ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්ම

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්ම

    බැසිල් රාජපක්ෂ, 2018-06-15:

    "ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්මවා යෑම නොකළ යුතු දෙයක්. රතුපස්වල සිදුවීම, හලාවත සිදුවීම, කටුනායක සිදුවීම අපගේ ආණ්ඩු කාලයේ වූ සීමා ඉක්මවා යෑම්. පුද්ගලයින් ගස් බැඳි අය පවා අපේ ආණ්ඩුවේ සිටියා. අපි ඒ ගැන කණගාටු වෙනවා."


     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    අවි එසවෙයි.. බැසිල්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයක්.. ඉලක්කය ගෝඨාභයද..

    June 15, 2018 at 10:49 pm | lanka C news

    තමන්ද ඇතුළු පසුගිය ආණ්ඩු කාලයේදී අඩුපාඩු වූ බවත් ඉදිරි නව ආණ්ඩුව යටතේ එවන් අඩු පාඩු සිදු නොවිය යුතු බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    පසුගිය රජය සමයේ සිදු වූ රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් සීමාව ඉක්මවා යාම් බවද පවසන බැසිල් රාජපක්‍ෂ මහතා ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවද සදහන් කරයි.

    ජාතික ආරක්ෂාව නාමයෙන් පුද්ගල නිදහස ඉක්මවා නොයා යුතු යයිද ඔහු කියා සිටියේ දකුණු පළාත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මන්ත‍්‍රී හමුව අම්බලන්ගොඩදී අමතමිනි.

    බැසිල් රාජපක්‍ෂ මහතා විසින් චෝදනා කරන රතුපස්වල, හලාවත, කටුනායක සිදුවීම් සම්බන්දයෙන් එදා මෙන්ම අදද ඉලක්ක කරමින් චෝදනා එල්ල කෙරෙන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාටයි.

    බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙම ප‍්‍රකාශය ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කියන ලද්දක් යයි බොහෝ අන්තර්ජාල මාධ්‍ය මෙන්ම සමාජ ජාලා පිටුද වර ගන්වමින් විවිධ අර්ත නිරූපනයන් දෙමින් තිබේ.


    - http:// l a n k a c n e w s/අවි-එසවෙයි-බැසිල්ගේ-ප‍්‍/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    බැසිල්ගේ think tank රත් වෙයි : "මල්ලිව වහාම පස්සට ගන්න" උපදෙස්

    ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    ගෝඨාභයගේ දේශපාලන කටයුතු වලදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධව කිසිඳු ස්ථාවරයක් ප්‍රකාශ නොවීමත් ඔහු සමඟ සිටින විශ්‍රාමික හමුදා ජනරාල්වරුන්ගේ "අනාගත දේශප්‍රේමී පාලනයක් යටතේ විරුද්ධවාදීන් එල්ලා මරණ" බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධව ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් පවා විවේචනාත්මකව සංවාදයක් ආරම්භ වී තිබීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබාදී ඇති උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

    එහිදී පොදුජන පෙරමුණේ උපදේශක ආචාර්යවරුන් පෙන්වාදී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණේ දේශපාලන පණිවිඩය නිවැරදිව ජනතාවට නොයන බවත් ඒ වෙනුවට ගෝඨාභය පාලනයක් යටතේ අනාගත ලංකාවට කුමක්වේද වැනි මාතෘකාවක් වෙත දේශපාලන සංවාදය යොමුව තිබෙන බවත්ය.

    පොහොට්ටුවේ නායකයින් දෙදෙනෙක් !

    එසේම ඒ හමුවේ මහින්ද රාජපක්ෂ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය කේන්ද්‍ර දෙකක් බවට පත්ව ගෝඨාභය රාජපක්ෂ වටා නව කේන්ද්‍රයක් බිහිවී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

    තවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙතෙක් කලක් පාලනය කිරීමේ හැකියාව පොදුජන පෙරමුණ සතුව තිබු නමුත් මේ වන විට එය ගිළිහෙමින් ඇති බවත් කුඩා පක්ෂ තම පාර්ශවයේ මතය ලෙස විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කරමින් සිටින බවද ඔවුන් පෙන්වාදී ඇති බවද වාර්තා වෙයි.

    බැසිල් - මහින්ද : ගෝඨාභයව පස්සට ගන්න බරටම වැඩ !

    දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට පසුගියදා හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ විසින් රාජපක්ෂ පාලන සමයේ පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා ගෝඨාභයගේ මුලිකත්වයෙන් දියත්වූ රතුපස්වල ඝාතනය, හලාවත ධීවර ඝාතනය, කටුනායක වෙළඳ කලාපයේ රොෂේන් චානක ඝාතනය වැනි සිදුවීම් සිහිපත් කර නැවත එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බව සඳහන් කර ඇත්තේ මෙම පොදුජන පෙරමුණේ උපදේශකවරුන්ගේ දැනුම්දීම අනුවය.

    එසේම පසුගියදා හිටපු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල මුස්ලීම් ජනතාව අතර හිත රිදීම් වර්ධනය කල මහනුවර , බේරුවල වැනි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ නොතබන බවට ප්‍රකාශ කර ඇත්තේද එම උපදෙස් අනුව යමින් බවද වාර්තා වෙයි.

    එසේම එහිදී හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමක් පිළිබඳ මෙතෙක් කිසිදු සාකච්ඡාවක්කර නැති බවත් එවැනි යෝජනාවක් මෙතෙක් එම පාර්ශ්වයෙන් ලැබී නැතැයි ද සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණ තුළ සහ ඒකාබද්ධ විපක්ෂය තුළ ගෝඨාභය පාර්ශවය විසින් ශ්‍රීලනිප හවුලක් ගැන පලකරන පුවත් වල විශ්වසනීයත්වය දුර්වල කිරීමට බවද දැනගන්නට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.


    - https://newstube.lk/news/2508-think-tank-besil-rajapaksa
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    gotfb.jpg


    - https://sinhala.srilankamirror.com/news/12502-gota
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    බැසිල්ගේ ප්‍රකාශයෙන් ඒකාබද්ධය අවුලෙන් අවුලට

    පසුගිය රජය සමයේ ජාතික ආරක්ෂාවට මුවා වී සිවිල් වැසියන් ඝාතනය වූ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ පැවති අභ්‍යන්තර ගැටුම් තවදුරටත් තීව්‍ර වී ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 14 වැනිදා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
    මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් හිතවාදී කණ්ඩායම, ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණය ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා දැඩි සටනක් ආරම්භ කර තිබෙන අතර එය දැන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අනියමින් මේ සඳහා බැසිල්ට සහාය දක්වන බවයි අනාවරණය වන්නේ.

    අදාල රැස්වීමේදී බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හලාවත ධීවරය ඝාතනය, කටුනායක රොෂේන් චානක ඝාතනය ආදී ඝාතන ජාතික ආරක්ෂාවේ නාමයෙන් පමණ ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් සිදු වූ සිදුවීම් බවයි. එවැනි සිදුවීම් ඉදිරි පාලනයක් තුළදී සිදු නොවීමට වගබලා ගතයුතු බව ද ඔහු පවසා තිබෙනවා.

    මෙම සිදුවීම් සිහිපත් කිරීම හරහා බැසිල් සිදුකරන්නේ තම සොයුරු ගෝඨාභය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම බවයි පොදුජන පෙරමුණේ ගෝඨා හිතවාදී කණ්ඩායම පවසන්නේ. පසුගිය රජය සමයේ බැසිල් රාජපක්ෂ මහතා තමන්ට හිතුමතේ කටයුතු කරමින් රජය අපහසුතාවයට පත්කළ පරිද්දන්ම රාජපක්ෂලා අතර ගැටුම් ඇතිකර ඒ හරහා පොදුජන පෙරමුණේ දේශපාලනය කඩාකප්පල් කිරීමේ උත්සාහයක ඔහු නිරත වන බවද එම කණ්ඩායම ප්‍රකාශ කරයි
    .

    - https://lankanewsweb.net/sinhala/පු...6-බැසිල්ගේ-ප්‍රකාශයෙන්-ඒකාබද්ධය-අවුලෙන්-අවුලට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    16 කණ්ඩායම පිළිබඳව ඒකාබද්ධයේ මත දෙකක් – මහින්ද සහ ප්‍රසන්න පරස්පර අදහස් දක්වති

    ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුල විවිධ මත පැතිර යමින් පවතී. ඒ අනුව එම 16 දෙනා පැමිණියේ තමාගේ කීමට බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරත්දී මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කලේ එම 16 දෙනා පැමිණියේ පොදුජන පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂ බලවේගය දෙකට කිරීමට බවයි.

    නමුදු ශ්‍රීලනිප මන්ත්‍රී ජෝන් සෙනවිතරත්න මහතා ප්‍රකාශ කලේ පොදුජන පෙරමුණ තුලින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට 16 දෙනාගේ කණ්ඩායමට අවස්තාව ලබාදෙන බව හිටපු ජනපතිවරයා පොරොන්දු වූයේ යැයිද. දේශපාලනය යනු එය යැයිද, එම නිසා එම පිරිවර පිලිගත යුතු යැයිද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කල බව සඳහන් කරන ලදී.

    මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය තුල 16 දෙනාගේ කණ්ඩායම දෙආකාරයකින් පිලිගන්නා අතර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීමට දැනුම්දුන්නේ හිටපු ජනපතිවරයා බව සඳහන් වුනි. ඒ පිළිබඳවද බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අතර ඒකාබද්ධ කණ්ඩායම් හමුවේදී වචන හුවමාරුවක් සිදුවූ බව දැනගන්නට ඇත. මේ ආකාරයට ඒකාබද්ධයේ දේශපාලන පරිසරය යම් කැළඹිලි ස්වබාවයක් පෙන්නුම් කරන බව පෙනෙන්නට ඇත.


    - http://sinhala.voiceofceylon.com/2018/06/16-කණ්ඩායම-පිළිබඳව-ඒකාබද්ධ/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    “අයියා-මලෝ” බල අරගලයක..!
    ගෝඨාට පෙර බැසිල් හමු වෙන්නැයි මහින්ද 16-කල්ලියට කියලා..!
    16-කල්ලිය තුනට කැඩෙයි..?
    විමල්-උදය-වාසු-දිනේෂ් දේශපාලන කරණමකට සැරසෙති..?


    (සුමුදු පෙරේරා)

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවට, ඒකාබද්ධ විපක්ෂයේ සියලු නායකයින්ට වගකීම් කාර්ය භාරයන් සහ ගෞරවය හිමි වන පරිදි සමාජයේ සියලු පාර්ශවයන්ට එකට ඒකරාශී විය හැකි පුළුල් පොදු සහ නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගිය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් කණ්ඩායමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බල කරමින් සිටිති.
    මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්, එකාබද්ධ විපක්ෂයේ ශක්තියෙන් සහ දේශපාලන ජීව ගුණයෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සිය පෞද්ගලික බූදලයක් සහ එහි නායකයින් සිය අන්තේවාසිකයින් ලෙස සලකා ක්‍රියා කිරීම යැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.
    මීට හොඳම උදාහරණය “රාජපක්ෂලා හිතන්නේ මේ රටේ රජ වෙන්න ඕනෑ ඒගොල්ලන් විතරයි කියල නේ..” යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල නායකයකු වන කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගෙවුණු සතියේදී සිය හිත මිතුරන් කිහිපදෙනකු සමග පවසා තිබීමය.
    ඔහු මේ බව සිය හිතවතුන් සමග පවසා තිබෙන්නේ පසුගිය බදාදා (06) සවස කොළඹ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඔහු හමු වී සාකච්ඡා කර එළියට පැමිණි අවස්ථාවේදීය.
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවට අලුත් නමකින් සහ ලකුණකින් යුතු ලියාපදිංචි පුළුල් සන්ධානයක් යටතේ ඒකාබද්ධ විපක්ෂය ඉදරියට යා යුතු බවට විමල් වීරවංශ,උදය ගම්මන්පිල,දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත තරයේ යෝජනා කර ඇති නමුත් ඔහු එම යෝජනාව මඟ හැර තිබේ.
    විමල් වීරවංශ මහතා ඇතුළු එම කණ්ඩායම මේ යෝජනාව කර තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අඟහරුවාදා (12) සවස පැවැත් වූ සාකච්ඡාවේදීය.
    එහිදී එම යෝජනාව මඟ හැර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අභ්‍යන්තරයෙන් එල්ල වෙමින් පවතින මේ විරෝධයට පිළියමක් වශයෙන් යෝජනා කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම්වලට අමතරව දිනේෂ් ගුණවර්ධන සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ද දේශපාලන කරළියට ගෙන ආ යුතු බවය.
    කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ එම යෝජනාවට ද ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයේ සහයෝගයක්,අනුමැතියක් සහ ආශීර්වාදයක් ලැබී නොමැත.
    මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පෙර බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කරන්න යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමට රහස් පණිවිඩයක් යවා තිබේ.
    මේ සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතාට සහය පළ කළ යුතුය යන ස්ථාවරයේ සිටින්නේ සුසන්ත පුංචිනිලමේ මහතා ඇතුළු එම කණ්ඩායමේ පස් දෙනකු පමණක් බවය.
    ඩිලාන් පෙරේරා මහතා ඇතුළු තවත් පිරිසකගේ ස්ථාවරය වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගිය යුතු අතර තවත් කොටසක් කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති කළ යුතු බව යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
    මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ද,ගෝඨාභය රාජපක්ෂ ද,මහින්ද රාජපක්ෂ ද,නැති නම් බැසිල් රාජපක්ෂ ද යන කාරණාව මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායම ද මේ වන විට තුනට බෙදී සිටියි.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් සිය යෝජනාවලට සාර්ථක පිළිතුරක් නොලැබෙන තත්ත්වය හමුවේ විමල් වීරවංශ,උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායම සමග නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා මේ වන විටත් පෙළ ගැසෙමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
    දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ එවැනි බලවේගය ගොඩ නැගුණොත් බොහෝවිට එහි වාසිය මෛත්‍රීපාල සිරිසේන මහතට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඍජුව ලැබෙනු ඇති අතර එක්සත් ජාතික පෙරමුණනෙන් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අලුත් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළොත් ඔහුට ද එම බලවේගයේ සහයෝගය ලබා ගැනීමට බොහෝ දුරට හැකි වනු ඇති බවය.


