ලවු ටස් මග යමින් තවත් අය ආණ්ඩුවට සහය දීමෙන් වලකී!! 😂 ග්‍රහයෝ නීච වෙලා වගේ!! 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,810
    9,884
    113
    🔴 මාගේ වචනයකින් හෝ
    කිසිවෙකු ඡන්දය දුන්නා නම්
    සමාවෙන්න
    සම්මානනී විජේසිංහ

    ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණියක වන සම්මානනී විජේසිංහ මහත්මිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, තමන් කළ ප්‍රකාශයක් හෝ ලියූ සටහනක් හේතුවෙන් යම් පාර්ශවයකට ඡන්දය දීමට කිසිවෙකු හෝ පෙළඹුණේ නම් ඒ පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බවයි.
    ඉන්දීය ලේඛක දීප චෙල්ලන්ගේ කෘතීන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කිරීමෙන් අනතුරුව ඇය මෙම සටහන තබා ඇත. එහිදී වත්මන් පාලනය පිළිබඳව ඇය සිය කලකිරීම ප්‍රකාශ කර තිබේ.
    යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් දායක විය හැකි ඕනෑම බලවේගයකට සහය වීමට තමන් සූදානම් බව පවසන ඇය, විශේෂයෙන් සඳහන් කර ඇත්තේ JVP/NPP (ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය) නොවන ඕනෑම දේශපාලන කඳවුරක් සමඟ එක්වීමට තමන් සූදානම් බවයි.
    මීට පෙර වත්මන් දේශපාලන ප්‍රවාහය කෙරෙහි යම් හිතකර ආකල්පයකින් පසුවූ පිරිස් අතර ඇය ද සිටි බව ඇයගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන අතර, වත්මන් තීරණාත්මක දේශපාලන වටපිටාව තුළ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

    උපුටා ගැනීමකි.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,810
    9,884
    113
    VoEu9272wks.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් දායක විය හැකි ඕනෑම බලවේගයකට සහය වීමට තමන් සූදානම්

    JVP/NPP (ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය) නොවන ඕනෑම දේශපාලන කඳවුරක් සමඟ එක්වීමට තමන් සූදානම් බවයි.

    යහපත් රටක් ගොඩනගන්න නං ඉතින් NPP හරියන්නෙ නෑ අනිවා මහින්ද මහත්තයගෙ පවුලෙ කෙනෙක් හරි, රනිල් මහත්තය, සජිත් මහත්තය හරි නැත්තං අඩුමගානෙ ඩිලිට් මහත්තය හරි ඉන්න ඕන. එතුමිය හරි 😍😍🔥💪🏻
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113
    මේක නන් මොකක් හරි ඩෝබි මායමක්, අපි බලමුකෝ සතියක් දෙකක්.
    එක්කො මුන්ට අර සංගීත් තට්ටයා වගේ කෙබර කොටා ලඟට ගිහින් උගෙ ඇඟේ ගෑවිලා පොඩි attention පාරක් වත් ගන්න දොලදුකක් ඇවිල්ලාද දන්නෙ නෑ. 🤭 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,821
    98,978
    113
    එක්කො මුන්ට අර සංගීත් තට්ටයා වගේ කෙබර කොටා ලඟට ගිහින් උගෙ ඇඟේ ගෑවිලා පොඩි attention පාරක් වත් ගන්න දොලදුකක් ඇවිල්ලාද දන්නෙ නෑ. 🤭 🤭
    මොකක්ම හරි දෙයක් තියෙවනව. බලමුකෝ.