අපිට වෙන්වුණු ඇඳන් බොහොම ලස්සනට වගේම බොහොම පිළිවෙලට පිරිසිඳුවට තිබුණා.. :love: ඒ වගේම ඇඳන් දෙකක් අතර අඩි 5ක විතර විශාල පරතරයකුත් තියලා..:) එකම රැල්ලක්වත් නැති වෙන්න එලපු සුදු පාට බෙඩ් ෂීට් එක, සුදුම සුදු පාට කොට්ට උරයක් දාපු කොට්ටේ, ඇඳේ කොනක ලස්සනට නවලා තිබුණු බ්ලැන්කට් එක හමුදාවේ විනය වගේම...