2009 අප්‍රේල් 26 වෙනිදා හවස 7ට විතර අපේ යාලුවා 789 සහෝදරයා එක්ක එකතුවෙලා තමයි
Mal Baba කියන ID එක හදන්නෙ
100000
මල් වත්ත Chat ත්‍රෙඩ් වලින් එළකිරි එකේ පොස්ට් දාන්න පටන් ගන්න ගමන අද Post 100000ක් ගහන්න තරම් දුරක් අරගෙන එන්න
ElaKiri.Com සයිට් එක අපි වෙනුවෙන් හැමදාම කරගෙන යන GTRZ ඇතුළු ඔහුට සහය වෙන හැමෝටම ස්තුති වේවා. ගොඩක් ලංකාවේ නෙට් පැකේජ් වල Data ඉවර උනාම ඉතින් අවුලක් නැතුව ලෝඩ් වෙලා අපිට පොස්ට් දන්න පුළුවන් සයිට් එකක් තමයි එළකිරි කියන්නේ ඒවගේ සයිට් එක කරගෙන යන්න ලොකු ගේමක් දෙනවා ඉතින් මේ කාලේ ආර්ථික තත්වයත් එක්ක. ගොඩක් ලංකාවේ ෆෝරම් තිබ්බත් හරි විදියට හරි විනයක් ඇතුව කරගෙන යන වෙබ් අඩවියක් තමයි එළකිරි වෙබ් අඩවිය.
ෆේස්බුක් ටිවිටර් ඉන්ස්ටග්‍රෑම් ඒකි මෙකී නොකී වඩා එළකිරි එකේ තමයි අපේ කාලය ගෙවෙන්නෙ. ගෙදර හිටියත් ඔෆිස් එකේ හිටියත් (ෆයර් වෝල් දාලා බ්ලොක් කරත් ) අපි එන්නේ එළකිරි හැමෝම එකම පවුලක් වගේ මේකේ ඉන්න නිසා පුළුවන් හැම වෙලාවේම එන්න එළකිරි එකට ලෝකෙ වටේ ලංකාව වටේ අපේ යාළුවො එක්ක කතා බහ කරන්න
චැට් කරන්න සතුට දුක බෙදාගන්න. එළකිරි එක නිසා මටත් පෞද්ගලිකව හම්බෙච්ච යාළුවො(ගලදාරි එකේ සොවුක් ක්ලබ් එකේ ඉවෙන්ට් එකේ, එළකිරි ජෙට්ලයිනර් ගේට් ටු ගෙදර් එකේ, මිස්ටර් පෙරරා සංවිධානය කරපු එළකිරි ට්‍රැවලර් ඉවෙන්ට් වල ) එමටයි. පෞද්ගලිකව හමු වී නැතත් එළකිරි එක ඇතුලේ සෙට් වෙන යාළුවො ඊටත් වඩා අපමණයි. දවසේ හැම වෙලාවේම එළකිරි එන දවසේ හැකි හැම වෙලාවේම එළකිරි එන සතියේ පුළුවන් හැම වෙලාවේම එළකිරි එන එළකිරි යාළුවො හැමෝටම
ElaKiri Radio කරන අපේ tharindumj සහෝදරයාටත් මීට කලින් රේඩියෝ කරපු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් ස්තුති
එළකිරි සුභ අනාගතයක් වේවා
~Mal Baba
Last edited: