ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ


attachment.php


මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග පිළිබඳව. ඉන් කිහිපයක් නම් ගොනෝරියා ( Gonorrhea) සහ උපදංශය (Sipilis Syphilis) කියන රෝගයන්. මෙවර අපි ඔබව දැනුවත් කරන්නේ ලිංගික ඉන්නන් ( Genital warts ) කියන රෝගය පිළිබඳවයි.

attachment.php





මොකක් ද මේ ලිංගික ඉන්නන් ( Genital warts ) කියන්නේ ?

අපි බහුලව දකින ලිංගික රෝග ලිංගික ඉන්නන් කියන රෝගය අපි දකිනවා. සමහර වෙලාවට අපේ අත් වල කකුල් වල පොඩි ගැටිති තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ඒ ඉන්නෝ කියලා හිතනවා. මේ ඇඟේ ඇතිවෙන අනිත් ඉන්නන් වගේ නෙමෙයි. විශේෂයෙන් ලිංගික අවයව වල ඇති වන ඉන්නන් අපි හඳුන්වන්නේ ලිංගික ඉන්නන් ලෙසයි. හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගයක් තමයි මේ ලිංගික ඉන්නන් කියන්නේ.


කෙසේද මේ ලිංගික ඉන්නන් ( Genital warts ) පැතිරෙන්නේ ?

කෙනෙක් ලිංගික සංසර්ඝයකදී එක් අයෙකුට මෙම ලිංගික ඉන්නන් රෝගය වැළඳී තිබුනොත් අනිත් කෙනාටත් පැතිරෙන්නට පුළුවන් වෛරස් එකක් තමයි මේ ලිංගික ඉන්නන් කියන්නේ. ලිංගික ඉන්නන් තිබුනොත් ඒ කිලිංගික ඉන්නගෙන් වෛරස් එක එලියට එනවා. ඉන් පසු සංසර්ගයේදී එය අනිත් පුද්යලයාට වෛරස් එක යන්නට පුළුවන්. මෙම රෝගය බහුලවම පැතිරෙන්නේ යෝනි සංසර්ඝයේදී සහ ගුද සංසර්ඝයේදී ය. ඒ නිසා පිරිමි පිරිමි ලිංගික සම්බන්ධතා පවත් වන අයගේ බොහෝ විට ඒ පුද්ගලයාගේ ගුද මාර්ගයේ සහ අනිත් පුද්ගලයාගේ ශිෂ්නයේ අපි මේ රෝග ලක්ෂණ දකිනවා.




attachment.php

විශේෂයෙන්ම පිරිමියෙකුගෙන් කාන්තාවකට යෝනි මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. අපි දකිනවා මෙය විශේෂයෙන්ම ලින්ගේන්ද්‍රයේ බාහිර ප්‍රදේශය තුල කුඩා ඉන්නෝ මුල් කාලයේ පුංචි ගැටිත්තක් වගේ දකින්න පුළුවන්. නමුත් එය දින කිහිපයක් යනකොට, මාසයක් දෙකක් යනකොට එම ගැටිති ප්‍රමාණය වැඩිවෙනවා. ස්වභාවය වැඩි වෙනවා. ගැටිති සමුහයක් එහෙමත් නැත්නම් ඉන්නෝ සමුහයක් ලින්ගේන්ද්‍රය වටා තිබෙන්න පුලුවන්.



කෙසේද මෙය හඳුනා ගන්නේ ?

හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ. බොහෝ දෙනා මුල් අවස්ථාවේ මේ රෝග ලක්ෂණ දැක්කට එච්චර ගණන් ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන් හඳුනා ගන්නේ නැහැ ලිංගික ඉන්නෙක් කියලා. අල්ලන විට දැනෙන්න පුළුවන්, තමන්ට දකින්න පුළුවන් ඇසින්, බොහෝ වෙලාවට ගුද මාර්ගයේ තියනවා නම් අල්ලනකොට දැනෙන්න පුළුවන් ගැටිති වගේ ඇති වෙනවා. බොහෝ වෙලාවට මේ ගැටිති ප්‍රමාණය එන්න එන්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි මෙය දුටුවොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යයි. මේ රෝග ලක්ෂණ ඇතිවෙන්න කාලයක් ගත වෙනවා. සමහර විට මාස කිහිපයක්, මාස 2ක් හෝ මාස 3ක් වෙන්නත් පුළුවන් රෝග ලක්ෂණ මතු වෙන්න.




attachment.php


එම රෝග ලක්ෂණ ඇති වුනාට එය දිගින් දිගටම වර්ධනය වෙනවා. බොහෝ වෙලාවට යෝනි මාර්ගයේ හෝ මුඛයේ හෝ ශිෂ්නයේ ඇති විශාල ප්‍රමාණයක් ලිංගික ඉන්නෝ ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ ලිංගික ඉන්නන් ඇති එයට ප්‍රතිකාර කරන්නට ඕනි. ලිංගාශ්‍රිත රෝග සායනයකට හෝ වෛද්‍යවරයෙකුට හෝ නැත්නම් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට ( fpa ) හෝ පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්.




