කිරිඇල්ල කියූ ''පරබල්ලගේ'' කතාවස්තුව
කිරිඇල්ල කියූ ''පරබල්ලගේ'' කතාවස්තුව
රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා භික්ෂුන් වහන්සේ නමකට අපහාසාත්මක අයුරින් දුරකථනයෙන් කතා කිරීම සම්බන්ධයෙන් වූ පුවත දිනයේදී ජනප්‍රියම දේශපාලන පුවත වී තිබුණි. කිරිඇල්ල එදිරිවාදීන් මෙන්ම බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සර්වාංගයම වෙවුළුම් කමින් සිටින ඇතැමෙකුට මෙය ඉහේ මල් පිපුණු කාරණයකි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ තමන් ඒ අවස්ථාවේ පිළිතුරු දුන්නේ භික්ෂුන් වහන්සේ නමකට නොවන අතර තර්ජනාත්මකව කතාකළ උද්ඝෝෂණකරුට බවය. එම දුරකථන සංවාදය තුළදී අදාළ භික්ෂුව තමන්ගේ අනන්‍යතාවද පැහැදිලිව අමාත්‍යවරයාට පවසන්නේද නැත.
කෙසේ හෝ එම සිදුවීම දැන් අවසන්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යයන්හි තවදුරටත් කතා බහට ලක්වෙමින් තිබේ. මෙහිදී ඇතැමෙකු උදහසට ලක්ව ඇත්තේ කිරිඇල්ල අමාත්‍යවරයා දැඩි ස්වරයෙන් කතාකරන්නේ භික්ෂූන් වහන්සේ නමකට වීමයි. එපමණටම මේ සමාජය චීවරයට බලයක් දී තිබේ.
භික්ෂුවක් වුවත් ගිහියෙක් වුවත් වැරැද්දක් ඇත්නම් එය නිවැරදි කරගත යුතුය. වරදක් දකින්නේ නම් එය පැවසීමට හෝ පෙන්වාදීමට බිය වියයුතුද නැත. එසේ නොවන තාක් ගිහියන් පමණක් නොව පැවිද්දන්ද උගුරට හොරා බෙහෙත් බොන එක නවත්වන්නේද නැත.
එහෙයින් මේ මොහොතේ කිරිඇල්ල අමාත්‍යවරයාව පසෙකින් තබා අර කී භික්ෂුන් වහන්සේ නැත්නම් පූජ්‍ය ටැම්පිටියේ වනරතන හිමියන් සම්බන්ධයෙන් සටහනක් තැබීමට අපි කැමැත්තෙමු.
ඇතැමෙකුට රෑ,දවල් කියා වෙනසක් නැත. කටුස්සන් මෙන් පාට මාරු වන්නේ නැත. මේ අතර රෑ දනියෙල් දවල් මිගෙල් වැන්නවුන්ද වෙති. පරිස්සම් විය යුත්තේ දනියෙල්ලාගෙන්ය.
අපේ කතා නායකයා වන පුජ්‍ය ටැම්පිටියේ වනරතන භික්ෂුවද මේ දවල් මිගෙල් රෑ දනියෙල් කුලකයේ අයෙක් බවට දැන් අනාවරණය වී තිබේ. දවල්ට ටැම්පිටියේ වනරතන වන උන්වහන්සේ රෑට වෙනස් වන්නේ මිස්ටර් වනරතන ලෙසින්ය.
අපි එතනින් මෙය ආරම්භ කරමු.
පිළිමතලාව පරනාගල පිරිවෙනෙහි වසන ටැම්පිටියේ වනරතන හිමි මේ වන විට නාවලපිටිය ගුරුවරයෙකු වශයෙන් සේවය කරයි.මීට මාස කිහිපයකට පෙර මුදල් සම්බන්ධයෙන් හා කාන්තාවන් සමඟ නොමනා අයුරින් හැසිරීම හේතුවෙන් ගම්මුන්ගේ උදහසට ලක්වුවෙකි. ගම්වැසියන් විසින් මේ භික්ෂුව පන්නා දමා තිබුණද දැන් යළිත් එම විහාරස්‌ථානයටම පැමිණ ඇති බව සඳහන්.
පූජ්‍ය ටැම්පිටියේ වනරතන උන්නාන්සේ පිළිබඳ චිත්‍රයක් ඇඳ ගැනීමට මේ කාරණයද ප්‍රමාණවත්ය.
අනෙක් අතින් උන්වහන්සේ මහින්දවාදියෙකි. පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රාජපක්ෂ මහතාට සහය පළකරමින් පෙළපාලිද ගොස් තිබේ. දැන් ප්‍රබල පොහොට්ටු ආධාරකරුවෙකු ලෙස ප්‍රචලිතය.
දැන් පූජ්‍ය ටැම්පිටියේ වනරතන උන්නාන්සේ කවරෙක්ද යන්න ටක්කෙටම දැනහඳුනා ගත හැකිය. මෙම ලිපිය සමඟ පළවන ජායාරූපද ඊට සාක්ෂිය. උන්වහන්සේගේ හැසිරීම කුමක් අරමුණු කරගෙනද යන්න පැහැදිලි කරගත හැකිය.
භික්ෂුවක් වුවත් ගිහියෙකු වුවත් තමතමන්ට අනන්‍ය විනයක් තිබිය යුතුය. සමාජයේ තමන් පෙනී සිටින්නේ ඒ පෞර්ෂයත් සමඟින්ය. විශේෂයෙන් දවල් මිගෙල් රෑ දනියෙල් වැන්නවුන් කොහොමත් පරිස්සම් විය යුතුය. මන්ද ඔවුන් අද වීරයන් වීමත් හෙට බලුවීමත් වීමත් අතර කාලය ඉතාම කෙටි වන නිසාය.
- https://lankanewsweb.net/sinhala/පු...්වතුනි-මෙන්න-කිරිඇල්ල-කියූ-පරබල්ලගේ-කතාවස්තුව