මාව ඔවුන් අපහසුතාවට ලක්කරා සංගක්කාර කියද්දී - එයා Visa ලියවිලි දෙන්න බෑ කිව්වා - රයන් එයාර් කියයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,699
    10,618
    113
    44
    Living in an Atom
    thumb-1793246691-6ae2c5e3c99ce.png

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෑ විශිෂ්ට දස්කම් මෙන්ම සමාජයේදී පළ කරන ශාන්ත, සංයමශීලී සහ ගෞරවාන්විත හැසිරීම හේතුවෙන් ලොව පුරා ප්‍රකට කුමාර් සංගක්කාර සිය උපන්දිනය සැමරූ පසුදාම ගුවන් තොටුපළකදී අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන් පුවතක් කරළියට පැමිණ තිබේ. ඩබ්ලින් ගුවන්තොටුපළේදී අයර්ලන්තයේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන රයන්එයාර් (Ryanair) කාර්ය මණ්ඩලය තමන්ට සහ සිය පවුලේ සාමාජිකයන්ට වෙනස්කම් සහගත හා තර්ජනාත්මක අයුරින් සැලකූ බවට චෝදනා නඟයි.

    පසුගිය 27දා සිය 49 වන වියට පා තැබූ ශ්‍රී ලංකා හිටපු සුපිරි නායකයා, 28 වන දින ඩබ්ලින් නුවර සිට බ්‍රිස්ටල් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයට පිවිසෙන ද්වාරය අසලදී සිදුවූ අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාව අතරතුර මෙම සිදුවීම වාර්තා වී ඇත.

    එදින ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් සංගක්කාර ප්‍රශ්න කර සිටියේ ඩබ්ලින්හිදී රයන්එයාර් කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම් සහගත සැලකිල්ලක් ලැබූ වෙනත් කිසිවකු හෝ සිටීද යන්නයි. තමන් සහ සිය පවුල එම අත්දැකීමට මුහුණ දුන් බවත්, කතාබහ කළ ස්වරය, ක්‍රියා පටිපාටිය වැරදි ලෙස හැසිරවීම සහ එල්ල වූ තර්ජනාත්මක හැසිරීම කම්පන සහගත මෙන්ම ඕනෑම මගියෙකු සම්බන්ධයෙන් කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවත් ඔහු එහි සඳහන් කර තිබිණි.මෙය ඩබ්ලින් නුවරදී තමන් ලැබූ පළමු අයහපත් අත්දැකීම බවද ඔහු කියා සිටියේය.

    කෙසේ වෙතත්, එතැනදී කියැවුණු හෝ සිදුවූ නිශ්චිත දේ පිළිබඳ වැඩිදුර විස්තරයක් සංගක්කාර අනාවරණය කර නොතිබිණි.

    මෙම චෝදනාව සම්බන්ධයෙන් ඩේලි මේල් (Daily Mail) පුවත්පත මගින් වාර්තා කර තිබූ රයන්එයාර් ගුවන් සේවයේ ප්‍රකාශය මීට පරස්පර විස්තරයකි. අදාළ මගියා අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාවන් අතරතුර නියෝජිතයෙකු ඉල්ලා සිටි අවශ්‍ය වීසා ලියකියවිලි ලබා දීම ප්‍රතික්ෂේප කළ බව එම ගුවන් සේවය සඳහන් කරයි.

    කෙසේ වෙතත් කථාබහෙන් පසු ඒවා ලබාදුන් බවත් එම පරීක්ෂාවන් සම්පූර්ණ කර ගමන් කිරීමේ සුදුසුකම් සනාථ කරගැනීමෙන් අනතුරුව, අදාළ මගියා සැලසුම් කළ පරිදි ඔක්තෝබර් 28 වන දින ඩබ්ලින් සිට බ්‍රිස්ටල් බලා පියාසර කළ ගුවන් වාරයෙන්ම ගමන් කළ බවත් රයන්එයාර් පවසා තිබේ.

    ඒ අනුව පවුලේ සාමාජිකයන් ගමන සාර්ථකව අවසන් කර ඇති අතර, ගුවන් ගමන ප්‍රතික්ෂේප කිරීමකට වඩා ගැටලුව මතු වී ඇත්තේ සාමාන්‍ය පරීක්ෂාව අතරතුර කාර්ය මණ්ඩලයේ ස්වරය හා හැසිරීම පදනම් කරගෙනය.

    කෙසේ වෙතත් තම කලකිරීම හගවමින් ලියා තිබූ සංගක්කාරගේ මෙම සටහන පැය කිහිපයක් ඇතුළත මිලියන ගණනකගේ අවධානය දිනාගනිමින් දැඩි කථාබහක් ඇති කරවන්නට සමත්ව තිබේ.

    gallery-1793246692-6ae2c5e459423.png

    බ්‍රිතාන්‍යයේ ප්‍රකට මාධ්‍යවේදී පියර්ස් මෝගන් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් තරම් විනීත හා ගෞරවනීය මිනිසෙකු තමන් හමු වී ඇත්තේ කලාතුරකින් බවත්, ඔහු මෙවැන්නක් ප්‍රකාශ කිරීමට නම් එය සැබවින්ම ලැජ්ජා සහගත හැසිරීමක් විය යුතු බවත්ය. ඒ පිළිබඳ කඩිනමින් හා නිසි ලෙස කටයුතු කරන ලෙස ඔහු රයන්එයාර් ආයතනයෙන් ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලාංකික තාක්ෂණික ව්‍යවසායකයෙකු මෙන්ම ඩබ්ලිව්එස්ඕටූ (WSO2) නිර්මාතෘ සංජීව වීරවරණද ඊට එක්වෙමින් සඳහන් කළේ දශක ගණනාවක් පුරා බටහිර රටවල ජීවත් වෙමින් සහ සංචාරය කරමින් තමන්ද මෙවැනි වෙනස්කම් කිරීම්වලට මුහුණ දී ඇති බවත්, තවදුරටත් එවැනි සැලකිලි පිළිගැනීමට තමන් සූදානම් නැති බවත්ය. ඊට ප්‍රතිචාර දැක්වූ සංගක්කාර කෙටියෙන් සටහන් කර තිබුණේ "එය තමන්ටම අත්විඳින්නට වූ විට දැඩි කම්පනයක් ඇති කරනවා" යනුවෙනි.

    මෙම සංවාදයට එක්වූ තවත් පිරිසක් රයන්එයාර් කාර්ය මණ්ඩලයෙන් ආසියානු මගීන්ට මෙන්ම ගමන් මලු නීති සම්බන්ධයෙන් වෙනස්කම් සහගත හෝ දැඩි අයුරින් සැලකූ අතීත අත්දැකීම් සිහිපත් කරමින් ආයතනයෙන් සමාව අයැදීමක් හෝ විමර්ශනයක් ඉල්ලා සිටියහ. තවත් සමහරු ගුවන් සේවයේ දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කළ අතර, මෙය වෙනස්කම් කිරීමකට වඩා සාමාන්‍ය රළු හැසිරීමක් විය හැකි බවටද මත පළ කළහ. කෙසේ වෙතත්, ඩේලි මේල් වෙත ලබා දුන් ප්‍රකාශයෙන් ඔබ්බට රයන්එයාර් ගුවන් සේවය ඒ වන විටත් පුළුල් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැත.

    ගුවන් තොටුපළ ද්වාරය අසල දෙපාර්ශ්වය අතර ඇත්තෙන්ම හුවමාරු වූ වචන පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් නොමැති පසුබිමක, එක් පාර්ශ්වයකින් වෙනස්කම් සහගත සැලකිල්ලක් ගැන බරපතළ චෝදනාවක්ද, අනෙක් පාර්ශ්වයෙන් නීත්‍යනුකූල පරීක්ෂාවකදී මගියා ලියකියවිලි ලබා දීම ප්‍රතික්ෂේප කළ බවට වූ කරුණු දැක්වීමක්ද ලෙස මෙම සිදුවීම දෙපැත්තකට විහිදී තිබේ. කෙසේ වෙතත්, විදෙස් රටවලදී සංක්‍රමණික සහ ආසියානු මගීන් මුහුණ දෙන අත්දැකීම් පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් මේ හරහා නැවත වතාවක් කරළියට පැමිණ ඇත.

    gallery-1793246692-6ae2c5e479fe2.png

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    ඔන්න කලුවොන්ට තියන තැන

    සංගක්කාරට, සංජීව වීරවර්ණට ඔහොම සලකනවා නං අඩුකුලේ තොපි එහෙම ගියොත් පුකෙත් ඇරලා එවන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,338
    68,889
    113
    :LOL:

    ඔන්න කලුවොන්ට තියන තැන

    සංගක්කාරට, සංජීව වීරවර්ණට ඔහොම සලකනවා නං අඩුකුලේ තොපි එහෙම ගියොත් පුකෙත් ඇරලා එවන්නෙ
    Mun high class unata look eka chora ne ban.adu kule un innawa munta wada posh looking
    ------ Post added on Oct 29, 2026 at 10:47 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    :LOL:

    Mun high class unata look eka chora ne ban.adu kule un innawa munta wada posh looking
    ------ Post added on Oct 29, 2026 at 10:47 AM
    ඒක ඇත්ත
    සමහරවිට මුන්ගෙ ego එක නිසා එතන එවුන්ට ලොකු සීන් දුන්නද දන්නෙ නැහැ
    මුන්ව කවුරුත් දන්න ලෝක මට්ටමේ සෙලිබ්‍රටිලා කියලා හිතාගෙනද දන්නෙ නැහැ එතනට එන්ටර් උනේ

    ඇත්තටම මටත් කිසිම රටකදි ඔය වගේ discrimination සීන් නං වෙලා නැහැ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ඩබ්ලින් එකේදි Visa ලියවිලි ගැන අහපු එකට සංගක්කාර වගේ කෙනෙක්ටත් මෙහෙම වුණාම සාමාන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නේ
     
    • Like
    Reactions: SomiBoyz

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,699
    10,618
    113
    44
    Living in an Atom
    මගේ ඉතිහාසය තුල යුරෝපයේ සහ ඇමරිකාවේ දී මට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. මට එකම එක වරක් ඉන්දියාවේ Chennai Airport එකේදී නරකට සැලකුවා.

    මේ සංගාගේ සිද්දියේදී කිසිම දෙයක් තීරණය කරන්න බැහැ කවුද හරි කවුද නරක කියල. සාමාන්‍යයෙන් ඉල්ලන documents අපි දෙන්න බැඳිලා ඉන්නවා. ඒවා ඉල්ලුවම දෙන්න ඕනේ. එත් මෙතන සැබෑ සිද්දිය දන්නේ රයන් ගුවන් සමාගමේ ඒ වෙලාවේ කවුන්ටර් එකේ හිටපු සේවකයෝ සහ සංගක්කාර සහ ඔහුගේ ෆැමිලි එකේ අය විතරයි.
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    මොනවද බන් වීස ඩොකියුමන්ට් කියන්නෙ
    වීස එක ගද්දි දෙන සපෝටින් ඩොකියුමන්ට් දෙන්න ඕන අදාල එම්බසිවලටනේ ඒව ෆ්ලයි කරනකොට තියගෙන එයාලයින් වලට පෙන්න්නත් ඕනද?
     
    • Like
    Reactions: SomiBoyz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,338
    68,889
    113
    මොනවද බන් වීස ඩොකියුමන්ට් කියන්නෙ
    වීස එක ගද්දි දෙන සපෝටින් ඩොකියුමන්ට් දෙන්න ඕන අදාල එම්බසිවලටනේ ඒව ෆ්ලයි කරනකොට තියගෙන එයාලයින් වලට පෙන්න්නත් ඕනද?
    Hotel booking return ticket pennana kiyanna athi mu loku scene eka danna giyada danne
     
    • Like
    Reactions: msan and SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    මොනවද බන් වීස ඩොකියුමන්ට් කියන්නෙ
    වීස එක ගද්දි දෙන සපෝටින් ඩොකියුමන්ට් දෙන්න ඕන අදාල එම්බසිවලටනේ ඒව ෆ්ලයි කරනකොට තියගෙන එයාලයින් වලට පෙන්න්නත් ඕනද?
    සමහර රට වලට යද්දි වීසා එක පාස්පෝට් එකේ ගහලා තියෙන්නෙ
    සමහර රටවල පාස්පෝට් නම්බර් එක ගහපු ගමන් වීසා එකේ විස්තර එතන එවුන්ට එනවා අපෙන් මොනවත් අහන්නෙ නැහැ
    සමහර රට වල ඩොකියුමන්ට් එක ඉල්ලනවා ෆෝන් එකෙන් එහෙම පෙන්නන්න පුලුවන් ප්‍රින්ට් කරලා තියේ නං දෙන්නත් පුලුවන්

    මටත් තියන ප්‍රශ්නෙ වීසා එක ඔය තරං ලොකුවට බලන්නෙ ඉමිග්‍රේශන් එකෙන් නෙ
    එයාලයින් එකේ එවුන් බැලුවට වැලිඩේට් කරන්නෙ මොකද්ද

    Hotel booking return ticket pennana kiyanna athi mu loku scene eka danna giyada danne
    ඒක බන් එයාලයින් ඒක ඉල්ලන්නෙ නැහැනේ
    ඉමිග්‍රේශන් එකෙන් තමයි ඒව ඇහුවොත්
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,699
    10,618
    113
    44
    Living in an Atom
    මොනවද බන් වීස ඩොකියුමන්ට් කියන්නෙ
    වීස එක ගද්දි දෙන සපෝටින් ඩොකියුමන්ට් දෙන්න ඕන අදාල එම්බසිවලටනේ ඒව ෆ්ලයි කරනකොට තියගෙන එයාලයින් වලට පෙන්න්නත් ඕනද?

    ඔව් අනිවාර්යයෙන්ම. විසා දෙන්නේ එම්බසි එකෙන් උනත් ගුවන් සමාගමට ඒවා පෙන්වන්න ඕනේ. නැත්නම් හදිසියෙවත් ඩිපෝර්ට් කලොත් එහි වගකීම ගුවන් සේවය ගන්න ඕනේ. ගුවන් සමාගම් විශාල දඩ මුදලකට යටත් වෙනවා ඒ වගේ අවස්ථාවලදී.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    Hotel booking return ticket pennana kiyanna athi mu loku scene eka danna giyada danne
    ඒව ඉතින් පෙන්නලනෙ වීස ගහල තියෙන්නෙ

    ඔව් අනිවාර්යයෙන්ම. විසා දෙන්නේ එම්බසි එකෙන් උනත් ගුවන් සමාගමට ඒවා පෙන්වන්න ඕනේ. නැත්නම් හදිසියෙවත් ඩිපෝර්ට් කලොත් එහි වගකීම ගුවන් සේවය ගන්න ඕනේ. ගුවන් සමාගම් විශාල දඩ මුදලකට යටත් වෙනවා ඒ වගේ අවස්ථාවලදී.
    දැන් උන් ටිකට් එකක් ගන්නකොට කියනවද සපෝටින් ඩොකියුමන්ට් ටිකත් අරගෙන එන්න කියල
    කවුද ඔය ඔක්කොම ටික අරගෙන යන්නෙ ෆ්ලයි කරද්දි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    ඒව ඉතින් පෙන්නලනෙ වීස ගහල තියෙන්නෙ

    දැන් උන් ටිකට් එකක් ගන්නකොට කියනවද සපෝටින් ඩොකියුමන්ට් ටිකත් අරගෙන එන්න කියල
    කවුද ඔය ඔක්කොම ටික අරගෙන යන්නෙ ෆ්ලයි කරද්දි
    සපෝටින් ඩොකියුමන්ට් එක නෙමෙයි බන්
    ගහල තින වීසා එක ඉල්ලන්න ඇත්තෙ
     
    • Like
    Reactions: SomiBoyz

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,596
    4,372
    113
    සපෝටින් ඩොකියුමන්ට් එක නෙමෙයි බන්
    ගහල තින වීසා එක ඉල්ලන්න ඇත්තෙ
    වීස එක වදින්නෙ පාස් පෝට් එකටනෙ ඕක පෙන්නන්නෙ නැතුව ඉන්න බෑනෙ මොනව කරත්
     
    • Like
    Reactions: SomiBoyz

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,699
    10,618
    113
    44
    Living in an Atom
    ඒව ඉතින් පෙන්නලනෙ වීස ගහල තියෙන්නෙ

    දැන් උන් ටිකට් එකක් ගන්නකොට කියනවද සපෝටින් ඩොකියුමන්ට් ටිකත් අරගෙන එන්න කියල
    කවුද ඔය ඔක්කොම ටික අරගෙන යන්නෙ ෆ්ලයි කරද්දි
    මෙය ගුවන් සමාගම්වලට ජාත්‍යන්තර ආගමන විගමන නීති මගින් පවරා ඇති දැඩි වගකීමකි. මගීන් ගුවන් ගත වීමට පෙර (boarding) ඔවුන්ගේ වීසා සහ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීම ගුවන් සමාගම් විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු අතර, ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි:

    • දැඩි දඩ මුදල් වලට යටත් වීම (Carrier Liability Fines): යම් මගියෙකු වලංගු වීසා බලපත්‍රයක් හෝ නිවැරදි ලියකියවිලි නොමැතිව ගමනාන්ත රටට රැගෙන ගියහොත්, අදාළ රටේ ආගමන විගමන බලධාරීන් විසින් ගුවන් සමාගමට ඩොලර් දහස් ගණනක විශාල දඩ මුදලක් නියම කරනු ලබයි.
    • ආපසු ගෙන ඒමේ වියදම සහ වගකීම (Deportation Costs): වීසා නොමැති වීම නිසා ගමනාන්තයේදී මගියෙකුට රටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළහොත්, එම මගියා ආපසු මව් රටට හෝ ගමන ආරම්භ කළ ස්ථානයට රැගෙන ඒමේ සම්පූර්ණ වියදම සහ වගකීම ගුවන් සමාගම විසින්ම දැරිය යුතුය.
    • පළමු ආරක්ෂක පවුර ලෙස ක්‍රියා කිරීම: ලොව පුරා බොහෝ රටවල් තම දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී සංක්‍රමණ පාලනය කිරීම සඳහා ගුවන් සමාගම් "පළමු පෙරහන" (first line of defense) ලෙස යොදා ගනී. අදාළ රටවල වීසා නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම් බැඳී සිටී.
    • මෙහෙයුම් අපහසුතා මඟහරවා ගැනීම: ගමනාන්තයේදී මගියෙකු ආගමන විගමන ගැටලුවකට මැදි වූ විට, ඒ සඳහා ගුවන් සමාගමේ නිලධාරීන්ටද මැදිහත් වීමට සහ රඳවා තබා ගැනීමේ පහසුකම් සැපයීමට සිදුවේ. ගමන් ආරම්භයේදීම ලියකියවිලි පරීක්ෂා කිරීම මඟින් මෙම අනවශ්‍ය කාලය නාස්ති වීම් සහ පරිපාලන ගැටලු අවම කර ගත හැක.
    එබැවින්, මගීන්ගේ වීසා නිවැරදිදැයි තහවුරු කර ගැනීම මගියාගේ නීතිමය ආරක්ෂාවට මෙන්ම ගුවන් සමාගමේ මූල්‍යමය පාඩු සහ නෛතික ගැටලු මඟහරවා ගැනීම වෙනුවෙන් සිදු කරන අනිවාර්ය රාජකාරියකි.
     
    වීස තහවුරු කීරීම කියන්නෙ මොකද්ද??
    ඔය වගේ vague මගුල් නිසා තමා racist එවුන්ට discrimination කරන්න අවස්තාව හම්බවෙන්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,892
    8,067
    113
    වීස එක වදින්නෙ පාස් පෝට් එකටනෙ ඕක පෙන්නන්නෙ නැතුව ඉන්න බෑනෙ මොනව කරත්
    සමහර රට වලට පාස්පෝට් එකේ ගහන්නෙ නැහැ බන්
    e-visa තියනවා ඒව පාස්පෝට් එකේ වදින්නෙ නැහැ
    එහෙම උනාම වීසා ඩොකියුමන්ට් එක වෙනම අතේ තියාගන්න කියලා තියන්නෙ
    සොෆ්ට් කොපියක් හරි

    හැබැයි ගොඩක් රටවල ඉමිග්‍රේශන් එකේදි ඩොකියුමන්ට් එක නැතත් පාස්පෝට් නම්බර් එකෙන් බලන්න පුලුවන් ග්‍රාන්ට් වෙලා තියන වීසා එක
    එයාලයින් එකට එහෙම වැලිඩේට් කරන්න බැහැ ඒක නිසා ඩොකියුමන්ට් එක ඉල්ලන්න පුලුවන්
    මට හිතෙන්නෙ එහෙම සීන් එකක් වෙන්න ඇති කියලා
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,699
    10,618
    113
    44
    Living in an Atom
    Turkish Airline හෑවා වගේ රයන් එයාර් එකත් සිංහළු හායි ද දන්නේ නැහැ සමාජ මධ්‍යජාලවල.