දේශපාලන පිල්වලට බෙදුණට පස්සෙ තමයි මේ සේරම. සරත් ෆොන්සේකා ගෝඨා ගැන ඔය කියපු කතාව මමත් දැක්කා. හරිම පිළිකුල්. මේ හැම කෙනෙකුගෙම දායකත්වයෙන් තමයි යුද්ධය දිනුවෙ. ගෝඨාභයට යුද්ධය සංවිධානය කරන්න, ප්ලෑන් කරන්න හොඳ බුද්ධියක් තිබුණා. ඔහු අවුරුදු 15ක් පරිගණක ක්ෂේත්‍රයෙ රැකියාව කළා; මං ඒ කාලෙ යුද්ද කළා කියන එක තේරුමක් නැති කතාවක්- මොකද, බුද්ධිය සහ අත්දැකීම් කියන්නෙ දෙකක්. අත්දැකීම් අඩු කෙනෙකුට වුණත් පළපුරුදු කෙනාට වඩා යුද්ධය මෙහෙයවීමේ බුද්ධිය තියෙන්න පුලුවන්. එතැන ගෝඨා සිටීම, ගෝඨාගෙ වැඩට මහින්ද බාධා නොකිරීම, සෙබලුන්ගේ කැපවීම තරම්ම යුද්ධය දිනීමට හේතු වුණා.