නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..


    නකල්ස් වනයේ පිහිටි සොබාදහමේ අපුර්වතම නිර්මාණයක් වන දිය බෙදුම් කලාපය.

    ආයුබෝවන් එළකිරියේ ඔක්කොටම....
    සංචාරක ත්‍රෙඩ් එකක් ලියන්නේ කිහිප දවසකට පස්සේ.මුලින්ම මම කරුණු කිහිපයක් ඔයගොල්ලන්ගේ අවධානයට යොමු කරන්නම්.

    - මේක ලස්සන පොටෝ වලින් බොහොම අඩු නමුත් භූගෝලීය වශයෙන් සුවිශේෂී වැදගත්කමක් සහිත කරුණු අඩංගු නුලක්.
    - සාමාන්‍ය ගමනකින් ලස්සන කන්දක්, දිය ඇල්ලක්, සුන්දර පරිසරයක් ආශ්‍රයෙන් කරපු සංචාරයක් නොව, ගවේශනාත්මක චාරිකාවක්.
    - මේක මම තනියම දවස් 03 තිස්සේ කරපු චාරිකාවක්. මම තනියම යන ගමන් ගැන කිසිම අවස්ථාවක ත්‍රෙඩ් ලියලා නෑ. මොකද පැහැදිලි අවධානමක් තියෙන නිසා. නමුත් මම මේ ගමන ගැන ලියන්නේ මේ අපූරු සංසිද්ධිය ඔහෙලත් එක්ක බෙදා ගන්න අවශ්‍යයි කියල මට හිතුන.මොකද ලේසියෙන් කෙනෙකුට දකින්න , අත්විඳින්න ලැබෙන්නේ නැති කාරණයක්.
    - නිකම්ම පොටෝ විතරක් බලලා මේ ගමන ගැන අවබෝධයක් ගන්න අමාරුයි. ඒක නිසා ත්‍රෙඩ් එක කියවන්නම වෙනවා.
    - මෙහි සඳහන් වෙන නොයිඳුල් ස්ථාන පිලිබඳ සිතියමේ පිහිටුම් සහ ලඟා වෙන අකාරය ගැන කිසිම තොරතුරක් පෞද්ගලිකව උනත් දෙන්න මට කිසිම අවසරයක් නෑ.මොකද මෙහි සමහර දිය ඇලි තවමත් නාමකරණයට ලක් නොවුණු ඒවා නිසා සහ අදාළ බලධාරීන්ගේ ඉල්ලීම උනෙත් මේ දියඇලි වල පිහිටීම ගැන තොරතුරු දෙන්න එපා කියන කාරණය.​

    එහෙනම් මම ත්‍රෙඩ් එකට ප්‍රවේශයක් ගන්නම්.

    නකල්ස්, එහෙම නැත්තම් දුම්බර වනය කියන්නේ ලංකාවේ සුවිශේෂී පරිසර පද්ධතියක්.දුම්බර වනය දෙවැනි වන්නේ සිංහරාජය සහ සමනල අඩවියට පමණයි.
    එහෙම උනත් දුම්බර අඩවියටම ආවේනික වුනු සුවිශේෂී භුමි ලක්ෂණ , ජෛව විවිධත්වය අතින් ඊටම ආවේනික ලක්ෂණ සහිත පොකුරු කඳු පන්ති වලින් යුත් ලංකාවේ සුන්දරම සහ වටිනාම ස්ථානයක්.
    ලංකාවේ ප්‍රධානතම මෝසම් 02 වන නිරිත දිග සහ ඊසාන දිග යන මෝසම් දෙකෙන්ම පෝෂණය වන නකල්ස් වනය වයඹ දිගින්
    රිවස්ටන් කඳු වැටියෙන් ආරම්භ වී කිරිගල්පොත්ත - ගොම්බානිය - යකුන්ගේ හෙළ - සෙල්වකන්ද - නකල්ස් කඳු 05 - අලුගල්කන්ද - කොබාර්ට්ස් ගැප් ඔස්සේ ඩීන්ස්ටන් , හුන්නස්ගිරිය තෙක් ගිනිකොන දිගට විහිදෙන ප්‍රධාන කඳු වැටිය සහ අමතරව ඊසාන දෙසින් යහන්ගල - කෙහෙල්පත්දොරුවෙගල - ගැරඬි ගල - දුම්බානගල කඳු පංතියෙන්ද උතුරු දෙසින් ලකේගල - වමාරපුගල - රෑස්ස කඳු වලින්ද වටවුණු පොකුරු කඳු පංති ආශ්‍රිතව නිර්මාණය වුනු මිශ්‍ර ලක්ෂණ සහිත කඳුකර වනාන්තර ( පිග්මි ) , උප කඳුකර වනාන්තර , පතන බිම්, බටදඬු වනාන්තර , නිවර්තන වැසි වනාන්තර වලින් යුක්තයි.

    මේ ප්‍රධාන කඳු බාධකය නිසා මෝසම් දෙකෙන්ම සැලකිය යුතු වර්ශාපතනයක් අවුරුද්ද වැඩි කාලයක් වර්ෂාවෙන් පොහොසත් භූමියකි.
    නකල්ස් භූමියෙන් ආරම්භ වන ප්‍රධාන ගංගා 03 වෙයි.
    හුළු ගඟ
    කළු ගඟ ( නකල්ස් කළු ගඟ )
    හීන් ගඟ

    මීට අමතරව හසලක ඔය , තෙල්ගමු ඔය ආරම්භ වන්නේද මේ රක්ෂිත භුමියෙනි.මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂකය වන්නේද මේ භූමියයි.නකල්ස් රක්ෂිතයෙන් උපදින සෑම ජල බිඳුවක්ම එකතු වන්නේ ලංකාවේ මහා දියවර හෙවත් මහවැලි ගඟට. ඒ කාරණාවම ඇති කෙනෙකුට මෙහි වැදගත්කම තේරුම් ගන්නට.

    මගේ චාරිකාව දෙසට යොමු වුනොත්, මේක මම අහම්බයකින් ගියපු ගමනක් නෙවෙයි. මේක බොහොම කාලයක් තිස්සේ කරුණු කාරණා හොයල බලල නිරීක්ෂණය කරලා, සිතියම් අධ්‍යනය කරලා මේ සංසිද්ධිය ගැන වැඩිදුරටත් ගවේෂණය කරන්න ගියපු චාරිකාවක්.

    නකල්ස් රක්ෂිතයට අයත් සියලුම භුමි අතරින් පතන භුමි පිලිබඳ නොසලකා හැරියොත් මේ පහත සිතියමේ මම සලකුණු කරපු බිම් කඩ තමයි අවම වශයෙන් භුමියේ උස් පහත් වීම අඩුම භුමි ප්‍රදේශය( Lowest Elevation gain )
    වරදවා වටහා ගන්න එපා, එයින් අදහස් කරන්නේ උසින් අඩුම භුමිය කියන එක නෙමේ, මේ භුමි කඩ තමයි උස වෙනස් වීම අවම ප්‍රදේශය. වෙනත් විදිහකට කිව්වොත් සිතියමේ සමෝච්ච රේඛා ඈතින්ම පිහිටන ප්‍රදේශය.මේ සිතියම් කඩ හොඳින් බලන්න. මම කියපු කාරනාව වැටහේවි.
    ඒ වගේම තමයි මේ භුමිය '' දිය බෙදුම් කලාපයක් '' ඒ කියන්නේ මේ කොටසෙන් උපදින උල්පත් ජලය සහ වැසි දිය සියල්ල ප්‍රධාන ගංගා 03 ම එකතු වෙනවා.

    මේ පහත සිතියමේ මම ඊතල සලකුණු වලින් පෙන්නලා තියෙන්නේ අන්න ඒ කාරණාව.

    0uZxCxr.jpg


    e2F7JLG.jpg


    lRBrbeT.jpg


    ලා නිල් ඊතල වලින් පෙන්නුම් කරන නිරිත සහ බටහිර බෑවුමට වැටෙන සෑම දිය පාරක්ම හුළු ගඟට එකතු වේ.
    තද නිල් ඊතල වලින් පෙන්නුම් කරන ඊසානදිග බෑවුමේ උඩ කොටසෙන් උපදින සෑම දිය දහරාවක්ම කළුගඟට සහ සුදු ඊතල වලින් පෙන්නුම් කරන ඊසාන බෑවුමේ යට කොටසේ සෑම දිය පහරක්ම හීන් ගඟ නිම්නය ඔස්සේ හීන් ගඟට එකතු වෙයි.


    සාමාන්‍යයෙන් ඕනෙම පරිසරයක, පොලවකට වැටෙන ජලය පහත්බිම් ඔස්සේ ගංගාවකට හෝ ඔයකට ඇලකට එකතු වෙන එක සාමාන්‍යය කාරණයක්.
    නමුත් මෙවැනි පිහිටීමක් ලේසියෙන් පිහිටනවා සාපේක්ෂව දුලභයි.
    බොහෝ විට සිදු වෙන්නේ කඳු පන්ති අතර නිම්න ඔස්සේ යැවෙන ජලය එකම ප්‍රධාන ජල ධාරාවකට එකතු වීම.
    නමුත් මේ සීමිත වර්ගඵලයකින් යුක්ත මේ බිම් කඩට වැටෙන ජලය පැති 03 ඔස්සේ ප්‍රධාන ගංගාවන් 03 නිර්මාණය කරනු ලබනවා.

    උදාහරනයකට අද මේ සීමිත බිමට වහින වැස්ස තුලින් ජල බිංදු 03ක් ප්‍රධාන ගංගා 03 එකතු වී යයි සිතුවොත් ඉන්,
    හුළුගඟ ට වැටෙන ජල බිංදුව වික්ටෝරියා රන්දෙනිගල ජලාශ ඔස්සේ මහවැලි ගඟ දිගේත්,
    හීන් ගඟට ට වැටෙන ජල බිංදුව මධ්‍යම පළාතේ එක මායිමකින් මහවැලි ගඟට ත්
    කළුගඟ ට වැටෙන ජල බිංදුව මොරගහකන්ද, කළුගඟ ජලාශ ඔස්සේ පොළොන්නරුවේ ජලගැලුම් නිම්නයේදී මහවැලි ගඟටත් එකතු වේ.
    ඒ කියන්නේ මේ ජල බිඳු 03 නැවත හමු වන්නේ කිලෝමීටර් සියයකට කිට්ටු දුරකින්.

    මෙවැනි කුඩා වර්ගඵලයකින් මේ වගේ ප්‍රථිපලයක් දෙන පිහිටීමක් ලංකාවේ දකින්න ලැබෙනවා බොහොම අඩුයි.

    iLg5YsR.jpg


    මේ තියෙන්නේ මම ඔය සඳහන් කරපු කලාපය නකල්ස් කඳු 05 මාර්ගයට අයුරු.ඔය කඳු පන්තියට ඉහලින් පිහිටන තැනිතලා භුමිය ගැන තමයි මම කියන්නේ.හොඳින් බැලුවොත් පෙනෙනවා මේ කඳු සම උසකින් පිහිටලා තියෙන්නේ.

    මෙන්න මේ කියන කලාපය නිරීක්ෂණය කිරීම තමා මගේ මුලිකම අරමුණ වුනේ. ඊට අමතරව තවත් දිය ඇලි කිහිපයක් සොයාගෙන යාමත් මේ චාරිකාවේ අතුරු අරමුණක් උනා.නමුත් මෙහිදී මට නිරීක්ෂණය කරන්න ලැබුනේ හුළුගඟ සහ කළුගඟට එකතුවෙන දිය පාරවල් පමණයි.
    හීන් ගඟ නිම්නයට බහින එක සැහෙන දුෂ්කර තව අමතර දවස් 02 විතර වැය වෙන ගමනක් නිසා ඒ පියවර ඉදිරි කාලයට තියා ගත්තා.
    තවත් කාරණයක්, මේ දිය පාරවල් එකක්වත් මේ ගංගා වල මුලික දිය ධාරාව නෙමේ. මේ සියල්ල ඒ ගංගා වලට එකතු වෙන අතුරු දිය පහරවල්.

    සංචාරය පුරා දවස් 02 සහ නැවත පැමිණීම සඳහා දිනක් ලෙස දවස් 03 පුරා විහිදුනා.මම ස්මාර්ට් දුරකථන හෝ ඩිජිටල් උපකරණ භාවිතා නොකරපු නිසා මට පූර්ව සිතියම් අධ්‍යනය සුක්ෂමව කිරීම අවශ්‍ය කාරණයක් උනා. මේ සඳහා මම තෝරාගත්තේ බඹරැල්ල - කළුපහන KMP ප්‍රවේශ මාර්ගය.මොකද ඒ පාර වැටිලා තියෙන්නේ මේ කලාපයේ එක් අන්තයකට වෙන්න ඒ හරහා.අනිත් එක ඒක මට බොහොම හුරුපුරුදු මාර්ගය නිසා.
    මේ තියෙන්නේ ඒ මාර්ගයේ KMZ සිතියම. මේක මට ලබා දීම ගැන මම මගේ මිත්‍ර අශාන් අයියට ස්තුති වෙනවා.

    OjFfT7t.jpg


    මේ සිතියමේ No 01 - 02 අතර සෑම දිය පාරක්ම සෙල්වකන්ද නිම්නය ඔස්සේ හුලුගඟට එකතු වේ.
    No 02 - 03 අතර පොඩි ප්‍රදේශයේ සියලුම දිය පාරවල් ඊතලයෙන් පෙන්නුම් කරන දිශාව ඔස්සේ කළුගඟට එකතු වේ. No 03 - 04 අතර සියලුම දිය පාරවල් ඔය පෙනෙන දිසාව ඔස්සේ කළුගඟට එකතු වේ.


     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සංචාරයේ පළමු දින - අවශ්‍ය සේරම කළමනා රැගෙන බඹරැල්ල හරහා ලෙබනන් වතු යායට පිවිස එතනින් රතනගිරි මාන කඳු වැටිය ඔස්සේ නකල්ස් රක්ෂිතයට ඇතුළු වී බොහෝ දුරක් ගෙවා මගේ පළමු ගවේෂණයට පිවිසුනා.

    sl5iK05.jpg


    rlL6GHB.jpg


    නකල්ස් කඳු 05.

    මේ KMP තෙක් වැටී ඇති මාර්ගය ඔස්සේ යන කෙනෙකුට පාරිසරික ලක්ෂණ 02 මුහුණ දෙන්න පුළුවන්.ඒ පාරිසරික ලක්ෂණ දෙක වෙන් කරන්නේ මේ දිය බෙදුම් කලාපය මගින්.ගමන් ආරම්භයේ සිට දක්නට ලැබෙන්නේ උප කඳුකර සහ පිග්මි ලක්ෂණ.ඒ කියන්නේ කුරු ගස්,ඝන යටිරෝපණය, අධික ඝනත්වයෙන් යුත් නෙලූ පඳුරු සහ බට පඳුරු, අධික තෙත සහ දිය සීරාව සහිත පොලව, ගස් කඳන් මත වැඩුණු පාසි හා ලයිකන වර්ග.

    ගමනේ ඊළඟ ටික නිවර්තන වැසි වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ කියන්නේ රූස්ස ගස්, අඩු යටි රෝපණයක්, ශාක පත්‍ර සහ දිරාගිය පත්‍ර කෝටු වලින් වැසුණු පොලව,පුස් වර්ග හා දිලිර වලින් වැසුණු ගස් කඳන් වැනි ලක්ෂණ.නමුත් දිය බෙදුම් කලාපය වඩාත් ලං වෙන්නේ උප කඳුකර බට පඳුරු හා මඩ සහිත පොළවක් සහිත ලක්ෂණ වලට.

    මේ කලාපයඔස්සේ අඩි පාරෙන් ඉවතට ගොස් දකුණු දිසාවට ගමන් ඇරඹු පසු මා හුලුගඟට එකතු වෙන ප්‍රධාන අතුරු දිය පහර සොයා ගත්තා.( මේ දිය පාර ලෙබනන් වතු යායේදී හුළු ගඟට එකතු වේ) මේක එච්චර අපහසු වුනේ නෑ , මොකද මේ දිය පාරෙන් නිර්මාණය වෙන දිය ඇලි දාමයක් සොයා මීට පෙර ගවේෂණයක යෙදුනු නිසා.( මෙහි මම මුලින්ම දාලා තියෙන්නේ කලින් වතාවේ යෙදුනු චාරිකාවේදී ගනිපු ඡායාරුප පෙළක්. ඒක පැය කිහිපයක ගමනක්.එක නිසා මේ වතාවේ මම එතනට යන්න කාලය වෙන් කලේ නෑ )

    FL3gloA.jpg


    ඈතට දර්ශනය වන හුළු ගඟේ ශාඛාවෙන් නිර්මාණය වෙන දිය ඇල්ල. අපි මේක තරණය කරපු අවස්ථාවේ මේකට නම් තිබ්බේ ''ගෝන ගිය ඇල්ල '' කියල.

    otb85lR.jpg


    උප කඳුකර වනාන්තර ලක්ෂණ.ගස් කඳන් වල බැඳුනු පාසි, බට පඳුරු සහිත යටි රෝපණය, උසින් අඩු ගස්.

    DqaaOzX.jpg


    a32W46k.jpg


    sVU3UOu.jpg


    Ry0ZoJa.jpg


    pKR0jOZ.jpg


    හුළු ගඟේ අතු ශාඛාව ඔස්සේ ගෝනා ගිය ඇල්ලට ( කලින් චාරිකාවේදී ගනු ලැබූ ඡායාරුප )

    iDRGq9p.jpg


    eBwTYTy.jpg


    PQJ0bKD.jpg


    vVHtKvk.jpg


    ගෝනා ගිය ඇල්ලේ පළමු සහ දෙවැනි මහලවල් ( කලින් චාරිකාවේදී ගනු ලැබූ ඡායාරුප )

    HNh7iEt.jpg


    ගෝනා ගිය ඇල්ලේ තුන්වෙනි මහල ( කලින් චාරිකාවේදී ගනු ලැබූ ඡායාරුප )

    BupA4is.jpg


    vpNM0fX.jpg


    lpvoFlc.jpg


    TeWMWY1.jpg


    ගෝනා ගිය ඇල්ලේ අවට දර්ශනයන්. මේ අවසාන පින්තුරයේ පෙනෙන කඳු පන්තියේ මුදුනත දිය බෙදුම් කලාපයයි.


    නමුත් හුදෙක්ම කැලේ මං සලකුණු ඔස්සේ බටපඳුරු මැදින් ගිය දුෂ්කර ගමනක්.නමුත් මෙවර මම දිය ඇල්ල බලන්න යනවා වෙනුවට මේ දිය පාර ඔස්සේ දියවර ආරම්භ වෙන තැන තෙක් ගමන් කළා.ඒකත් තරමක් දුෂ්කර ගමනක් වුනා. මොකද සැහෙන තරමේ ඝන බට පඳුරු මැදින් යන්න සිදු වුනේ.
    ප්‍රධාන දිය මගට අතරමැදින් එකතු වෙන කුඩා ප්‍රමාණයේ අතුරු දිය පාරවල් සහ දිය සීරාවන් සැහෙන ප්‍රමාණයක් මට දකින්නට ලැබුන.මේ දිය පාර ඔස්සේ කිලෝමීටර භාගයක් හෝ ඊට පොඩ්ඩක් වැඩි දුරක් මම ගමන් කළා. අවසානයේ මේ දිය බෙදුම් කලාපයේ එක අන්තයක සිට කිලෝමීටර් 03 පමණ ඇතුලතින් පිහිටන විශාල තැනිතලා භූමියකට තමයි මම ඇතුල් වුනේ.ඒ තැන්න වල් ඌරො, ගෝන්නුන්ගේ රජ දහනක් බව නම් හොඳටම පෙන්න තිබුන.

    v5xEWsb.jpg


    BqjcS2V.jpg


    TUR0tan.jpg


    smIJc0i.jpg


    LK93Ntd.jpg


    W8rOsSh.jpg


    2pBGNdq.jpg


    හුළු ගඟේ අතු ශාඛාව ඔස්සේ ඉහලට

    මොකද මුළු පොළවම අඩියක් පමණ එරෙන සොබාවයක් දකින්නට ලැබුනේ.ඒ තැන්නේ දිගේ එක කොණක කුඩා දිය බුබුලක් දක්වාම මම ගියා.ඒ දිය බුබුලෙන් තමයි මේ දිය පාර මුලිකවම ආරම්භ වෙන්නේ.ඒ වගේම හැම පැත්තෙන්ම ගලා එන දිය සීරවන්ගෙන් අතරමැදදී පෝෂණය වෙමින් තමා පහලට ගලා එන්නේ.

    yaHCnYM.jpg


    irE9eBH.jpg


    dLJ8ESs.jpg


    තැන්න සහ ඒ ඔස්සේ ඉදිරියට.

    0DmALUH.jpg


    දිය බුබුල.මේ පොටෝ එක නම් පොඩ්ඩක් පැහැදිලි මදි. මම වීඩියෝ කලේ නෑ, මොකද එහෙම කලොත් කැමරාවේ බැටරි ඉක්මනටම බහින නිසා.මෙතනින් බොහොම පුංචියට වතුර උනනවා.


    ඒ වගේම, මේ ප්‍රධාන දිය දහරාවට එකතු වෙන තවත් තරමක ප්‍රමාණයේ අතු දිය පහරක් ඔස්සේත් මම තවත් ඉහලට ගිහින් ඒ දිය උල්පතත් සොයා ගත්තා.මේ අනුව මගේ පලවෙනි නිරීක්ෂණය සාර්ථක වුනා.

    RtOglNA.jpg


    දිය පහරට එකතු වෙන තවත් අතුරු දිය පහරක්.

    p9Z4n80.jpg


    oy4upRU.jpg


    pnqNwJN.jpg


    YbMIZns.jpg


    මේ ගෙම්බා ගේ නම නම් දන්නේ නෑ. නමුත් ලංකාවට ආවේනික කෙනෙක් කියල හිතුන.

    xecv28r.jpg


    z7YsSTy.jpg


    මහා රත් මල ගහක්...

    Ajerzcj.jpg


    මෙන්න මේ පුංචි වල ඇතුලෙන් තමයි ඒ දිය පහර ආරම්භ වෙන්නේ..


    ඊට පස්සේ ආ මග ඔස්සේ පැයකට වඩා නැවත පැමිණ අඩි පාර සොයාගෙන තවත් ඉදිරියට ගියා.මේ දිය බෙදුම් කලාපය මේ අන්තයෙන් අවසන් වන්නේ උඩ දාලා තියෙන KMZ සිතියමේ නොම්බර 03 ප්‍රදේශයෙන්.නමුත් ඊට කලින් ඒ මග ඔස්සේම යද්දී දක්නට ලැබුණු තවත් දිය පාරක් නිරීක්ෂණයට පිවිසුනා.සිතියමේ අතරමැදි කලාපයක පිහිටන නිසා මේ දියපාර එකතු වන්නේ හුලුගඟට ද එහෙම නැත්තම් කළුගඟට ද කියන සැකය දුරු කර ගැනීම තමයි මගේ ඊළඟ අරමුණ වුනේ.ඒ නිසා මම මේ දිය පාර ඔස්සේ පහලටම ගමන් කළා.එහිදී කුඩා නමුත් ලස්සන දිය කඳුරු කිහිපයක්ම දකින්නට ලැබුන.මේ දිගේ පහලටම යන එක බොහොම අපහසු උනා, මොකද දල බෑවුම් ගතිය ඉතාම වැඩියි. එක නිසා ගොඩක්ම කැලේට වැදිලා, ගස් යටින් බඩගාගෙන , දන ගාගෙන වගේ තමයි යන්න සිද්ධ වුනේ.මෙහෙම යද්දී ගස් අතරින් මට කළු ගඟේ නිම්නය , ඒ කියන්නේ නකල්ස් දුවිලි ඇල්ලේ ඉදිරියෙන් පිහිටන ගිනිකෙලියා පතන කියන ප්‍රදේශය දකින්නට ලැබුන.ඒ කියන්නේ මගේ සැකය තහවුරු වුනා. මේ දියවර ගොම්බානිය, යකුන්ගේ හෙළ බෑවුම ඔස්සේ කළුගඟට එකතු වෙන බව. ඒ නිසා මම ඉන් ඉදිරියට ගියේ නෑ. මොකද මට තවත් විශාල දුරක් යන්න ඉතුරු වෙලා තිබුන වගේම ඒ වෙද්දී දවල් වෙලාවත් පහු වෙලා තිබුනේ.ඒක නිසා මම නැවත දිය පාර ඔස්සේ උඩට පැමිණ අඩි පාරට වැටිලා නැවත KMP දෙසට පිටත් වුනා.

    f7x9blj.jpg


    මේ පින්තුරේ හොඳින් බැලුවොත් ඔය මැදින් පුංචි දිය සීරාවක් දකින්න පුළුවන්.

    btWArMT.jpg


    fOxj5hE.jpg


    zuKDFA2.jpg


    YAk6UQM.jpg


    ETnKu07.jpg


    EEMnq6q.jpg


    ECRoGpQ.jpg


    tITwdQN.jpg


    Y040bpg.jpg


    මේ අකාරයෙන් කළු ගඟට එකතු වෙන තවත් දිය පාරක් ඔස්සේ මම ඉදිරියට ගියා...

