හිස් කබල ගලවලා මාස හයක් පටක බැංකුවේ තියලා ආපහු ගෙනත් ප්ලේට් එකක් දාලා නට් විසි අටක් දාලා ඔළුවට හයි කරලා, ඒ නට් වලින් එකක් මේ පුන්චි කෙල්ලගේ නළලෙන් මතු වෙලා

මේ එකක් විතරයි, තව කදුළු කතා ඕනි තරම්, පාස්කු ප්‍රහාරය වෙනකොට ලංකාවේ හිටියේ පඹයෙක් වගේ ජනාධිපති කෙනෙක්, අගමැති විදියට හිටියේ ජනාධිපති ඕනි නෑ මට තනියම පුළුවන් කියලා හිතලා වැඩ කරපු ගෑනී මිනිහයි වගේ ප්‍රසිද්ධියේ රන්ඩු කරපු අගමැති කෙනෙක්,එතකොට ආරක්ෂක ලේකම් හිටියේ ප්‍රහාරය වෙලා පැය දෙකක් යද්දිම "හෝටල් වල ආරක්ෂාව හෝටල් හිමියො බලා ගන්න ඕනි" කියපු එකෙක්, ඒ දවස් වල CID එකේ හිටිය අය, සහ පාස්කු කොමිසමේ වගකිවයුත්තන් කියල 16ක් හෝ ආසන්න පිරිසෙන් පෙන්නලා දීපු පිරිසෙන් තවමත් මයික් ඉස්සරහට ඇවිත් අරූට මූට ඇගිලි දික් කර ගන්න අය ගැන කතා නොකර ඉමු!
පාස්කු ප්‍රහාරය උනනා, ඒ මෛත්‍රී රනිල් ආණ්ඩුව ගෙදර ගියා ඒ යහපාලනය කියන ආණ්ඩුව හදන්න එකතු උණු පක්ෂ අතර ලංකාවේ සියලු දේශපාලන පක්ෂ හිටියා පුත්ගලයෝ විදියට යහපාලනයට සම්බන්ධ නොවුනේ රාජපක්ෂ ලා විතරයි, 2015 වෙනකල් රාජපක්ෂලා ගාව ඉදන් කට බඩ වඩාගත්තු උන් කලින් දා රෑ ආප්ප කාලා පහුදා රනිල් ෆොන්සේකා අනුර කුමාර එක්ක එකට වාඩි වෙලා අරූ හොරා කියන්න පටන් ගත්තා.
ඒ ආණ්ඩුව ටැක් පනිනවා කියල දැන ගත්තාම ජවිපෙ හෙමිහිට ලිස්සල ගියා, මහින්දව අත ඇරල ගිය උන් නුගේගොඩ රැලියේ සෙනග අස්සෙන් ඇවිත් ආපහු විමල්ගෙ කතාවට අත්පුඩි ගහලා ඒකාබද්ධ විපක්ෂයක් හැදුවා, දින 100න් හදනව කියපු අළුත් රටත් හැදුන් නෑ පොළොන්නරුවෙ ගොවි පුතා ඇවිත් මිනිස්සුන්ගෙ බත් පතටත් කෙලලා රටේ සංවර්ධනය ජාතික ආරක්ෂාව බිංදුවට දාලා පාස්කු දා ප්‍රහාරය නිසා දුර්වල පාළකයෙක් විදියට ගෙදර යන්න වෙනකොට රනිල් එලවලා මහින්ද ව අගමැති කලා, මමත් විශ්වාස කරනවා මහින්දගෙ දේශපාලන ගමන් මගේ ගත්තු මෝඩම තීරණය ඒක.
අන්න එතනින් එහාට යහපාලනය ගේන්න දිවා රෑ වෙහෙසුණු ජවිපෙ තීරණය කලා ඒකෙන් අත හෝද ගන්න අළුත් මාතෘකා මවන්න, අද ඊයේ ෆෝන් එකක් අතට අරගෙන දේශපාලන ඔස්තාර්ලා වගේ,ජ කියනකොට මා, කියනකොටම බුරන අයියලට මතක නෑ දන් නෑ ජවිපෙ චන්ද්‍රිකා ආණ්ඩුවේ මහින්දගෙ ආණ්ඩුවේ හිටපු බව, ඊට පස්සේ 2010 ෆොන්සේකාට වැඩ කරලා 2015 යහපාලනය ගේන්නත් දායක උණු ඇත්තෝ දේශපාලනයේ කැත කුණු අත නොගා ගත් මහා පිංවන්ත දාර්ශනික මිනිස්සු විදියට වෙනම ගමනක් ඇරඹුවා.
බෝම්බ පිපිරුනේ අවුරුදු 30ක යුද්ධයක් රණවිරුවෝ අවුරුදු හතර හමාරෙන් භිය සැක නැතුව ජීවත් වෙන්න හදල දීපු නිදහස් රටේ නිසා බහුතරයක් මිනිස්සු "මහින්ද හිටිය නම් මෙහෙම වෙන් නෑ" කිවුවා ඔවු එහෙම කිවුවේ මහින්ද නැතිනම් ලංකාවක් නෑ කියන එක නෙවෙයි ඒ මිනිහ ගත්තු තීරණ එක්ක රටවල් ගනන් පොදි පිටින් මිනිස්සු මහින්ද එක්ක වෛර බැන්දත් අදටත් සීරීමක් වත් කරන්න කාටවත් බැරි උනේ ඒ නායකත්වය නිසා.
පස්සේ ගෝඨාභය ජනාධිපති උනා එදා ඉදන් පාස්කු ප්‍රහාරය කරලා ගෝඨාභය බලයට ආවා කියන මාතෘකා ව ම මයික් ඉස්සරහ මතුරපු ඇත්තෝ කොවිඩ් වසංගතයත් ඇත්තටම රාජ්‍ය පාළනය ගැන පළපුරුද්ද මදි කමත් නිසා ගෝඨාභය නැව ගිලීගෙන යද්දී තෙල් ගෑස් අර්බුද එද්දී දවස් පහ හය පෝලිමේ හිටපු උන් තෙල් ගෑස් ඉල්ලලා පාරට බැස්සාම ජවිපෙ ප්රමුඛ මාලිමාව නගර වල උත්ගෝෂන වලට හවුල් වෙලා ඒවයෙ බලය එයාල ගත්තා, පස්සේ ඒක ගෝල්ෆේස් එකට ගියාම කොටි නාලිකාවේ සෙට් එක සිවුරට ආමි එකට එරෙහිව හිත් ඇතුලෙ පැහැවන වෛරය පලි ගැනීම ඉෂ්ට කර ගන්න බරටම ඩයස්පෝරාව එක්ක ගේමට බැස්සා, ඕකට මුට්ටිය දාල බලන්න ගියපු සජිතුත් ගුටි කාලා දුවගෙන ගියාට අනුරට කවුරුත් ගැහුවෙ නෑ,
අනුර මේ පැත්තෙ දොරෙන් අරගල කාරයින්ට කතා කරද්දි එහා පැත්තෙ පිටිපස්සෙ දොරෙන් රාජපක්ෂලා එවපු හෙල්මට් චන්ඩි එකෙක් දෙන්නෙක් වාහනේ වැරදිලා මේ කැබ් එකට නැගපු වීඩියෝ තාම තියෙනවා. පස්සේ ගෝඨාභය එලෙවුවා රනිල් ආවා රනිල් පරාද කරලා අනුර ආවා ඔහොමයි ජනාධිපති හතර දෙනෙක් අතරෙ බල හුවමාරුව පාස්කුව පෙන්න පෙන්න උනේ...
දවසක ඌවෙ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක කියනවා මිනිහටත් පාස්කු දා මේ සිදුවීම ගැන කලින් දැනගන්න ලැබුනලු, එතකොට හරීන් කියනවා එයාගෙ තාත්තා ලෙඩ ඇදේ ඉදන් කිවුවලු හෙට පල්ලි යන්න එපා කියල, ඒ වගේමයි ලංකාවේ කිතුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කවුරුත් එදා පල්ලි ගිහින් තිබුනේ නෑ, එදා පාර්ලිමේන්තුවේ හිටපු 225ම නිරුපද්‍රිතව බේරුනා පවුල් පිටින්ම මම මේ කියන්නෙ මෛත්‍රී රනිල් මහින්ද අනුර සජිත් ඇතුළු හැමෝම. එතකොට එදා පාස්කු ඉරිදාව, මම දැක්ක අදත් ප්‍රහාරය සිහි කරලා කාදිනල් තුමා දේව මෙහෙයක?
මම අහනවා මෙහෙම ප්‍රශ්න ටිකක් මොකා හිරේ ගියත් කමක් නෑ මේ සාහසික අපරාධය ට යුක්තිය ඉටු වෙන්නම ඕනි
* ඌවේ මහ ඇමතිටත් ගියපු තොරතුරු පාර්ලිමේන්තුවේ රනිල් මහින්ද සජිත් අනුර කියන අයට ආරක්ෂක අංශ දැනුම් දුන් නැද්ද?
* හරීන්ගෙ තාත්තට තොරතුරු දීපු එකා ඒක කාදිනල් තුමාට කිවුවෙ නැත්තෙ ඇයි?
* එදා ලංකාවේ කිසිම දේව මෙහෙයකට කාදිනල් තුමා ගිහින් නැත්තෙ ඇයි??
* එවක පොලිස් ප්‍රධානීන් විශේෂ කොන්ත්‍රාත් පදනම මත යලි සේවයේ පිහිටවා පරීක්ෂණ කිරීම ගැන කාදිනල් තුමා එරෙහි නොවන්නේ ඇයි?
* තව අදටත් හරීන්ගෙ තාත්තගෙන් හරීන්ගෙන් චාමර සම්පත් ගෙන් ඒ තොරතුරු ආව විදිට අහන්නේ නැත්තේ ඇයි?
* එදා ප්‍රභූ වරුන්ට මහජන නියෝජිතයන් ට කාදිනල් තුමාට ඒ තොරතුරු ලැබිලා ඔවුන් විතරක් ජීවිත බේර ගත්තා නම් එදා සිටි මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ම වගකිවයුත්තන් ලෙස නම් කරන්න බැරි ඇයි.
* ජවිපෙ හිටපු ජාතික ලයිස්තු මන්ත්‍රී ගේ පුතාලා ගෙදරම බෝ ම්බ හදලත් ඊබ්‍රාහිම් සැක කරුවෙකු නොවෙන්නත් පල්ලිය ගූගල් මැප් එකේ සහ පාරෙ යන ඕනි කෙනෙකුට පේන්න තිබියදී ප්‍රහාරකයාට පල්ලිය පෙන්නුවා කියා සුරේෂ් සලේ සැකකරුවකු වෙන්නත් කරුණු කිම?.
* වන්දි ගෙවූ පමනින් මෛත්‍රීපාල මේ වගකීමෙන් ගැලවීම සාධාරණ ද?
* අනික පවුල් පිටින් සමූළ ඝාතනය කල මේ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිවයුත්තන් අරූය මූය කියමින් දේශපාලන නාඩගම් නැටීම තවත් අවුරුදු කීයක් දුරට ගෙන යාවිද?
* අවසාන ප්රශ්නය මෛත්‍රී වේවා රනිල් වේවා ගෝඨාභය වේවා ඊබ්‍රාහිම් වේවා ඉන් එහාට වෙන එකෙක් වේවා ඌ කවුදැයි ඔච්චරටම හොයා ගන්න බැරි නම් පොත් ලියන උන් අරූට මූට දෑසින් දැක්කා වගේ ඇගිලි දික් කරන උන් අත් අඩංගුවට ගෙන උන්ගෙන් ඒ තොරතුරු දන්න විදිය සොයා නොබලන්නේ ඇයි???
මගේ මතය නම් ඒ අපරාධකරුවන් කුමණ තරාතිරමක වේවා මේ අහිංසක දරුවන් දෙමාපියන් විදින දුකට සරිලන උන්ට සුදුසු දඩුවම නම් වෙනම ස්ථානයක ඒ වගකිවයුත්තන් සිරකොට තබා මෙවැනි ම ප්‍රහාරයකින් මරණ දඩුවම දීමයි.
ඒ නිසා වසර හතක් ගත වෙලත් හොයා ගන්න බැරි තොරතුරු ගැන මුහුණු පොතේ ලියන උන් , පොත් ලියන උන්, මයික් පලන උන්, අරමයි මේමයි අරූමයි කියා පාස්කු දාට විතරක් කිඹුල් කදුළු හෙලන උන් ඉක්මනින් අදාළ අංශ වෙත දන්න දේවල් කියල මේක ඉක්මනින් ඉවර කරපල්ලා, නැතිනම් තව ජනාධිපති දෙන්නෙක් විතර මේක පෙන්නලා ජනාධිපති වෙයි, ඊළඟ එන එකා කියයි එදා පල්ලි ගිය උන් තමයි වැරදි ! කියල.... Chathuranga Weerasinghe #චතුවා #අවිස්සාවේල්ලේචතුවා #පිංතූරකඩේඅවිස්සාවේල්ල