අාත්මාර්ථකාමී, බල පෙරේත ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සාමය විනාස කරා..🔴තෙල් පෙරේත ට්‍රම්ප් කාරයට කාදිනල් ගෙන් කණේ පාරක්...🤩👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,548
    45,780
    113
    මේ වන විට ලෝක සාමය බිඳී ඇති බවත් එක් මනුෂ්‍යයෙකු ලෝකය පාලනය කිරීමට පවතින ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    පාස්කු දිනය වෙනුවෙන් පැවැති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

    එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ ක්‍රිස්තු ධර්මය යනු යාඥා කිරීම හෝ ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවීම පමණක් නොවන බවත්ය.
    එහිදී අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

    "අපි යාඥා කරමු විශේෂයෙන්ම මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන්. මේ සාමය බිඳිලා තිබෙනවා එක මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා, එක මනුස්සයෙක් ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. අපි යාඥා කරමු මේ මනුෂ්‍යාගේ හිත වෙනස් කරන්න කියලා, මේ දුෂ්කර, දුර්වල ගමන් මාර්ගයෙන් ඈත් කරන්න.

    ක්‍රිස්තු ධර්මය අදහනවානම් ඔහොම කරන්න බෑ. කිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නෙමෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නෙමෙයි, පාස්ටර්ස්ලා ගොඩක් ළඟ තියාගෙන ලෝකෙට ප්‍රකාශ කරන්න හදන එක නෙමෙයි. ක්‍රිස්තු ධර්මය කියන්නේ ප්‍රේමය, ජීවත්වීම. ප්‍රේමය සේවකයෙකු වීම, දෙවියන් වහන්සේ ඉදිරියේ පැහැපත්වීම, අසල්වැසියා ඉදිරියේ පැහැපත් වීම, නායකයා සේවකයා විය යුතුයි කියලා තියෙනවා නමුත් අද මේ ලෝකේ පාලනය කරන මේගොල්ලෝ නායකයෝ, සේවකයෝ වෙන්නේ නෑ. ඒ ගොල්ලෝ පාලකයෝ ඒ ගොල්ලෝ බලය පස්සෙන් යන අය."


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    DSC1576.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,385
    113
    අල්ලා දෙවියෝ තමාගේ මැදපෙරදිග අනුගාමිකයන් ඉන්න රටවල් , ඇමරිකාව හා ඊශ්‍රායලය ලවා විනාස කරලා ඉවරවෙනකම් මේ යුද්ධය නවතින්නේ නෑ බන් , නවත්වන්නත් බෑ , උඹලා නවත්වන්න හැදුවොත් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වෙන නිසා උඹලත් විනාස කරලාදාවි බන්

    ඕවට ඉතින් වෙන කාටවත් බැනලා වැඩක් නෑ , අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන දේවල් නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අල්ලා දෙවියෝ තමාගේ මැදපෙරදිග අනුගාමිකයන් ඉන්න රටවල් , ඇමරිකාව හා ඊශ්‍රායලය ලවා විනාස කරලා ඉවරවෙනකම් මේ යුද්ධය නවතින්නේ නෑ බන් , නවත්වන්නත් බෑ , උඹලා නවත්වන්න හැදුවොත් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වෙන නිසා උඹලත් විනාස කරලාදාවි බන්

    ඕවට ඉතින් වෙන කාටවත් බැනලා වැඩක් නෑ , අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන දේවල් නේ

    බයිබලයේ තියෙන්නෙත් ඵහෙමද?..යුද්ද පටන් ගන්නේ ක්‍රිස්තියන් රටවල් නේ..🤔
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,385
    113
    බයිබලයේ තියෙන්නෙත් ඵහෙමද?..යුද්ද පටන් ගන්නේ ක්‍රිස්තියන් රටවල් නේ..🤔
    සියල්ල සිදුවෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවය. මේ සියලු සිදුවීම් දිව්‍ය සැලැස්මක කොටසක් බව උඹ දන්නවද මචන් ?

    1. අල්ලාහ්ගේ කැමැත්ත නොමැතිව කිසිවක් සිදු නොවේ

    අල්ලාහ් කැමති නම් මිස කිසිදු සිදුවීමක් සිදු නොවන බව කුර්ආනය පැහැදිලිවම පවසයි:

    “තවද අල්ලාහ් කැමති නම් මිස ඔබ කැමති නොවේ...”
    — කුර්ආනය (සූරා අල්-ඉන්සාන් 76:30)

    මෙයින් අදහස් කරන්නේ මිනිස් අභිප්‍රායන් සහ ක්‍රියාවන් අවසානයේ පවතින්නේ අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨ කැමැත්ත තුළ බවයි.

    2. අල්ලාහ්ට සියල්ල කෙරෙහි බලය ඇත

    විශ්වය කෙරෙහි අල්ලාහ්ගේ සම්පූර්ණ පාලනය අවධාරණය කෙරේ:

    “ඇත්ත වශයෙන්ම, අල්ලාහ් සියලු දේ කෙරෙහි දක්ෂය.”
    — කුර්ආනය (සූරා අල්-බකරා 2:20)

    මෙය ඉස්මතු කරන්නේ ඔහුගේ අධිකාරියෙන් පිටත කිසිවක් නොමැති බවයි (ඒ කියන්නේ ස්වාභාවික සිදුවීම්, ජීවිතය හෝ ඉරණම)

    3. සියලු සිදුවීම් කලින් තීරණය කර ඇත

    අල්-කුර්ආනය උගන්වන්නේ සියල්ල අල්ලාහ් විසින් දැනටමත් දන්නා සහ වාර්තා කර ඇති බවයි:

    “අපි එය ඇති කිරීමට පෙර එය ලේඛනයක තිබේ නම් මිස පොළොවට හෝ ඔබ අතර කිසිදු විපතක් සිදු නොවේ...”
    — කුර්ආනය (සූරා අල්-හදීද් 57:22)

    සියලු සිදුවීම් දිව්‍ය සැලැස්මක කොටසක් බවට ඇති විශ්වාසය මෙයින් කියවෙනේ

    4. මැවීම සිදුවන්නේ අල්ලාහ්ගේ අණ පරිදිය

    අල්ලාහ්ගේ කැමැත්ත ක්ෂණික හා නිරපේක්ෂ ලෙස විස්තර කෙරේ:

    “ඔහු යම් දෙයක් තීරණය කළ විට, ඔහු එයට ‘වනු’ යැයි පමණක් පවසන අතර එය එසේ වේ.”
    — කුර්ආනය (සූරා යා-සින් 36:82)

    මෙයින් පෙනී යන්නේ පැවැත්මම අල්ලාහ්ගේ අණ මත රඳා පවතින බවයි.

    5. මඟ පෙන්වීම සහ නොමඟ යාම අල්ලාහ්ගේ කැමැත්ත අනුවය

    කුර්ආනය මිනිස් මඟ පෙන්වීම අල්ලාහ්ගේ කැමැත්තට සම්බන්ධ කරයි:

    “අල්ලාහ් තමා කැමති අයට මඟ පෙන්වන අතර ඔහු කැමති අයට නොමඟ යවයි.”
    - අල් කුර්ආනය (සූරා ඉබ්‍රාහිම් 14:4)


    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”

    (සූරා අට්-තගාබුන් 64:11)
     
    Last edited:
    • Haha
    Reactions: Udee KJ

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,717
    113
    35
    Spain
    එතුමා පාස්කු ප්‍රහාරය ගැන දේශනාවේදී මතක් කළාද ? ඉස්සර නම් හරිම වේදනාවෙන් ඒ ගැන නිතර කතා කළා. දැන් වැඩි සද්දයක් නෑ නෙ.
     
    • Like
    Reactions: Cyber Punk

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,195
    24,502
    113
    එතුමා පාස්කු ප්‍රහාරය ගැන දේශනාවේදී මතක් කළාද ? ඉස්සර නම් හරිම වේදනාවෙන් ඒ ගැන නිතර කතා කළා. දැන් වැඩි සද්දයක් නෑ නෙ.