විදුලිය කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවෙනවා – මහජන උපයෝගිතා කොමිසම
27 Sep, 2022 | 9:41 AMCOLOMBO (News 1st) – දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබේ.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි.
මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.
ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.
source: https://www.newsfirst.lk/sinhala/2022/09/27/විදුලිය-කප්පාදුව-දීර/