උදව්වක්

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    උපදෙසක්

    කිරියේ ඉන්න අයගෙන් පුංචි උපදෙසක් ගන්න ඕන.
    මම මේක හිතේ හිර කරගෙන ගොඩක් කල් වෙනවා .මට ටික කාලයක ඉදන් (මාස දෙකක් විතර)ගොඩක් මානසික අවුලක ඉන්නේ.මට මචන්ලා ගොඩක් දේවල් ගැන සැකයි.වටපිටාව,නෑදෑයෝ,සමහර සිද්ධි මාර විදියට හිතට වද දෙනවා.
    සමහර වෙලාවට තනියම කියවනවත් එක්ක.හරියට කතා කරගන්නවත් බෑ.ගොත ගැහෙනවා.බයයි.හරි අදහසක් නෑ.කතා කරනකොට පැටලෙනවා.
    මගේ වයස අවුරුදු විස්සයි.මම A/L කරේ මේ අවුරුද්දේ...මම දෙවැනි වතාවටත් විභාගේ ලියන්න ඉන්නේ.ඒත් ගෙදර ඉන්නකොට වැඩක් කරන්න හිතෙන්නේ නෑ.සමාජෙට යන්නෙම නෑ.දවස් දෙකක් විතරයි පන්ති යන්නේ.
    ඒකත් ඔලුව නමාගෙන අඩුම තරමේ වටපිටවත් බලන්නේ නෑ.ඒ පන්තියේ යාලුවෝ කිහිපදෙනක් විතරයි කතාවට ඉන්නේ..මම ගොඩක් දේවල් තනියම විද ගන්නවා.
    කතාවේ හොදම හරිය කිව්වේ නෑ.අපේ තාත්තට මානසික ලෙඩක් තියෙනවා.
    එයා ඒකට බෙහෙත් බොනවා.ලෙඩේ තමයි "Schizophrenia ".එකේ රෝග ලක්ෂනත් මේ වගේ.පොඩි කාලේ තාත්ත ලෙඩ වුන කාලෙට පට්ට කට්ටක් කෑවා මතකයි.මට දැන් ජීවිතෙත් එපා වෙලා.මම පොඩ්ඩක් හොයල
    බැලුව ලෙඩේ ගැන.මේ ලෙඩ පරම්පරාවෙන් එනවලු .එකද දන්නෙත් නෑ.මට ඕන සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න.
    මේකට මොකද්ද කරන්නේ.මේ බොරුවක් නෙමේ.වචනයක් හරි කියල යන්න හිත සැනසෙන්න..​
     
    Last edited: