ඇත්_සොහොන

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    අබිරහස් ඇත් සොහොන


    18-Elephants_Feeding_At_Yala-845371-Main_banner-Elephant-Island-Tour-Of-Sri-Lanka.jpg



    ‘අබිරහස් ඇත් සොහොන’, වල් අලි සම්බන්ධයෙන් ජනවහරේ එන ප්‍රකටතම කතාන්දරයකි. වල් අලින්ට අබිරහස් ‘ඇත් සොහොනක්’ ඇති බවත්, උන් සිය ජීවිතයේ අවසන් කාලයේ එහි ගොස් මියයන බවත්, ඉන් කියවේ. ඇත් සොහොන පිහිටි ස්ථානය කිසිදාක මිනිසුන්ට හමුනොවන බවත් සමහරු අදහති. තවත් අය කියන්නේ එය සමනල වනඅඩවියෙහි ඇති බවය. එහි උන්ගේ ඇටකටු කඳුපිටින් ගොඩ ගැසී ඇති බවද කියවේ.

    ජනවහරේ පැවසුණද, කිසිදු සත්ව විද්‍යාඥයෙකුට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට එවන් ඇත් සොහොනක් කිසිම දිනක හමුවී නැත. වල් අලින්ගේ ලෝකයේ එවන් ඇත් සොහොනක් නොතිබීම, ඊට හේතුවය.

    වල් අලි සම්බන්ධයෙන් මිථ්‍යා විශ්වාස ගොඩනැගී ඇත්තේ අද ඊයේ නොවේ. ඈත අතීතයේ සිටම ආසියානු ජන සමාජයේ ඒවා නින්නාද වෙමින් පැවතිණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු හා පර්යේෂණ), වෛද්‍ය නන්දන අතපත්තු වල් අලි සම්බන්-ධයෙන් බොහෝ අත්දැකීම් ඇත්තෙකි. හෙතෙම 2012 වර්ෂයේදී ‘අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය’ නමින් දැවැන්ත ග්‍රන්ථයක් ලියා පළ කළේය. එය එළිදුටුවේ ‘සූරිය ප්‍රකාශනයක්’ ලෙසිනි. එය, ලංකාවේ වල් අලි සම්බන්-ධයෙන් එදා මෙදා තුර සිංහලෙන් පළවූ විශාලතම, සවිස්තරාත්මක සහ විද්‍යාත්මක ග්‍රන්ථයද වෙයි.


    Minneriya_two_elephant_bulls_fight.jpg



    අතපත්තු සිය ග්‍රන්ථයෙහි දක්වන අන්දමට, ඉන්දීය වෛදික යුගයෙහි බිහිවූ ‘සෘග් වේදය’ නම් කෘතිය, ‘අලියා’ හඳුන්වා ඇත්තේ ‘හස්ති’ යන පදයෙනි. ‘හස්තයක් ඇති සත්වයා’ යන්න එහි තේරුමයි. සංස්කෘත බසින් ලියැවුණු ‘ගජ ශාස්ත්‍රය’ නම් තවත් ග්‍රන්ථයක පියාපත් යුගළක් සහිත අලි ගැන සඳහන් වෙයි. උන්ට දෙව්ලොව යන්නටද හැකියැයි අතපත්තු කියයි. ‘මාතංග ලීලා’ නම් තවත් සංස්කෘත ග්‍රන්ථයක් උපුටා දක්වන ඔහු, අලි සම්බන්ධයෙන් තවත් පැරණි කරුණු රැසක් ගෙනහැර දක්වයි. ‘මාතංග ලීලා’ ග්‍රන්ථයේ එන හැටියට, ලොව මුල්ම ඇතා ‘එෛරාවණ’ය. එෛරාවණ, සුදු ඇතෙකි. හින්දු කතාවල එන පරිදි වැස්ස වලාහක දෙවියන්, ‘ඉන්ද්‍ර’ නම් වෙයි. ඉන්ද්‍රගේ වාහනය ‘එෛරාවණ’යි.

    පැරණි කතා සහ ජනවහරේ කෙසේ සඳහන් වුවද, අලි සම්බන්ධයෙන්විද්‍යාත්මක කතා පුවත්ද බෙහෙවින් විචිත්‍රවත්ය.

    ඇතින්නියකගේ ගැබ්බර සමය, සාමාන්‍යයෙන් මාස 22ක් පමණ වෙයි. අලි පැටවෙකුගේ උපත් බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 100ක් පමණ වේ. උන් ඉපදුණු පසුව හැදී වැඩෙන්නේ ‘අලි අම්මා’ ගෙන් කිරි උරා බීමෙනි. සාමාන්‍යයෙන් වල් අලි රංචුවක කුඩා පැටවුන් සිටින අලි අම්මලා කිහිප දෙනෙක් වුව සිටින්නට පුළුවන. එවන් අවස්ථාවල මුළු රංචුවම පාහේ සිය පැටවුන් ගැන බොහොම සැලකිලිමත්ය. ඇතැම් අලි සිඟිත්තන් තම අම්මාගෙ න් පමණක් නොව, පැටවුන් සිටින අනෙකුත් අම්මලාගෙන්ද කිරි උරා බීම, අලි රංචුවක සාමාන්‍ය දෙයකි. දරු පැටවුන් කාගේ වුවද, අලි අම්මලාද
    උන්ගේ හුරතලය ඉවසන්නේ මහත් සෙනෙහසිනි. මේ කාරණය ජනවහරට පැමිණ ඇත්තේ, ‘අලි පැටියෙක් උපන්නාම ඇතින්නන් හත් දෙනෙකුට කිරි එරෙනවා’ යනුවෙනි. එහෙත් පැටවෙකු නොලැබුණු ඇතින්නකට නම් කවදාවත් කිරි එරෙන්නේ නැත.


