නියමිත විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම එක් දිනක් ප්‍රමාද වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ අවධානමකට ලක්ව සිටින ශ්‍රී ලාංකික තරුණියක් ගැන අද The Guardian පුවත්පත වාර්ථා කර තිබෙනවා. 25 හැවිරිදි නවෝද්‍යා ද සිල්වා නම් එම තරුණිය පුවත්පතට සදහන් කරන පරිදි ඇය විසින් නියමිත දිනට ගාස්තු ගාවීම සිදුකලද ගෙවීම් පද්ධතියේ පවතින ප්‍රමාධයක් හේතුවෙන් එක් දිනක් ප්‍රමාද වී විශ්ව විද්‍යාලයට එම ගාස්තුව ලැබී ඇති අතර එම නිසාම විශ්ව විද්‍යාලය විසින් ඇයගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා.
නවෝද්‍යා 2024 වසරේදී ජාත්‍යන්තර ශිෂ්‍යාවක ලෙස බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ සිය අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති වසර තුනක උපාධිය සදහා සම්පූර්ණ ගෙවිය යුතු මුදල පවුම් 42,000 ක් විය. ගැටළුව පැනනැගී ඇත්තේ දෙවන වසර පළමු කාර්තුව සදහා වන ගාස්තුව ගෙවීමේදී වන අතර පවුම් 8000 ක් වූ එම මුදල ගෙවීමේ අවසන් දිනය 2025 ඔක්තෝබර් 6 වනදා බව දැනුම් දී තිබිනි. නියමිත පරිදි ඔක්තෝබර් 3 වනදා වන විට නවෝද්‍යා සිය බැංකු ගිණුමෙන් නිසි පරිදි මුදල් ගෙවීම් කටයුතු කර තිබුනද විශ්ව විද්‍යාලයට එම මුදල ලැබී ඇත්තේ දිනක් පසුවී ඔක්තෝබර් 7 වනදා වේ.
දිනක ප්‍රමාධය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයගේ ශිෂ්‍යභාවය අහෝසි කල කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය ඒ බව ස්වදේශ කටයුතු කාර්ය්‍යාලයට දැනුම් දී ඇති අතර එම ආයතනය විසින් ඇයගේ මෙරට රැදී සිටීමේ වීසා බලප්‍රත්‍රය අවලංගු කර ඇත. කෙසේ වෙතත් ඇය විසින් ස්වදේශ කටයුතු කාර්ය්‍යාලයට ඇපෑලක් ඉදිරිපත් කර එහි ප්‍රථිපලයක් එනතුරු බලා සිටින බව The Guardian පුවත්පතට සදහන් කර තිබේ. එම ඇපෑලද ප්‍රතික්ශේප උවහොත් ඇය නැවත ලංකාවට පිටුවල් කිරීමේ අවධානමක් ඇති බවයි නවෝද්‍යා සදහන් කරන්නේ.
සිය දෙමව්පියන් විසින් ජීවිත කාලයම ඉතිරිකරගත් මුදල් වියදම් කරමින් එක්සත් රාජධානියේ අධ්‍යාපනයට ලැබීමට පැමිණියේ අධ්‍යයන කටයුතු අවසානයේ ලෝකයේ ජනප්‍රිය ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට ගොස් සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් බවයි නවෝද්‍යා ප්‍රකාශ කරන්නේ. කෙසේ උවත් විශ්ව විද්‍යාල ගෙවීම් පද්ධතියේ දෝශයක් හේතුවෙන් සියල්ල අතරමග දමා නැවත ශ්‍රී ලංකාවට යන්නට සිදු වුවහොත් සිය බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිදවැටෙන බව ඇය ප්‍රකාශ කරනවා.
මේ පිළිබදව The Guardian පුවත්පත විසින් කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලයෙන් කල විමසීමකදී ඔවුන් සදහන් කර ඇත්තේ තනි තනි ශිෂ්‍යන් ගැන අදහස් දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බවත් කෙසේ වෙතත් ශිෂ්‍යන්ට ගාස්තු ගෙවීමට සති හයක කාලයක් ලබාදී ඇති බවත්ය. නියමිත දිනට ගාස්තු ගෙවීම ඔවුන්ගේ වගකීමක් බව සදහන් කරන විශ්ව විද්‍යාලය තමන් ස්වදේශ කටයුතු කාර්ය්‍යාලය විසින් පනවා ඇති නීති අනුගමනය කිරීමට බැදී සිටින බව සදහන් කර තිබෙනවා.