ඇස්බැස්ටස් ගැටලුවක් වන්නේ ඇයි?
ඇස්බැස්ටස් යනු ස්වභාවිකව ඇතිවන ඛනිජ තන්තු සමූහයකි. ශක්තිමත් බව සහ තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග නිසා, අතීතයේ මෙන්ම වර්තමානයේද එය වාණිජ කටයුතු සඳහා බහුලව භාවිත කර ඇත. ඇස්බැස්ටස්වල ප්‍රධාන වර්ග හයක් ඇති අතර, දැනට ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ක්‍රයිසොටයිල්...