ලිංගික ඉන්නන් රෝගයේ ලක්ෂණ


ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.

ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී.

ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.




attachment.php


විශේෂයෙන්ම අපි මේ සඳහා රසායන ද්‍රව්‍යක් භාවිතා කරලා පුළුස්සා අයින් කිරීමක් කරන්නට ඕනි. ගුද මාර්ගික සම්බන්ධතා පවත්වන සමලිංගික පිරිමි අයට බහුලව මේ රෝගය තිබෙනවා. මෙම රෝගය වැළඳුනු අය මේ පිලිබඳ අවබෝධයක් නැත්නම්. ඒ අයගෙන් අනිත් අයටත් දිගින් දිගටම පැතිරෙන්නට පුළුවන්. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයකදී වුවද එක් අයෙකුට වැළඳී තිබුනොත් අනික් පුද්ගලයාට ද මෙම රෝගය පැතිරෙන්නට පුලුවන්. එම නිසා මේ රෝගය දැන ගැනීමෙන් සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කරගන්නට පුළුවන්.



මෙම රෝගය වෛරස් එකක් නිසා හියුමන් පැපිතලෝමා කියන වෛරසය අපි නොදැනම සමහර විට ඇති වෙන්නට පුළුවන්. මේ බහු ලිංගික සේවනයේ යෙදෙන අයගේ මෙම තත්වය නිසා ඒ වෛරසය ඇතුල් වී යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල යම්කිසි ආසාධනයකට ලක් වෙන්නට පුළුවන්. මේ නිසා පසු කාලීනව ගැබ් ගෙල පිළිකා ඇති වීමේ අවධානමක් තිබෙනවා. මේ අවධානම බහුලව අපි දකිනවා සමාජය තුල පවතින දෙයක්. බොහෝ වෙලාවට ඔබ නොදැන හෝ දැන මෙම රෝගය කෙනෙකුගෙන් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අවසානයේ ගැබ් ගෙල පිළිකා තත්වයට යන්නට පුළුවන් දීර්ඝ කාලයකට පසුව.


එබැවින් ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් ලෙස ප්‍රතිශක්තිකරණ ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. දැනට එය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. මේ වන විට වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කාන්තාවන්ගේ විශේෂයෙන්ම ගැබ් ගෙල පරික්ෂා කරන්න පුළුවන් DNA පරීක්ෂණයක් මෙම වෛරස් එක තිබෙනවාද යන්න හඳුනා ගන්න. ඒ වගේම එම රෝගයෙන් ඇතිවිය හැකි ගැබ් ගෙල පිළිකා වැලක් වීම සඳහා අපි මුලින් සඳහන් කළා වගේ ප්‍රතිශක්තිකරණයක් තිබෙනවා. මේ ප්‍රතිශක්තිකරණය තාරුණ්‍යයේ නැත්නම් යෞවන කාලයේ දී ලබා දිය යුතුයි. නැත්නම් අවුරුදු 35දී වුවත් කෙනෙකුට ලබා ගන්නට පුළුවන් ලිංගික සම්බන්ධතා පැවැත් වීමට කලින් ලබා ගතහොත් ඉන් පුර්ණ ආරක්ෂාවක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.





එම වීඩියෝව පහතින් නරඹන්න..







source http://thewoman.lk/genital-warts-another-social-disease/
 

Attachments

  • Genital warts thewoman.lk.jpg
    Genital warts thewoman.lk.jpg
    47 KB · Views: 1,815
  • Genital warts thewoman.lk 2.jpg
    Genital warts thewoman.lk 2.jpg
    8.7 KB · Views: 1,718
  • Genital warts thewoman.lk 7.jpg
    Genital warts thewoman.lk 7.jpg
    5.5 KB · Views: 1,362
  • Genital warts thewoman.lk 10.jpg
    Genital warts thewoman.lk 10.jpg
    9.4 KB · Views: 1,588
  • Genital warts thewoman.lk 5.jpg
    Genital warts thewoman.lk 5.jpg
    8.3 KB · Views: 1,037
Last edited: