නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..
නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..
නකල්ස් වනයේ පිහිටි සොබාදහමේ අපුර්වතම නිර්මාණයක් වන දිය බෙදුම් කලාපය.
ආයුබෝවන් එළකිරියේ ඔක්කොටම....
සංචාරක ත්‍රෙඩ් එකක් ලියන්නේ කිහිප දවසකට පස්සේ.මුලින්ම මම කරුණු කිහිපයක් ඔයගොල්ලන්ගේ අවධානයට යොමු කරන්නම්.
එහෙනම් මම ත්‍රෙඩ් එකට ප්‍රවේශයක් ගන්නම්.
නකල්ස්, එහෙම නැත්තම් දුම්බර වනය කියන්නේ ලංකාවේ සුවිශේෂී පරිසර පද්ධතියක්.දුම්බර වනය දෙවැනි වන්නේ සිංහරාජය සහ සමනල අඩවියට පමණයි.
එහෙම උනත් දුම්බර අඩවියටම ආවේනික වුනු සුවිශේෂී භුමි ලක්ෂණ , ජෛව විවිධත්වය අතින් ඊටම ආවේනික ලක්ෂණ සහිත පොකුරු කඳු පන්ති වලින් යුත් ලංකාවේ සුන්දරම සහ වටිනාම ස්ථානයක්.
ලංකාවේ ප්‍රධානතම මෝසම් 02 වන නිරිත දිග සහ ඊසාන දිග යන මෝසම් දෙකෙන්ම පෝෂණය වන නකල්ස් වනය වයඹ දිගින්
රිවස්ටන් කඳු වැටියෙන් ආරම්භ වී කිරිගල්පොත්ත - ගොම්බානිය - යකුන්ගේ හෙළ - සෙල්වකන්ද - නකල්ස් කඳු 05 - අලුගල්කන්ද - කොබාර්ට්ස් ගැප් ඔස්සේ ඩීන්ස්ටන් , හුන්නස්ගිරිය තෙක් ගිනිකොන දිගට විහිදෙන ප්‍රධාන කඳු වැටිය සහ අමතරව ඊසාන දෙසින් යහන්ගල - කෙහෙල්පත්දොරුවෙගල - ගැරඬි ගල - දුම්බානගල කඳු පංතියෙන්ද උතුරු දෙසින් ලකේගල - වමාරපුගල - රෑස්ස කඳු වලින්ද වටවුණු පොකුරු කඳු පංති ආශ්‍රිතව නිර්මාණය වුනු මිශ්‍ර ලක්ෂණ සහිත කඳුකර වනාන්තර ( පිග්මි ) , උප කඳුකර වනාන්තර , පතන බිම්, බටදඬු වනාන්තර , නිවර්තන වැසි වනාන්තර වලින් යුක්තයි.
මේ ප්‍රධාන කඳු බාධකය නිසා මෝසම් දෙකෙන්ම සැලකිය යුතු වර්ශාපතනයක් අවුරුද්ද වැඩි කාලයක් වර්ෂාවෙන් පොහොසත් භූමියකි.
නකල්ස් භූමියෙන් ආරම්භ වන ප්‍රධාන ගංගා 03 වෙයි.
හුළු ගඟ
කළු ගඟ ( නකල්ස් කළු ගඟ )
හීන් ගඟ
මීට අමතරව හසලක ඔය , තෙල්ගමු ඔය ආරම්භ වන්නේද මේ රක්ෂිත භුමියෙනි.මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂකය වන්නේද මේ භූමියයි.නකල්ස් රක්ෂිතයෙන් උපදින සෑම ජල බිඳුවක්ම එකතු වන්නේ ලංකාවේ මහා දියවර හෙවත් මහවැලි ගඟට. ඒ කාරණාවම ඇති කෙනෙකුට මෙහි වැදගත්කම තේරුම් ගන්නට.
මගේ චාරිකාව දෙසට යොමු වුනොත්, මේක මම අහම්බයකින් ගියපු ගමනක් නෙවෙයි. මේක බොහොම කාලයක් තිස්සේ කරුණු කාරණා හොයල බලල නිරීක්ෂණය කරලා, සිතියම් අධ්‍යනය කරලා මේ සංසිද්ධිය ගැන වැඩිදුරටත් ගවේෂණය කරන්න ගියපු චාරිකාවක්.
නකල්ස් රක්ෂිතයට අයත් සියලුම භුමි අතරින් පතන භුමි පිලිබඳ නොසලකා හැරියොත් මේ පහත සිතියමේ මම සලකුණු කරපු බිම් කඩ තමයි අවම වශයෙන් භුමියේ උස් පහත් වීම අඩුම භුමි ප්‍රදේශය( Lowest Elevation gain )
වරදවා වටහා ගන්න එපා, එයින් අදහස් කරන්නේ උසින් අඩුම භුමිය කියන එක නෙමේ, මේ භුමි කඩ තමයි උස වෙනස් වීම අවම ප්‍රදේශය. වෙනත් විදිහකට කිව්වොත් සිතියමේ සමෝච්ච රේඛා ඈතින්ම පිහිටන ප්‍රදේශය.මේ සිතියම් කඩ හොඳින් බලන්න. මම කියපු කාරනාව වැටහේවි.
ඒ වගේම තමයි මේ භුමිය '' දිය බෙදුම් කලාපයක් '' ඒ කියන්නේ මේ කොටසෙන් උපදින උල්පත් ජලය සහ වැසි දිය සියල්ල ප්‍රධාන ගංගා 03 ම එකතු වෙනවා.
මේ පහත සිතියමේ මම ඊතල සලකුණු වලින් පෙන්නලා තියෙන්නේ අන්න ඒ කාරණාව.
ලා නිල් ඊතල වලින් පෙන්නුම් කරන නිරිත සහ බටහිර බෑවුමට වැටෙන සෑම දිය පාරක්ම හුළු ගඟට එකතු වේ.
තද නිල් ඊතල වලින් පෙන්නුම් කරන ඊසානදිග බෑවුමේ උඩ කොටසෙන් උපදින සෑම දිය දහරාවක්ම කළුගඟට සහ සුදු ඊතල වලින් පෙන්නුම් කරන ඊසාන බෑවුමේ යට කොටසේ සෑම දිය පහරක්ම හීන් ගඟ නිම්නය ඔස්සේ හීන් ගඟට එකතු වෙයි.
සාමාන්‍යයෙන් ඕනෙම පරිසරයක, පොලවකට වැටෙන ජලය පහත්බිම් ඔස්සේ ගංගාවකට හෝ ඔයකට ඇලකට එකතු වෙන එක සාමාන්‍යය කාරණයක්.
නමුත් මෙවැනි පිහිටීමක් ලේසියෙන් පිහිටනවා සාපේක්ෂව දුලභයි.
බොහෝ විට සිදු වෙන්නේ කඳු පන්ති අතර නිම්න ඔස්සේ යැවෙන ජලය එකම ප්‍රධාන ජල ධාරාවකට එකතු වීම.
නමුත් මේ සීමිත වර්ගඵලයකින් යුක්ත මේ බිම් කඩට වැටෙන ජලය පැති 03 ඔස්සේ ප්‍රධාන ගංගාවන් 03 නිර්මාණය කරනු ලබනවා.
උදාහරනයකට අද මේ සීමිත බිමට වහින වැස්ස තුලින් ජල බිංදු 03ක් ප්‍රධාන ගංගා 03 එකතු වී යයි සිතුවොත් ඉන්,
හුළුගඟ ට වැටෙන ජල බිංදුව වික්ටෝරියා රන්දෙනිගල ජලාශ ඔස්සේ මහවැලි ගඟ දිගේත්,
හීන් ගඟට ට වැටෙන ජල බිංදුව මධ්‍යම පළාතේ එක මායිමකින් මහවැලි ගඟට ත්
කළුගඟ ට වැටෙන ජල බිංදුව මොරගහකන්ද, කළුගඟ ජලාශ ඔස්සේ පොළොන්නරුවේ ජලගැලුම් නිම්නයේදී මහවැලි ගඟටත් එකතු වේ.
ඒ කියන්නේ මේ ජල බිඳු 03 නැවත හමු වන්නේ කිලෝමීටර් සියයකට කිට්ටු දුරකින්.
මෙවැනි කුඩා වර්ගඵලයකින් මේ වගේ ප්‍රථිපලයක් දෙන පිහිටීමක් ලංකාවේ දකින්න ලැබෙනවා බොහොම අඩුයි.
මේ තියෙන්නේ මම ඔය සඳහන් කරපු කලාපය නකල්ස් කඳු 05 මාර්ගයට අයුරු.ඔය කඳු පන්තියට ඉහලින් පිහිටන තැනිතලා භුමිය ගැන තමයි මම කියන්නේ.හොඳින් බැලුවොත් පෙනෙනවා මේ කඳු සම උසකින් පිහිටලා තියෙන්නේ.
මෙන්න මේ කියන කලාපය නිරීක්ෂණය කිරීම තමා මගේ මුලිකම අරමුණ වුනේ. ඊට අමතරව තවත් දිය ඇලි කිහිපයක් සොයාගෙන යාමත් මේ චාරිකාවේ අතුරු අරමුණක් උනා.නමුත් මෙහිදී මට නිරීක්ෂණය කරන්න ලැබුනේ හුළුගඟ සහ කළුගඟට එකතුවෙන දිය පාරවල් පමණයි.
හීන් ගඟ නිම්නයට බහින එක සැහෙන දුෂ්කර තව අමතර දවස් 02 විතර වැය වෙන ගමනක් නිසා ඒ පියවර ඉදිරි කාලයට තියා ගත්තා.
තවත් කාරණයක්, මේ දිය පාරවල් එකක්වත් මේ ගංගා වල මුලික දිය ධාරාව නෙමේ. මේ සියල්ල ඒ ගංගා වලට එකතු වෙන අතුරු දිය පහරවල්.
සංචාරය පුරා දවස් 02 සහ නැවත පැමිණීම සඳහා දිනක් ලෙස දවස් 03 පුරා විහිදුනා.මම ස්මාර්ට් දුරකථන හෝ ඩිජිටල් උපකරණ භාවිතා නොකරපු නිසා මට පූර්ව සිතියම් අධ්‍යනය සුක්ෂමව කිරීම අවශ්‍ය කාරණයක් උනා. මේ සඳහා මම තෝරාගත්තේ බඹරැල්ල - කළුපහන KMP ප්‍රවේශ මාර්ගය.මොකද ඒ පාර වැටිලා තියෙන්නේ මේ කලාපයේ එක් අන්තයකට වෙන්න ඒ හරහා.අනිත් එක ඒක මට බොහොම හුරුපුරුදු මාර්ගය නිසා.
මේ තියෙන්නේ ඒ මාර්ගයේ KMZ සිතියම. මේක මට ලබා දීම ගැන මම මගේ මිත්‍ර අශාන් අයියට ස්තුති වෙනවා.
මේ සිතියමේ No 01 - 02 අතර සෑම දිය පාරක්ම සෙල්වකන්ද නිම්නය ඔස්සේ හුලුගඟට එකතු වේ.
No 02 - 03 අතර පොඩි ප්‍රදේශයේ සියලුම දිය පාරවල් ඊතලයෙන් පෙන්නුම් කරන දිශාව ඔස්සේ කළුගඟට එකතු වේ. No 03 - 04 අතර සියලුම දිය පාරවල් ඔය පෙනෙන දිසාව ඔස්සේ කළුගඟට එකතු වේ.

- මේක ලස්සන පොටෝ වලින් බොහොම අඩු නමුත් භූගෝලීය වශයෙන් සුවිශේෂී වැදගත්කමක් සහිත කරුණු අඩංගු නුලක්.
- සාමාන්‍ය ගමනකින් ලස්සන කන්දක්, දිය ඇල්ලක්, සුන්දර පරිසරයක් ආශ්රයෙන් කරපු සංචාරයක් නොව, ගවේශනාත්මක චාරිකාවක්.
- මේක මම තනියම දවස් 03 තිස්සේ කරපු චාරිකාවක්. මම තනියම යන ගමන් ගැන කිසිම අවස්ථාවක ත්‍රෙඩ් ලියලා නෑ. මොකද පැහැදිලි අවධානමක් තියෙන නිසා. නමුත් මම මේ ගමන ගැන ලියන්නේ මේ අපූරු සංසිද්ධිය ඔහෙලත් එක්ක බෙදා ගන්න අවශ්‍යයි කියල මට හිතුන.මොකද ලේසියෙන් කෙනෙකුට දකින්න , අත්විඳින්න ලැබෙන්නේ නැති කාරණයක්.
- නිකම්ම පොටෝ විතරක් බලලා මේ ගමන ගැන අවබෝධයක් ගන්න අමාරුයි. ඒක නිසා ත්‍රෙඩ් එක කියවන්නම වෙනවා.
- මෙහි සඳහන් වෙන නොයිඳුල් ස්ථාන පිලිබඳ සිතියමේ පිහිටුම් සහ ලඟා වෙන අකාරය ගැන කිසිම තොරතුරක් පෞද්ගලිකව උනත් දෙන්න මට කිසිම අවසරයක් නෑ.මොකද මෙහි සමහර දිය ඇලි තවමත් නාමකරණයට ලක් නොවුණු ඒවා නිසා සහ අදාළ බලධාරීන්ගේ ඉල්ලීම උනෙත් මේ දියඇලි වල පිහිටීම ගැන තොරතුරු දෙන්න එපා කියන කාරණය.

Last edited: