🪷කය වචනය අසංවර වීමේ විපාකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    🪷කය වචනය අසංවර වීමේ විපාකය

    තව ද කයින් වචනයෙන් වැරදි කරන්නවුන්ට මුලින් ම නිරයෙහි ඉපිද දුක් විඳීමට සිදුවන අතර ඉන්පසු තිරිසන් ලෝකයේ ද ප්‍රේත ලෝකයේ ද ඉපිද දුක් විඳීමට වේ. මනුලොව ඉපදුන විට ප්‍රධාන වශයෙන් පහත සඳහන් දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ.

    01. සතුන් මැරීම බහුල ලෙස කළේ නම් අල්පායුෂ්ක වේ.

    02. සොරකම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව දී භෝග ව්‍යසනයට පත් වේ.

    03. කාමය වරදවා හැසිරීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව දී බොහෝ සතුරන් ඇත්තෝ වන්නා හ.

    04. බහුල ලෙස බොරු කී පුද්ගලයෝ මිනිස් ලොව දී අභූත චෝදනා වලට ලක් වේ.

    05. නිතර කේළාම් කී පුද්ගලයෝ මිනිස් ලොව දී මිතුරන් සමග නිතර භේද භින්න (තරහා) වන්නෝ වෙත්.

    06. පරුෂ වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලොව දී අමනාප වූ කටුක වූ කර්කශ වූ ශබ්දයෝ ම අසන්නට ලැබෙත්.

    07. නිතර හිස් වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලොව දී නොම අදහන, නො පිළිගන්නා වචන ඇත්තෙක් වේ.

    08. මත්පැන් බීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව උන්මත්තකයකු වී හෝ විසුරුණ සිත් ඇත්තෙකු හෝ දිශා විදිශාවක් තේරුම් ගත නො හැක්කෙකුව වී හෝ ඉපදේ.

    (අං. නි අට්ඨක නිපාතයේ දාන වර්ගයේ සංවත්තනික සූත්‍රය)
     
    • Like
    Reactions: kinkon