🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 17 - ගැමා-කිරණ පිපිරුම (Gamma-ray bursts - GRBs) වටා හටගත් "X-කිරණ" වළලු 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,925
    152,799
    113
    nvexcIu.jpg


    "ගැමා-කිරණ පිපිරුමක්" (gamma-ray burst) සිදුවන අවස්ථාවේදී එය වටා X-කිරණ වළලු හටගැනීම සිදුවන්නේ කුමක් හේතුකොටගෙන ද? මේ සදහා දිය හැකි පිළිතුරට අනුව මෙවැනි X-කිරණ වළලු හට ගැනීම සදහා "ගැමා-කිරණ පිපිරුමෙන්" එල්ලවන සෘජු බලපෑම අතිශයින්ම අවම අගයක් ගන්නා බවත් සත්‍යවශයෙන් ම සිදුවන්නේ එම පිපිරුමත් සමග නිකුත් වූ ආලෝකය ක්ෂීරපථය මන්දාකිණියෙහි පවතින දූවිලි අඩංගු වායුන්ගෙන් සමන්විත වූ ප්‍රදේශයන්ගේ ගැටීමත් සමග සිදුවන පරාවර්තනය මේ සදහා හේතුවී ඇති බවත් ප්‍රකාශ කළ හැකිය. පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය වන "ගැමා-කිරණ පිපිරුම" වටා පවතින X-කිරණ වළලු, පසුගිය සතියේදී හසුකර ගැනීමට සමත් වූ "GRB 221009A" නම් වූ දැවැන්ත "ගැමා-කිරණ පිපිරුමත්" සමග හටගත් X-කිරණ වළලු වේ.

    මෙවැනි "GRBs' "ගැමා-කිරණ පිපිරුම්වලට ඉතා බහුල වශයෙන් X-කිරණ ප්‍රවාහයන් නිකුත් කිරීමේ හැකියාවක් පවතින අතර ක්ෂණික දීප්තියක් ලෙස දිස්වන මෙම කිරණයන්, ගැමා-විකිරණ (gamma-radiation) නිකුත් වීමට සමගාමීව හට ගැනීම සිදුවේ. මෙලෙස නිකුත් වන X-කිරණ, ක්ෂීරපථයෙහි පවතින දූවිලිවලින් ගහණ වූ මෙවැනි ප්‍රදේශයන්ගේ ගැටීමත් සමගම සිදුවන පොළා පැනීම හේතුවෙන් මේ ආකාරයේ අසාමාන්‍ය පරාවර්තනයන් හටගැනීමට හේතු වේ. මෙම ගැමා-කිරණ පිපිරුමත්, එය එල්ලවන ක්ෂීරපථය මන්දාකිණියෙහි වූ පරාවර්තිත දූවිලිවලින් සමන්විත ප්‍රදේශයන් අතරත් පවතින කෝණයෙහි අගය ඉහළ යාම හා X-කිරණ වළලුවල අරයන්ගේ අගයෙහි සිදුවන ඉහළ යාමට සාපේක්ෂව මෙම පරාවර්තිත ආලෝකයන් පැමිණීමට ගත වන කාලය ද ඉහළ යාම සිදුවේ.


    Image Credit: NASA Swift Obs.; Data: B. Cenko (NASA's GSFC), A. Beardmore (U. Leicester) et al.; Processing: J. Miller (U. Michigan)

    GrbRings_SwiftMiller_1458.jpg





    Brighter Than a Billion Billion Suns: Gamma-Ray Bursts Continue to Surprise

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 15 - "GRB 221009A' ගැමා- කිරණ පිපිරුම (Gamma-ray bursts - GRBs) 🌌🔭🌎

     

    Similar threads