ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

shenat

Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ඔයිට වඩා හොඳයි අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, නුවර, ගාල්ල, රත්නපුර ට AC bus ටිකක් දාන එක. 100-200km අතර මගින් තමයි ගොඩක් අමාරුවෙන් යන්නේ. කුරුණෑගල 5 පාර ට්‍රැෆික් ඇත්තෙත් නැහැ බස් යන්නෙත් නැහැ. 5 පහුවුණ ගමන්.

    ඒක වෙන ප්‍රොජෙක්ට් එකක්. මේක වෙන ප්‍රොජෙක්ට් එකක්.
    කොහෙටහරි ඒසී කරපු බස් දාල ආතල් එකක් දෙන එක නෙවෙයි වෙන්න ඕන. ගෝල් එකකට වැඩ කරන එක. කොළඹ ඇතුලෙ හොඳ බස් සේවයක් හදන එක ට්‍රැෆික් එක අඩු කරන්නත් කරන්න පුලුවන් වැඩක්. එකම සහ ලොකුම වැඩේ නොවුනට.

    ලයිට් රේල් එකත් කැන්සල් කරා ගෝත බයියො.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    Ou. Micro bus daala divve. Rathmalana thibba land ekaka park karala, ethanin bus ekak aran yanna thibbe. 2010 wage oka thibbe.

    ෂා මරුනෙ. එතකොට අපි බස් එක අරන් වැඩට ගිහිල්ලා ඒක කොහෙ හරි නවත්තල ආයෙ හවස එනකොට ඒක අරන් ඇවිත් පාර්ක් එකේ දාන්න ඕනද? :love2:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,252
    27,670
    113
    මෝඩ ජෙපි fb pages වල රනිල්ගේ කාලේ ගෙනාපු King Long bus ටික ටික පෙන්න පෙන්න මාලිමා වහල්ලු චූන් කර කර හිටියනේ පහුගිය කාලේ. :lol:
    දැන්වත් අලුත් ටිකක් ගෙනවලුද ?

    https://srilanka.factcrescendo.com/english/is-that-npp-government-bought-new-luxury-buses-to-sltb/
    https://www.king-long.com/the-prime...ry-of-king-long-longwin-ii-to-sri-lanka_n1657
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මෙහෙමයි මං කියන්නේ මේ මොහොතේ ලංකාවේ ආණ්ඩුවට තිබිය යුතු priorities ගැන. මේ මොහොතේ ආණ්ඩුවට වියදම් කරන්න සල්ලි නෑ. Tax වලින් මොනවද කරන්නෙ හිතන්න කලින් tax money ඉතිරි වෙන්න එපැයි අතේ. එහෙම එකක් නෑ. තියෙන හැම සතේම වියදම් වෙනවා, තව වැඩිපුර ණයත් ගන්නවා.
    ප්‍රාතමික ගිනුම කියන්නේ මොකක්ද කියලා දන්නවාද???

    රජයේ ආදායම සහ ණය පොලී නැතිව වියදම තමයි ප්‍රාතමික ගිනුමට දාන්නේ... 1956ට සහ 2018ට පස්සේ පලවෙනි පාරට මේ අවුරුද්දේ ප්‍රාතමික ගිනුමේ ශේෂය ධන අගයක් වෙලා තියෙනවා... ඒ කියන්නේ ණය පොලිය නැතිව වියදමට වඩා අදායම වැඩියි කියන එක... ඒ වියදම ඇතුලේ ඔය බස් සර්විස් එකට දාපු සල්ලිත් තියනවා... එතකොට ඒ ඉතිරි වෙන ගානින් තමයි ණය පොලී වාරිකය ගෙවන්නේ... IMF DSA එකේ ප්‍රාතමික ගිනුමේ ධන ශේෂය තියෙන්න ඕන කොයි මට්ටමේද කියලා කියලා තියනවා... ඒ ගාන හදලා තියෙන්නේ ඒ ඉතිරිවෙන ගානින් ණය පොලී වාරික ගෙවන්න පුලුවන් වෙන්න... ඔයා ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නෑ දැන් තියන අයවැයේ... ණය පොලී ගෙවන්න අලුතෙන් ණය ගැනීමක් නෑ...

    එක්කො ණයක් රෝල් ඔවර් කරන්න නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකකට ණය ගත්තොත් තමයි... රෝල් ඔවර් කරන එක සාමාන්ය දෙයක්... ඒකෙන් නය වැඩිවෙන්නේ නෑ... තිබුන ණය වෙනුවට අලුත් ණයක් එන එක වෙන්නේ... අලුත ප්‍රොජෙක්ට් වලට ණය ගද්දි නම් බලන්න ඕන නාස්තිකාර වැඩකට නැතිව රටට ආදායම් හොයන්න පුලුවන් දේකටද ණය ගන්නේ කියලා...

    ඔය කියන විදිහට ණයත් ගෙවලා ඉතිරි වන සල්ලි වලින් ව්‍යාපාර කරනවා කියලා දෙයක් නෑ... හොද බිස්නස් කාරයෙක්ගෙන් ඇහුවා නම් කියයි... ණය (වගකීම්) තියන එක නෙවෙයි අවුල කෑශ් ෆ්ලෝ එක නැති එක... ගෝතයා කරපු ගොන් වැඩේ ඒක... ටැක්ස් කපලා කෑශ් ෆ්ලෝ එක නැති කරගත්තා...

    මං කියන්නේ දක්ෂිණංශික අන්තයක් ගැන නෙමේ. ලංකාව එදා ඉඳලම තියෙන්නේ වාමාංශික අන්තයේ. ඒක මැදටවත් ගන්නනං, දකුණට එන්න ඕනි. ඔය මැදට ගන්නයි කියලා කියන්නේ.
    ------ Post added on Oct 9, 2025 at 11:25 AM
    ලංකාවට දකුනක් වත් වමක් වත් නෙවෙයි තිබ්බේ... තිබ්බේ නාස්තිකාර මරි මෝල් චින්තනයක්...

    මෙතන ඔයා ප්‍රශ්නේ පටලගෙන ඉන්නේ... රජයක ආදායම් වියදම් සමබර කරන එක වමෙත් එකයි දකුනෙත් එකයි... මෙච්චර කල් හිටපු උන් ඒක කලේ නෑ... මෙච්චර වම්මු වම්මු කියන උන් ඒක කරන්න පටන් අරන් තියනවා... වම දකුන බෙදෙන්නේ එතනින් නෙවෙයි...

    සමබර කරපු ආදායම් වියදම් කොහෙටද යොදවන්නේ කියන එකෙන් තමයි වම දකුන තීරනය වෙන්නේ... ආදායම් ගන්න බදු ගහන්නේ කාටද කියන එක තීරනය වෙනවා ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත... වියදම් කරන්නේ මොනවටද කියන එක තීරනය වෙනව ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත...

    ලෝකේ කොයි රටේ මොන ආන්ඩු උනත් පොදු ප්‍රවාහනයට වියදම් කරනවා කියන එක ප්‍රතිපත්තියක් විදිහට කරනවා, මොන දක්ශිනාන්ශික ආන්ඩුව උනත්... එකම කොන්දේසියක් විතරයි තියෙන්නේ... ඒ වියදම් හා අනිත් වියදම් ආදායමට වඩා වැඩි වෙන්න බෑ...

    එහෙම්ම නැතිව රාජ්ජ්‍ය අදායමට වඩා වියදම වැඩි කර ගන්නවා කියන්නේ දකුනේ වත් වමේ වත් දෙයක් නෙවෙයි... මරි මොන්ගල්කම...
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    ප්‍රාතමික ගිනුම කියන්නේ මොකක්ද කියලා දන්නවාද???

    රජයේ ආදායම සහ ණය පොලී නැතිව වියදම තමයි ප්‍රාතමික ගිනුමට දාන්නේ... 1956ට සහ 2018ට පස්සේ පලවෙනි පාරට මේ අවුරුද්දේ ප්‍රාතමික ගිනුමේ ශේෂය ධන අගයක් වෙලා තියෙනවා... ඒ කියන්නේ ණය පොලිය නැතිව වියදමට වඩා අදායම වැඩියි කියන එක... ඒ වියදම ඇතුලේ ඔය බස් සර්විස් එකට දාපු සල්ලිත් තියනවා... එතකොට ඒ ඉතිරි වෙන ගානින් තමයි ණය පොලී වාරිකය ගෙවන්නේ... IMF DSA එකේ ප්‍රාතමික ගිනුමේ ධන ශේෂය තියෙන්න ඕන කොයි මට්ටමේද කියලා කියලා තියනවා... ඒ ගාන හදලා තියෙන්නේ ඒ ඉතිරිවෙන ගානින් ණය පොලී වාරික ගෙවන්න පුලුවන් වෙන්න... ඔයා ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නෑ දැන් තියන අයවැයේ... ණය පොලී ගෙවන්න අලුතෙන් ණය ගැනීමක් නෑ...

    එක්කො ණයක් රෝල් ඔවර් කරන්න නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකකට ණය ගත්තොත් තමයි... රෝල් ඔවර් කරන එක සාමාන්ය දෙයක්... ඒකෙන් නය වැඩිවෙන්නේ නෑ... තිබුන ණය වෙනුවට අලුත් ණයක් එන එක වෙන්නේ... අලුත ප්‍රොජෙක්ට් වලට ණය ගද්දි නම් බලන්න ඕන නාස්තිකාර වැඩකට නැතිව රටට ආදායම් හොයන්න පුලුවන් දේකටද ණය ගන්නේ කියලා...

    ඔය කියන විදිහට ණයත් ගෙවලා ඉතිරි වන සල්ලි වලින් ව්‍යාපාර කරනවා කියලා දෙයක් නෑ... හොද බිස්නස් කාරයෙක්ගෙන් ඇහුවා නම් කියයි... ණය (වගකීම්) තියන එක නෙවෙයි අවුල කෑශ් ෆ්ලෝ එක නැති එක... ගෝතයා කරපු ගොන් වැඩේ ඒක... ටැක්ස් කපලා කෑශ් ෆ්ලෝ එක නැති කරගත්තා...

    ලංකාවට දකුනක් වත් වමක් වත් නෙවෙයි තිබ්බේ... තිබ්බේ නාස්තිකාර මරි මෝල් චින්තනයක්...

    මෙතන ඔයා ප්‍රශ්නේ පටලගෙන ඉන්නේ... රජයක ආදායම් වියදම් සමබර කරන එක වමෙත් එකයි දකුනෙත් එකයි... මෙච්චර කල් හිටපු උන් ඒක කලේ නෑ... මෙච්චර වම්මු වම්මු කියන උන් ඒක කරන්න පටන් අරන් තියනවා... වම දකුන බෙදෙන්නේ එතනින් නෙවෙයි...

    සමබර කරපු ආදායම් වියදම් කොහෙටද යොදවන්නේ කියන එකෙන් තමයි වම දකුන තීරනය වෙන්නේ... ආදායම් ගන්න බදු ගහන්නේ කාටද කියන එක තීරනය වෙනවා ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත... වියදම් කරන්නේ මොනවටද කියන එක තීරනය වෙනව ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත...

    ලෝකේ කොයි රටේ මොන ආන්ඩු උනත් පොදු ප්‍රවාහනයට වියදම් කරනවා කියන එක ප්‍රතිපත්තියක් විදිහට කරනවා, මොන දක්ශිනාන්ශික ආන්ඩුව උනත්... එකම කොන්දේසියක් විතරයි තියෙන්නේ... ඒ වියදම් හා අනිත් වියදම් ආදායමට වඩා වැඩි වෙන්න බෑ...

    එහෙම්ම නැතිව රාජ්ජ්‍ය අදායමට වඩා වියදම වැඩි කර ගන්නවා කියන්නේ දකුනේ වත් වමේ වත් දෙයක් නෙවෙයි... මරි මොන්ගල්කම...
    Primary balance හෝ වේවා debt servicing හෝ වේවා ඔය මොකක් උනත් අවසානයේ ආණ්ඩුවේ වියදම් ආදායමට වඩා වැඩියි නේ. ඒක කොහොමහරි පියවගන්න ඕනි නේද?

    දැන් ආආණ්ඩුව ණය ගන්න එකේ අනිත් පැත්ත කිව්වොත්, ආර්ථිකයට ලොකු repel effect එකක් තියෙනවා. ඒක තමයි ආණ්ඩුව බැඳුම්කර නිකුත් කරාම මිනිස්සු ගාව තියෙන අතිරිකත ධනය නිකම්ම ආණ්ඩුවට යනවා. වෙනත් ආයෝජ්න වලට ඉතිරි වෙන්නේ නෑ. ඒකයි මිනිස්සු ණයක් ගන්න බැංකුවට ගියාම ලේසියෙන් ණයක් ගන්න බැරි ලංකාවේ.

