උණවටුන ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකුට පහරදීම සහ රූමස්සල ප්‍රදේශයේ හෝටල් කාමරයකට බලහත්කාරයෙන් ඇතුළුවීම යන චෝදනා මත රුසියානු ජාතිකයින් දෙදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර, ඔවුන් හෙට (10) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