    - http://lankanewsweek.com/පොහොට්ටුවේ-පෙති-ගැලවෙයි/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    හෙ හෙ ඒ කාලේ රටේ 3 වෙනියට බලවත්ව හිටිය එකා කියනෝ රතුපස්වල, කටුනායක වගේ සිදුවීම් වැරදි කියල. එත් මේකේ ඉන්න ගොට්ටාවාදීන්ට නං ඕව ඔක්කොම දේශද්‍රෝහීන්ට (මේ බී කොටි) එරෙහිව සිදුකල දේශප්‍රේමී ප්‍රහාර































    ඇමරිකා ෆ්රස්ට් කියල දිව්රුම් දුන්න එකෙක් සිංහලු කෙරෙහි ආදරයෙන් ශිංහල රටට පැමිණේ :P




    එනිවේ එන චන්දෙ දිනන්නේ මහින්ද කියන පැත්ත.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    රාජපක්ෂ පවුලේ ගැටුම් එළියට..! මහින්ද පිල තුනට කැඩෙන ලකුණු..!

    June 16, 2018 ඒකාබද්ධ/මහින්ද

    පසුගිය පළාත් පාලන මැතිවරණය මහින්ද පිල ජයග්‍රහණය කිරීමෙන් පසුව හා ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක සිහිනය මත රාජපක්ෂ පවුල් තුළ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී ඇති බවක් පෙනෙන්නට තිබේ .මෙහෙදී පවුලතුල පැවති අභ්‍යන්තර ගැටුම් දැන් එළිපිට ගැටුම් බවට පත්ව ඇත. එම නිසාම ඔවුන් එකිනෙකට විවේචන එල්ල එල්ල කර ගනිමින්, පසුගිය ආණ්ඩුවේ වැරදි එකා පිට එකා මත පට්වමින් සිටින ස්වභාවයක් පෙනෙන්නට තිබේ, පොහොට්ටු පෙරමුණේ අභ්‍යන්තරික තොරතුරු අනාවරණය කරමින් සිටින්නේ ඔවුනොවුන්ගේ පුද්ගල ගැටුම් මෙන්ම පුද්ගල ප්‍රතිරෝධතාද උත්සන්න වෙමින් පවතින බවය .

    විශේෂයෙන් ගෝඨාභය, බැසිල් ගැටුම් එළිපිටම පැමිණ ඇත පසුගියදා අම්බලන්ගෛාඩ පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේ පසුගිය ආණ්ඩුව විසින් සිදුකරනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නිසා පසුගිය ආණ්ඩුවට මේ දේ සිදුවූ බවය,විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ නායකයා වූ බැසිල් රාජපක්ෂට රතුපස්වල සිද්ධිය,කටුනායක සිදුවීම වැනි එම සිදුවීම ගම්පහ දිස්තිකය තුලම සිදුවීම ඔහුට විරුද්ධව එදා පැවති කුමන්ත්‍රනයක් සේම දැන් පවතින තත්වයම ඔහුට විරුද්ධ කුමන්ත්‍රණයක් සේ පෙනෙන්නට ඇත.

    රාජපක්ෂ පාලන සාමය තුළ ජාතික ආරක්ෂාවට මුවාවී අහිංසක වැසියන් ඝාතනය වූ බවට බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ පිළිගැනීම හරහා ඔහු ගොඨාභයට එරෙහි සටන එළපිටම සිදුකිරීමටගත් ආරම්භයක් බව පෙනීයයි.

    ගෝඨාභය රාජපක්ෂ මහින්ද පිලේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු සුලු පිරිසක් විශාල උත්සාහයක නියැලෙමින් සිටියද , විශාල පිරිසක් ඊට විරුද්ධව පෙනී සිටින්නේ බැසිල් රාජපක්ෂගේ සහයෝගය ඇතිව බව මහින්ද පිලේ ආරංචි මාර්ග ඔස්සේ දිගින් දිගටම අනාවරණය විණි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ පවතින බරපතල නොකැමැත්ත එළිපිට ප්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගබලා ගත්ත ද මේවනවිට එම විරෝදය එලියට පැමිණ තිබේ

    කෙසේ වෙතත් මෙහිදී ගෝඨා පාර්ශ්‍යවය ප්‍රකාශ කරනුයේ මහින්ද පිලේ මෙම බෙදීම නිසා ඇතිවන්නට යන තත්වය බැසිල්ගේම නවතම කුමන්ත්‍රණයක් විය හැකි බවයි. ඔහු වැඩි දුරටත්ය සදහන් කර සිටියේ පසුගිය ආණ්ඩුවේ පරාජයට වගකිවයුත්තා බැසිල් රාජපක්ෂ බවය.පරාජය හමුවේ රටින් පැනගිය ඔහු දේශප්‍රේමී බලවේග විසින් ගොඩනැගු යහපාලන ආණ්ඩු විරෝධය තමන් පමණක්ම සන්තකකර ගන්නට උත්සාහයක නිරත වන බවය.

    මෙම සියලු ගැටුම් හමුවේ අදහස් දක්වා ඇති මහින්ද රාජපක්ෂද කියා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව ය . ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු අගවා ඇත .

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේදී මහින්ද පිලේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂගේ සහයෝගය ඇතිව ඉදිරිපත්වීමට මහත් බලාපොරොත්තු තබා සිටි ගෝඨාභය රාජපක්ෂ, මේ වනවිට එකී සියලු බලාපොරොත්තු අත්හැර දමා ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.


    - https://www.colomboxnews.com/2018/06/16/රාජපක්ෂ-පවුලේ-ගැටුම්-එළි/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    16 දෙනාට එන්න කීවේ මමයි.. සුදර්ශනී කතානායකකමට දාන්න කිවුවෙත් මමයි.. පත්තරද විශ්වාස මං කියන දේද..- මහින්ද ඒකාබද්ද පක්‍ෂ නායකයන් කැදවා අසයි..
    June 17, 2018 at 9:20 am | lanka C news

    16 දෙනාට එන්න කීවේ මමයි.. සුදර්ශනී කතානායකකමට දාන්න කිවුවෙත් මමයි.. පත්තරද විශ්වාස මං කියන දේද..- මහින්ද ඒකාබද්ද පක්‍ෂ නායකයන් කැදවා අසයි..
    ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා ආවේ තමන්ගේ කීමට බවත් සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය නියෝජ්‍ය කතානායක ධුරයට යෝජනා කරන්නැයි කිවුවේද තමන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

    හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදීය.

    නියෝජ්‍ය කතානායක තේරීම සදහා වූ ඡුන්ද විමසීමේදී දෙමල සන්ධානය හා ජවිපෙ රනිල්ගේ උවමනාවට වර්ජනය කල බවත් අපේ අයද වර්ජනය කල බවත් ඔහු සදහන් කර ඇත.

    ‘පත්තරවල තිබුනේ මෛත‍්‍රිපාල මහත්තයා සුදර්ශනීගෙ නම යෝජනා කලා කියලනෙ’ යයි මෙහිදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කර තිබේ.

    ‘ඔයාලා වශ්වාස කරන්නේ පත්තරවල තියෙන දේවල්ද මං කියන දේද’ යයි පෙරලා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විමසා ඇත.


    - lanka C news /16-දෙනාට-එන්න-කීවේ-මමයි-සුද/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හෙ හෙ ඒ කාලේ රටේ 3 වෙනියට බලවත්ව හිටිය එකා කියනෝ රතුපස්වල, කටුනායක වගේ සිදුවීම් වැරදි කියල. එත් මේකේ ඉන්න ගොට්ටාවාදීන්ට නං ඕව ඔක්කොම දේශද්‍රෝහීන්ට (මේ බී කොටි) එරෙහිව සිදුකල දේශප්‍රේමී ප්‍රහාර

    ඇමරිකා ෆ්රස්ට් කියල දිව්රුම් දුන්න එකෙක් සිංහලු කෙරෙහි ආදරයෙන් ශිංහල රටට පැමිණේ :P

    එනිවේ එන චන්දෙ දිනන්නේ මහින්ද කියන පැත්ත.

    සමහරවිට කතාව මොකක්ද යකෝ. කෙලින් කතා කරපන්කො කොටි හුත්තෝ කොටි. රතුපස්වලදි ඒ මැරුවෙ කරුණාඅම්මාන් වගේ හොඳ කොටි නෙවේ නරක කොටි. ත්‍රිවිධ හමුදාව/සිවිල් ජනතාව ඝාතනය කරපු, ස්වාමීන්වහන්සේලාව අමු අමුවේ සහසික විදිහට අපවත් කරපු, දළඳා මාළිගාවට බෝම්බ ගහපු වගේ අමානුෂික කොටි පරපුරේ උන්ව තමයි ඉවරයක් කරලා දැම්මෙ. ඒ නිසා ඒකට කමක් නෑ. අහ් කියන්න අමතක උනා. තෝත් දැන් මෙතන ඇවිල්ලා ගෝටාබයගෙ ඇමරිකන් අතීතය මතක් කරන්නෙ තොගේ ඇඟෙත් පුල්ලි පුල්ලි තියෙන කොටියෙක් වෙන්න ඕනේ. ඔව් එහෙමයි. එහෙම තමයි. අනිවා ශුවර්.
     

    Dump_Truck

    Member
    Jun 17, 2018
    6
    2
    0
    බැසිල් හොරකං කරා තමයි. හැබැයි මිනිහා මිනිමරලා නැහැ. හැබැයි මිනිහා සැහෙන්න සංවර්ධන වැඩ කරා. කොළඹ,ගම්පහ විතරක් නෙමේ උතුරු වසන්තය කියලා උතුරටත් සැහෙන්න වැඩ කරා. යාපනය රේල් පාරත් එයාගේ උතුරු වසන්තය යටතේ ආපු එකක්. අනික ලංකාවේ තියෙන පාරවල් එහෙම සැහෙන ප්‍රමානයක් කාර්පට් කරේ මිනිහා. අනික ඉන්දියාව උනත් බැසිල් එක්ක හිතවත්. යුද්දේ කාලේ ඉන්දියාව බැලන්ස් කරන්න මහින්ද ඉන්දියාවට යැව්වේ බැසිල්.

    දැන් මේ ලබ්බේ සිරා,රනිල් ආණ්ඩුව කරනවට වඩා දහස් ගුණයක් සංවර්ධන වැඩ බැසිල් කරා.

    අපේ රටේ විධායක ජනාධිපතිකමට ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා නුසුදුස්සෙක් වන්නේ යම් සේද මිලිටරි මානසිකත්වය ඇති ගෝඨාබයත් එවැනිම නුසුදුස්සෙකි යන්නයි මගේ අදහස.


     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mewa danma dala wadak naa machan.
    Election eka lan welama dapan.
    ethakan boru tika lassanata plan karaganin, mewa boru kiyala minissu dannawa.
    Chande lanwenakan time aran hoda boru tikak hadagena waren.