බයි අනුර සහ අන්සීදරේ කෑනිම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    158140751_10221731328006747_138685636399566317_n.jpg


    Jagath Kalum Wijewardana

    YetSslotceapseorndaoeyld oeairnmstod e0t5:5rted0 ·

    සජාත් මව්සූන් සහ රාජපක්ෂලා..
    2020 ජුනි මාසයේ දී ආනයනික සීනි වලට රුපියල් 50 ක බද්දක් පැනවූ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ඔක්තෝම්බර් 13 දා අංක 2197/12 දරණ ගැසට්ටුව මගින් එය එක්වරම ශත 25 ක් දක්වා සිතා ගත නොහැකි තරම් සුළු ප්‍රමාණයකට අඩු කෙළේය. ඒ වන විටත් තම ගජයා සජාත් මව්සූන් සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලංකාවට ආනයනය කිරීමට නැව් වලට පටවා අවසන් ය. රේගුව පවසන්නේ සාමාන්‍යයෙන් ලංකාවට මසකට සීනි ගෙන්වන්නේ මෙට්‍රික් ටොන් 45000 ක් පමණක් බවයි. එසේ නම් සජාත් එක්වරම සීනි ටොන් ලක්ෂයක් පමණ ගෙන්වීමට ඕඩර් දමා තිබුනේම ඔහු මේ මගඩිය දන්නා නිසාය. සජාත් ගේ සීනි තොග ලංකාවට ගොඩ බෑමෙන් පසු යළි ඔක්තෝම්බර් 27 දා යළි සීනි වලට රුපියල් 40 ක බද්දක් පැනවූයේ ය. ආනයනික බදු පිළිබඳ ගැසට්ටුවක් ගසා මාසයක් යන තුරු එය වෙනස් කර නැවත බදු වෙනස් කළ නොහැකි නමුත් මහින්ද එසේ කෙළේ ය.

    ඒ අනුව ඔක්තෝම්බර් 27 න් පසුව නොවැම්බර් 13 දක්වාම ලංකාවට ආ සීනි වලට පැනවූ බද්ද වූයේ සත 25 ම ය. කෙසේ වෙතත් අන් කිසිදු සීනී ආනයන කරුවෙකුට මෙතරම් ඉක්මනින් සීනී ආනයනය කළ නොහැකි වූයෙන් අඩු කරන ලද බදු මුදලේ වාසිය මහජනතාවට ලැබුනේ නැති අතර සීනි වික්කේ පැරණි මුදලටම ය. එබැවින් මිල අඩු කරන බව දැන ඒ කාලය තුල සීනි ටොන් ලක්ෂ ගණන් ගෙන්වූ පිරිසට නිකම්ම ලාභය සාක්කුවට වැටිණ. ඒ ලාභය රජයට හිමි වූයේ ද නැත. මුදල් අමාත්‍යාංශයම අද පිළිගෙන ඇත්තේ එකී අහිමි වූ ආදායම රු. කෝටි 1590 ක් හෙවත් රුපියල් බිලියන 16 ක් පමණ වන බවයි.

    මේ මහ දවල් මගඩිය ගැන පළමුවෙන් පාර්ලිමේන්තුවේ දී හෙළිකළ ජවිපෙ නායක අනුර පවා ඒ අවස්ථාවේ කීවේ අලාභය රුපියල් බිලියන 11 ක් පමණ විය යුතු කියා නමුත් දැන් මුදල් කාරක සභාවේ දී හෙළිවූ ආකාරයට එය බිලියන 16 ක් පමණ වේ.

    ඉහත කී අහිමි වූ දැවැන්ත බදු ආදායම ලාභයක් සේ ගියේ සීනි ආනයන කරුවන් සුළු පිරිසක් අතට වන අතර ඉන් ප්‍රධානතම ලාභ ඉපැයූ පුද්ගලයා වූයේ රාජපක්ෂලාගේ ව්‍යාපාරික සුරතලෙකු වන ෂැන්ග්‍රිලා සමූහ ව්‍යාපාරයේ ද ඉහත කී සීනි ගෙන්වූ විල්මා ට්‍රේඩින් සමාගමේ ද සභාපති වන සජාත් මව්සූන් ය

    ------ Post added on Mar 13, 2021 at 3:26 PM
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    1. සීනි ටැක්ස් අඩු කරල වැඩි කරේ කවද්ද? (අඩු කරපු දවසෙ ඉදල අද වෙනකන් තියෙන්නෙ සත 25 බද්ද තමයි)
    2. බදු අඩු කරන්න කලින් සීනි කීයද කියල මතකද? (145-155)
    3. දැන් සීනි කීයද? (105-115)
    4. බදු අඩු කරන්න කලින් වරායෙ බානකොට ටොන් එකක CIF value එක කීයද?
    5. ඒ දවස් වල USD එකක් කීයද?
    6. දැන් සීනි ටොන් එකක CIF Value එක කීයද?
    7. දැන් USD එකක් කීයද?
    8. බදු අඩු කරනකොට ලංකාව ඇතුලෙ රු. 50 ටැක්ස් ගෙවල release කරපු සීනි ටොන් කීයක් තිබුනද?
    9. අළුත් බද්ද (ශත 25) ගෙවල release කරපු සීනි, පරණ සීනි ඉවරවෙලා market එකට එන්න පටන්ගත්තෙ කවද්ද?
    මේව නොදැන 49.75*1000*ටොන්300 කියල අනුර ක්‍රමයට බාගෙට ගාන හැදුවම හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads