මකබාස් ආර්කිටෙක්ට්ස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ සිංහල තේරෙනවනේ? මායිමෙන් අදාල දුරවල් අරගන්න ඕනේ මුලින්ම... ඇඳලා තියෙන ගොඩනැගිල්ල මහපොලොවේ මාක් කරන්න තමා මේ ට්‍රයි එක.

    yaf2cy4j

    මුලින්ම ඉස්සරහ ප්‍රදාන කණු හරි බිත්ති හරි පේළියට අඩි කිහිපයක් ඉස්සරහින් ඒකට සමාන්තරව නූලක් ඇදගන්න ඕනේ.. ඔන්න මාකට එකේ තියෙනව ෆවුන්ඩේශන් නූල් කියලා...

    කණුවල බේස් වලවල් කපන කොට නොගැලවෙන්න nuul adinna one mulinma. ekata tikak athn samanatharawa gahanne nuul mulinma. බේස් වලවල කපල ඉවර නම් ඉතින් කෙලින්ම කොලම් ලයින් උඩින් නූල් ඇදගන්න ඕනේ....



    y8d7jtns



    ඔය අදින නූල් පොලොවට සමාන්තර වෙන්න ඕනේ.. ඉතින් ස්පිරිට් ලෙවල් එකකින් ලෙවල් කරගන්න ඕනේ...

    ගොඩන්ගැලි ප්ලෑන් එකේ තියෙන්නෙ ලම්භක බිත්තිනේ. ඉතින් ඕවා ලම්භක කම හරියට මැනගන්න තමා 3 4 5 එහෙම නැත්නම් 5 12 13 කියන ඒවා භාවිතා කරන්නේ..

    එක පාදයක දිගේ අඩි 3කුයි.. අනිත් පැත්තේ පාදේ දිගේ අඩි 4කූයි මැනල ඒ අතර පරතරේ අඩි 5ක් වෙනවද බලන්න ඕනේ.. පරතරෙ 5 ට වැඩිනම් මුලින්ම තොරගත්ත පාදෙ පමණක් වෙනස් නොකර අනිත් එක ටිකක් ලන් කරන්න ඕනෙ..

    y9np2g5f


    yauno2t9



    දැන් ඔක්කොම නූල් ගහලා බලනකොට මෙන්න මේ රතු පාට දිගේ දිග මැන්නම සමාන වෙන්න ඕනේ.. :yes:





    y774kpdj


    ඔය දෙක අසමාන නම් මුලු පරස් තියේ. ඒ කියන්නෙ ලම්භක නෑ හරියටම... අංශක අනූවක් නෑ.. කුඤ්ඤෙ උඩ ගහපු ඇණෙන් පුලුවන් පොඩි ප්‍රමාණයක් එහෙ මෙහෙ හරවගන්න අන්තිමටම

    👌👌👍 👍
    Macho explain him what will happen if the angles are not perfect right angles 90'
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරපන් මල්ලි.
    උඹ ලියපුවා ගොඩාක් feild eke nam කොමන් wenawa :sorry:... හැබැයි ලාබෙට ගොඩනැගිලි හදනවා කියන අය නම් අඟල් 5 කොන්ක්‍රීට් දාන්නේ නෑ. කන්ඩියුට් දාන්නලුනේ ඔය කම්බියට යටින් ඉඩක් තියෙන්නේ... :sorry:

    EDITed:sorry:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹ ලියපුවා ගොඩාක් කොමන් කතා... හැබැයි ලාබෙට ගොඩනැගිලි හදනවා කියන අය නම් අඟල් 5 කොන්ක්‍රීට් දාන්නේ නෑ. කන්ඩියුට් දාන්නලුනේ ඔය කම්බියට යටින් ඉඩක් තියෙන්නේ... :sorry:

    අන්කොමන් කතා දාපන්කෝ ඉතින් බන් :rolleyes::rolleyes::rolleyes::P:P:P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුලුපරස්

    ප්ලෑන් එකේ පරිදි පොලොවේ කණු හරියටම දැම්මේ නැත්නම් පස්සේ එන ප්‍රශ්න තමා මේවා... ඒ කිව්වේ මුලුපරස් හදන්නේ නැතිව හැදුවොත් පස්සෙ වෙන ප්‍රශ්න ටිකක් කියන්නම්....

    මුලින්ම කාමරේ දිග පළල මැන්නම වෙනස්. හතරැස් නෑ.
    ඉතින් ඕක අඟල් 2 ක් 3 ක් නම් ඕක හදන්න බිත්තියේ පළල වෙනස් කරගන්න වෙනවා.. බිත්තියේ ප්ලාස්ටර් එක ගහන්න ඕන එක පැත්තක් ගොඩක් ගනකමකට.ඉතින් සල්ලි තමා...

    උඩ කියන විදියට බිත්තියේ පළල වෙනස් නොකලා කියමුකො. ඔය කාමරේ ටයිල් ඇල්ලුවම ටයිල් තීරුකෑලි මුලු වලට ඇවිල්ලා චාටර් වෙලාම යනවා...

    බීම් දාන්නේ අඟල් 9 පළලට නම් ඔය කණු අතරෙම බීම් දාන්න ඕන නිසා බිත්ති නැති බීම උනොත් උඩ බලනකොට ඇදට පේනවා හොඳේ...

    පඩිපෙල් සෙට් වෙන කණු ඇද කරලා දාගත්තොත් අනාතයි. මොකද ඉතින් පඩි වල දිග වෙනස් වෙනවනේ එකින් එකට..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්කොමන් කතා දාපන්කෝ ඉතින් බන් :rolleyes::rolleyes::rolleyes::P:P:P:P
    අන්කොමන් උන්ට පේන්න තමා උඹ දාලා තියෙන්නේ.. අගයමි. :sorry:

    මම කොමන් කිව්වේ ක්ෂේත්‍රයේ කොමන් කියන එක... මේ දැනුවත් කිරීම ක්ශේත්‍රය නොදන්නා අයටනේ.. සෝ ගුඩ් වර්ක්...:dull:
     
    • Like
    Reactions: Nu1Dnk

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    DPC level eka thama tie beam eke top level eka.
    ෆවුන්ඩේශන් උස තීරණය කරන්නේ පසේ ස්වභාවය අනූව... සාමන්‍ය පොළොවක අඩි දෙකක් වත හාරලා දාන්න. මොකද ඔය වටේට යන බැම්මේන් ඇතුලේ තියෙන පස් ටිකේ තැලිච්චි ගතිය මේන්ටේන් කරනවා(සරල සිංහලෙන් )වැස්සට පොළොවේ වතුර පිරුනම හුඟක් හොඳයි ගල බැම්මක් තිබීම

    ආ මට ලියන්න බැරි උනා...

    බීම් එකේ උස අඟල් 9 ක් වගේ නිසා එකෙන් අඟල් 9ක් පහළදි බැම්ම ඉවර කරන්න ඕනේ. බැම්මේ පළල අඟල් 14 යි. පොළොවෙන් උඩට කොච්චර උඩට බිල්ඩින්ග් උස්සනවද මත ... අඟල් 6ක් 9 ක් වගේ නම් ගල් බැම්මේ අඟල් 14 නිසා කට්ටියක් පේන්නෙ නෑ...

    ගොඩක් උස්සනවනම් බීම් එකේ පළල අඟල් 14 කලාට පාඩුවක් නෑ පස්සේ හිඩැස වහන්න දඟලනවට වඩා

    Ela thanks for the reply
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අන්කොමන් උන්ට පේන්න තමා උඹ දාලා තියෙන්නේ.. අගයමි. :sorry:

    මම කොමන් කිව්වේ ක්ෂේත්‍රයේ කොමන් කියන එක... මේ දැනුවත් කිරීම ක්ශේත්‍රය නොදන්නා අයටනේ.. සෝ ගුඩ් වර්ක්...:dull:

    අර කොන්දියුට් කතාව සිරාවටමද :shocked::shocked::shocked: මට එහෙම ඇහිලා නැහැ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුලුපරස්

    ප්ලෑන් එකේ පරිදි පොලොවේ කණු හරියටම දැම්මේ නැත්නම් පස්සේ එන ප්‍රශ්න තමා මේවා... ඒ කිව්වේ මුලුපරස් හදන්නේ නැතිව හැදුවොත් පස්සෙ වෙන ප්‍රශ්න ටිකක් කියන්නම්....

    මුලින්ම කාමරේ දිග පළල මැන්නම වෙනස්. හතරැස් නෑ.
    ඉතින් ඕක අඟල් 2 ක් 3 ක් නම් ඕක හදන්න බිත්තියේ පළල වෙනස් කරගන්න වෙනවා.. බිත්තියේ ප්ලාස්ටර් එක ගහන්න ඕන එක පැත්තක් ගොඩක් ගනකමකට.ඉතින් සල්ලි තමා...

    උඩ කියන විදියට බිත්තියේ පළල වෙනස් නොකලා කියමුකො. ඔය කාමරේ ටයිල් ඇල්ලුවම ටයිල් තීරුකෑලි මුලු වලට ඇවිල්ලා චාටර් වෙලාම යනවා...

    බීම් දාන්නේ අඟල් 9 පළලට නම් ඔය කණු අතරෙම බීම් දාන්න ඕන නිසා බිත්ති නැති බීම උනොත් උඩ බලනකොට ඇදට පේනවා හොඳේ...

    පඩිපෙල් සෙට් වෙන කණු ඇද කරලා දාගත්තොත් අනාතයි. මොකද ඉතින් පඩි වල දිග වෙනස් වෙනවනේ එකින් එකට..

    Grand reply dude! Can't explain better than that. Good uncommon stuff. :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    දන්නා දෙයක් එහෙනම් කියල දීල යමුකෝ

    වස්තු විද්‍යඥයෙක්ගේ කාර්යය අවකාශය සැලසුම් කිරීම. නැතුව ප්ලෑන් ඇදිල්ල නෙමෙයි. ඒ ඒ අවකාශ වලට අනුව නිර්මාණයක් කරලා එක ක්ලයන්ට්ට පෙන්නලා පැහැදිලි කරනවා. අපේ මාමලාගේ වැඩේ ඔකේ කටු සටහන දුන්න ගමන් ජෝතිස සීය ගාවට උස්සන් ගිහින් දිග පළල අරව මේවා අරන් එනවා, තව ගොඩක් එව්වත් එනවා වෙලාවකට. අන්තිමට එතනදිත් තමන්ට ඕන දේවල් වලට වඩා අනුන්ට ඕන දේවල් තමයි කෙරෙන්නේ. සමහර වෙලාවට ආකිටෙක්ට්ට වෙන්නේ ඔටෝ කැඩ් ඩ්රාෆ්ට්මන් වෙන්න.

    ඔය අතරේ අර මම කලින් පොස්ට් එකක කිව්වා වගේ බුරුවෙක්ගේ ගානට අස්සයෙක් ගන්න යනවා එකත් කකුල් වෙනම කඳ වෙනම ගන්න යන්නේ, අස්සයට කන්න දෙන්න පුලුවන්ද කියල කල්පනා කරන්නේ නැහැ. ඔය කිව්වේ මේකයි. ඇති තියෙන මුදලටවත් තමන්ගේ සැබෑ අවශ්‍යතාවයටවත් නෙමෙයි අපේ මිනිස්සු ගෙවල් හදන්න යන්නේ. අවුරුද්දකට දෙකකට සැරයක් හෝ ජිවිතේ එක දෙක සැරයක් වෙන කාරනා ගැන පවා හිතල මහාපරිමාණ අවකාශයන් තමයි ඉල්ලන්නේ. ගෙදර ඉන්නේ තුන් දෙනා උනාට කාමර 5ක් වත් ඕන අපේ වඳ පුන්චම්මගේ ලොකු පුතාගේ ලේලිගේ කට්ටිය ආවම ඉන්න ඉඩ තියෙන්න ඕන වගේ.

    මුලින්ම එන්නේ මොඩර්න් ඩිසයින් එකක් ඕන කියල. හැබැයි වහල කාලි නම් 3-4ක් වත් ඕනෑමයි, තනි පලේ වහල නැතුව චුටියට හරි ඉස්සරහට පත්තිරිප්පුවේ වගේ පෙන්න කෑල්ලක් ඕනෙමයි අපේ ගෙදරට, අර අර වෙබ් සයිට් එකේ තිබ්බ ගෙදරත් එහෙමයි. අපිට රවුම් පඩිපෙලකුත් ඕන,තව කෝට්යාඩ් එකකුත් ඕන පොඩි පොන්ඩ් එකකුත් එක්ක. ගෙදර හොදට ඕපන් තියෙන්න ඕන හැබැයි සාලෙට ආවම ඇතුල පේන්න නම් බැහැ නේද අනේ බබාලත් පොඩිනේ. ඈ බාත්රුම් එක අර මැගසින් එකේ වගේ. කාමර ටිකක් ලොකුවට ඕන මොකද අල්මාරි දෙකක් තියන්නත් ඕන.

    ඔන්න එනවා වර්ග අඩි 3500ක් වගේ. දැන් තමයි වියදම. මේ දවස්වල අසන්න වසයෙන් ( 2017 ජුනි මාසය) තනි තට්ටුවේ ගෙයක් නම් වර්ග අඩියට අඩුම 3000ක් සිට 4000ක් වත් යනවා තට්ටු 2ක් නම් 4500 සිට 6000ක්. මේක ඔය QS මහත්තුරු කොන්ත්‍රාත් මහත්තුරු නිවැරදි කරන්න. ඉතින් ඔය ගණන් වලින් වැඩි කලාම බෑන්ක් ලෝං එක වගේ 5, 6 ගුණයක්. ඉස්සෙල්ලම ගණන් හදනවා ආකියගේ ෆී එක. එකට වියදන් කොරල කොහොමද මහන්සි වෙන බාසුන්නහෙට ගෙවන්න සල්ලි නැති වෙනවනේ, ආකිය ඔය ඉරි ටිකක් ගහල යන එකානේ. ඔන්න කපන්න පටන් ගන්නවා. ඉතින් කරපන් ආයේ මුල ඉදන් ඩිසයින්. කොහොමහරි ස්ටේජස් 2-3කට කරන්න පලානක් අදිනවා. ආයේ වාස්තු බලනවා. අඟලත් දෙකක් එහා මෙහා කරනවා. දොර තියන තැන වෙනස් කරනවා. එතකොට අර සෙටි එහෙම තියන්න බිත්ති දිග මදි වෙන්නත් පුළුවන් හරිය. ඒ උනාට වස්තු කෙස් උනොත් ඔක්කොම හබක්. ගිනිකතිරේට අහු නොවෙන්න බිත්තියෙන් පොඩි කෑල්ලක් එහාට දානවා. ආකිය මොලේ කල්පනා කලොත් පොඩි නිච් එකක් වගේ කරලා ඔය මොනවා හරි ඩිටේල් එකක් කරලා දානවා. අනුමත නීති රීති වලට කලාම අපිට පස්සේ කෑල්ලක් හදාගන්න පුළුවන් විදිහට දැනට පාස් කරගන්න ඇදල දෙන්න පුළුවන් නේද.

    තව තිබේ බන්, ඔපිස් එකේ ඉදන් කොටන්නේ. ඩිසයින් කොටස ඔය හොදටම ඇති.

    ලෝන් එකට එස්ටිමෙට් එකත් ඔයාම දෙනවද. අර එහා ගෙදර කරපු TO මහත්තය නම් ප්ලැන ඇදල පාස්කරලා ලෝන් එකෙවදත් කරලා දීල 3D එකකුත් දෙනවා. ඔක්කොටොම රුපියල් 25000ක් වගේ ගන්නේ. ටික දිනකින්... එස්ටිමෙට් එක බැංකුවේම මහත්තයෙක් කරලා දෙන්නම් කිව්වා.

    ලනු අදින එකට සිරිතක් වශයෙන් ආකිටෙක්ට් යනවා. යන එක හොදයි. මොකද සමහර බසුන්නහෙලා ලොකු කතා කියෙව්වට ඩ්රෝවින්ග් එකක් කියවන්න දන්නේ නැහැ. ග්‍රිඩ් එකක් දිගේ කියවල දෙයක් අහගන්න තේරුමකුත් නැහැ, වයසක ය නෙමෙයි තරුණ අයත්. අපි ඔව්වට ලනු අදින්න දන්නේ නැහැ, මෙහෙම ප්ලෑනක් දැක්කමයි වගේ අපහාස එල්ල වෙනවා.

    තට්ටු දෙකේ ගෙයකට කොන්ක්‍රීට් කණු අවශ්‍යම නැහැ ගඩොලින් අගල් 9 බිත්තිබදිනවා නම්. අපේ මහගෙදරත් එහෙමයි ( මගේ පියා සැලසුම් ශිල්පියෙක් හෙවත් ඩ්රාෆ්මන් කෙනෙක්, ඔහු ඉගෙනගත් කාලයේ QS සහ ස්ට්‍රක්චරල් ඩිසයින් පවා කාර්මික විද්‍යාලවල මුලික දැනුම උගන්වා තිබේ, අපගේ නිවාස ඔහුගේ නිර්මාණයකි) . නමුත් කළුගල් අත්තිවාරම හොදට හරියට තියෙන්න ඕන. පසේ සොබාවය අනුවත් ඕක වෙනස් වෙනවා. කමක් නැහැ කණු දාමුකෝ.

    යන බඩු වල විස්තරය බාසුන්නහේ දෙනවනේ ඉතින් QS කෙනෙක් ඕන නැහැ අපරාදේ සල්ලි. අනික ඔය සල්බ් දාන ය කම්බිත් දාල ඔක්කොම කරලා දෙනවනේ, ඉතින් ස්ට්‍රක්චරල ඉන්ජිනේරුවෙක්ට සල්ලි වියදන් කරන්න ඕන නැහැ. ආව කියල ලොකු වෙනසක් නැහැනේ. ආදී 10න් 10ට කණු දාමු කියල බසුන්නහෙත් කිව්වා. අනේ මායිම් වලට කණු දානකොට එහා වත්තට දාන්න වෙනව කියා බසුන්නහේ කිව්වා එක නිසා ඒ පැත්තෙන් පොඩ්ඩක් බල්ලෙක්ට යන්න වගේ ආදී 2ක් වගේ අඩු කරමු. ජනේලයක් දාන්න බැරි උනාට ග්ලාස් බොක්ස් එකක් හරි තියමු නේද අනේ.

    අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා කළුගල් අත්තිවාරම වෙනුවට පොලව ලෙවල් කරලා එක උඩ ටයි බිම් දානවා කියල අගල් 9 x 12 වගේ චොන්ක්රිට් බිම් එකක් දාන එක. හරිහමන් කොන්ත්රත්කරුවෙක්, බාස් කෙනෙක් එහෙම දෙයක් අනුමත කරයි කියල මම හිතන්නේ නැහැ. අනික කළුගලින් බදිනවට වැඩ වැඩි වියදමක් යනවා මම දන්නා තරමින්. බසුන්නහෙගේ පහසුවට තමයි ඕක කරන්නේ මගේ හැගීම. මට එක බාස් අයියෙක් නක්කලේට හිනා උනා ඕකවත් දන්නේ නැද්ද වගේ.

    බිත්ති බදිනවා. මේ නෝනා අර ජනේලේ ඇයි බිත්තියෙ පැත්තකට වෙන්න දාල ඇදල තියෙන්නේ අර මහත්තය. අපි මේක මැදට කරලා තියමු, එතකොට ලස්සනයිනේ. එකනේ බසුන්නහේ අපිට ඉතින් ඔය ප්ලෑන් තේරෙන්නේ නැහැනේ, බසුන්නහේ බලල හොද විදිහක් කරන්න. ඇදපු මහත්තය එන්නෙත් නැහැනේ බලන්න( එයට සල්ලි දුන්නේ පාස් කරන්න ප්ලෑන් එක අදින්න විතරනේ, එකටත් හෙන ගානක් ගත්ත). මේ දොරවලුත් හෙන ලොකු වැඩිනේ, ආදී 7ක් උස අපරාදෙනේ, නොලගේ උසත් එක්ක 6 හමාරක් හොදටම ඇතිනේ.

    මහත්තය ස්ලැබ් එක අගල් 4ක් ඇති. පොලව ලෙවල් කරලා ටයිල් අල්ලලා එනකොට අගල් 6ක් වෙනවනේ. අපරාදෙනේ කොන්ක්රීට්. වැහි දවසක් බලල කොන්ක්රීට් දාමු එතකොට ආයේ වෙනම වතුර දාන්න ඕනත් නැහැනේ හයි වෙන්න කියල.

    අනේ නෝනා මේ වහල මේ විදිහට නම් මට ගහන්න බැහැ. මෙහෙම ගැහුවොත් මටත් අසුබයි. අපි මේක කෑලි දෙකකට කඩමු.

    ඇති බන්.. කොටන්න් බැහැ. ඉතුරුව වෙන එකෙක් කියයි...

    ස්ලැබ් එක අගල් 5ක් වත් දමා ගනිල්ලා. මික්ෂර් එක 1 : 1.5 :3 වත් දාපල්ලා...

    ඔන්න තව කුහකයෙක් කතාවක් කියල බාගෙට දාල ගියා....
    සමහර කරුණු කිව්වේ හුදෙක් දන්නා දේවල් තහවුරු කිරීමට පමණි.

    :lol::lol::lol::lol::D:D:D
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    මචන් මම හැදුවෙත් කියුබ් ටයිප් ගෙයක් තමයි. ගෙදර හරි ලස්සනයි හැබැයි බ්ලයින්ඩ් වෝල්ස් වැස්සට තෙමෙනවා. මම ගාන්න පුළුවන් ඔක්කොම ජාති ගාල තියෙන්නෙ. ඒත් වැස්ස අල්ලලා හිටින කාලෙට ගේ ඇතුලෙ බිත්ති වල වෝටර් පැච් එකක් දෙකක් පේන්න තියනවා. ආකි කිවුවේ බිත්ති වෝටර් ප්රූෆ් කරන්න ඕන කියල. ෆින්කෝ එකේ බඩු දාල බිත්ති ඔක්කොම වෝටර් ප්රූෆ් කරන වෙලාවෙ තව ගෙයක් හදන්න පුළුවන්. මම ආයිත් ගෙයක් හදනවනම් කියුබික් ගෙදරක් හදන්නෙ නෑ බන්. ඒත් ඉතින් ඒක එක එක්කෙනාගේ පර්සනල් චොයිස් එක. උඹට කියුබික් ගෙයක්මද ඕන?
    :rolleyes:

    මතක් වෙන වෙන ඒවා ලියන්නෙ:
    ගෙදරට ෆවුන්ඩේෂන් එක දාන්න කලින් ඩ්රේනේජ් බට ටිකයි බාත්රූම් වල ඉන්ලට් and outlet බට ටිකයි වලල ගන්න නම් අමතක කරන්න එපා පුතේ. බාසුන්නහෙලා කියනවා ඒවට කලබල වෙන්න එපා මහත්තය කියල. උන් කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. they dont have a contingency plan when they forget something! :yes:
    බාත්රූම් වල පොලව මට්ටම අනිවාර්යෙන්ම සාමාන්‍ය පොලව මට්ටමට වඩා අඟල් දෙකක්වත් පහලට දාපන්. ඊට පස්සෙ ෂවර් ඒරියා එක තව අඟලක් පහලට දාපන්. you have consider these things at the very beging!
    බිල්ට් ඉන් ෂවර් කියුබිකල් ගන්න එපා. හොඳ වීදුරු වැඩ කරන එකෙකුට කියල ටෙම්ප්ර්ඩ් ග්ලාසස් වලින් වැඩේ කරපන්.
    සින්ක් එක කවදාවත් ෆුල් පෙඩස්ටල් එකක් දාන්න එපා. ෆ්ලෝ එක හරියට ක්ලීන් කරන්න බැරි වෙනවා. You can have a hanging sink or a semi pedastal one. It would be great if you could have concealed cistern type toilet.
    බාත්රූම් එක හෝදලා පිරිසිදු කරන්නෙ නැතුව අතු ගාල (sweap) පිරිසිදු කරන්න පුළුවන් විදිහට ඩ්‍රයි තියාගන්න පුළුවන් විදිහට හදපන්.
    බාත්රූම් එකට විශාල ජනේලයක් දාපන්. හුන්ඩු ජනෙල් දාපු කාලේ ගියා.
    very good pos:yes:t
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර කොන්දියුට් කතාව සිරාවටමද :shocked::shocked::shocked: මට එහෙම ඇහිලා නැහැ
    serious :sorry:


    cover eke conduit eka danneawa makabasla with TALKS...:baffled:

    dethun parak slab cracks hethuwa balanakota crack iwara wenne lamp post eken :rofl: mada tyena
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    serious :sorry:


    cover eke conduit eka danneawa makabasla with TALKS...:baffled:

    dethun parak slab cracks hethuwa balanakota crack iwara wenne lamp post eken :rofl: mada tyena


    නිකමට අහන්නේ ඔය ඉදිකිරීම් ක්ශේස්ත්රයේ වුර්තිකයෙක්ද . මම කිව්වේ කොන්තරාත් කරුවෙක් නොවෙයි. ඔහොම බාසුන්නහලට තමයි ගොඩක් වෙලාවට ඉරි ගහල සල්ලි හම්බ කොරන මහත්තුරු පෙන්නන්න බැරිම.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි හරි සම්ප්‍රදායික ජාතියක් (ශ්‍රී ලාංකිකයෝ) කවදාවත් අලුත් දේ ගැන හිතන්නේ නැහැ , හිතන එකා ට තැනක් නැහැ. අපිට නිවාස ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් , රටේ වැඩියෙන් ඉන්නේ අඩු අදායම් ලබන අය, නිවාස නැති මිනිස්සු වැඩියි. නිවාසයක් ගන්න හදන්නත් සැහෙන්න වියදමක් යනවා. රටේ නිකන් පඩි ගන්න නිවාස සංවර්දන වගේ නමට අමාත්‍යවරු අමාත්‍යංශ නිලදාරීන් ඉන්නවා රටේ කිසිම රිසර්ච් එකක් වෙන්නේ නැහැ අඩු වියදම් නිවාස ගැන,

    වෙන රටවල අඩුවියදම් නිවාස හැදෙනවා, රිසයිකල් ද්‍රව්‍ය , කන්ටේනර් වගේ දේවල් යොදාගෙන.ලංකාවේ තම නිවාස හදන්නේ මිට අවරුදු 100කට එහා හදපු සම්ප්‍රදායික කරමයටමයි.
    අනෙක අඩුවියදම් නිවසකියල මම අදහස් කරන්නේ පෙනුම අඩු හරක් මඩු වගේ ඒවා නෙවෙයි.
    අලංකාර නිවාස.

    මමත් ඉඩමක් ගත්තා එත් ගෙවල් හදන්න කොන්ත්‍රාත් කාරයෙක් ගාවට ගියාම මගේ හිතේ තියෙන පොඩි නිවස හදන්නත් ලක්ෂ 50ක් විතර යනවා. මම හිතුවා අඩුවියදම් නිවාස ගැන පොඩ්ඩක් සොයල බලන්න .

    අඩුවියදම් උනත් මට මේ දේවල් නැතිකරගන්න බැහැ

    1) ආරක්ෂාව (සොර සතුරන්ගෙන් සහ කාලගුණය සමග වෙන දිරා යෑම ) සහ කල් පැවැත්ම

    2)අනවශ විදිහට කුඩා නිවාසයක්

    3)නිවසේ පෙනුම

    මම හිතන විදිහට අපිට මේ විදිහට හිතලා නිවසක් හදන්න බැරිද ?

    1) අත්තිවාරම සාමාන්‍ය විදිහට දානවා ,

    2) අත්තිවාරමේ කොන් එන තැන වලින් 1 x 1 (අඩි ) වල කොන්ක්‍රීට් බීම්ස් නග්ගනවා .

    3) බිම්ස් වල උඩ කොටස් ලී වලින් සම්බන්දකරනවා

    4) වටේ බිත්ති වලට බ්ලොච්ක් ගල් වලින් ජනෙල් දොරවල් වලට ඉඩ තියලා බඳිනවා

    5) ඇතුල් බිත්ති අඟලක පමණ තුනි කොන්ක්‍රීට් වලින් හදනවා.
    මම හිතුවේ බිත්ති වල උස ආදී 10ක් නම් අඩි 5උස අඩි 2ක් පළල 1අඟලක් මහත කොන්කිර්ට් ලෑලි හදන්න,
    ඊට පස්සේ ඒවා එකට එකක් සම්පන්ද වෙන විදිහට අගට කට්ට කපා සවිකරන්න. තව තුනී කොන්ක්‍රීට් උනත් දාන්න පුළුවන් ඇතුලෙන් කම්බි මෙෂ් එකක් දැම්මොත්. ( මෙලෙස ඇතුල් බිත්ති බැන්දොත් සැහෙන මුදලක් ඉතිරි වෙයි කියල මම හිතුවා )

    තාම වහල ගැන හිතලා නැහැ .

    මොකද හිතන්නේ මේ ගැන


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක නම් ඉතාම වටින ත්‍රෙඩ් එකක්..
    පටන් ගත්ත කෙනාට සහ ඉතාම වටින විදියට අපිව දැනුවත් කරගෙන යන හෑම කෙනෙකුටම බොහොම පිං..
    කිසිම මූල්‍යමය ප්‍රතිලාභයක් නැතුව මෙහෙම දැනුවත් කරලා, වංචා වලින් සහ වැරදි ක්‍රමවේද වලින් බේරෙන හැටි කියලා දීලා සල්ලි සහ වෙලාව ඉතුරු කරලා දීපු එකම පුදුමාකාර සේවයක්..

    මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා..

    මම ලඟදිම ගෙයක් හදන්න ඉන්නේ.. ඒක බොක්ස් ටයිප් එකක්.. මේ ත්‍රෙඩ් එකේ කියුබික් කිව්වේ ඒ විදිය වෙන්න ඇති.. මට දැනගන්න ඕන මම යන්න ඕන පිලිවෙල කොහොමද කියලා..
    ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද ඒ වගේ දේවල්..
    මට කෙටියෙන් පියවර ටික කියන්න..
    අනික මම හිතාගෙන ඉන්නවා මුලු ගෙදරම ලයිට් එක තැනින් කන්ට්‍රෝල් කරන සිස්ටම් එක දාගන්න ( අර රංගන හේරත් ඉන්න ඩයලොග් ඇඩ් එකේ වගේ) මේකට වයරින් එක විශේෂ ක්‍රමයකට දාන්න ඕනද.. අනික හැම දොරකටම ජනේලෙකටම සිකියුරිටි සිස්ටම් එකක් දාන්න හිතන් ඉන්නවා මේන් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක්ක.. ඒවට වයරින් කොහොමද? ඒවා කාත් එක්කද ප්ලෑන් කරන්න ඕන.. සීසීටීවී ත් එක්කම.. මේවා කරන කම්පනි නැත්නම් මේ සිස්ටම් ගන්න තියෙන තැන් මොනවද ලංකාවේ.. ඇතුලේ එලියේ ලයිට් දාන එක කවුද ප්ලෑන් කරන්නේ..
    ඉස්සෙල්ලම වෙන්න ඕන දෙවල් සහ පිලිවෙල මට ටිකක් කියන්න..
    රෙකමන්ඩ් කරන්න පුළුවන් අය ඉන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන්ම දැනුවත් කරන්න..
    ඒක ගොඩක් වටියි හොරුන්ට බොරුකාරයන්ට අහු නොවී ඉන්න..
    ආයෙමත් කියන්නේ ගොඩක් පිං..
    දිගටම කරගෙන යමු..
    ජය!
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Sirawata me Beams penne nathuwa lassanata eka kara ganna barida ban? ehema beams pena kota patta kathai... pitaratawal wala ai ban ehema penne natte beams?

    THey are having cavity walls which are as thick as the beams and columns.
    I hate when beans and columns pops out from the sealing or the walls. Disgusting!! 🤢
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    THey are having cavity walls which are as thick as the beams and columns.
    I hate when beans and columns pops out from the sealing or the walls. Disgusting!! 🤢

    වෙන කරන්න දෙයක් නැහැනේ බං...
    අනිවා බීම් දාන්න ඕනනේ..
    හයිය, කල්පැවැත්ම ගැන හිතලා පෙනුම පොඩ්ඩක් අප්සෙට් උනාට අවුලක් නැහැ මට නම්..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Sirawata me Beams penne nathuwa lassanata eka kara ganna barida ban? ehema beams pena kota patta kathai... pitaratawal wala ai ban ehema penne natte beams?

    ekko ceiling ekak gahala beams wahanna puluwan, nathnam upstand beams danna puluwan
     
    Last edited: