ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවාව (US Post) වෙත ප්‍රේෂණය කරන ලද රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. ඇමෙරිකානු ඩොලර් හය ලක්ෂ විසිපන්දහසක මෙම මුදල තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවට ඇමෙරිකානු තැපැල් බලධාරීන් දැනුම් දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.