කොළඹ සෞදි ජාතික දින සැමරුමට වැඩි ඥානසාර හිමි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gnanasara-saudi

    සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23) පස්වරුවේ උත්සවාකාරයෙන් පැවැත්විණි.

    මෙම ජාතික දින උත්සවයේ විශේෂ අවධානයට ලක්වූයේ මැති ඇමතිවරුන්ට අමතරව බොදු බල සේනා සංවිධානෙය් මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්ව තිබීමයි.

    මුස්ලිම් අන්තවාදය පිලිබද දැඩි ලෙස ක්‍රියාකල හා අවස්ථා කිහිපයකදීම සෞදි සංවිධාන දැඩිව විවේච්නය කල උන්වහන්සේ ගේ පැමිණීම බොහො දෙනාගේ විමතියට හේතුවිය.

    වසර කිහිපයක් බොදු බල සේනා සංවිධානයේ කටයුතුවලින් දුරස්ව සිටි එහි ප්‍රධාන විධායක නිළධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ද විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වී තිබිණ. අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අෙබ්වර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මීට එක් වූහ.
    3.jpg




    2.jpg



    2.jpg

    1.jpg


    @2osama @nicjosh83 @erozan @N A K A M U R A @hirugalbandara @weer 11 @Darkseid @elajani @hirashgeff
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සිවුරට මුවා වී ජඩකම් කරන රටේ අවාසනාවකට පහල උන තවත් ගණින්නාන්සේ නමක්.