දැක තුටු වෙමි නැවතී මෙතෙකින් බොක්කටම වදිනවා..
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා
මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
ඉරණම ලියැවී අප වෙන් කලදා...