    ඔක්කොම capital ආණ්ඩුවෙන් අරං. ආණ්ඩුවේ කීපදෙනෙක් ඵලදායී කියල හිතන ව්‍යාප්ති වලට යොදවනවා. සමහර ඒවා අසාර්ථකයි ගොඩක් ඒවා අසාර්ථකයි.

    දැන් මෙච්චර කාලෙකට නාස්තිකාර වියදම් උනේ ආණ්ඩුව සේරටම වියදම් කරන්න බලාගෙන ණය අරං capital ගොඩගහගත් නිසානේ. ඒවා ආණ්ඩුව ගන්නේ නැතුව ආර්ථිකයට ඉල්ලුම් සැපයුම් අනුව ආයෝජනය වෙන්න දුන්නං ඉවරයි නේ. දැනුත් ඕක තමා වෙන්නේ පාට කණ්නාඩි ගලවලා බැලුවොත්.

    1956ට සහ 2018ට පස්සේ පලවෙනි පාරට මේ අවුරුද්දේ ප්‍රාතමික ගිනුමේ ශේෂය ධන අගයක් වෙලා තියෙනවා... ඒ කියන්නේ ණය පොලිය නැතිව වියදමට වඩා අදායම වැඩියි කියන එක... ඒ වියදම ඇතුලේ ඔය බස් සර්විස් එකට දාපු සල්ලිත් තියනවා...
    අනික ඔය කියලා තියෙනවා වගේ මේ සැරේ primary expenses වලට මේ project එකේ expenses include වෙන්න විදිහක් නෑ. ඕකෙ බිමල්ම කියලා නේ, ලබන අවුරුද්දේ තමා tender call කරලා process එක initiate කරන්නේ කියලා.

    ඔය කියන විදිහට ණයත් ගෙවලා ඉතිරි වන සල්ලි වලින් ව්‍යාපාර කරනවා කියලා දෙයක් නෑ... හොද බිස්නස් කාරයෙක්ගෙන් ඇහුවා නම් කියයි... ණය (වගකීම්) තියන එක නෙවෙයි අවුල කෑශ් ෆ්ලෝ එක නැති එක... ගෝතයා කරපු ගොන් වැඩේ ඒක... ටැක්ස් කපලා කෑශ් ෆ්ලෝ එක නැති කරගත්තා...

    ඒක තමා කියන්නේ ආණ්ඩුවකට කවදාවත් හොඳ බිස්නස් කාරයෙක් වෙන්න බෑ. ඔන්න ඔතන තමා මගෙයි ඔයාගෙයි මතයේ ප්‍රධානම වෙනස. ඔන්න ඕක resolve කරගන්නකං හරි agree to disagree වෙනකං හරි මේක එක එක කරුණු කිය කිය ඉඳීවි අපි.
     
    • Like
    Reactions: ttj

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    බස් ගැමුණුවගෙ ඇඟේ තියෙන හැම හිලටම දාලා අරින්නයි යන්නේ 🙃
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Primary balance හෝ වේවා debt servicing හෝ වේවා ඔය මොකක් උනත් අවසානයේ ආණ්ඩුවේ වියදම් ආදායමට වඩා වැඩියි නේ. ඒක කොහොමහරි පියවගන්න ඕනි නේද?

    දැන් ආආණ්ඩුව ණය ගන්න එකේ අනිත් පැත්ත කිව්වොත්, ආර්ථිකයට ලොකු repel effect එකක් තියෙනවා. ඒක තමයි ආණ්ඩුව බැඳුම්කර නිකුත් කරාම මිනිස්සු ගාව තියෙන අතිරිකත ධනය නිකම්ම ආණ්ඩුවට යනවා. වෙනත් ආයෝජ්න වලට ඉතිරි වෙන්නේ නෑ. ඒකයි මිනිස්සු ණයක් ගන්න බැංකුවට ගියාම ලේසියෙන් ණයක් ගන්න බැරි ලංකාවේ.

    ඔක්කොම capital ආණ්ඩුවෙන් අරං. ආණ්ඩුවේ කීපදෙනෙක් ඵලදායී කියල හිතන ව්‍යාප්ති වලට යොදවනවා. සමහර ඒවා අසාර්ථකයි ගොඩක් ඒවා අසාර්ථකයි.

    දැන් මෙච්චර කාලෙකට නාස්තිකාර වියදම් උනේ ආණ්ඩුව සේරටම වියදම් කරන්න බලාගෙන ණය අරං capital ගොඩගහගත් නිසානේ. ඒවා ආණ්ඩුව ගන්නේ නැතුව ආර්ථිකයට ඉල්ලුම් සැපයුම් අනුව ආයෝජනය වෙන්න දුන්නං ඉවරයි නේ. දැනුත් ඕක තමා වෙන්නේ පාට කණ්නාඩි ගලවලා බැලුවොත්.
    පියවන විදිහ තමයි DSA එකේ තියෙන්නේ... ඔක්කොම කැපිටල් ආන්ඩුව ගන්නේ පරන පවු ගෙවන්න නම් ඉතින් කරන්න දෙයක් නෑ...

    ආන්ඩුවක් වියදම් කරන එකයි නාස්ති කරන එකයි එකක් කියලා හිතා ගත්තාම තමයි ඔය අවුල එන්නේ... ආන්ඩුවකට නාස්ති නොකර වියදම් කරන්න බෑ කියලා පූර්ව නිගමනයක් කරනවා... ඒ හින්දා ආන්ඩුවෙන් කරන ඕනම වියදමක් නාස්තියක් කියලා හිතා ගන්නවා... මේවා ඉතින් ලංකාවේ ඔස්තාර්ලා විතරක් දන්න තියරි... ලෝකේ අනික් හැම රටක්ම බේසික් නීඩ්ස් වලට රජයේ වියදමක් තියනවා...

    ඔයා හිතන විදිහට ඉල්ලුම සැපයුමට විතරක් ආයෝජනය වෙන ආර්ටිකයක් තියන රටක් කියන්න පුලුවන්ද??? ආන්ඩුව කැපිටල් එක දාලා කිසිම ආර්තික කටයුත්තකට අත ගහන්නේ නැති...

    අනික ඔය කියලා තියෙනවා වගේ මේ සැරේ primary expenses වලට මේ project එකේ expenses include වෙන්න විදිහක් නෑ. ඕකෙ බිමල්ම කියලා නේ, ලබන අවුරුද්දේ තමා tender call කරලා process එක initiate කරන්නේ කියලා.
    ටෙන්ඩර් කෝල් කරලා ඉවරයි...

    https://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=412&Itemid=248&lang=en

    බිමල් කියන්නෙ ඊලග අවුරුද්ද වෙන්නේ බස් ටික හදලා ගෙනැල්ල දුවන්න පටන් ගන්න... බිමල් ඉයේ කතාවෙම කියනවා මේ පාර බජට් එකෙන් ඩුන්න රු. බි. 3 මේකේ වර්කින් කැපිටල් එක වෙනුවට දානවා කියලා... එතකොට ඕකේ ඉන්වෙස්ට්මන්ට් එක මේ බජට් එක ඇතුලේ තියනවා...

    ඒක තමා කියන්නේ ආණ්ඩුවකට කවදාවත් හොඳ බිස්නස් කාරයෙක් වෙන්න බෑ. ඔන්න ඔතන තමා මගෙයි ඔයාගෙයි මතයේ ප්‍රධානම වෙනස. ඔන්න ඕක resolve කරගන්නකං හරි agree to disagree වෙනකං හරි මේක එක එක කරුණු කිය කිය ඉඳීවි අපි.
    ආන්ඩුව බිස්නස් කාරයෙක් වෙන්න ඕන නෑ... බිස්නස් වගේ කරන්න පුලුවන් ඒවා ආන්ඩුව කරන්න ඕන නෑ... උදා. ආන්ඩුව තෙල් හදන්න හාල් විකුනන්න යන්න ඕන නෑ... හැබැයි රටක තියෙන්න ඕන පබ්ලික් සර්විස් ටිකක් තියනවා ඒ ටික ලාබ බිස්නස් නොවුනත් බදු මුදලින් කරගෙන යන්න ඕන... ලෝකේ හැම රටකම ඒක කරනවා...