1. මූලික රෝග ලක්ෂණ මොනවාද?
ඇත්තම කතාව නම් ගොඩක් දෙනෙක්ට කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඒ නිසයි මේකට "නිහඬ මාරයා" කියන්නේ. නහරයක් බ්ලොක් උනාම පපුවේ කැක්කුම හෝ හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙන්න පුලුවන්.
2. පවුලේ රෝග ඉතිහාසය බලපානවද?
ඔව්, ඉතාමත් තදින් බලපානවා. පවුලේ කාට හෝ අධික කොලෙස්ටරෝල් හෝ හෘදයාබාධ තිබේ නම්, ඔබේ ජාන මගින් අක්මාවෙන් වැඩිපුර කොලෙස්ටරෝල් හැදීමේ ප්‍රවණතාවක් තියෙනවා.
3. නුසුදුසු ආහාර මොනවාද?
ගැඹුරු තෙලේ බැදපු කෑම, සත්ව මේදය (බීෆ්, පෝර්ක්), බටර්, මාජරින්, සහ අධික ලෙස පෑණිරස/පිටි කෑම.
4. පාලනය කරගැනීමට සුදුසු ආහාර මොනවාද?
නැවුම් එළවළු, පලා වර්ග, තන්තු බහුල ධාන්‍ය (කුරක්කන්, නිවුඩු බත්), මාළු (ඕමෙගා-3 සඳහා), සහ කජු/රටකජු වැනි ඇට වර්ග (මධ්‍යස්ථව).
5. ජීවන රටාවේ ඇතිකරගත යුතු වෙනස්කම් මොනවාද?
දිනකට අවම විනාඩි 30ක් වේගයෙන් ඇවිදීම හෝ ව්‍යායාම කිරීම, දුම්පානයෙන් වැළකීම සහ මානසික ආතතිය පාලනය කිරීම.
6. අධික කොලෙස්ටරෝල් නිසා ඇතිවන බරපතල රෝග මොනවාද?
හෘදයාබාධ (Heart Attack), අංශභාගය (Stroke).
7. රෝගයෙන් බේරී සිටින්නේ කොහොමද?
සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම, නිසි බර පවත්වා ගැනීම සහ වයස 20න් පසු අවම වශයෙන් වසර 5කට වරක්වත් පරීක්ෂාවක් කර ගැනීම.
8. ඖෂධ ගැන දැනගත යුතු දේ (ස්ටැටින් වර්ග)
ඖෂධ මගින් අක්මාවෙන් කොලෙස්ටරෝල් නිපදවීම පාලනය කරයි. අතුරු ආබාධ විදියට සමහර අයට ඇඟේ පතේ කැක්කුම එන්න පුලුවන් උනත් ඒක හැමෝටම එන්නේ නෑ.
9. Cholesterol 6න් 6ට බලන්න ඕනෙද?
ඔයාගේ Cholesterol වැඩි නම් හරි ඔයා Cholesterol වලට බෙහෙත් බොන කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් මත මාස 3-6න් Cholesterol බලන්න ඕනේ. Cholesterol normalකෙනෙක්ට අවුරුද්දකට සැරයක් බැලුවම ඇති.
10. බෙහෙත් ජීවිත කාලෙම බොන්න ඕනෙද?
ගොඩක් වෙලාවට ජානමය බලපෑමක් තියෙන අයට දිගටම බොන්න වෙනවා. හැබැයි කෑම සහ ව්‍යායාම මගින් Cholesterol ඉතා හොඳින් පාලනය කළොත්, වෛද්‍යවරයාට මාත්‍රාව අඩු කරන්න හරි නතර කරන්න පුළුවන්.
11. Normal වුණාම බෙහෙත් නතර කරන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණයි. බෙහෙත් බොන නිසා Normal වී තිබෙන Cholesterol, බෙහෙත් නතර කරපු ගමන් ආයෙත් වැඩි වෙන්න පුළුවන්.
12. තයිරොක්සීන් සහ කොලෙස්ටරෝල් අතර සම්බන්ධය කුමක්ද?
තයිරොක්සීන් හෝමෝනය අඩු වූ විට (Hypothyroidism), සිරුරේ මේද පරිවෘත්තිය වේගය අඩු වී කොලෙස්ටරෝල් අගය ඉහළ යයි. (මේ ගැන වෙනමම ලිපියක් ඉදිරියේ දි ලියනවා)
13. බෙහෙත් ගන්න ඕනේ කොයි වෙලාවටද?
ඔයාගේ Cholesterol මට්ටම, වයස, අනෙකුත් රෝග, සහ risk factors අනුව ඒක වෛද්‍ය වරයෙක් තීරණය කරන්න ඕනේ.