    ඉහත මම සඳහන් කරලා තියෙනවා වගේ, දිය බෙදුම් කලාපයෙන් කළුපහන KMP දෙසට වෙන්නට දකින්න ලැබෙන්නේ නිවර්තන වැසි වනාන්තර ලක්ෂණ.එතනින් ඉදිරියට වැටෙන සෑම දිය පාරක්ම ගලන්නේ අඩි පාර ඔස්සේ කළුපහන දෙසට ගමන් කරන විට වම් දිශාවට.ඒක කිසිම අවස්තාවක වෙනස් වෙන්නේ නෑ. ඒ සියලුම දිය පාරවල් කළුගඟ නිම්නය ඔස්සේ කළුගඟට වැටෙනවා.
    සවස ඉර බහින්න පොඩ්ඩකට කලින් මම කළුපහන KMP එනසාල් වාඩියට සේන්දු වුනා.
    මගේ හිතමිත්‍රයෙක් වෙන මහතුන් අයියා ඒ වෙලාවේ වාඩියේ සිටීම මට ලොකු සහනයක් වුනා.මොකද ඉදිරි රැයවල් දෙකම මගේ නවාතැන වුනේ වාඩිය නිසා.
    මම ගෙනියපු කෑම බීම මටත් එක්කම උයන්න තරම් ඒ මනුස්සය කරුණාවන්ත වුනා.

    JN1H23h.jpg


    නැවත අඩි පාර සොයාගෙන kmp වාඩියට ලඟා වුනා.

    CqGpKv8.jpg


    lnRX1kB.jpg


    kmp වාඩිය.මගේ නවාතැන් පොළ...


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සංචාරයේ දෙවන දිනය - උදෙන්ම වාඩියෙන් පිටත් වෙලා නැවත බඹරැල්ල දෙසට පැමිණ එන මග ඔස්සේ තියෙන කළුගඟට වැටෙන ප්‍රධානතම විශාලතම දිය පහර වෙත පැමිණ ඒ ඔස්සේ ඉහලට චාරිකා කිරීම ඇරඹුවා.මට හරියටම නිරීක්ෂණය කරන්න අවශ්‍ය වුනේ මේ දිය පහර දිය බෙදුම් කලාපයේ කොයි ඉසව්වෙන්ද ආරම්භ වන්නේ කියන එක.මේ දිය පහර ඔස්සේ පැයකට වඩා කාලයක් මම උඩට චාරිකා කළා. අතරමගදී ලොකු කුඩා තවත් අතුරු දිය පහරවල් කිහිපයක්ම දකින්නට ලැබුන.ටිකෙන් ටික පාරිසරික වෙනස්කම අත්විඳින්නට මට හැකියාව ලැබුන.
    නිවර්තන කලාපයෙන් බැහැරව, කඳුකර කලාපිය ලක්ෂණ වැඩිපුර දකින්නට ලැබුන.නමුත් ඝන නෙලූ සහ බට පඳුරු ඔස්සේ තවත් උඩට යන එක ප්‍රායෝගික වුනේ නෑ. ඒ නිසා මම නැවත පල්ලම් බැස්සා.කෙසේ වෙතත් අවශ්‍ය කරුණ මට සාක්ෂාත් වුනා. මෙවර දිය බෙදුම් කලාපයට ඊසාන දෙසින් මීටර් 500 පමණ ඇතුලට මම ගියා.

    Z5v0JUr.jpg


    උදෙන්ම නැගිටලා තුන්හිස්ගල කන්දට ආයුබෝවන් කියල තමා දවස පටන් ගත්තේ..


    gfbMjWM.jpg


    ගමනේ දෙවෙනි දවස සඳහා පිටත් වුනා....

    fuVC8bW.jpg


    දිය පහර වෙත පැමිණ ඒ ඔස්සේ ඉහලට චාරිකා කිරීම ඇරඹුවා

    007AKil.jpg


    xMAmB6w.jpg


    ndi5rx5.jpg


    UBaf5qp.jpg


    KkhtfsO.jpg


    SZ80d89.jpg


    FF989AX.jpg


    77HKbhB.jpg


    NHwq21j.jpg


    qSDkltp.jpg


    මේ විදිහට දිය පාර ඔස්සේ යන්න පුළුවන් උපරිම දුරක් ගිහන් නැවත ආපසු පහලට ආවා.

    මේ අනුව මගේ ප්‍රධාන ගවේෂණය අවසන් කරලා, ඊළඟට මම යොමු වුනේ මගේ අතුරු ගවේෂණයට. ඒ තමයි කළුපහන වනයේ සැඟවුණු දියඇලි දාමයක්
    සොයා යෑම.මේ අනුව කළුපහනින් ආරම්භ වෙන ප්‍රධාන දිය මංපෙත ඔස්සේ සෑහෙන තරමක දුෂ්කර චාරිකාවක යෙදුන.
    මුළු ගමනේම වඩාත් අපහසුම සහ භයානකම කොටස වුනේ මේ ටික.
    ඊට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා.
    *මේ කොටස නිරීක්ෂණය කරපු මම දන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. එක නිසා ස්වභාවය ගැන කිසිම පූර්ව අවබෝධයක් තිබුනේ නෑ.
    *මෙට්‍රික් සිතියමට අනුව දල බෑවුම් සහිතයි.
    *තනියම නිසා අනතුරක් සිදු වුනොත් උපකාරයට කිසි කෙනෙක් නෑ.

    yGA1mHw.jpg


    අතුරු ගවේෂණය සඳහා කලුපහනෙන් ආරම්භ වෙන දියවරක් ඔස්සේ පහලට..

    gWMTzbU.jpg


    LM2QHOn.jpg


    nHrcthl.jpg


    y6Z2ItW.jpg


    glVznf9.jpg


    u5MeiHw.jpg


    කුඩා ප්‍රමාණයේ දිය ඇලි කිහිපයක්ම දකින්න ලැබුන.


    කෙසේ වෙතත් අවධානම සිතේ දරාගෙනම ගමන ඇරඹුවා.කුඩා ප්‍රමාණයේ දිය ඇලි කිහිපයක්ම පසු කරගෙන එක්වරම මම වැටුනේ විශාල දල බෑවුමක් අසලට.එතනින් පහලට මීටර් 30 - 40 පමණ ලොකු ගල් පොත්ත.ඒ අසලම මට දකින්නට ලැබුන අනවසර එනසාල් කරුවෝ තාවකාලික වාඩි පොලක නටඹුන්.කොහොම හරි කැලේට වැදිලා සැහෙන වටයක් ගහල පලවෙනි විශාල දිය ඇල්ල පාමුලට එන්න මට හැකි වුනා.ඇත්තටම එක හරිම ලස්සන, ඒ වගේම අඩුම මීටර් 40 වත් උස තට්ටු 03 කඩා හැලෙන ඇල්ලක්.

    MBCaATr.jpg


    නවසර එනසාල් කරුවෝ තාවකාලික වාඩි පොලක නටඹුන්.

    jIUCnk4.jpg


    පළමු ඇල්ලේ මුදුන ඉදිරියෙන්..

    SZpYjXS.jpg


    පළමු ඇල්ලේ මුදුන

    bDdX3AO.jpg


    ඔය ඉදිරියෙන් පෙනෙන්නේ ගිනිකෙලියා පතන හා දුවිලි අලි නිම්නයයි.

    MgbgGAi.jpg


    මානිගල කන්ද

    6eg3Eo5.jpg


    ගිනිකෙලියා පතන

    VAE5Rg5.jpg


    කැලේ මැදින් ගිහින් නැවත කුඩා අතුරු දිය පාරක් ඔස්සේ පහලට බසිමින්

    6A3GTHv.jpg


    aRjhC4Y.jpg


    lBQoSJI.jpg


    පළමු දිය ඇල්ලේ පැති පෙනුම.

    YpJArcN.jpg


    7xqN1Fe.jpg


    ErgcSRe.jpg


    තට්ටු 03 කඩා හැලෙන පළමු දිය ඇල්ලේ පහල සිට උඩට.

    bAlDwgJ.jpg


    ඊට පස්සේ නැවත දිය පාර ඔස්සේම දිගටම පහලට යද්දී තවත් කුඩා ඇලි කිහිපයක්ම දකින්නට ලැබුන.ඔය අතරේ ලස්සන පලා පොළඟෙක් දකින්නට හම්බුනා. තව චුට්ටෙන් මම ඌ නිදා හිටි අත්ත අල්ලනවා.
    මේ අතරේ එකවරම කැලේ පැත්තට වෙන්න පුංචි අඩි පාරක් දකින්නට ලැබුණු නිසා මම ඒ දිගේ ගියා.
    පරණ එනසාල් වාඩියක අවශේෂ දකින්නට ලැබුන. නමුත් බොහොම මෑතකදී කව්රුන් හෝ ආගිය පෙනුමක් දකින්නටත් ලැබුන.
    ඒකෙන් පස්සේ මට තව අමතර අවධානමක් එකතු වුන. ඒ තමයි දඩයම් තුවක්කු.එක නිසා බොහොම කල්පනාවෙන් ඉදිරියට යන්න සිද්ධ වුනේ.

    rG07ZFP.jpg


    WZjIq9V.jpg


    ToZxmAI.jpg


    සුදුගල කන්ද

    dtlJNhp.jpg


    කැලේ පැත්තට වෙන්න පුංචි අඩි පාරක් දකින්නට ලැබුණු


    8S6ZBpH.jpg


    අතහැර දැමු ඉපැරණි එනසාල් වාඩි. කව්රුන් හෝ මෑතකදී ආගිය බවක් පෙන්න තිබුන.

    P6L5sk2.jpg


    aU0m02t.jpg


    P6L5sk2.jpg


    YWcTpEa.jpg


    දිය පාර ඔස්සේම දිගටම පහලට යද්දී තවත් කුඩා ඇලි කිහිපයක්ම දකින්නට


    දිය පාර ඔස්සේ තවත් පහලට යද්දී තවත් සුවිශාල දිය ඇල්ලක මුදුනට සේන්දු වුනා.මේක කලින් එක තරම් උසින් අඩු උනත් පහලට බහින එක වඩා අපහසු උනා, මොකද බෑවුම වැඩි නිසා.කොහොම හරි ඒක පහලට ගිහිං ඇල්ල දිහා බලද්දී මට ඇත්තටම එක මොහොතකට වචන නැවතුනා.
    මොකද ඒක ඒ තරමටම ලස්සනයි.එක බොහොම මහේශාක්‍ය විදිහට තමයි පහලට ගලා ආවේ, එක නිසා ඒ ඇල්ල මම නම් කලේ '' මහේශාක්‍ය ඇල්ල '' ( Majestic fall )

    1rqqQgc.jpg


    6X7L6Qe.jpg


    මහේශාක්‍යය ඇල්ලේ මුදුනේ සිට

    OVJnZW7.jpg


    '' මහේශාක්‍ය ඇල්ල '' ( Majestic fall )


    ඒ සුන්දරත්වයත් විඳගෙනම දවල්ට මම ගෙනියපු කෑම එකත් කාලා නැවත පල්ලම් බැස්සා.ඔහොම පහලට එද්දී මම නැවතත් විශාල ඇල්ලක් මුදුනට වැටුනේ.කලින් දෙකටම වඩා මේ ඇල්ල පහලට බහින එක අපහසු බව මට තේරුම් ගියා. එක පැත්තකින් ගල් බිත්තිය මීටර් 200 විතර ඈතට විහිදෙනවා, අනිත් පැත්තනේ ලොකු බෑවුමක් එක්ක කටු පඳුරු සහ ඉහලට නැගුනු ගල් බිත්තියක් තිබ්බේ.මම සැහෙන උත්සහා කළා නමුත්, ඒ වෙද්දී මගේ කාලයත් බොහොම වේගෙන් ගෙවී ගිහිං.

    gqpB9lE.jpg


    n2mAXhX.jpg


    wdScLIc.jpg


    v0ambMh.jpg


    තුන්වෙනි විශාලතම ඇල්ල. මේකෙන් පහලට යන්න මට හැකි වුනේ නෑ.

    මම ඒ වෙනකොට දිය පාරේ මුල ඉඳල පැය 04 විතර පහලට ඇවිත්, මට නැවත උඩට යන්න ඊට වඩා කාලයක් යනවා මොකද ඉහලට යන ගමන ආනතියත් එක්ක වඩා සෙමින් සිද්ධ වෙන නිසා. ඒක නිසා අකමැත්තෙන් වුනත් මගේ ප්‍රයත්නය නවත්තල නැවත ඉහලට ගමන ඇරඹුවා.
    මෙහිදී ගමන වඩාත් පහසු වෙන්න මම සෑහෙන දුරක් කැලේ ඇතුලෙන් ගමන් කලේ.නමුත් මම මට ඉදිරියෙන් තිබුනු ගහක දෙබර වදයක් දැක්කට පස්සේ අමාරු උනත් නැවත දිය පාරට වැටිලා ගමන් කරන එක ආරක්ෂාවට හොඳ නිසා නැවත දිය පාර ඔස්සේ ගිහින් ඉර බහිනම යාමයේ වගේ kmp වාඩියට එන්න මට හැකි වුනා.

    tOxFMNo.jpg


    yAFFOjo.jpg


    rAKxY9M.jpg


    H9MJxUc.jpg


    ඉහලට යන ගමනේදී නැවතත් මහේශාක්‍ය ඇල්ල අසලට ආවා.

    Zr0xbzS.jpg


    nj5WZQV.jpg


    V7yBdxX.jpg


    Q95y5SP.jpg


    ආ මග ඔස්සේම අඳුර වැටෙන්න කලින් නැවත වාඩියට සේන්දු වුනා. දෙවෙනි දවසත් රෑ වාඩියේ ගත කරලා පහුවදා උදෙන්ම පිටත් උනා.

    C5JJEkd.jpg


    මහතුන් අයියට සමුදීලා කළුපහන කැලේට ආයුබෝවන් කියල පිටත් වුනා..

    8GRq0pA.jpg


    බඹරැල්ල කරා....Back to Civilization

    ඔන්න ඔය විදිහට අපහසු උනත් ඉතා සාර්ථක ගවේෂණ චාරිකාවකින් පස්සේ 03 දවසේ උදෙන්ම මම මහතුන් අයියට සමු දීල නැවත බඹරැල්ල ඔස්සේ නුවරට ඇවිත් ගෙදර ගියා.
    මගේ 08 වෙනි හුදෙකලා වනගත චාරිකාව මේ විදිහට නිමා වුනා.


    ත්‍රෙඩ් එක නම් ටිකක් දිග වැඩියි. ඒ වගේම මේ කරුණු කෙනෙකුට තේරෙන විදිහට ගලපන්න සැහෙන මහන්සි වුනා. මොනවා හරි අඩුපාඩුවක්, නොතේරෙන යමක් තියේ නම් කියන්න.වැරදි නිවැරදි කර ගන්න.
    එහෙනම් ඔක්කොවන්ටම ජය වේවා.:)