ඔය මොනව කරත් බන් ධනවාදී සමාජයක හැමතිස්සෙම යම් කොටසක් ඉන්නව තමන්ගෙ මූලික අවශ්‍යතා ටිකවත් ඉටු කරගන්න මුදල් ලබාගන්න බැරි වෙන. සෛද්ධාන්තිකවම එහෙම නොවෙන ධනවාදී සමාජයක් පවතින්න බෑ.
ඒ කොටසට welfare ක්‍රම හරහා මුදල් දෙන්නම වෙනව.
කිසිම ධනවාදී රටක් නෑ මෙහෙම නැතුව දුවන.
සියලුම ධනවාදී රටවල් අඩු ආදායම්ලාභී මිනිස්සුන්ට ටැක්ස් වලින් සල්ලි දෙනව.
එහෙම නැතුව රටක් පවත්වගන්න බෑ.
උඹට මට හම්බ කරල සැපට ඉන්න ගෙවන්න වෙන cost එකේ කොටසක් තමයි එහෙම ඉන්න බැරි අයට කෑම වේලක් හරි ෂේප් කරගන්න සල්ලි දෙන්න වෙන එක.
එහෙම නැති උනොත් මේ සිස්ටම් එක කඩන් වැටිල උඹටයි මටයිත් කන්න බොන්න නැති වෙනව.