    _55132731_012646469-1.jpg

    රංචුවෙහි ආදරය දිනාගනිමින් හුරතලයට හැදෙන වල් අලි පැටවුන්, මුළු වනයටම එක්කරන්නේ මහත් අලංකාරයකි. උන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 08ත් 15ත් අතර කාලයේදී ලිංග ිකව පරිණත වෙති. ඉන්පසුව රංචුවේ වැඩිහිටි ඇතින්නන් එක්ව උන් පලවාහරිති. එවිට උන්ගෙන් ඇතැමෙක්,
    ‘සහකාරියක්’ සොයා හුදෙකලාවේම වෙනත් රංචුවක් සිටින ඉසව්වකට යති. තවත් සමහරෙක්, සිය රංචුවේ ‘සංඥා’ (අලි සිග්නල්) දැනෙන මානයේ හුදෙකලාව සැරිසරමින් පසුවෙති. මේ ආකාරයට බලනවිට අලි රංචුවක සංයුතිය සැකසී තිබෙන්නේ, වැඩිහිටි ගැහැනු සතුන්, නෑම්බියන්, ලිංගිකව පරිණත නොවූ පිරිමි සතුන් සහ කුඩා පැටවුන් ගෙනි.

    වර්තමානයේ නම් වල් අලි බොහොම දෙනෙක් මියයන්නේ, අලි-මිනිස් ගැටුමට හසුවීමෙනි. එබැවින් දැන් උන්ගේ ආයු කාලය අඩුය. එසේ වුවද මිනිස් අතවරයකට හසු නොවුණහොත්, වල් අලියෙකු සාමාන්‍යයෙන් වසර 60-65ක් පමණ ජීවත් වන බව, වනජීවී නිලධාරීන් සහ සත්ව විද්‍යාඥයන්ගේ
    නිරීක්ෂණයයි. කෙසේ වෙතත්, මිනිසුන්ගේ සැලකුම් ලබන බැවින් ගෘහාශ්‍රිත අලියෙක් (හීලෑ අලියෙක්) සාමාන්‍යයෙන් වසර 65-70ක් පමණ ජීවත් වෙයි.


    ඇත් සොහොනෙහි ඇත්ත කතාව

    වයස්ගත වල් අලි, මියන්නේ ‘රළු ආහාර’ අනුභව කිරීමට නොහැකිවීමෙනි. ඊට හේතුව විද්‍යාත්මක කාරණයකි. අලි, සිය මුවෙහි රුවාග න්නා ආහාර අඹරාගන්නේ (විකා ගැනීම) ‘හකු දත්’ ආධාරයෙනි. උන්ගේ ‘හකු දත්’ද සුවිශේෂය. ජීවිත කාලය පුරාම, වරින්වර හකු දත් කුට්ටම් හයක් මෝදුවී ඒම, ඊට හේතුවයි. ඒවා මෝදුවන්නේ ද, එක් දත් කුට්ටමක් හැළී, තවත් දත් කුට්ටමක් මෝදු වීමේ ක්‍රමයටය. සත්ත්වයා වයස්ගත වී, දත් කුට්ටම් හයම හැලී ගියවිට, යළිත් දත් ඒමක් නැත. එවිට ඉතිරි වන්නේ ‘හනුව’ විතරය. එයින් වනයේදී ලැබෙන ඝන ආහාර ‘හැපීම’ ලෙහෙසි නැත.


    15462130._SX540_.jpg



    ඉතින් උන් වයස්ගත වනවිට, වැව් පිටියක් හෝ වෙන යම් ජලාශ්‍රිත පරිසරයක් සොයා ඇදෙති. වැඩි වෙහෙසක් නැතිව දිය බීමට සහ දිය නෑමට හැකිවීමත්, ජලාශ්‍රිත පරිසරයෙහි ඇති ළපටි තණකොළ ආහාරයට ගැනීමට හැකිවීමත්, එයට හේතුව වෙයි. හකු දත් නැති බැවින්, ළපටි තණකොළ
    බුදීම උන්ට පහසුය. මේ කාරණය නිසා වයස්ගත වල් අලි, ජලාශ්‍රිත ඉසව් බෙහෙවින් ප්‍රිය කරති.

    ගැහැනු හෝ පිරිමි වේවා, වයස්ගත අලින්ට අවසාන කාලයේ ජීවත්වන්නට සිදුවන්නේද හුදෙකලාවය. රංචුවට සිය ආහාර කෝටාව අරබයා වන සැරියෙහි යෙදෙන්නට සිදුවීම ඊට හේතුවයි.

    අකල් මරණයක් හිමි නොවුව හොත්, වයස්ගත වන අලියෙක් මියයන්නේද වැව් පිටියක හෝ එවන් ජලාශ්‍රිත පරිසරයකදීය.

    ‘කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිද්ධ වුණාම, ඇතැම් තැනක අලි ඇටකටු රාශියක් එකතු වෙන්න පුළුවන්. යමෙකුට ඒක ‘අලි සොහොනක්’ කියලා කියන්නත් පුළුවන්. ඒත් ජන කතාවේ එන ආකාරයේ ‘අබිරහස් ඇත් සොහොනක්’ නම් තවම හමුවෙලා නෑ. වල් අලින් මිය යන්න ආසන්න කාලයේදී එහෙම කඳුකරයට හරි වෙනම සොහොනකට හරි යනවා කියලා හෙළිදරව් වෙලත් නෑ’, වෛද්‍ය නන්දන අතපත්තු කියන්නේය.


    සලකන අයට සහ Bump , Comment කරන අයට 10+ ගානේ දෙනවා.....