14. මව්කිරි දෙන අතරතුර Cholesterol වලට බෙහෙත් ගන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් ස්ටැටින් (Statin) වර්ගයේ ඖෂධ මව්කිරි දෙන කාලයේදී නිර්දේශ කරන්නේ නැහැ. ඔයාගේ වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කර විකල්පයකට යන්න වෙනවා.
15. ගැබ්ගෙන සිටින විට බෙහෙත් (Statin) ගත හැකිද?
නැත. ගර්භණී සමයේදී ස්ටැටින් ඖෂධ ගැනීම දරුවාට අහිතකර වෙන්න පුලුවන් නිසා සම්පූර්ණයෙන්ම තහනම්.
16. මේ බෙහෙත් අක්මාවට බලපානවද?
ඉතා කලාතුරකින් අක්මාවේ එන්සයිම වෙනස් විය හැකියි. ඒ නිසා වෛද්‍යවරුන් වරින් වර අක්මාවේ ක්‍රියාකාරීත්වය (SGPT/ALT) පරීක්ෂා කරලා බලනවා.
17. දියවැඩියාව සහ කොලෙස්ටරෝල් අතර සම්බන්ධය මොකක්ද?
ඔව්, ස්ටැටින් ඖෂධ දීර්ඝකාලීනව ගන්නා විට රුධිරයේ සීනි මට්ටම සුළු වශයෙන් ඉහළ යාමේ අවදානමක් තියෙනවා, ඒත් ඒකට වඩා බෙහෙත් වලින් heart එකට හම්බවෙන ආරක්ෂාව ඊට වඩා ඉතා වැඩියි.
18. ශුක්‍රාණු නිෂ්පාදනයට (Sperm) බලපානවද?
මේ ගැන ස්ථිර සාක්ෂියක් නෑ. Androgens හෝමෝන නිෂ්පාදනයට කොලෙස්ටරෝල් ඕනෙ නිසා ඉතා සුළු බලපෑමක් විය වෙන්න පුලුවන් කියලා පර්යේෂකයෝ කියනවා. ඒත් ගොඩක් දෙනෙක්ට මේක ගැටලුවක් නෙවෙයි.
19. Triglycerides වැඩි වෙන්නේ ඇයි?
ප්‍රධාන වශයෙන්ම සීනි, පැණිරස කෑම, පිටි කෑම (බත්, පාන්) වැඩියෙන් කන විට සහ මත්පැන් පානය නිසා.
20. Triglycerides නිසා Stroke (අංශභාගය) එන්න පුළුවන්ද?
ඔව්, Triglycerides අධික ලෙස වැඩි වීම හෘදයාබාධ හා අංශභාග අවදානම වැඩි කරනවා.
21. Total අඩු වී Triglycerides වැඩි වීම අවදානමක්ද?
ඔව්. Total Cholesterol අගය අඩු වුවත් Triglycerides වැඩි නම් ඒක අවදානම් තත්ත්වයක්.
22. Fatty Liver සහ කොලෙස්ටරෝල් සම්බන්ධය:
අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වය වෙනස් වී රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්න පුලුවන්.
23. බිත්තර කහ මදය කන්න හොඳ නැද්ද?
කොලෙස්ටරෝල් නැති කෙනෙක්ට දවසකට බිත්තර එකක් කෑවත් ගැටලුවක් නෑ. ඒත් Cholesterol තියෙන කෙනෙක් සතියකට කහ මද 2-3 කට සීමා කිරීම හොදයි.
24. පොල් තෙල්වලට කොලෙස්ටරෝල් හැදෙනවද?
පොල් තෙල් ශාක තෙල් වර්ගයක්. ශාක තෙල්වල Cholesterol නෑ. ඒත් පොල් තෙල්වල සංතෘප්ත මේදය වැඩිපුර තියෙනවා. ඕනෑවට වඩා පොල්තෙල් භාවිතා කිරීම කොලෙස්ටරෝල් වැඩි වීමට හේතු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම "නැවත නැවත" රත් කරන තෙල් ඉතා අහිතකරයි.
25. කෑම පාලනය කළත් අගය වැඩි වෙන්නේ ඇයි?
ඒ "ජානමය" හේතුව නිසා. ඔයාගේ අක්මාවෙන් ස්වභාවිකවම වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් හදන නිසා කෑම පාලනය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. බෙහෙත් ගන්නම වෙනවා.
අපි cholesterol check කරාම (lipid profile) Triglycerides(TAG), total cholesterol, LDL, VLDL, HDL කියලා වර්ග ගොඩක් තියෙනවා. මේ එක වර්ගය ගැන වෙනම ලිපියක් බාගෙට ලියලා තියෙනවා. ඒ ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න. අපේ ඇග ඇතුලේ Cholesterol වලට මොකද වෙන්නේ කියලා ඒකෙන් තේරුම් ගන්න පුලුවන්. එතකොට ඔයාට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න අවබෝධයක් ලැබෙයි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න