ඔෆිස් එකේ Note 5 එකක් තියනවා මම නිතරම ටෙස්ටින් වලට යූස් කරනවා
මට නම් කිසිම අවුලක් පේන්නෙ නැහැ ලුක් එකත් මාර ලස්සනයි, හැබැයි බැක් කවර් එත් ග්ලාස් නිසා වැටුනොත් නම් ගොඩක් වෙලාවට ස්ක්රින් එක හරි බැක් කවර් එක හරි දෙකෙන් එකක් කෙලවෙන්න ගොඩක් ලොකු චාන්ස් එකක් තියනවා
කැමරා කොලිටි සුපිරි, මම 4K වීඩියෝ එහෙම ටෙස්ට් කරලා තියනවා කිසිම අවුලක් නැහැ
ෆෝන් කැමරා වල මෙගා පික්සල් ගාන හොයන එක මහම මහ ගොන් කමක් මෙගා පික්සල් අඩු කැමරා තියනවා සෑහෙන්න හොද ෆෝටෝ කොලිටි තියන ඒවා HTC M8 එකේ 4MPකැමරාවක් ආවෙ ඒ කාලෙ තිබුනු 8/12MP කැමරා වලට වඩා කොලිටි ෆොටෝ ගන්න පුලුවන්, ඒක නිසා කැමරා කොලිටි වෙනම බලලා ගන්න ඕන
UI එකට නම් මම ආස නැහැ, ඔය ෆෝන් එක Vanilla Android එක්ක තිබුනා නම් පට්ටම ෆෝන් එකක් වෙනවා
මමත් ඕකක් ගන්න හිටියෙ Note7 ආවට පස්සෙ ගනන් අඩු උනාම ඒත් Note7 ඩිස්කන්ටිනියු කරපු නිසා ආපහු ගනන් වැඩි වෙලාද දන්නෙ නැහැ
කීයටද ගන්න හදන්නෙ?