවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මාංශ පේෂි වේදනාව සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණයි.
    ඊට අමතරව දළ ලකුණු පිහිටි තැන ඉදිමීම, බඩේ කැක්කුම වමනයත් ඇති විය හැකියි.

    කරවලා දෂ්ට කළ විට තදින් ම බලපාන්නේ ස්නායු පද්ධතියටයි. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුව වඩාත් දැනෙනවා. ඒ වගේ ම පොළඟා, නයා වැනි සර්පයන් සපා කෑ විට දළ ස්ථානවලින් රුධිරය වහනය වීමේ හැකියාව වැඩියි.
    එමෙන්ම මුත්‍රා සමඟ ලේ පිටවීමත් සිදුවෙන්න පුළුවන්.

    සර්ප විෂ ශරීරගත වූ විට විනාඩි 20 – 30ක් වැනි කාලයක් ඇතුළත වුණත් ඉක්මනින් මෙම රෝග ලකුණු පහළ වෙනවා.
    මේ නිසා දළ ලකුණු දක්නට ලැබුණත් නොලැබුණත් ඉහත ලක්ෂණ පෙන්නුම් කරනවා නම් වහාම වෛද්‍යවරයකුට යොමු කළ යුතුයි.

    සර්පයකු දෂ්ට කර ඇති බවට නිශ්චිතව හඳුනාගත් විට නිවෙසේ දී ලබා දිය යුතු මූලික ප්‍රථමාධාර මොනවාද?

    මේ කාරණය ඉතාමත් වැදගත්. මුලින් ම රෝගියාගේ මානසික තත්ත්වය බිඳ නොවැටීමට අන් අය වගබලා ගත යුතුයි.
    ඒ කියන්නේ රෝගියා අනවශ්‍ය විදිහට බය කරන්න එපා.
    බය වුණාම හෘද ස්පන්ධනය වැඩිවෙනවා.
    එවිට ශරීරයේ රුධිරය ගලනයත් වැඩිවෙනවා.
    රෝගියා රෝහලට ගෙනෙනතුරු කිසිම අත් බෙහෙතක් දෙන්න එපා.
    ඒ වගේම තුවාලය තැවීම, වෙනත් කෙනෙක් මුඛයෙන් විෂ උරා ඉවත් කිරීම කිසි විටෙකත් නොකළ යුතුයි.

    කළ යුත්තේ පිරිසුදු ඇල් දියෙන් තුවාල වුණු තැන සෝදා පිරිසුදු රෙදිකඩකින් වෙලා රෝගියා කාලය නාස්ති නොකර හැකි ඉක්මනින් රෝහලට ගෙනඒමයි.
    තවද තුවාලය මැදි වන සේ රෙදි පටිවලින් තද කර බඳින්න එපා. රෝගියාගේ පාදය සෙළවෙන විට තුවාලයේ ලේ ගැලීම නැවැත්වීමට පමණක් ආධාරකයක් යෙදුවාට කමක් නෑ.

    ඒ අතරතුර රෝගියාට යමක් කෑමට හෝ බීමට දීම සුදුසු ද?

    කිසිසේත්ම නෑ. කන්න බොන්න කිසිවක් දෙන්න එපා.

    රෝගියා රැගෙන ආ යුතු ඉරියව්වක් තිබෙනවාද?

    ඔව්.
    විශේෂයෙන් වමනය යා හැකි නිසා සහ සිහිකල්පනාව අඩුනම් පැත්තකට හරවා රෝගියා ගෙන ඒම සුදුසුයි.


    රෝහලේ දී රෝගියාට ලැබෙන මූලික ප්‍රතිකාර මොනවාද?

    අපි මුලින් ම විෂ ශරීරගත වෙලා ද කියලා බලනවා.
    ඒ වගේ ම ලේ කැටි ගැසීමේ වේගය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා ද එසේ නැත්නම් අඩු වීමේ ප්‍රවණතාවක් තිබෙනවාද යන්න පරීක්ෂා කර බලනවා.

    සාමාන්‍යයෙන් ලංකාවේ අපට හමුවන ඕනෑම විෂාධික සර්පයෙකුගේ විෂ හරණය සඳහා අපි ලබා දෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කරනර්‍ථධතරචතඥදබ නම් එන්නතයි.
    මේ එන්නත හරිම ප්‍රබලයි.
    ඕනෑම සර්පයෙකුගේ විෂ මර්ධනය කිරීමට මේ එන්නත ප්‍රතික්‍රියා දක්වනවා.

    සරලව සඳහන් කළොත් මේ එන්නතෙන් සිදුවන්නේ විෂ අඩු වීමත් එක්කම ලේ කැටි ගැසීම සාමාන්‍ය තත්ත්වයට පත් වී ලේ වහනය අඩු වීමයි.
    නමුත් කුණකටුවා දෂ්ටනයේ දී මේ එන්නත ලබා දෙන්නේ නැහැ. රෝග ලක්ෂණ අනුව වෙනත් ප්‍රතිකාර ලබාදෙනවා.

    මේ අතරතුර රෝගියාගේ හුස්ම ගැනීමේ වේගය සහ ස්වභාවය රුධිර පීඩනයේ ස්වභාවය නිරන්තරයෙන් අපි පරීක්ෂා කරනවා. අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමත් සිදු කරනවා. ප්‍රතිකාරවලින් යහපත් ප්‍රතිචාර ලැබුණොත් සාමාන්‍යයෙන් දවස් පහකදී ඇතුළත පූර්ණ සුවය ලැබිය හැකියි.

    දින කිහිපයක් ඉකුත් වී රෝගියා රැගෙන ආවොත් පවතින අවදානම කෙසේ ද?

    ඇත්තෙන් ම මෙය කිසිසේත්ම නොවිය යුත්තකි.
    එහෙම වුණොත් තුවාල ඉදිමී පටක විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ ම වකුගඩුවල හෘදය වස්තුවට, ස්නායු පද්ධතියට, මාංශපේෂිවලට බලපෑ හැකිය.
    ඒ නිසයි හැකි ඉක්මනින් රෝගියා ළඟම ඇති රෝහලට රැගෙන එන ලෙස උපදෙස් දෙන්නේ.

    සර්පයන්ගෙන් ආරක්ෂා වීමට අපි පිළිපැදිය යුතු උපදෙස් මොනවාද?

    බොහෝ දෙනෙක් සර්පයන්ගේ ග්‍රහණයට ලක් වන්නේ නිවෙස්වල, මහ මඟ දී සහ ගොවි බිම්වල දී.
    නිවෙස්වල දොර ජනෙල්වල හිඩැස් කුහර නිවෙස තුළ සිට පිටතට විවෘත වුණු නළ මාර්ගවලින් සර්පයන් ඇතුළු විය හැකියි.
    ඒ පිළිබදව සැළකිලිමත් වෙන්න බිම නිදා ගන්නා විට මදුරු දැලක් වැනි ආවරණයක් ආරක්ෂාකාරී පියවරක් වෙනවා.

    රාත්‍රී කාලයේ මහමඟ යන විට ශබ්ද නැඟෙන සේ අඩි තබා ගමන් කිරීම, කෝටුවක් වැනි දෙයකින් පොළොව ස්පර්ෂ කිරීම කළොත් සර්පයන් සිටින්නේ නම් උන් මඟ හැර යනවා.
    ගොවිබිම්වල සිටින විට සපත්තු වැනි පා ආවරණයක් දැමීම දිග කලිසමක් ඇඳීම වඩාත් සුදුසුයි.





    a-9.jpg


    http://archives.dinamina.lk/arogya//art.asp?id=2011/06/22/apg05_0


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    රෑට ඵළියට යනවනම් බූට් දෙකක් දාන්න ඕන අනිවා..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කුණකටුවා උග්‍ර විෂ සර්පයෙක් නෙමේ කියලනේ මම අහල තිබුනේ :dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    වටිනවා බන් :) කාපු සතාව අරන් එන්න ඕනේ කියල කියාන්ව නෙහ් බන් :rolleyes:

    You must spread some Reputation around before giving it to akilar25 again.:sorry:
     
    Last edited: